Google Chrome OS ගැන දන්නවද

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කවුරුත් දන්නවනේ Google Chrome browser එක ගැන.ඒත්
    මේ කියන්න යන්නේ Google Chrome මෙහෙයුම් පද්ධතිය(OS) ගැන.

    Google-Chrome-OS.jpg

    google-chrome-os1.jpg

    මේකත් අපේ Google ලොක්කගෙම Project එකක් තමයි.

    තවම මේ OS එක නිළ වශයෙන් දියත් කරලා නැහැ.2011 තමයි release කරන්න ඉන්නෙ. අද(07 december 2010) නිළ වශයෙන්ම මේකෙ තොරතුරු හෙලිකරන්න නියමිතයි.ඒවගේම Netbook version එකත් release කරනවලු.

    Google Chrome OS එක Linux මත පදනම් වූ විවෘත කේත(Open Source)මෙහෙයුම් පද්ධතියක්.C සහ C++ වලින් තමයි හදන්නෙ.
    දැනටමත් මේ OS එකේ Source Codes release කරලා තියෙන්නෙ.ඒ නිසා ඕනම කෙනෙක්ට මේ OS එක වෙනස් කරගන්න පුලුවන්.
    ඒත් ඒක වෙනම Project එකක්(Chromium OS project) විදියට යනවා.

    Google Chrome OS එක ගොඩක්ම ඉන්ටෙර්නෙට් භාවිතා කරන අය ඉලක්ක කරගෙන තමයි හදන්නේ.
    වේගවත් බව,සරල බව සහ ආරක්ශාව තමයි මූළිකම ඉලක්කය.
    මේකෙ තියන වැදගත්ම දෙයක් තමයි bootup time එක ගොඩක් ම අඩුයි. ඒ කියන්නෙ 10 seconds වගේ බොහොම සුළු කාලයකින්
    boot කරන්න පුලුවන්.
    මුලදි මේ OS එක ඉලක්ක කරගෙන තිබුනේ netbooks වගේ ඒවා. ඒත් මේක ‍x86 වර්ගයේ(Intel,AMD වගේ) සහ ARM වර්ගයේ ඕනම processor එකක් තියන PC
    එකක වැඩ කරනවා.

    දැනටමත් Acer, Adobe, Asus, Freescale, Hewlett-Packard, Lenovo, Qualcomm, Texas Instruments, Toshiba, Intel, Samsung වගේ ගොඩක් ආයතන මේ OS එක සඳහා Hardware සූදානම් කරමින් ඉන්නවාලු.තවත් වැඩි විස්තර ලඟදීම එළිවේවි.:D

    අපි බලමු මේක කොහොම වේවිද කියලා නේද ?? :D:D
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    gud post machan,rep nam belu,meka cloud based os ekak nisa normal pc walanam run karanna bariwewi,meka design karala thiyenne netbook market ekata

    ඔව් ඔව්. එහෙම එකක් තියනවා තමයි. මොකද මේක Service Oriented පැත්තට බර නිසා අනිවා ඉන්ටනෙට් ඕන වෙයි. :yes::yes: