ඔයාට මතකද......
ඉස්සර මේ වගේම
පෝය දවසක
ඔයයි මමයි...
මගේම පොකුණෙන්
මානෙල් මලුත් කඩාගෙන
පන්සල් ගියපු හැටි....
දෙන්නගෙම අත් දෙකෙන්
එක මලක් පූජ කරල
අපි අපේම වෙන්න පෙරුම් පිරුව
මතකද ඔයාට...
අදත් ඔයා
ඒ පන්සලටම ගිහින්
ඒ බුදු පිළිමෙටම
මල් පූජ කරල
එයා ඉක්මනටම
ඔයාගෙ වෙන්න
පතනව ඇති.....
හැමදාමත් එයා ලඟින් ඉන්න
පෙරුම් පුරනවත් ඇති...





