ශ්‍රී ලංකා මහා බැංකුව අද වර්ණයෙන් මුද්‍රිත රුපියල් පන්දහසේ නව කාසියක් හඳුන්වා දී තිබෙනවා..බලන්නකෝ කොහොමද කියලා..ඔයාලගේ අදහසුත් කියන්න මේ අලුත් කාසිය ගැන...

ශ්‍රී ලංකා මහ බැංකුවේ 60 වන සංවත්සරය වෙනුවෙන් නිර්මාණය කළ රුපියල් පන්දහසක වටිනාකමකින් යුත් නව සමරු කාසිය ජනාධිපතිවරයාට පිළිගන්වමින් අද නිකුත් කෙරුණු අතර ලබන ජනවාරියෙන් පසුව එය මහජනතාවට මිලදී ගත හැකිබව මහ බැංකුව කියයි.
කාසි 5000 ක සීමිත නිකුතුවක් වන මෙම කාසියක් රුපියල් 7000 කට අලෙවි කරන බවත් බහු වර්ණයෙන් මෙරට නිකුත් කළ පළමු සමරු කාසිය මෙය බවත් මහ බැංකුව සඳහන් කරයි.
මහ බැංකුව 1957 වසරේ සිට වැදගත් අවස්ථාවන් හා පුද්ගලයින් සැමරීම සඳහා සමරු කාසි නිකුත් කර තිබෙන අතර මෙය එසේ නිකුත් කළ 50 වන සමරු කාසියයි.
ඡායාරූපවල දැක්වෙන්නේ මෙම කාසියේ ඉදිරිපස හා පසුපස පෙනුමයි.

Last edited:

meka 5000k 