උදුලගේ හැඟීම් බර ලියුම

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
උදුලගේ හැඟීම් බර ලියුම

දිනකට විනාඩි 90 ක්‌ පමණක්‌ ඉර එළිය දකින
අඳුරු සිරකුටියේ සිට ලියමි....

udul1.jpg

තෙවන වරටද මා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එන ලදී. මෙවරද පැරැණි චෝදනාමය. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ, රාජ්‍ය දේපළ හානි කිරීම, රාජ්‍ය විරෝධී කැරළි ගැසීම් නමුත් වෙනදාට වඩා චෝදනා එල්ල කරන ස්‌වරූපය හා බන්ධනාගාර ගත කිරීමේ ආකාරයේ ප්‍රබල වෙනසක්‌ දැනේ.

මා අත්අඩංගුවට ගත් පසු මුලින්ම රැගෙන ගියේ මිරිහාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කාර්යාලයටය. මාගෙන් කට උත්තර ගැනීමට පැමිණියේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙකි. ඔහුගේ සහයට පැමිණියේ සහකාර පොලිස්‌ අධිකාරිවරයෙකි. කට උත්තර ලබාගැනීමට ගත කළ කාලය පැය 07 කි. පියාගේ උපන් ස්‌ථානයේ සිට එදා උදේ මා ආහාර ගත් ස්‌ථානය දක්‌වා ප්‍රශ්න අසන ලදී. ඒ කාලය තුළ පොලිස්‌පතිවරයා ඔවුන්ට කතා කොට විස්‌තර විමසූ වාර ගණන 10 කට වැඩි මිස අඩු නොවේ.

ඉන්පසු කෙලින්ම බන්ධනාගාරයට යොමු කෙරිණි. බන්ධනාගාර නිලධාරීන් මා සාමාන්‍ය වාට්‌ටුවක්‌ වන "C" වාට්‌ටුවට යොමුකරන ලදී. නමුත් ඒ මිනින්තු කිහිපයකට පසු "ඉහළින් ලැබුණු නියෝගයකට අනුව" මා ඒ මොහොතේම J සිරමැදිරියට යවන ලදී. ඉහළින් ලැබුණු නියෝගය ලැබුණේ කාගෙන්ද? කාටද? යන්න මා හොඳින් දනිතත්, දහසකුත් එකක්‌ බලපෑම් මත මා පිළිබඳ හැකි උපරිමයෙන් සොයා බලන බන්ධනාගාරයේ නිලධාරි මහතුන්ට ගෞරව පිණිස ඒ පිළිබඳ මීට වැඩි යමක්‌ නොලියමි. නමුත් J සිරමැදිරිය ගැන යමක්‌ ලිවිය යුතුය.

මෙහි දිග අඩි 10 කි පළල අඩි 8 කි. මාද ඇතුලුව එහි සිටින රැඳවියන් ගණන 6 කි. එම වර්ග අඩි 80 තුළ වැසිකිළියද පිහිටා තිබේ. අප සියලු දෙනා කන්නේ බොන්නේ නිදන්නේ පමණක්‌ නොව දවසේ පැය 22 1/2 ක්‌ ගත කරන්නේද ඒ කුඩා ඉඩ තුළයි. දිනකට ඉන් පිටවිය හැක්‌කේ ව්‍යායාම සඳහා පැය 1 1/2 ක්‌ පමණි.

මෙය මුළු බන්ධනාගාරයේම තිබෙන කුඩාම සිරමැදිරිය වන අතර අඩුවෙන්ම විවෘත කොට තබන සිරමැදිරිය ද වේ. සාමාන්‍යයෙන් මෙයට රැඳවියන් යොමු කරන්නේ දඬුවමක්‌ ලෙසය (ඡමබසියපැබඑ ජැකක)

මේවා කිසිසේත්ම අහඹු සිදුවීම් නොවේ. එසේම අප බලාපොරොත්තු නොවූ ඒවාද නොවේ. පසුගිය සමය තුළ ආණ්‌ඩුවට කප්රුක පහළ විය. එන එන පන්දුවට ආණ්‌aaඩුව පහර දුන් අතර, පහරදුන් පන්දුව හතර සීමාවට ඉහළින් ඇදී ගියේ ගේමක්‌ නැතිවය. ඒ අනුව ආණ්‌ඩුව ගේමක්‌ නැතිව ඡන්ද දිනන ලදී. විපක්‍ෂය දිය කර හරින ලදී. ඇමැති මණ්‌ඩලය තමන්ට රිසි පරිදි පත්කරගන්නා ලදී. පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹා අධ්‍යාපනය විකිණීමට උත්සාහ දැරුවේද ඒ අයුරින්මය. නමුත් සරසවි සිසුන් ලෙස අප ඊට එරෙහි වූයෙමු. අද මා ද ඇතුලු තවත් සහෝදරවරුන් ගණනාවක්‌ දඟගෙයි දඬුවම් වලට ලක්‌ව තිබෙන්නේ ආණ්‌ඩුවට කළ ඒ අභියෝග නිසා මිස අන් යමක්‌ නිසා නොවේ. අප සුදෝ සුදු පිරුවටයකින් ඔතා ශුද්ධ වූ වස්‌තුවක්‌ බවට පත්කොට තිබූ ආණ්‌ඩුවේ වැඩපිළිවෙළට අභියෝග කළෙමු. යකා සිටින බව දැන දැනම සොහොනේ ගෙවල් තැනුවෙමු.

කුමකටද? කුමක්‌ සඳහාද? කා වෙනුවෙන්ද? ආණ්‌ඩුවට අනුව අප ෙ-. වී. පී. කාලකණ්‌නීන්ය. ඉගෙනීමට නොහැකි නිකමුන්ය. රජයේ දේපළ විනාශ කරන කැරලි ගසන රාජ්‍ය ෙද්‍රdaහීන්ය.

මේ මොහොත වන විටත් බලු කූඩු වල ලැග සිටින සහෝදරවරුන් ඉංජිනේරු, ශාස්‌ත්‍ර පීඨ සම සෞඛ්‍ය පශු වෛද්‍ය පීඨවලට අයත්ය. මා දන්ත වෛද්‍ය පීඨයේය. අපි වෛද්‍යවරුන් ඉංජිනේරුවන් වීමේ බලාපොරොත්තුවෙන් සරසවිවලට පැමිණියෙමු. ඒ පැමිණීම වෙනුවෙන් අපි කළ කැපකිරීම අතිමහත්ය. අපගේ දෙමවුපියන් හෙලූ දහඩිය කඳුළු අප්‍රමාණය.

අද මට මාගේ දන්ත වෛද්‍ය උපාධිය මුළුමණින්ම අහිමි කර ඇත. අනිකුත් සහෝදරවරුන්ට උපාධිය ලබාගැනීම වසර ගණනාවකින් පමා වී ඇත. උසස්‌ පෙළින් ඉහළින්ම සමත්ව අද උපාධිය අහිමිකරගෙන සිටින අප නිදහසේ ඉගෙනුමේ අයිතිය වෙනුවෙන් අරගල කර සිරගතව සිටින අප, නිකමුන් හා කාලකණ්‌ණීන් ලෙස චෝදනා වලට ලක්‌වන්නේ කුමකටද? කුමක්‌ සඳහාද? කා වෙනුවෙන්ද?

සමාජවාදී රටවල් කීපයක හැරුණු කොට නිදහස්‌ අධ්‍යාපනය තවමත් ක්‍රියාත්මක වන ලොව එකම රට ලංකාවයි. තවද ලංකාව තුළ පෞද්ගලීකරණයට ලක්‌ නොවූ එකම ක්‍ෂේත්‍රයද අධ්‍යාපන ක්‍ෂේත්‍රයයි. සරලව කිවහොත් දෙමවුපියන්ගෙන් දරුවා පාසලට විශ්ව විද්‍යාලයට ඇතුළත් කරන විට මුදල් අය නොකරන එකම රට ලංකාවයි.

ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකළේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ නොකළේ වැරදීමකින්ද? සෞඛ්‍ය ප්‍රවාහන වැනි හැම ක්‍ෂේත්‍රයක්‌ම මුදල් අය කරද්දී පාසල්වල හා විශ්වවිද්‍යාලවල (නිල වශයෙන්) මුදල් අය නොකරන්නේ අප රටේ පාලකයන්ගේ අනුකම්පාව නිසාද? පාලකයන් අපට නගන දොස්‌ යම් තරමකින් හෝ පිළිගන්නා යමෙකු වේ නම්, ඔවුනට තවමත් හරිහැටි අවබෝධ කරගත නොහැකි කාරණය වන්නේ මෙයයි.

 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
පෞද්ගලීකරණය යනු ආණ්‌ඩුව දැනට මේ අනුගමනය කරන වැරැදි ආර්ථික ක්‍ර්‍රමයේ අනිවාර්ය අංගයකි. අධ්‍යාපනය සේවාවක්‌ ලෙස ආණ්‌ඩුව මගින් පවත්වාගෙන යනවා වෙනුවට, එය ලාභ උපයන වෙළෙඳ භාණ්‌ඩයක්‌ බවට පත්කිරීම නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ ඉගැන්වීමක්‌ මිස අන් යමක්‌ නොවේ. පැවැති සෑම ආණ්‌ඩුවක සේම මේ ආණ්‌ඩුවේද ආර්ථිකය අනුගමනය කරන ප්‍රතිපත්තිය විකිණීම, පෞද්ගලීකරණය හැර අනෙකක්‌ නොවන බව පැහැදිලිය. එසේම ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඉදිරියේදී අධ්‍යාපනය රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්කර ගත යුතු බව සෘජුවමය පවසයි. එය නිවැරැදි ද මෙතෙක්‌ අනෙකුත් සියලු අමාත්‍යාංශවල භාවිත කළේ මේ අයුරින් විකුණා ලාභ ලැබීමේ ප්‍රතිපත්තියයි. ඒවා සාර්ථක වීද ඒ හරහා ලාභ ලැබ රට ආර්ථික වශයෙන් සංවර්ධනය වීද? නැත. සෑම තැනකදීම අසාර්ථක විය. සියල්ල විකුණා දමා අසාර්ථක වූ තැන දැන් සූදානම් වන්නේ ශරීරයද විකිණීමටය. අප ඊට ඉඩ දෙමුද?

අධ්‍යාපනයේ අප මේ පසුකරමින් සිටින්නේ විකිණීම ආරම්භ කිරීම හා විකිණීමට එය සූදානම් කිරීමේ යුගයයි. තවමත් හරි හැරි පෞද්ගලීකරණය කර නොමැති පාසල් අධ්‍යාපනය තුළ වුවද දෙමාපියන්ගෙන් පාසල්වල මුදල් අය කිරීම නිසා ඔබ කොතරම් පීඩාවට පත්වන්නේදැයි අප මේ රටේ දෙමාපියන්ගෙන් ඇසිය යුතුය. නිදහස්‌ අධ්‍යාපන ක්‍රමවේදය තුළ වුව ප්‍රථම ශ්‍රේණියට තම දරුවා ඇතුළත් කර ගැනීමට ලක්‍ෂ ගණනින් මුදල් ගෙවීමට දෙමාපියන්ට සිදු වේ. පාසල තුළ පහසුකම් ගාස්‌තු ක්‍රීඩා ගාස්‌තු වැනි විවිධ අය කිරීම් වලට දහස්‌ ගණනින් මුදල් ගෙවීමට සිදු වේ. ඊට අමතරව උපකාරක පන්ති සඳහා වියදම් දැරීමට සිදුවේ. එනම් නිදහස්‌ අධ්‍යාපනයටත් විශාල මුදලක්‌ දැරීමට දෙමාපියන්ට සිදුව තිබේ. අධ්‍යාපනය දරුවන්ට නොමිලේ ලබාදීම රටෙහි අධ්‍යාපන ප්‍ර්‍රතිපත්තිය වී ඇති තත්ත්වය තුළත් කෙරෙන මෙවන් මුදල් අය කිරීම් දෙමාපියන්ට මෙතරම් පීඩනයක්‌ නම් නිල වශයෙන්ම අධ්‍යාපනය පෞද්ගලීකරණය කළ හොත් එහි පීඩාව කොතෙක්‌ වේ දැයි අපගේ දෙමාපියන් සිතා බැලිය යුතුය. ඒ තත්ත්වය පිළිබඳ අදහසක්‌ ගැනීම එතරම් දුෂ්කර කාරණයක්‌ නොවේ. ලංකාව හැරුණු කොට ලොව බොහෝ රටවල පාසල් වලට විශ්වවිද්‍යාල වලට දරුවන් ඇතුළත් කර ගනිද්දී ඒවායේ අය කරන ගාස්‌තු අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වේ. එසේම ඒවායේ යම්
වාරික මුදලක්‌ ගෙවීම මඟ හැරුණොත් පාසලට පැමිණිය නොහැක. එනම් එම රටවල දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ සමස්‌ත වගකීම දෙමාපියන්ට පවරා ඇත. අප රටෙහි දෙමාපියන්ට තේරුම් ගැන්වීමට උත්සාහ කරන සත්‍යය මෙයයි. අප රටද ටිකෙන් ටික රැගෙන යමින් තිබෙන්නේ එම දිශාවටයි. පාසල් සංවර්ධන මණ්‌ඩල පනත මගින් පාසල්වල විවිධ ගාස්‌තු අයකිරීම මගින් අපේ දරුවන්ගේ අධ්‍යාපනය ලබාදීමේ වගකීමද ටිකෙන් ටික දෙමාපියන් මත පවරමින් තිබේ.

වෙනත් රටවල අධ්‍යාපනයට ඒ ඉරණම අත්වෙද්දී අප රටෙහි අධ්‍යාපනය පෞද්ගලීකරණ යෙන් ගැලවී ගත්තේ කෙසේද? ඒ අන් කිසිවක්‌ නිසා නොව අප රටෙහි අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි විශාල අරගලයක්‌ තිබුණු බැවිනි. නිදහස්‌ අධ්‍යාපනය දිනාගැනීමට සේම එය රැක ගැනීමටද අප රටෙහි අනවරත අරගලයක්‌ තිබුණු බව පිළිනොගන්නා කෙනකු වේ නම් ඒ කුහකයෙකි. එසේම එකී අරගලයෙහි ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛතම කාර්යභාරයක්‌ ඉටු කළ බවද මෙරටෙහි බහුතරයන් දෙනා දනිතැයි අප සිතමු. අපගේ උපාධිය අහිමි කර ගනිමින් කාලකණ්‌ණින් හා නිකමුන් ලෙසට අපගේ හත්මුතු පරම්පරාවටම ආණ්‌ඩුවේ සමහරුන් නගන දොස්‌ අසා ගනිමින් අප ගෙන යන අරගලය එකී නිදහස්‌ අධ්‍යාපනය රැක ගැනීමේ අරගලය සඳහා මිස අනෙකක්‌ සඳහා නොවේ. දැවැන්ත යකඩ කූරු වලින් වසා ඇති මගේ සිර මැදිරියේ පැදුරු කඩමාල්ල මත වැතිර සිටින මා හට මාගේ මවගේ වෙහෙසට පත් මුහුණ මැවී පෙනේ. ඇය දන්ත චිකිත්සකවරියකි. ඇගේ සිහිනය වූයේ මා දන්ත වෛද්‍යවරයකු වනු දැකීමයි. මා විශ්වවිද්‍යාලයට සමත් වූ දිනයේ ඇගේ සිහිනය සැබෑ වූ බවත්, මා ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයට පත්වීම නිසා ආණ්‌ඩුවේ පළිගැනීම් වලට ලක්‌වන විට ඇගේ සිහිනය බිඳ වැටුණු බවත් මම දනිමි.

නමුත් අප හට හෘද සාක්‍ෂියක්‌ ඇත. මට දන්ත වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට ඉතිරිව තිබුණේ මාස 18 හා විභාග දෙකක්‌ පමණි. එසේ තිබියදී ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් කැපවීමට ගත් තීරණය කුමක්‌ නිසා ගත්තේදැයි කිව යුතුය. ඒ අන් කිසිවක්‌ නිසා නොව නිදහස්‌ අධ්‍යාපනයටත් මවුබිමටත් එල්ලව තිබූ අභියෝග විසින් මගෙන් ඉල්ලා සිටි කාර්ය භාරය ඉටු කිරීම සඳහාය. අද මම එම කාර්යභාරය සතුටින් යුතුව ඉටුකරමින් සිටිමි. මගේ මව අපමණ ගැරහුම් නින්දා අපහාස වලට ලක්‌වෙමින්, අපමණ වෙහෙසකට පත්ව බන්ධනාගාරයේ සිරකරුවන් බැලීමේ පෝලිමේ මා බැලීම සඳහා රැඳී ඉන්නවා ඇත. නමුත් ඇයගේ එම වෙහෙසට පත් මුහුණ සේම ඇය අද විඳින දුක්‌ ගැහැට නිසා ඇගේ දෑසට නැගි කඳුළ සේම තම දරුවන්ට අධ්‍යාපනය ලබාදී ඔවුන්ව සමාජයේ ඉහළට ඔසවා තැබීමට බලාපොරොත්තු දල්වා සිටින දහස්‌ ගණන් මවුවරුන්ගේ මුහුණද ඔවුන් ඒ වෙනුවෙන් අපමණ වෙහෙසක්‌ විඳිමින් හෙළන කඳුළුද මට වැදගත්ය.

පහසුවෙන් ලබා ගැනීමට තිබූ දන්ත වෛද්‍ය උපාධිය වෙනුවට දුෂ්කර ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය තෝරා ගත්තේ එබැවිනි. එස්‌. බී. දිසානායක මහතා සාමාන්‍ය පුද්ගලයකුගේ සිට ඇමැතිවරයකු බවට පත්වූයේ කෙසේද? මා දන්ත වෛද්‍යවරයකු වීමට තිබූ අවස්‌ථාවේ සිට සිරකරුවකු වීමේ අවස්‌ථාව දක්‌වා පත් වූයේ කෙසේද? ඒ අන් කිසිවක්‌ සඳහා නොව හෘද සාක්‍ෂියට අනුව කටයුතු කිරීම නිසාය.

උදුල් ප්‍රේමරත්න (කැඳවුම්කරු)
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය
වැලිකඩ බන්ධනාගාරයේ J සිරමැදිරියේ සිට,

inner_r6_c1.gif
 

helo256

Member
Oct 7, 2010
2,093
71
0
මේ මොහොත වන විටත් බලු කූඩු වල ලැග සිටින සහෝදරවරුන් ඉංජිනේරු, ශාස්‌ත්‍ර පීඨ සම සෞඛ්‍ය පශු වෛද්‍ය පීඨවලට අයත්ය. මා දන්ත වෛද්‍ය පීඨයේය. අපි වෛද්‍යවරුන් ඉංජිනේරුවන් වීමේ බලාපොරොත්තුවෙන් සරසවිවලට පැමිණියෙමු. ඒ පැමිණීම වෙනුවෙන් අපි කළ කැපකිරීම අතිමහත්ය. අපගේ දෙමවුපියන් හෙලූ දහඩිය කඳුළු අප්‍රමාණය.

අද මට මාගේ දන්ත වෛද්‍ය උපාධිය මුළුමණින්ම අහිමි කර ඇත.

ehenam puka nodee aapu wedee karagena giyaanam hari nee..
 

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    This idiot is like a thoththa baba. සරලව කිවහොත් දෙමවුපියන්ගෙන් දරුවා පාසලට විශ්ව විද්‍යාලයට ඇතුළත් කරන විට මුදල් අය නොකරන එකම රට ලංකාවයි. After entering arent there any expenses???
    They collect money for this event & that event in any school.

    Then what about for Private school students who are sitting for local O/L or local A/L???
    Those students have to pay some amount like Rs.50 or something for paper. Is this free education??? What about the A/L General English book? Its not free isn't it although its been printed by state printers.

    And after the A/L's how many students can get into Universities? Around 12000. What about other students nearly 100,000??? Is this idiot expects him to do some job like pol kadanna & cleaning gardens?

    The families who are wealthier can send there children abroad for higher education. Millions of our money is going out of country. What happens to others?
    SOme are doing CIMA, Chartered, SLIM, IT & other degrees & Diplomas. Is that free education?

    What about the External degrees from SriLankan Universities? Is it free education? No wonder he failed dental exams for 7 years.

    Out of all the Local university graduates who are the people working honestly? Doctors signing at the hospital & doing private practicing, University lecturers doing lecturers at private institutes and tuition. The local graduated doctors migrating to other countries. Is this fair? They are not respecting the tax payers money.
    Of course there are people I should say they are working honestly for the max.

    Other graduated employees such as Bank managers what are they doing during the working hours? Talking bull shit most of the time & taking a lunch hour for 2 hours.
     
    • Like
    Reactions: kasuncs

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    තට්ටෙ පැදුන නාකියා තාම ඉගෙන ගන්නවලුද බුහාහා හා මේව්ව වගෙ පුකෙන් හින යන joke නැ ඕයි තව ආපු රෙද්දක් කොරගන්නෙ නැතුව මහ බල මන්ඩල ගහල ලොක්කා වෙන්න බුහාහා ඕකව තව අවෘදු 10 හිරෙ තියන්ඩ ඕන
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඕකා දැන් අවෘදු 30 35 නාකියෙක්
    අඩෝ අපි තාම නාකි නෑ යකෝ.මටත් දැන් 34යි.හැබයි 24 ක පෙනුමක් තියෙන්නේ.
    .
     
    Last edited:

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    meyage darshanaya api pili gaththe nethi unath e wenuwen meyata peni sitime aythiya thiyenna onee,anduwe kramayata viruddawa yana ona ekkek hireta danna mun hadanne anika siyalu dee nethi kara ganna bawa denagenath me miniha karapu kepakirima , ee genath hithanna onee
     
    • Like
    Reactions: castellain

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහි‍ටුවන එක පාලනයකින් යුතුව කරන්න ඕනී.සමහර උපාධි පාඨමාලා පෞද්ගලික විශ්ව විද්‍යාල හරහා දුන්නාට කිසි ප්‍රශ්නයක් නෑ.විශේෂයෙන්ම කම්පියුටර් සහ සන්නිවේදන, තොරතුරු තාක්ෂනය, පෞද්ගලික ව්‍යාපරික සමාගම් සඳහා අවශ්‍යය උපාධි පාඨමාලා වගේ දේවල්.නමුත් මේ රටේ ඉහලම ඉල්ලුමක් තියෙන වෛද්‍ය, සිවිල් ඉංජිනේරු, පරිපාලන සේවය වැනි උපාධි පෞද්ගලික අංශය හරහා සල්ලි පදනම් කරගෙනම කරන එක තේරුමක් නෑ.
    විශේෂයෙන්ම ගමේ දුප්පත් ගොවියාගේ දියණිය 75% ලකුණු අරගෙන ඇඟලුම් ශාලාවේ වැඩට යනකොට, ගමේ මන්ත්‍රිතුමාගේ දුව 50%ක් ලකුණු අරගෙන පෞද්ගලික වෛද්‍ය උපාධියක් ගැනීම මේ රටේ බහුතරයක් වන පීඩිත පංතියේ තරුනයන් සහ ජනතාව අතර අසහනය ඇති කරන්න පුලුවන්.
    මේ ඇති කරන පෞද්ගලික විශ්ව විද්‍යාල ජනසතු කිරීමේ ‍රැල්ලක් මේ රටේ ජනතාව තුල ලේසියෙන්ම ඇති කරන්න දේශපාලන වශයෙන් පරිණත නායකයෙක්ට පුලුවන්.මොකද මේ රටේ බහුතර ජනතාවට සහ ඔවුන්ගේ දරුවන්ට මෙහි ඉඩකඩ අවම නිසා මේවා ජන සතු කරන එක කිරි කජු වගේ කියලයි මට හිතෙන්නේ.විශෙෂයෙන්ම පංතියක සිසුවන් 50ක් හිටියොත් ඔවුන්ගෙන් දෙන්නෙකුටවත් මේ වගේ ඉගෙන ගන්න වත්කමක් නෑ.
     

    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    මචන් ඔය දේශපාලනේ කරන කිසිම කෙනෙක් රටට ආදරය හින්දා දේශපාලනේ කරන් නෑ බන්.. උදුල වගේ උන්ට තිබ්බ ඔච්චර මොළේ තියෙනවනම් මෙ ප‍්‍රශ්ණේ කතා කරල විසද ගන්න.. අහක ඉන්න පොලිස් කාරයන්ගේ ඔළු පලන් නැතුව. ඒක හරියට බස් එකක මිනිහෙක් හැප්පුනාම බස් එක ගිණි තියනව වගේ වැඩක්. තමන් ඉගෙනගත්තු නිදහස් අධ්‍යාපනයට ආදරය කරන කෙනෙක් කරන්න තියෙන හොදම දේ තමයි..උපාදිය කරල ඉවර වෙලා තමන්ව ඒ තැනට ගේන්න දහ දුක් විදපු අම්මල තාත්තල ගුරුවරුන්ට සලකන එක..අන්න එතකොට ලංකාව ඇතුලේ උපාදිය අහිමි ශිෂ්‍යයෙක්ට නොසලක සමාජය අර සමාජයට වැඩක් ඇති උපාධිකාරය කියන දේ පිළිගන්නවා..

    ඇයි බන් මුන් නිදහස් අධ්‍යාපනය කිය කිය..සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන ඒ දේපලම විනාශ කරන්නේ..??
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුන්ගේ මොනවා නැතත් අලි ටෝක් එක නම් තියෙනවා... හරියට ශි‍ෂ්‍ය භාවය බලෙන් අයින් කරලා වගගේනේ.. :lol:
     
    • Like
    Reactions: Inswinger

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මෙිකා ගොන් හරකෙක්..දැන් තටිටෙත් පෑදිලා අවුරැදු 5ටත් වැඩිය මූ කැමිපස් එකේ.මූත් එක්ක අනිත් ආපු එවුන් දැන් අවුටි වෙලා ඡොබි කරනවා.මෙි කාලකන්නි හිවලා පොර වෙන්ඩ හදනවා.අනේ බන් උඹ ඔතනට ගියේ ආණ්ඩුව පෙල්ලන්න නෙවෙයිනේ.දත් දොස්තර කෙනෙක් වෙන්නනේ.උඹෙි අමිමයි තාත්තයි මැරි මැරී ඡීවත්වෙනවා ඇති.උන් ගැන හිතලවත් පාඩුවෙි උඹෙී වැඩෙී කරගෙන කැමිපස් එකෙන් පලයන්