jkadithya ge Rahu Apalaya

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    image.php


    මම මේ ත්‍රෙඩ් එක දාන්නේ කාටවත් මඩ ගැසීමේ පරමාර්තයෙන් නම් නෙමෙයි. එලකිරි අඩවියේ හැමෝගෙම දැණුමට පුංචි කාරණා කිහිපයක් එකතු කරන්නයි මගේ මේ උත්සහය. හැමෝම දන්නවා අපේ කඩියාව. ජේ.කේ ආදිත්‍ය කියන අපේ සහෝදරයා හොඩක් අය දන්නේ එලකිරි සංචාරකයා තුලින්. අපේ ජේ කේ උපන්න දවසේ ඉඳලා ඇවිදිනවා. මෙයාට ඇයි මෙහෙම වෙලා තියෙන්නේ?
    හැමෝටම තියන ප්‍රශ්නයක්.
    ඒ ඔක්කොටම කලින් එක දෙයක් කියලා ත්‍රෙඩ් එක පටන් ගන්න ඕනා. ඔය තියෙන්නේ කඩියාගේ ප්‍රොෆයිල් පික්චෑර් එක. ඒකේ ඇයි ඔය ඔළුවට අත තියාගෙන ඉන්න පින්තූරයක් දාලා තියෙන්නේ කියලා කට්ටියට නිකමටවත් හිතුනාද?
    කඩියා එලකිරි හැමෝටම ඒකෙන් පනිවිඩයක් දෙනවා "මට ඔළුවක් තියනවා" කියලා.
    :rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් ඕං පටන් ගත්තා

    මෙයාට තියනවා කවදාවත් දුරු වෙන්නේ නැති රාහු අපලයක්. රාහු අපල වලට මිනිස්සුන්ව ඇවිද්දවනවා කියලා ඔයාලා දන්නවා නේ. මෙයා උපන්න දා ඉඳලා රාහු අපල. කවදාවත් දුරු වෙන්නේ නෑ. ඒක නිසා තමයි ඔය ඇවිදින්නේ. මෙයාගේ රාහු අපලේ දැකලා අපෙ ටාකූර් ලොක්කාට අනුකම්පාවක් ආවා. ඒ නිසා ඒ අපල දුරු වෙන්ට කියලා හිතාන තමා ඔය එලකිරි දේවාලේ වැඩට ගත්තේ. ඒත් එතන ගැන අමුතුවෙන් කියන්ට ඕනා නෑ නේ. මහ ගුරාගේ (කවියා) ඉඳලා පොඩි ගුරා (කඩියා) වෙනකන් ඉන්නේ හොරු. එතෙන්ට ගිය දා ඉඳලා මේ මනුස්සයාගේ අපල තවත් වැඩි උනා. යාන්තම් දත කාලා සැට් කරගත්ත අක්කාත් දැන් මඟ අරින කලාවක්ලු තියෙන්නේ. :rolleyes:

    ආදර කතාව ගැනත් පොඩ්ඩක් මතක් කරන්ට ඕනා. මේ පුද්ගලයා වැඩිහිටියන්ට ගොඩක් ගරුකරනවා. අක්කලාට ගොඩාක් ආදරෙයි. අක්කලා වෙනුවෙන් ඕනෑම දුරක් ගෙවාගෙන ඇවිත් ඕනෑ ම තැනක පෙනී සිටින්න මෙයා හරිම සූරයා. බොක්කෙන්ම තමා අක්කලාට උදවු කරන්නේ. ඊයෙ පෙරේදා දවසක MC එකේ ෆුඩ් කෝට් එකේ කොකාකෝලා බිබී ඉඳලා තියනවා අක්කා කෙනෙක් එක්ක. බොහෝම බලාපොරොත්තු තියාගෙන තමා මෙයා අක්කාට කොකාකෝලා එක අරන් දුන්නේ. ඒත් කොකා කෝලා එකෙන්ම අක්කාට මෙයාව එපා වෙලා. :rolleyes:
    (1st දවසේ කොකාකෝලා නම් අන්තිම වෙනකොට වතුරත් නැති වෙයිද කියලා හිතිලා ද කොහෙද.)

    ඒ සිද්ධියෙන් පස්සේ ගොඩක් අප්සැට් බුවා. මම එදා හිටියේ කිතුල්ගල. කිතුල්ගලට SMS එකක් දැම්ම වැඩී දෙල් කියලා. (සාක්ෂි තියනවා. ඕන නම් පෝස්ට් කරන්නම් SMS එක :P)

    කාගෙ හරි යාළුවෙකුගේ ගෙදරකට ගියාම බොහෝම තැන්පත් විදියට කතා කරනවා. ඒ ගෙදර මිනිස්සුන්ගෙන් ඉතින් ලකුණු පිට ලකුණු. එනකොට ගෙදර ඉන්න ඔක්කොටම ( බල්ලා පූසාට පවා ) කියලා වැඳලා තමයි ගෙදරින් එලියට බහින්නේ. ඒ උනාට ඉතින් බුවාගේ කල් කිරියාව දන්නේ අපිනේ.

    :rolleyes::rolleyes::rolleyes:

    එක පාරටම අර කිව්වා රාහුගේ අපලේ තද වෙනවා. තද වෙච්ච ගමන් මට කෝල් කරලා අහනවා මරු ප්ලේස් එකක් තියනවා අද යමුද බලන්න කියලා. මට ඉතින් මගේ රස්සවත් එක්ක බෑනේ. ඒක නිසා නිවාඩු දවසකට කල් දාගන්නවා ටුවර් එක.

    මීට ටික දවසකට කලින් ඇස් ලෙඩ හදා ගත්තා කියලා කතාවක් කිව්වා. එක ඇසක් පේන්නේම නැති තරම ඉදිමිලා කියලා තමයි කිව්වේ. මම ඉතින් හොයලා බැලුවා ඇත්ත විස්ථරේ. බලනකොට අක්ක කෙනෙකුට විහිලු කරන්න ගිහිල්ලා කම්මුල් පාරක් වැදුලා. පාර වැදිලා තියෙන්නේ ඇස ගාවට. ඒක නිසා තමයි ඇස ඉදිමිලා තියෙන්නේ. ඒකයි ඇත්ත සිද්ධිය.
    :love: ආදරේට කොහේදෝ බාදා නැත්තේ කිවාලු. :love:

    ඒ කොහොම උනත් එලකිරි එකේ හැමෝම සංචාරයක් යන්න හිතනවා නම් මෙයාට පොඩි හරි කෝල් එකක් දීලා අහනවා යන තැන ගැන විස්ථර. ( මෙච්චර ඇවිදින මම පවා සමහර වෙලාවට මුගෙන් අහනවා )
    ඒ කවුරු කතා කලත් තමන්ට පුළුවන් උපරිමෙන් මෙයා උදවු කරනවා ඒ අයගේ චාරිකාව සාර්ථක කරගන්නට.


    අන්තිමට කියන්න ඕනා මෙච්චරයි. කඩියා හොරෙන් හොරෙන් තැපැල් කෑලි 8000ක් ගහලා. එලකිරි සංචාරකයා වෙනුවෙන් අපි හැමෝම ආදිත්‍ය මල්ලිට සුභපතමු.

    picture.php


     
    Last edited:
    • Like
    Reactions: BC_Dilum

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ඇවිදලා ඇවිදලා මහන්සිත් ඇතිනේ
    429778le1utwnx4p.gif


    ආ මචන් මහන්සියට මේක බොන්න
    2910821saqaqkif2o.jpg


    369182h9f7t06oge.gif
    ඔය මොනවද ඔය කරන්නෙ..ඕක බොන්න දුන්නෙ
    368359gf0mado10x.gif


    අක්කා:rofl:

    546619y3d84kkk2g.jpg



    1174429r8qpxqkbht.gif


    keep posting.... ;)