Ruwanmeliseya | රුවන්වැලිසෑය
රුවන්වැලිසෑය බෞද්ධයන්ගේ වටවන්දනාවට අයත් ස්ථාන දහසයෙන් එකකි. ඊට අයත් අනෙක් ස්ථාන මහියංගනය, නාගදීපය, කැළණිය, සිරීපාදය, දිවාගුහාව, දීඝවාපිය, මුතියංගනය, තිස්සමහාවිහාරය, ශ්‍රී සුමන බෝධිය, මිරිසවැටිය, ස්වර්ණමාලී මහ චෛත්‍යය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනය, සේල චෛත්‍යය, කතරගම යනුවෙන් හැදින්වේ.
මහාවංසය අසාමාන්‍ය තැනක් රුවන්වැලිසෑයට දී තිබේ. ශ්‍රී ලංකාවේ ස්ථූප අතුරෙන් එය ඉතා වැදගත් සේ සළකන ලද බව එයින් සනාථ වේ. එය එතරම් වැදගත් ලෙස සළකනු ලැබුවේ එවකට ශ්‍රී ලංකාවේ තිබුණ විශාලතම ස්ථූපය නිසා පමණක්ම නොවේ. වැඩි ප්‍රමාණයක් සර්වඥ ධාතූ එහි නිදන් කර තිබීම වැදගත්ම හේතුව වන්නට ඇත. අන්තර් ජාතික බෞද්ධ සහභාගීත්වයක් ඇතිව තනන ලද ස්ථූපයක් වීම ද එහි සුවිශේෂත්වයට තවත් හේතුවකි.
පසුකාලවල ඊට වඩා විශාල ස්ථූප තනන ලද නමුත් රුවන්වැලිසෑයට තිබ්ණ සැළකිල්ල තවමත් අඩුවක් වී නැත. එෟ අතින් එය ශ්‍රී ලංකාවේ වැදගත්ම බෞද්ධ ස්මාරකයයි. සිංහලයන්ගේ ප්‍රථම ජාතික වීරයා වූ දුටුගැමුණු රජු විසින් කරවන ලද ස්ථූපයක් වීම නිසා ජාතික වශයෙනුත් එහි වැදගත්කමක් තිබේ. ඒ සියල්ලටත් වඩා රුවන්වැලිසෑය පිහිටා ඇත්තේ මෙම භද්‍ර කල්පයෙහි පහළ වූ කකුසද, කෝණාගමන, කස්සප හා ගෞතම යන බුදුවරු හතරනමගේ පාදස්පර්ශය ලැබූ පූජනීය බිමක් වීම වැදගත් වන්නට ඇත. මිහිදු හිමි දේවානම්පියතිස්ස රජුට මෙම ස්ථානය හදුන්වාදී එහි මල් මිටක් පූජා කොට අනාගතයේදී රජුගේ මුනුබුරෙකු විසින් එහි ස්ථූපයක් තනන බව ප්‍රකාශ කළේය. රජතුමා එහි ගල් ටැඹක් පිහිටු විය.
රුවන් වැලිසෑය වටා ඇති කැටයම්
රුවන් වැලිසෑයේ සුන්දරත්වය දිස්වන චයාරූප කිහිපයක්.
අනුරාධපුර ගිය වෙලාවක ගත්ත පින්තූර කිහිපයක් තමයි මේ
හරිත වර්ණ ප්‍රදේශයක් වන අනුරාධපුර රුවන්වැලිසෑ ප්‍රදේශය වදුරන් අදී සතුන්ගෙන් ගහන ප්රදේශයන්ය.මෙම රූපය තුලින් රුවන්වැලිසෑ රදුන් මත හිදින වදුරු රජෙක් දැකිය හැක
යුද්ධය අවසන් කොට බුදු සසුනේ දියුණුව සදහා ටැඹ ආරම්භ කළ දුටුගැමුණු රජතුමා මිරිසවැටි ස්ථූපයත්, ලෝවාමහා ප්‍රාසාදයත් තනා අවසන් කළේය. එය ශ්‍රී ලංකාවේ පළමුවරට තනන ලද නව මහල් පහය විය. ඒ කාලයේ එය විශ්මය ජනක නිර්මාණයක් වූවාට සැකයක් නැත. ගොඩනැගිලි තැනීම අතින් රජුට තිබුණු අවබෝධයත් දක්ෂ ශිල්පීන් සිටීමත් නිසා එවැනි ගොඩනැගිලි තැනීමට හැකිවිය. රජතුමා එකල පැවති ජනප්‍රවාදයක් අනුව රුවන්වැලි සෑ බිම බැලීමට ගොස් එහි දේවානම්පියතිස්ස රජු විසින් පිහිටුවා තිබුණු කුළුණ ඉවත් කොට එහි මහා ථූපය තැනීමට සිතා ගත්තේය.
රුවන්වැලිසෑය හා කථා කරනකොටම අපේ දුටුගැමුණු රජතුමාව නිසකයෙන්ම මතකයට නැගේ.කිමද යත් දුටුගැමුණු රජතුමාගේ පාලන කාලය තුල බිහිඋන අහිතිහාසික දේවල් අතර රුවන්වැලි සෑයට ප්රමුඛස්ථානයක් හිමිවේ.එය සනාත වනු වස් රුවන්වැලීසෑය ඉදිරියේ එදෙස වන්දනානුශීලීව ඉන්නා දුටුගැමුණු මහ රජතුමගේ ස්තූපයක් දක්නට ලැබේ.

රජු මුලින්ම කළේ ගොඩනැගිලි ද්‍රව්‍ය එකතු කිරීමයි. මේ පිළිබද අශ්චර්යමත්ජනක විස්තරයක් මහාවංසයේ ලියවී ඇත. ගොඩනැගිලි ද්‍රව්‍ය රැස් කර ගත් පසු පුර පක්ෂයේහි පසළොස්වැනිදා විසාඛ නැකතින් මහා ථූපය තැනීම ආරම්භ කරන ලදි.
රුවන්මලී මහා සෑය යනු අපිට අපේ රටට ආශිර්වාදයකි එය රැකගැනීම අපේ උරුමයකි.කිමද යත් අපේ අනාගත පරපුරට අපේ අතීතයේ විශ්මිත නිර්මාණ දැකීමට රසවිදීමට ඒ පිළිබද විමසන්නට අවස්ථාව තිබිය යුතුය.එමෙන්ම මෙවා රැකගැනීමට අපේ බලධරයින්ට වගකීමක් ඇත.ඔබද මෙවා නරඹන්නට ගියහම කිසියම් අලාභාහිනියක් කිරීමට පෙළෙබෙන්න එපා.
_______________________________________________________