Ruwanmeliseya | රුවන්වැලිසෑය

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ruwanmeliseya | රුවන්වැලිසෑය


    රුවන්වැලිසෑය බෞද්ධයන්ගේ වටවන්දනාවට අයත් ස්ථාන දහසයෙන් එකකි. ඊට අයත් අනෙක් ස්ථාන මහියංගනය, නාගදීපය, කැළණිය, සිරීපාදය, දිවාගුහාව, දීඝවාපිය, මුතියංගනය, තිස්සමහාවිහාරය, ශ්‍රී සුමන බෝධිය, මිරිසවැටිය, ස්වර්ණමාලී මහ චෛත්‍යය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනය, සේල චෛත්‍යය, කතරගම යනුවෙන් හැදින්වේ.


    ruwanweliseya.jpg


    මහාවංසය අසාමාන්‍ය තැනක් රුවන්වැලිසෑයට දී තිබේ. ශ්‍රී ලංකාවේ ස්ථූප අතුරෙන් එය ඉතා වැදගත් සේ සළකන ලද බව එයින් සනාථ වේ. එය එතරම් වැදගත් ලෙස සළකනු ලැබුවේ එවකට ශ්‍රී ලංකාවේ තිබුණ විශාලතම ස්ථූපය නිසා පමණක්ම නොවේ. වැඩි ප්‍රමාණයක් සර්වඥ ධාතූ එහි නිදන් කර තිබීම වැදගත්ම හේතුව වන්නට ඇත. අන්තර් ජාතික බෞද්ධ සහභාගීත්වයක් ඇතිව තනන ලද ස්ථූපයක් වීම ද එහි සුවිශේෂත්වයට තවත් හේතුවකි.

    පසුකාලවල ඊට වඩා විශාල ස්ථූප තනන ලද නමුත් රුවන්වැලිසෑයට තිබ්ණ සැළකිල්ල තවමත් අඩුවක් වී නැත. එෟ අතින් එය ශ්‍රී ලංකාවේ වැදගත්ම බෞද්ධ ස්මාරකයයි. සිංහලයන්ගේ ප්‍රථම ජාතික වීරයා වූ දුටුගැමුණු රජු විසින් කරවන ලද ස්ථූපයක් වීම නිසා ජාතික වශයෙනුත් එහි වැදගත්කමක් තිබේ. ඒ සියල්ලටත් වඩා රුවන්වැලිසෑය පිහිටා ඇත්තේ මෙම භද්‍ර කල්පයෙහි පහළ වූ කකුසද, කෝණාගමන, කස්සප හා ගෞතම යන බුදුවරු හතරනමගේ පාදස්පර්ශය ලැබූ පූජනීය බිමක් වීම වැදගත් වන්නට ඇත. මිහිදු හිමි දේවානම්පියතිස්ස රජුට මෙම ස්ථානය හදුන්වාදී එහි මල් මිටක් පූජා කොට අනාගතයේදී රජුගේ මුනුබුරෙකු විසින් එහි ස්ථූපයක් තනන බව ප්‍රකාශ කළේය. රජතුමා එහි ගල් ටැඹක් පිහිටු විය.


    රුවන් වැලිසෑය වටා ඇති කැටයම්

    ruwanweliseyaelephant.jpg


    රුවන් වැලිසෑයේ සුන්දරත්වය දිස්වන චයාරූප කිහිපයක්.
    අනුරාධපුර ගිය වෙලාවක ගත්ත පින්තූර කිහිපයක් තමයි මේ


    dsc00939pk.jpg


    dsc00938xn.jpg


    හරිත වර්ණ ප්‍රදේශයක් වන අනුරාධපුර රුවන්වැලිසෑ ප්‍රදේශය වදුරන් අදී සතුන්ගෙන් ගහන ප්‍රදේශයන්ය.මෙම රූපය තුලින් රුවන්වැලිසෑ රදුන් මත හිදින වදුරු රජෙක් දැකිය හැක


    dsc00940h.jpg


    යුද්ධය අවසන් කොට බුදු සසුනේ දියුණුව සදහා ටැඹ ආරම්භ කළ දුටුගැමුණු රජතුමා මිරිසවැටි ස්ථූපයත්, ලෝවාමහා ප්‍රාසාදයත් තනා අවසන් කළේය. එය ශ්‍රී ලංකාවේ පළමුවරට තනන ලද නව මහල් පහය විය. ඒ කාලයේ එය විශ්මය ජනක නිර්මාණයක් වූවාට සැකයක් නැත. ගොඩනැගිලි තැනීම අතින් රජුට තිබුණු අවබෝධයත් දක්ෂ ශිල්පීන් සිටීමත් නිසා එවැනි ගොඩනැගිලි තැනීමට හැකිවිය. රජතුමා එකල පැවති ජනප්‍රවාදයක් අනුව රුවන්වැලි සෑ බිම බැලීමට ගොස් එහි දේවානම්පියතිස්ස රජු විසින් පිහිටුවා තිබුණු කුළුණ ඉවත් කොට එහි මහා ථූපය තැනීමට සිතා ගත්තේය.

    dsc00942ac.jpg


    රුවන්වැලිසෑය හා කථා කරනකොටම අපේ දුටුගැමුණු රජතුමාව නිසකයෙන්ම මතකයට නැගේ.කිමද යත් දුටුගැමුණු රජතුමාගේ පාලන කාලය තුල බිහිඋන අහිතිහාසික දේවල් අතර රුවන්වැලි සෑයට ප්‍රමුඛස්ථානයක් හිමිවේ.එය සනාත වනු වස් රුවන්වැලීසෑය ඉදිරියේ එදෙස වන්දනානුශීලීව ඉන්නා දුටුගැමුණු මහ රජතුමගේ ස්තූපයක් දක්නට ලැබේ.

    යුද්ධය අවසන් කොට බුදු සසුනේ දියුණුව සදහා ටැඹ ආරම්භ කළ දුටුගැමුණු රජතුමා මිරිසවැටි ස්ථූපයත්, ලෝවාමහා ප්‍රාසාදයත් තනා අවසන් කළේය. එය ශ්‍රී ලංකාවේ පළමුවරට තනන ලද නව මහල් පහය විය. ඒ කාලයේ එය විශ්මය ජනක නිර්මාණයක් වූවාට සැකයක් නැත. ගොඩනැගිලි තැනීම අතින් රජුට තිබුණු අවබෝධයත් දක්ෂ ශිල්පීන් සිටීමත් නිසා එවැනි ගොඩනැගිලි තැනීමට හැකිවිය. රජතුමා එකල පැවති ජනප්‍රවාදයක් අනුව රුවන්වැලි සෑ බිම බැලීමට ගොස් එහි දේවානම්පියතිස්ස රජු විසින් පිහිටුවා තිබුණු කුළුණ ඉවත් කොට එහි මහා ථූපය තැනීමට සිතා ගත්තේය.


    dsc00943n.jpg


    රජු මුලින්ම කළේ ගොඩනැගිලි ද්‍රව්‍ය එකතු කිරීමයි. මේ පිළිබද අශ්චර්යමත්ජනක විස්තරයක් මහාවංසයේ ලියවී ඇත. ගොඩනැගිලි ද්‍රව්‍ය රැස් කර ගත් පසු පුර පක්ෂයේහි පසළොස්වැනිදා විසාඛ නැකතින් මහා ථූපය තැනීම ආරම්භ කරන ලදි.

    රුවන්මලී මහා සෑය යනු අපිට අපේ රටට ආශිර්වාදයකි එය රැකගැනීම අපේ උරුමයකි.කිමද යත් අපේ අනාගත පරපුරට අපේ අතීතයේ විශ්මිත නිර්මාණ දැකීමට රසවිදීමට ඒ පිළිබද විමසන්නට අවස්ථාව තිබිය යුතුය.එමෙන්ම මෙවා රැකගැනීමට අපේ බලධරයින්ට වගකීමක් ඇත.ඔබද මෙවා නරඹන්නට ගියහම කිසියම් අලාභාහිනියක් කිරීමට පෙළෙබෙන්න එපා.
    _______________________________________________________

    __________________________


    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සර්වඥ ධාතූ කියන්නේ මොනවද ?:nerd::nerd::dull::dull:
    බුදු රජාණන් වහන්සේ ඇතුලු රහතන් වහන්සෙලාගේ පිරිණිවනින් පසුව ශරීර කොටසක් හෝ කොටස් සර්වඥ ධාතූ ලෙස හැදින්වේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සර්වඥ ධාතූ කියන්නේ මොනවද ?:nerd::nerd::dull::dull:

    Nice Thread.....Kattiyatama Wadagat Weiii..

    Thankz Bro ~ !
    Have To Spread:(

    Very valuable post ! thanks for sharing with us !

    ela macho
    You must spread....

    ඉතාම වැදගත් පෝස්ට් එකක්
    thanks machan :)

    good post mal baba

    oh thanx bro :)

    menna ape thawama EK Traveler kenek........ela ela Mal Baba..........ohoma yamu.........

    Thanks Machanzla Thanks Lot
    Thank Your Comments
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Nice thread :) කවද්ද ගියෙ? මාත් ඊයෙ ඔය පැත්තෙ ගියා ;)
    රෙප් බෑලු බබෝ :s
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    සර්වඥ ධාතූ කියන්නේ මොනවද ?:nerd::nerd::dull::dull:

    ගොඩක් හොඳ පෝස්ට් එකක්..සෑහෙන්න කරුණු දැන ගත්තා...

    සර්වඥ ධාතූන් වහන්සේලා කියන්නෙ බුද්ධ ශරීරය ආදාහනය වෙලා ඉවර උනාම උන්වහන්සේගේ අධිෂ්ඨානය කරපු විදියට 'මුo අබ පියලි' ප්‍රමාණයට ඉතුරු උන උන්වහන්සේගේ ශරීර කොටස්...

    මේ මට හම්බ වුන පින්තූර වගයක්..
     

    Attachments

    • Buddha'a Relics.jpg
      Buddha'a Relics.jpg
      26.6 KB · Views: 60
    • Relics of Ven Sariputta.jpg
      Relics of Ven Sariputta.jpg
      46.5 KB · Views: 49
    • Ven Moggalana relics.jpg
      Ven Moggalana relics.jpg
      51.3 KB · Views: 52
    • Relics of Ven Ananda.jpg
      Relics of Ven Ananda.jpg
      49.6 KB · Views: 54
    • Ven Angulimala.jpg
      Ven Angulimala.jpg
      35.2 KB · Views: 50

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ela.....:D
    Rep++

    ♥-Aurora-♥;8765209 said:
    Nice thread :) කවද්ද ගියෙ? මාත් ඊයෙ ඔය පැත්තෙ ගියා ;)
    රෙප් බෑලු බබෝ :s

    ගොඩක් හොඳ පෝස්ට් එකක්..සෑහෙන්න කරුණු දැන ගත්තා...

    සර්වඥ ධාතූන් වහන්සේලා කියන්නෙ බුද්ධ ශරීරය ආදාහනය වෙලා ඉවර උනාම උන්වහන්සේගේ අධිෂ්ඨානය කරපු විදියට 'මුo අබ පියලි' ප්‍රමාණයට ඉතුරු උන උන්වහන්සේගේ ශරීර කොටස්...

    මේ මට හම්බ වුන පින්තූර වගයක්..
    ගොඩක් ස්තුතී කොමෙන්ට් වලට ගොඩක් ස්තුතී
    ගොදක් තැන්ක්ස්