shrek(ශ්රෙක්)
“shrek” ති‍්‍රමාණ සජීවිකරණය තිරයට මුදා හරින ලද්දේ 2001 වසරේ මැයි 16 දාය. “බග්ස් ලයිෆ්”, “ලයත් කිංග්” ට පසුව බිහිවූ ති‍්‍රමාණ සජීවිකරණයේ දැවැන්ත නිර්මාණය ලෙස සැලකෙන්නේ “shrek” ය. මෙහි විශේෂත්ව කිහිපයක් ම වෙන වෙන ම හුවා දැක්විය හැකි ය.සුරංගනා කතා කිහිපයක චරිත බොහොමයක් එකට කැටි කොට ප්‍රකට කතාන්දර පොතක කතා සැකිල්ල ගෙන නිර්මාණය කරන ලද “shrek” සිනමාපටය හුදෙක් සජීවිකරණයක් ම නොවේ.
ජීවිතයේ මිනිසුන් අත්විඳින දුක, සතුට, පේර්මය, බිය ආදී නොයෙක් හැඟීම් එකට කැටි කොට විශ්වාස කළ හැකි අයුරින් ගෙතූ අපූර්ව සිනමා කතාන්දරයකි.ඩී්රම්වර්ක් සිනමා සමාගම නිර්මාණය කළ “shrek” මිනිත්තු 85 ක් පුරා දිව යන්නකි. ඩොලර් මිලියන 70 ක් පමණ වැය කළ සිනමාවට දායාද කළ මෙම ති‍්‍රමාණ සජීවිකරණය උදෙසා පුද්ගලයන් 275 ක් පමණ සහභාගී වී ඇත. මේ 275 දෙනාම පරිගණක සජීවිකරණ ශිල්පීන්, මෘදුකාංග නිර්මාණකරුවන්, ඉංජිනේරුවන් ද ඇතුළත් ය. වසර ති‍්‍රත්වයක් පුරාම මොවුන් “shrek” නිර්මාණය කර ඇතැයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත.
එසේ ම “shrek” ලෙස හඬකැවීමෙන් දායක වන මයික් මේයර්ස් ගැන ද යමක් කිව යුතුම ය. ඔහු මීට කලින් “shrek”ට හඬ කැවූ පුද්ගලයා හදිසියේ ම මිය ගිය බැවින් (කි‍්‍රස් ෆර්ලි) ඒ අඩුව පිරවීමට යොදාගත් පුද්ගලයා ය. කුඩා දරුවන් බොහෝ ඇදී බැඳී ගිය අනෙක් චරිතය, බූරුවාට හඬ කැවුවේ එඩී මර්පි ය. සුරූපී ෆියෝනා කුමරියට හඬ කැවුවේ ප්‍රකට නිළි කැමරන් ඩයස් ය. ෆාක්වර්ඩ් රජුට හඬ කැවුවේ ජෝන් ලිත්ගොව් ය.ඩී්රම් වර්ක් සිනමා සමාගම පවසන අන්දමට “shrek” නිර්මාණය සඳහා වැඩි ප්‍රමාණයක් ඔවුන් විසින් යොදා ගනු ලැබ ඇත්තේ ඒලියාස් වේව් ෆ්රන්ට් සමාගමේ “මායා” මෘදුකාංගයයි. එසේ ම ඩී්රම් වර්ක් සමාගම විසින් ම නිර්මාණය කළ PDI මෘදුකාංගය ද මේ සඳහා යොදා ගෙන ඇත.
විශේෂයෙන්ම පාත්‍රවර්ගයාගේ ඇඳුම් පැළඳුම් සහ හිසකෙස් නිර්මාණය සඳහා PDI මෘදුකාංගයේ උපකාරය ලබා ගෙන ඇත.එසේ ම බොහෝ දෙනා දන්නා ෆොටෝෂොප් මෘදුකාංගය ද “shrek” ති‍්‍රමාණ සජීවිකරණයේ සුළු කොටසක කාර්යභාරය ඉටු කර තිබේ. සොෆ්ට්ඉමාජ් ද යම් ප්‍රමාණයකින් ඔවුන් විසින් යොදාගනු ලැබ ඇත.සාමාන්‍යයෙන් ති‍්‍රමාණ සජීවිකරණයක චරිත නිර්මාණය තරමක් අපහසු කාර්යයකි. කුඩා චලනයක් උදෙසා පවා විශාල මහන්සියක් දැරිය යුතු ය. යම් රූප රාමුවක් නියමිත ආකාරයට අදාළ මෘදුකාංගය මගින් නිර්මාණය කර ගත් පසු ව එය තිරයේ නැරැඹිය හැකි පරිදි සකසා ගත යුතු ය. එයට “රෙන්ඩර්” කිරීම නමින් සජීවිකරණ භාෂාවෙන් හඳුන්වා දිය හැකි ය. මෙකී කාර්යයට බොහෝ විට විශාල කාලයක් ගත වේ. එබැවින් “shrek” සිනමාපටයේ රෙන්ඩරිංග් කොර්ඩිනේටර්වරයකු සහ රෙන්ඩර් සහායකවරු 12 දෙනෙක් නිර්මාණාත්මක කාරියේ යෙදී ඇත. එපමණක්ද නොවේ. සජීවිකරණ මෘදුකාංග වැඩිදියුණු කරන්නන් 16 දෙනෙක් ද මෙයට සහභාගී වී ඇත.
විලියම් ස්ටෙග් විසින් රචිත shrek ළමා කතාන්දරය ඇසුරින් නිර්මාණය කළ shrek ති‍්‍රමාණ සජීවිකරණය 2001 ජූලි මස චිත්‍රපට සමාගම විසින් පිරිනමනු ලබන හොඳම ති‍්‍රමාණ සජීවිකරණයට හිමි සම්මානය දිනා ගනු ලැබී ය. සුප්‍රකට “පර්ල් හාබර්” සිනමාපටයේ ආදායම ද පසුකර යාමට සමත් විය. අමෙරිකානු ඩොලර් මිලියන 100 ඉතාමත් පහසුවෙන් පසු කළ “shrek” සිනමාපටය සිනමා තිරය දෙදරවා දමන්නට සමත් විය. “shrek” හි ජනපි‍්‍රයත්වය කෙසේ ද යත් “shrek 2” නමින් එහි ම දෙවැනි කොටස ද නිර්මාණය කිරීමට ඩී්රම් වර්ක් සමාගම සමත් විය. 2004 වර්ෂයේ මැයි 19 වැනි දා “shrek 2” නිකුත් විය.සුපුරුදු චරිත සමඟ අලුත් චරිත කිහිපයක් ද shrek 2 ට ඇතුළත් විය. පුස් ඉන් බූට්, ෆෙයරි ගෝඩ් මදර්... සහ තවත් අලුත් චරිත කිහිපයක් පොප් ගීත කිහිපයක් සමඟින් ති‍්‍රමාණ සජීවිකරණ සිනමාව කළඹවාලී ය. වැඩි විස්තර දැනගැනීමේ පිපාසයෙන්
ඔබ පෙළෙන්නේ නම් www.shrek.Com මගින් එකී පිපාසාව සංසිඳුවා ගත හැකි ය.
අන්තර්ජාලය ඇසුරිනි



