ලංකාවේ යක්ෂ ඉතිහාසයෙන් බිඳක්...!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ලංකාවේ යක්ෂ ඉතිහාසයෙන් බිඳක්...!

    ලංකාවේ යක්ෂ සභාවේ නායකයා ලෙස හැඳින්වෙන්නේ වෙසමුණි යක්ෂ රජුයි. අත විශාල යකඩ යගදාවක් හා රන්කඩුව ඇත. ඔහුගේ දරුණු දඩුවම් ක්‍රම 32ක් ඇතිබව කියවේ. වද 32 ලෙස කියවෙන්නේ එයයි.

    වේද සාහිත්‍යයට අනුව පැරණි දේව ගණයට අයත් සියල්ලන් යක්ෂ නම්වේ.
    යක්ෂාධිපති වෛශ්‍රාවන සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකි.
    වෙසමුනි යක්ෂ සේනාධිපති වේ.
    වෛදික සාහිත්‍යයෙහි යක්ෂයන්ගෙන් ශීග්‍රගාමී, ශීග්‍රපති, ක්ෂණික රශ්මි දහර, ක්ෂණික වාසස්තානය වෙනස් කරන බව දැක්වේ.

    1135324800_SMALL_yaksha.gif


    වෙසමුණිගේ බිරිද කෞවේරි. ඔවුන්ට වර්ණකවි(මණිග්‍රීව ) සහ නලකුබර (මයුරාජ ) නමින් පුතුන් දෙදෙනෙක් සහ මීනාක්ෂි නමින් දුවක්ද සිටි බව කියැවෙනවා.

    කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ බ්‍රාහ්මීන් ගේ රූමත් දියණියක වූ ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.
    කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටුසහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍යය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්‍යයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්‍රිකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්‍යය සියතට ගැනීමට සමත් විය.තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.


    බුදුරදුන් උරුවෙල් දනව්වට වැඩම කරන අතරතුර මහියංගනයට වැඩම කර යකුන් දමනය කර ඔවුන් ගිරි දිවයිනට නෙරපූ බව පවසන මහාවංශය, පිරිනිවන් පෑ දිනයේ 700ක් පිරිවර සමඟ විජයකුමරු මෙරටට ගොඩබැස කුවේනිය නම් යක්ෂ කන්‍යාවකගේ උපකාර ඇතිව ලංකාවේ යක්ෂ නායකයන් පලවා හැර රජවූ බවත් සඳහන් කරයි.

    mahasona.jpg


    මහා වංශයේ පණ්ඩුකාභය රජු හා බැඳි යකුන් දෙදෙනෙක් ගැන සඳහන්ය. චිත්තරාජ, කාලවේල පණ්ඩුකාභයගේ උප්පත්තිකතාව හා මොවුන් සම්බන්දය.
    චිත්තරාජ අභය වැවට අධිගෘහිත යක්ෂයා විය.
    අනුරාධපුර නැගෙනහිර වාහල්කඩ ආසන්නයේ කාලවේල යක්ෂය වෙනුවෙන් දේවාලයක් තිබේ.

    chittharajagala_05.jpg


    යක්ෂාධිපති වෛශ්‍රාවන වෙනුවෙන්ද පණ්ඩුකාභය රජු සමයේ වන්දනා පැවැත්විණි. දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වූ "ගෝඨම්බර" යක්ෂයෙක් වූ රිටිගල ජයසේන හෝ මහසෝනා සමඟ සටන් කර පරාජය කළබව සඳහන්වේ.

    අනාර්ථ ගෝත්‍රයට අයත් බලසම්පන්න ජන කොටසක් ලෙස වෛදික සාහිත්‍යයේ යකුන් හඳුන්වා ඇත. උපනිශ්ද් සාහිත්‍යයේ යක්ෂයෝ කුවේරාගේ පිරිවර සේනා ලෙස සේවය කරයි.


    ස්ථාන රාශියක උපුටා ගැනීමකි
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    බුද්ධානු භාවයෙන්, ධමිමානු භාවයෙන්, සංඝානු භාවයෙන් elakiri.comta වැලදුනු සියලු යක්ක, පේත්‍ර, පිසාච, සියලු දොස් දුරැවෙවා.ආවඩා අයුබෝ වෙවා.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බුද්ධානු භාවයෙන්, ධමිමානු භාවයෙන්, සංඝානු භාවයෙන් elakiri.comta වැලදුනු සියලු යක්ක, පේත්‍ර, පිසාච, සියලු දොස් දුරැවෙවා.ආවඩා අයුබෝ වෙවා.


    Sirawata :D:lol:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    මචන් යක්කුන්ගේ ඇස් ටොම්බ සයිස් දත් දිගයි කියන්නේ අත්තද? ත්ව ගොඩාක් මවිල් තියෙන්වලු,, ela post 1k.. thnx
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක ලියල තියෙන විදිය නම් පට්ටමයි ආයි කියවන්නම හිතෙනවා
    අගේ කරයුතුයි ඒක නම් කෙටියෙන් කිව්වොත් මැක්සම තමයි
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    යක්ෂ Thread ekak :P


    මේක යක්ෂ වැඩක්ක්න රෙප්දෙන්න බෑලු