මගේ සඳ ඔබ….

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    මගේ සඳ ඔබ….

    සුපුන් සඳක් වගේ
    සුපෙම් හිතක් අරන්
    ඔබ පහන් වුනා මගෙ සිත් අහස පුරා
    සත්තමයි... මං සැනහුනා
    සඳ දියෙන් නැහැවී
    ඔබ මගේ සඳ වූදා....
    ඔබ මගේ සඳ වූදා....

    දින දින ගෙවී
    පුරපස ගෙවී
    අමාවක ආවා සිත් අහසම අඳුරු වුනා
    සිත රිදි රිදි..
    දුක දැනි දැනී..
    සත්තමයි... මං ඉකි ගසා හැඬුවා
    අමාවක ආවත්..
    ඔබ මගෙම සඳ වූවා..
    ඔබ මගෙම සඳ වූවා..

    සුපුන් සඳක් වගේ..

    අවපස ගෙවී...
    පුරපස ලබා...
    යලි සුපුන් සඳ දිලුනා
    සඳකැන් වැටී සේපාලිකා මල් ආයෙමත් පිපුනා
    ඔබ ආයෙමත් ඇවිදින්
    යලි යලි නැඟී
    බැස යාවි පුන්සඳ
    විශ්වය තියෙන තුරා
    මුළු ජීවිතේ පුරා...
    මගේ සඳ ඔබ
    මගේ සඳ ඔබ
    මගේ සඳ සැමදා ….
    Tear _ (10.12.26)
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හුගාක් ලස්සන වගෙම සන්වෙදි නිර්මානයක්...ඔයගෙ තවත් නිර්මාන බලපොරොත්තු වෙනවා. :)
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    මගේ සඳ ඔබ….

    සුපුන් සඳක් වගේ
    සුපෙම් හිතක් අරන්
    ඔබ පහන් වුනා මගෙ සිත් අහස පුරා
    සත්තමයි... මං සැනහුනා
    සඳ දියෙන් නැහැවී
    ඔබ මගේ සඳ වූදා....
    ඔබ මගේ සඳ වූදා....

    දින දින ගෙවී
    පුරපස ගෙවී
    අමාවක ආවා සිත් අහසම අඳුරු වුනා
    සිත රිදි රිදි..
    දුක දැනි දැනී..
    සත්තමයි... මං ඉකි ගසා හැඬුවා
    අමාවක ආවත්..
    ඔබ මගෙම සඳ වූවා..
    ඔබ මගෙම සඳ වූවා..

    සුපුන් සඳක් වගේ..

    අවපස ගෙවී...
    පුරපස ලබා...
    යලි සුපුන් සඳ දිලුනා
    සඳකැන් වැටී සේපාලිකා මල් ආයෙමත් පිපුනා
    ඔබ ආයෙමත් ඇවිදින්
    යලි යලි නැඟී
    බැස යාවි පුන්සඳ
    විශ්වය තියෙන තුරා
    හිමි වුනත් ..නූනත්.. මට
    මුළු ජීවිතේ පුරා.....
    මගේ සඳ ඔබ
    මගේ සඳ ඔබ
    මගේ සඳ සැමදා …...
    Tear _ (10.12.26)
    edited