[]__| VPN තාක්ශණය |__[]

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මේ තමා මම එලකිරියෙ මේවගේ තාක්ශනය ගැන සින්හලෙන් පැහැදිලි කරල දාන පලවෙනි පාර. මම හිත්නව මේකෙන් කාට හරි තමන්ගෙ දැනුම ගබඩාවට මොනවා හරි එකතු කරගන්න පුලුවන් වෙයි කියලා.

    VPN
    අන්තර්ජාලයේ නිර්ණාමික හා ආරක්ශිත වීම


    Virtual Private Network නොහොත් VPN යනු අන්තර්ජාලය හරහා දුරස්ථ ජාල වලට සුරක්ශිත ප්‍රවේශයක් ලබාදෙන ක්‍රමයකි. මෙය Wide Area Network (WAN) ආකාරයේ ජාලයක් ලෙසද හැඳින්විය හැක.

    all.jpg


    1990 වර්ශයේ අග භාගය වන තුරු දුරස්ථ පරිගනක ජාල බොහෝ විට සම්ඹඳ වූවේ ඒ සඳහා වෙනම නිර්මාණය කරන ලද පෞද්ගලික කේබල් මාර්ග මගින් හෝ dial-up දුරකථන මාර්ග මගිනි. මේවා එකල ඉතා මිල අධික වුව අතර දත්ත ආරක්ශාව ඒතරම් හොඳ තත්වයක නොපැවතිනි.

    ආරක්ශිත VPN මගින් දත්ත encrypt කරීමක් කරනු ලබයි. මෙමඟින් කිසිම අතරමැදියෙකුට ඔබ හුවමාරු කරගන්නා දත්ත මොනවාදැයි දැනගත නොහැක.මෙම නිසා packet sniffing ( මෙය ආරක්ශ රහිත ලෙස ජාල අතරේ හුවමාරු වන දත්ත වෙනත් පාර්ශවයකට ලබාගත හැකි ක්‍රමයකි. wireshark වැනි මුදෘකාංග මඟින් කල හැක. ) හෝ වෙනත් අන් කිසියම් ක්‍රමයකින් විශේෂයෙන්ම හැකර් කරුවෙකුට ඔබගේ සන්නිවේදය වන තොරතුරු ලබාගැනීම අතිශයෙන් අසීරු කාර්‍යක් වේ.

    ws.jpg


    VPN එකක් භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනම මුදෘකාංග හා දෘඩාංග පිහිටුවාගත යුතුය. දෘඩාංග ලෙස අවශ්‍ය වන්නේ අන්තර්ජාලයට සම්ඹන්ඳ වීමට අවශ්ය කරන උපාංග පමණක් වන අතර මුදෘකාංග ලෙස VPN සේවාව ලබාදෙන මුදෘකාංගයක් අවශ්‍ය වේ. පහත දැක් වෙන්නේ ඒ සඳහා ප්‍රසිද්ධ මුදෘකාංග කිහිපයකි.

    logooos.jpg


    1.CyberGhost - www.cyberghostvpn.com
    2.Hotspot Sheild – www.hotspotshield.com
    3.OpenVPN – www.openvpn.net

    cgbig.jpg


    VPN භාවිතය මගින් මෙම ජාල සඳහා වැය වෙන මුදල් ඉතිරි කරගත හැකිවූ අතර පුද්ගලික භාවිතයට වෙන වෙනම සකස් කලයුතු ජාල නිර්මාණය කිරීමේ අවශ්‍යතාවද නැතිවිය.
    එසේම ඒ සියල්ලටම වඩා පරිශීලිකයන් හට ආරශක්ශා සහගත ලෙස අන්තර්ජාලයේ සැරිසරීමට හා වෙනත් ජාල සමඟ දත්ත හුවමාරුවට මෙමඟින් හැකියාව ලැබිනි.

    එසේම ඔබට proxy සේවාවකින් ලබාගන්නා සේවාවම VPN මුදෘකාංගයක් භාවිතයෙන්ද ලබාගත හැක. proxy වලට වඩා මෙහි ඇති වාසිය නම් proxy වෙබ් අඩවි වල මෙන් කරදරකාරී වෙළඳ දැන්වීම් නොමැති වීමත් , දත්ත ආරක්ශාව ප්ලිඹ්ද සහතික වීමට හැකිවීමත්ය. කෙසේ වුවත් VPN මුදෘකාංගයක් භාවිතා කරන්නේ නම් ඒ සඳහා පිලිගත් මුදෘකාංගයක් භාවිතා කිරීම වඩාත් උචිතය.

    log.jpg


    උදාහරණයක් ලෙස අප CyberGhost මුදෘකාංගය සලකමු. දැනට ඇති පිලිගත් encryption තාක්ශණයක් වන 128-bit AES encryption තාක්ශණය භාවිතා කරන CyberGhost , වෙනත් VPN මුදෘකාංග හා සැසඳීමේදී වේගවත් සේවාවක් ලබාදෙයි. මෙහි basic version එක ඔබට www.cyberghostvpn.com
    වෙබ් අඩවිය හරහා download කරගත හැක.

    dl.jpg


    මෙය download වී පරිගනකයේ ස්ථාපනය කරගත් පසු එය භාවිතා කිරීමට නම් ඔබහට username හා password එකක් අවශ්‍යවේ. මේ සඳහා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස (www.cyberghostvpn.com ) සාමන්‍ය ආකාරයේ ගිනුමක් නිර්මාණය කර ගත හැක. දැන් ඔබ ඔබේ ගිනුම නිර්මාණයේදී ලබාදුන් username හා password භාවිතාකර CyberGhost මුදෘකාංගය open කරගන්න.

    lgmsl.jpg


    දැන් ඔබටත් CyberGhost හි VPN තාක්ශණය මඟින් ඔබටත් නිර්නාමිකව , ඔබගේ IP ලිපිනය සඟවාගනිමින් ආරක්ශා සහගත ලෙස අන්තර්ජාලයේ සැරසැරිය හැක.

    cg2.jpg


    ප.ලි. - පරිගනක ලෝකයේ කිසිවක් 100% ආරක්ශිතවත් , කිසිවෙක් 100% නිර්නාමිකවත් නැත.

    මගේ වෙනත් වැඩ:nerd:

    1.වන්නි මෙහෙයුම 2 | 3D සින්හල පරිගනක ක්‍රීඩාව - http://elakiri.com/forum/showthread.php?t=903123

    2.හොල්මන් අඩවිය 2 | 3D සින්හල පරිගනක ක්‍රීඩාව - http://elakiri.com/forum/showthread.php?t=918767

    3.එකම ලෙය | කෙටි චිත්‍රපටය - http://elakiri.com/forum/showthread.php?t=833247

    4.ශ්‍රී ලංකාවේ එපාම කරපු වෙබ් පිටුව - http://elakiri.com/forum/showthread.php?t=772239
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    elazz maxxa post !!:D hav to secure from one guy ;)

    elaz


    thnx

    Good post machan!!!

    elaz machan

    elakiri post eka brother

    thnx bro

    GD Post......:D

    thanx

    ela kiri mahannn :X:x: ;)

    elaz

    valuble post.+rep

    true bro.:D

    ela ela

    Nice Thread bro
    +6 REP

    thnxxxx bro