ඩෙල්ෆ්ට්_දුපත
අදින් දශක තුනක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ උතුරු නැඟෙනහිර දේශ සීමාව, දකුණු සීමාවට තහනම් ප්‍රදේශයක් විය. එහෙත් දැන් එම තහංචි අවසන් ය. අභිමානවත් ඉතිහාසයක් ඇති උතුරේ පරිසර ගවේශනයක පසුගිය දා නියෑළුණු මේ ලියුම්කරු ශ්‍රී ලංකාවට අයත් දූපත් අතරින් සුවිසල් දූපතක් වූ ඩෙල්ෆ්ට් දූපතේ කළ සංචාරයේ දී ගවේශනය කළ තොරතුරු ඇසුරින් මේ ලිපිය සැකසෙයි.
වත්මන් ශ්‍රී ලංකාවේ යාපනය යනු හින්දු දෙමළ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන බැව් රහසක් නො වේ. එහෙත් සිංහල රාජ්‍ය බලය ශ්‍රී ලංකාද්වීපය පුරා ම පැතිරී තිබුණු බැව් පුරාවිද්‍යාත්මක මෙන්ම සමාජ විද්‍යාත්මක සාධකවලින් ද පැහැදිලි වෙයි.
ක්‍රි.ව. 1638 මැයි මස 18 වැනි දින මඩකලපුව කොටුව ලන්දේසීන් විසින් අල්ලා ගනු ලැබීමෙන් පසු රසික්ලොප් වෑන් හොයන්ස් නම් සෙනෙවියා යටතේ ක්‍රියාත්මක වූ හමුදා කණ්ඩායමක් විසින් පෘතුගීසීන් සතු ව පැවැති මන්නාරම, යාපනය යන බලකොටු අල්ලා ගැනීමේ කටයුතු සම්පාදනය කරන ලදී. මහත් වෑයමකින් පසු එනම් වර්ෂ 1658 දී යාපනය කොටුව ලන්දේසි විසින් අල්ලා ගන්නා ලදී.
ලන්දේසීන් යාපනය අර්ධද්වීපයේ බලය තහවුරු කිරීමෙන් පසු ඒ අවට දූපත්වල ද සිය බලය තහවුරු කරගෙන ඇත. වත්මන් යාපනය දිස්ත්‍රික්කයට අයත් දූපත් ගණන 19කි. ඊට අනලතිව්, චිරුතිව් හෙවත් සිරුතිව්, එලුවයිතිව්, කුච්චතිව්, කාරතිව්, කනන්තිව්, කරයිතිව්, කයිට්ස්, කුරිකඩ්ඩුවන්, මන්ඩතිව්, නඩුතුරුතිව්, නයිනතිව් හෙවත් නාගදීප, නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ්ට් දූපත, පලායිතිව්, පරට්ටිතිව්, පුලියන්තිව්, පුන්ගුඩතිව්, තෝරට්ට පූට්ටු ආදි දූපත් අයත් වෙයි. මේ සැම දූපතක් ම අතීතයේ දී සිංහල රාජ්‍ය බලයට අයත් ව තිබී ඉන්පසු ලන්දේසීන් ගේ ආධිපත්‍යයට නතු වී ඇත.
මේ දූපත් අතරින් රමණීය සුන්දර වටපිටාවක් ඇති දූපතක් ලෙසට ඩෙල්ෆ්ට් දූපත හැඳින්විය හැකි ය. දෙමළ බසින් නෙඩුන්තිව් යනුවෙන් හැඳින්වෙන මේ දූපත ලන්දේසීන් විසින් හඳුන්වන ලද්දේ ඩෙල්ෆ්ට් (Delft) යනුවෙනි. ඩෙල්ෆ්ට් යනු එදා ඕලන්දය හෙවත් අද නෙදර්ලන්තයේ පිහිටි නගරයකි. යාපනය අර්ධද්වීපයේ බටහිර දෙසින් පිහිටා ඇති මේ දූපත අණ්ඩාකාර ස්වරූපයක් හෙවත් ඉලිප්සයකට ආසන්න හැඩයක් ගනී. වර්ග කිලෝමීටර් 50ක වපසරියකින් යුතු මේ දූපත දිගින් කිලෝමීටර් 08ක් පමණ වන අතර පළලින් කිලෝමීටර් 06ක් පමණ වෙයි. තැනිතලා බිමක් සහිත මෙය දර්ශනීය මුහුදු වෙරළ තීරයකින් හා වගුරු බිම්වලින් පොහොසත් ය. ඇසි දිසි මානයේ තෙරක් නො පෙනෙන හිස් බිමක් දක්නට ඇත. වැලි සහ හුණුගල් සහිත පසක් ඇති මෙහි තිබෙන පාෂාණ මයෝසීන යුගයට අයත් වෙයි. දූපත පුරා ම විවිධ ප්‍රමාණයේ හුණුගල් තට්ටු වශගෙන් හා ගෝලාකාර හැඩයෙන් විසිරි තිබීම ද සුවිශේෂී ලක්ෂණයකි. ඉපැරැණි ගොඩනැඟිලි හුණුගල්වලින් ගොඩනඟා තිබීම ද සුවිශේෂී ය. මේ සඳහා කදිම නිදසුනක් වන්නේ ඩෙල්ෆ්ට් දූපතේ රජයේ රෝහල් භූමියේ පිහිටි පැරැණි ඕලන්ද බළකොටුව සහ එකල පණිවිඩ යෑවීම සඳහා පුහුණු කළ පරෙවියන් ගේ නිවහන වූ පරෙවි කූඩුවයි.
මේ හැරුණු කොට ඕලන්ද සමයේ අශ්වයන් පුහුණු කිරීමටත් උන් රඳවා තබා ගැනීමටත් ඉදි කළ අශ්ව ඉස්තාලය ද ගොඩනඟා ඇත්තේ යෝධ හුණුගලිනි. එදා මෙන් පරිපූර්ණව නැතත් ගරා වැටුණු නටබුන් මෙහි දක්නට ඇත. හුණුගල්වලින් හැකි උපරිමයෙන් ප්‍රයෝජන ගන්නා ඩෙල්ෆ්ට් වැසියෝ ඔවුන් ගේ ඉඩම් හා ගෙවතු මායිම් වෙන් කර ඇත්තේ හුණුගල් එකපිට එක තබා මැනැවින් සකස් කළ අඩි 5කට වඩා උසැති තාප්පවලිනි. මෙය අද ඩෙල්ෆ්ට් දූපතේ ඉපැරැණි සංස්කෘතික ඉතිහාසයක් පිළිබිඹු කරන කදිම සංකේතයක් වෙයි.
වියළි දේශගුණික රටාවක් පෙන්නුම් කරන්නේ මුහුදෙන් හමන ලවණ මිශ්‍ර වියළි සුළඟත් දවසේ වැඩි කාල සීමාවක පවතින සූර්ය රශ්මියත් නිසාවෙනි. හුණුගල් සහිත පසක් දූපත පුරා ම පැතිරී ඇති බැවින් උල්පත් ජලය දැඩි කිවුල් ස්වභාවයක් ගනී.
විදුසර පුවත්පත ඇසුරිනි
සුන්දර ඉතිහාසයක් සඟවාගත් ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක්.

tnx for sharing with us ...R++ 