උදුලගේ හැඟීම් බර ලියුම
දිනකට විනාඩි 90 ක් පමණක් ඉර එළිය දකින
අඳුරු සිරකුටියේ සිට ලියමි....
තෙවන වරටද මා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එන ලදී. මෙවරද පැරැණි චෝදනාමය. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ, රාජ්‍ය දේපළ හානි කිරීම, රාජ්‍ය විරෝධී කැරළි ගැසීම් නමුත් වෙනදාට වඩා චෝදනා එල්ල කරන ස්වරූපය හා බන්ධනාගාර ගත කිරීමේ ආකාරයේ ප්‍රබල වෙනසක් දැනේ.
මා අත්අඩංගුවට ගත් පසු මුලින්ම රැගෙන ගියේ මිරිහාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයටය. මාගෙන් කට උත්තර ගැනීමට පැමිණියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. ඔහුගේ සහයට පැමිණියේ සහකාර පොලිස් අධිකාරිවරයෙකි. කට උත්තර ලබාගැනීමට ගත කළ කාලය පැය 07 කි. පියාගේ උපන් ස්ථානයේ සිට එදා උදේ මා ආහාර ගත් ස්ථානය දක්වා ප්‍රශ්න අසන ලදී. ඒ කාලය තුළ පොලිස්පතිවරයා ඔවුන්ට කතා කොට විස්තර විමසූ වාර ගණන 10 කට වැඩි මිස අඩු නොවේ.
ඉන්පසු කෙලින්ම බන්ධනාගාරයට යොමු කෙරිණි. බන්ධනාගාර නිලධාරීන් මා සාමාන්‍ය වාට්ටුවක් වන "C" වාට්ටුවට යොමුකරන ලදී. නමුත් ඒ මිනින්තු කිහිපයකට පසු "ඉහළින් ලැබුණු නියෝගයකට අනුව" මා ඒ මොහොතේම J සිරමැදිරියට යවන ලදී. ඉහළින් ලැබුණු නියෝගය ලැබුණේ කාගෙන්ද? කාටද? යන්න මා හොඳින් දනිතත්, දහසකුත් එකක් බලපෑම් මත මා පිළිබඳ හැකි උපරිමයෙන් සොයා බලන බන්ධනාගාරයේ නිලධාරි මහතුන්ට ගෞරව පිණිස ඒ පිළිබඳ මීට වැඩි යමක් නොලියමි. නමුත් J සිරමැදිරිය ගැන යමක් ලිවිය යුතුය.
මෙහි දිග අඩි 10 කි පළල අඩි 8 කි. මාද ඇතුලුව එහි සිටින රැඳවියන් ගණන 6 කි. එම වර්ග අඩි 80 තුළ වැසිකිළියද පිහිටා තිබේ. අප සියලු දෙනා කන්නේ බොන්නේ නිදන්නේ පමණක් නොව දවසේ පැය 22 1/2 ක් ගත කරන්නේද ඒ කුඩා ඉඩ තුළයි. දිනකට ඉන් පිටවිය හැක්කේ ව්‍යායාම සඳහා පැය 1 1/2 ක් පමණි.
මෙය මුළු බන්ධනාගාරයේම තිබෙන කුඩාම සිරමැදිරිය වන අතර අඩුවෙන්ම විවෘත කොට තබන සිරමැදිරිය ද වේ. සාමාන්‍යයෙන් මෙයට රැඳවියන් යොමු කරන්නේ දඬුවමක් ලෙසය (ඡමබසියපැබඑ ජැකක)
මේවා කිසිසේත්ම අහඹු සිදුවීම් නොවේ. එසේම අප බලාපොරොත්තු නොවූ ඒවාද නොවේ. පසුගිය සමය තුළ ආණ්ඩුවට කප්රුක පහළ විය. එන එන පන්දුවට ආණ්aaඩුව පහර දුන් අතර, පහරදුන් පන්දුව හතර සීමාවට ඉහළින් ඇදී ගියේ ගේමක් නැතිවය. ඒ අනුව ආණ්ඩුව ගේමක් නැතිව ඡන්ද දිනන ලදී. විපක්ෂය දිය කර හරින ලදී. ඇමැති මණ්ඩලය තමන්ට රිසි පරිදි පත්කරගන්නා ලදී. පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹා අධ්‍යාපනය විකිණීමට උත්සාහ දැරුවේද ඒ අයුරින්මය. නමුත් සරසවි සිසුන් ලෙස අප ඊට එරෙහි වූයෙමු. අද මා ද ඇතුලු තවත් සහෝදරවරුන් ගණනාවක් දඟගෙයි දඬුවම් වලට ලක්ව තිබෙන්නේ ආණ්ඩුවට කළ ඒ අභියෝග නිසා මිස අන් යමක් නිසා නොවේ. අප සුදෝ සුදු පිරුවටයකින් ඔතා ශුද්ධ වූ වස්තුවක් බවට පත්කොට තිබූ ආණ්ඩුවේ වැඩපිළිවෙළට අභියෝග කළෙමු. යකා සිටින බව දැන දැනම සොහොනේ ගෙවල් තැනුවෙමු.
කුමකටද? කුමක් සඳහාද? කා වෙනුවෙන්ද? ආණ්ඩුවට අනුව අප ෙ-. වී. පී. කාලකණ්නීන්ය. ඉගෙනීමට නොහැකි නිකමුන්ය. රජයේ දේපළ විනාශ කරන කැරලි ගසන රාජ්‍ය ෙද්‍රdaහීන්ය.
මේ මොහොත වන විටත් බලු කූඩු වල ලැග සිටින සහෝදරවරුන් ඉංජිනේරු, ශාස්ත්‍ර පීඨ සම සෞඛ්‍ය පශු වෛද්‍ය පීඨවලට අයත්ය. මා දන්ත වෛද්‍ය පීඨයේය. අපි වෛද්‍යවරුන් ඉංජිනේරුවන් වීමේ බලාපොරොත්තුවෙන් සරසවිවලට පැමිණියෙමු. ඒ පැමිණීම වෙනුවෙන් අපි කළ කැපකිරීම අතිමහත්ය. අපගේ දෙමවුපියන් හෙලූ දහඩිය කඳුළු අප්‍රමාණය.
අද මට මාගේ දන්ත වෛද්‍ය උපාධිය මුළුමණින්ම අහිමි කර ඇත. අනිකුත් සහෝදරවරුන්ට උපාධිය ලබාගැනීම වසර ගණනාවකින් පමා වී ඇත. උසස් පෙළින් ඉහළින්ම සමත්ව අද උපාධිය අහිමිකරගෙන සිටින අප නිදහසේ ඉගෙනුමේ අයිතිය වෙනුවෙන් අරගල කර සිරගතව සිටින අප, නිකමුන් හා කාලකණ්ණීන් ලෙස චෝදනා වලට ලක්වන්නේ කුමකටද? කුමක් සඳහාද? කා වෙනුවෙන්ද?
සමාජවාදී රටවල් කීපයක හැරුණු කොට නිදහස් අධ්‍යාපනය තවමත් ක්‍රියාත්මක වන ලොව එකම රට ලංකාවයි. තවද ලංකාව තුළ පෞද්ගලීකරණයට ලක් නොවූ එකම ක්ෂේත්රයද අධ්‍යාපන ක්ෂේත්රයයි. සරලව කිවහොත් දෙමවුපියන්ගෙන් දරුවා පාසලට විශ්ව විද්‍යාලයට ඇතුළත් කරන විට මුදල් අය නොකරන එකම රට ලංකාවයි.
ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකළේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ නොකළේ වැරදීමකින්ද? සෞඛ්‍ය ප්‍රවාහන වැනි හැම ක්ෂේත්රයක්ම මුදල් අය කරද්දී පාසල්වල හා විශ්වවිද්‍යාලවල (නිල වශයෙන්) මුදල් අය නොකරන්නේ අප රටේ පාලකයන්ගේ අනුකම්පාව නිසාද? පාලකයන් අපට නගන දොස් යම් තරමකින් හෝ පිළිගන්නා යමෙකු වේ නම්, ඔවුනට තවමත් හරිහැටි අවබෝධ කරගත නොහැකි කාරණය වන්නේ මෙයයි.