එපා_වීම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එපා වීම


    “මට නං මේ ටෙලිනාට්‍ය කෙරුවාව එක ටෙලි නාට්‍යයෙන් ම එපා වුණා” කලක් ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවක එක දිගට රඟපෑ පුවත්පත් කලාවේදියකු වූ කුමාර, සහෝදර පුවත්පත් කලාවේදියකු වූ ගාමිණීට කීවේ අලුත් ටෙලිනාට්‍යයක මුහුරත් උළෙලේදී ය.
    “ඇත්තද, තමුසෙ රඟපාපු එකෙන් දෙකෙන් ම අපිටත් ඒක එපා වුණා” ගාමිණී ඇඟට පතට නොදැනී කීවේය.

     
    • Like
    Reactions: 789

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකමුතුවේ තරම

    එකමුතුවේ තරම


    ‘එකමුතුවේ’ මාසික රැස්වීම සහ පි‍්‍රය සම්භාෂණය මෙවර පැවැත්වීමට නියමිත වූයේ සභාපති නිහාල් ගේ නිවෙසේ දී ය. එහිදී නිහාල් ගේ හුරුබුහුටි කුඩා පුතු ළංකරගත් එකමුතුවේ කාන්තාවෝ කීප දෙනෙක් පොඩි එකා හුරතල් කරමින් සිටියෝ ය.
    “ඔයා ගෙදර වැඩ වලදී අම්මිට උදව් කරනවද පුතා?” ශ්‍රියානි කොලු පැටියාගේ හිස අතගාමින් ඇසුවේ අනෝමා දෙස බලා සිනා වෙමිනි.
    “ඔව් අදත් අම්මා මට ලොකු වැඩක් භාරදීලයි තියෙන්නෙ.”
    “මොකක්ද පැටියෝ ඒ ලොකු වැඩේ” පුංචිලා ඇසුවා ය.
    “ඇන්ටිලා අන්කල්ලා ඔක්කොම ගියායින් පස්සෙ මේසෙ හැඳි ඔක්කොම හරියට තියෙනවා ද කියල ගණන් කරල බලන්ඩයි කියල අම්මි මට කිව්වා” පොඩි එකා ගිරවකු මෙන් කිව්වේ ය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ විතරක් නෙමෙයි

    ඒ විතරක් නෙමෙයි


    මගුල් කපුවකු ගෙනා යෝජනාවක් අනුව ලසිත, ඔහුත් සමඟ මනාලියක් බලන්නට ගියේ ය. මනාලියගේ මව සහ පියා මනාලයා සාදරයෙන් පිළිගෙන සාලයේ හිඳුවා, ආගන්තුක සත්කාර කොට ආගිය තොරතුරු කතා කරන්නට වූහ.
    මනාලයාගේ වතගොත තවදුරටත් දැනගැනීමේ අටියෙන් මනාලියගේ පියා මනාලයා දෙස බලා සිනාසී මෙසේ ඇසීය.
    “මේ මහත්තයාට අයිති කඩයක් පිටකොටුවේ තියෙනවා කිව්වා නේද?”
    මනාලයා කට හරින්නට පෙර කපුවා ඉදිරියට පැන්නේ ය.
    “එක කඩයක් නෙමෙයි. මේ මහත්තයාට පිටකොටුවේ කඩ පේළියක්ම තියෙනවා.”
    “එහෙම නං ඉතින් බැංකුවෙත් සල්ලි ගොඩක් නැතැයි” මනාලියගේ පියා කීවේ සතුටිනි.
    “එක බැංකුවක නෙමෙයි බැංකු හත අටකම මේ මහත්තයා ගෙ සල්ලි ගොඩ ගහල තියෙන්නෙ.” කපුවා පිළිතුරු දුන්නේ ආඩම්බරයෙනි.
    කපුවා කටේ තොලේ නොගැවී ඇද බාන බේගල් අසා සිටිය නොහැකිව ලසිත මඳක් උගුර පාදා කැස්සේ ය.
    ‘මොකෝ මහත්තයට කැස්ස හෙම්බිරිස්සාවද?” පියා ඇසීය.
    “කැස්ස හෙම්බිරිස්සාව විතරක් නෙමෙයි අපේ මහත්තයට කාසෙත් තියෙනවා” කපුවා ආඩම්බරයෙන් කීය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෙන මොනවා කියන්නද?

    වෙන මොනවා කියන්නද?


    හරමානිස් කරත්තය දක්කාගෙන මහ පාරේ යද්දී පිටුපසින් වේගයෙන් පැමිණි රියක් කරත්තයේ පැත්තක තදින් ගැටුණි. කරත්තයේ ඇන්දක් තදින් අල්ලාගෙන සිටි බැවින් බිම නොවැටී බේරුණු හරමානිස් බිමට පැන්නේ කෝපයෙනි. චප්ප වී ගිය කරත්තය දෙස බැලූ හරමානිස් මෝටර් රථයේ රියාදුරු වෙත ගොස් මෙසේ ඇසීය.
    “මහත්තයා තමුසෙ මගෙ කරත්තෙට මොකද කියන්නෙ?”
    “මොනවා කියන්නඩද ලොකු උන්නැහේ, කරත්තෙට කරත්තෙ නොකියා.” රියැදුරා කීවේ සෝපහාසයෙනි

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගැහැනු පිරිමි වෙනස

    ගැහැනු පිරිමි වෙනස

    තම නිවෙසේ මැසි උවදුර දැරීමට නොහැකි තරම් උත්සන්න වූයෙන් හැකි තරම් මැස්සන් මරා දැමීමට කරු සහ අමිතා කතිකා කර ගත්හ. “මේ කරූ, ඔයා දැන් කී දෙනෙක් මැරුවද?” අමිතා ඇසුවේ ‘රාජකාරිය’ අරඹා පැය භාගයකට ආසන්න වෙද්දී ය.
    “ඔක්කොම හතයි, හතර දෙනෙක් පිරිමි. තුන් දෙනෙක් ගෑනු” කරු කීවේය.
    “මොනවා...? ඔයා කොහොමද අනේ දන්නෙ උන් ගෑනු සත්තු ද පිරිමි සත්තු ද කියලා?” අම්තා ඇසුවේ විශ්මයෙනි.
    “අපොයි ඒක සුළු දෙයක් නෙ. හතර දෙනෙක් සීනි බෝතලේ උඩ වහල හිටියා. තුන් දෙනෙක් හිටියෙ කණ්ණාඩිය ඉස්සරහ” කරු පිළිතුරු දුන්නේ ය.



    මේ සේරම උපුටා ගත්තේ
    සිළුමිණ පුවත්පතින්

     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි යාලුවා ලස්සන කතා ටිකක්................
    11.gif


    You must spread some Reputation around before giving it to coollifestyle4u again... :(