Api wawamu Rata Hadamu

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    27page4c.jpg

    දැන් ඉතින් අපි වවමු රට හදමු චින්තනේ කැලේ. ඔක්කොම පිටරටින්. අපනයනික බෝගයක් උන පොල් දැන් ආනයනික බෝගයක් වෙලා.. අහෝ අස්චර්යක් මෙහෙමත්..

    :P:P:P:P
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    cpouycdgfslg.jpg

    පසුගිය සති කීපයේ කාගේත් සිතෙහි තුබූ කාරණාවකි බඩුමිල, රටේ බඩුමිල අධික බව ආණ්ඩුවේ ඇතැම් මැතිඇමැත්තන් පවා පිළිගන්නා වටපිටාවක් තුල ඒ ගැන කතා කිරීම වටින්නේය. පොල් මිල අහස උසට නැගලාය, ගෙඩියක් රුපියල් 50ක් පමණ වන අතර රටේ පොල් වගාවට ප්‍රචලිත පොල් ත්‍රිකෝණයේත්, දකුණු පළාතේත් පොල් සෙවීම එලොව පොල් පෙනෙන්නක් බවට පත්ව ඇත. කලක් රටේ ප්‍රධාන අපනයන ත්‍රිත්වයෙන් එකක් වූ පොල් ඉන්දියාවේ කේරළයෙන් ගෙන්වන තරමටම මේ පොල් ප්‍රශ්නය ඔඩුදුවා ඇත. ලොකු ළුණු මිල අහස උසට නැග ඇත්තා සේම බිත්තර, කුකුල් මස් යනාදිය පවා රටින් ගෙන්වන තත්ත්වයක් රටේ උද්ගතවී තිබේ. කොටින්ම කියතොත් වත්මන් රජයේ සංකේතයක් බඳු කුරක්කන් පවා මෙරටට ආනයනය කරනුයේ ඉන්දියාවෙනි, කෙතරම් ඛෙදවාචකයක්ද? රටේ බඩුමිල අඩු යැයි, ජීවනබර අවම යැයි කාට නම් කටක් ඇර කිව හැකිද?

    එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට ආයේ කෘෂි ආර්ථිකයකින් රට හදන්නටය, “අපි වවමු – රට නගමු” කියා පුරසාරම් දෙඩූ, දේශීය ආර්ථිකය ගැන පාරම් බෑ සන්ධාන ආණ්ඩුවට එය ප්‍රායෝගික යථාර්තයක් බවට පත්කිරීමට නොහැකි වී ඇති බැව් සක්සුඳක් සේ පැහැදිලිය. 2010 මුලදී රටේ පරිභෝජනයට හාල් පිටරටින් ගෙනා ආණ්ඩුව දැන් පොල්, කුකුල් මස්, බිත්තර පවා ඉන්දියාවෙන් ආනයනය කරනුයේ කිසිඳු හිරිකිතයකින් තොරවය. එක අතකින් සරිය, ඔවුන් දේශීය ආර්ථිකය සහ කෘෂි ආර්ථිකය නංවන්නට වෙර දරති, නමුත් ප්‍රශ්නය නම් ඒ ශ්‍රී ලංකාවේ නොව ඉන්දියාවේ වීමයි. 2004 පටන් බලයේ සිටින්නා වූ මේ ආණ්ඩුවට උවමනාවක් තිබුනේ නම් කෘෂි සහ වැවිලි ක්ෂේත්‍රය කළමණාකරණය කරන්නට තිබුණි. කෘෂිකර්මාන්තයේ එන අස්වනු කළමණාකරණය, පසු අස්වනු කළමණාකරණය ක්‍රියාවට නංවා රටට අවැසි තරමින් අස්වනු ලැබෙන පරිදි ගොවීන් දිරිමත් කරන්නට ආණ්ඩුවට ඕනෑ තරම් අවස්ථාව තුබුණි. එහෙත් ඔවුන් එසේ කළේ නැති බව පැහැදිලිය, රටේ එළවළු නිෂ්පාදනයෙන් 30%ක් පමණ අපතේ යයි, කාලයකට ඇතැම් බෝග යහමින් වැවේ, ගොවීන්ට ඒවා හොඳ මිලකට විකුණාගන්නට බැරිව ලතවේ. තවත් කලෙකට බේතකටවත් ඇතැම් කෘෂි නිෂ්පාදන සොයා ගන්නට බැරිය. ආණ්ඩුව නංවනු ලබන නිදහසට කාරණාව නම් තමුන්ට කාලගුණය, ලෝක ආර්ථිකය යනාදිය සමඟ සටන් කළ නොහැකිය යන්නයි. එහෙත් “ප්ලග්” ගලවන්නට පොරොන්දු දුන් රජය විසින් කරනු ලබන එවන් ප්‍රකාශ පිළිගන්නට හැකිද?ජාත්‍යන්තරය, කාලගුණය, අතරමැදියා බිල්ලට දී සුදනන් වීමට තැනීම කෙතරම් සාධාරණද?
    දැන් කළ යුත්තේ කුමක්ද? ආණ්ඩුව පිටරටින් පොල් ආනයන කරමින් කෘත්‍රිමව පොල් මිල වට්ටන්නට තැත් කරති, පොල් සංවර්ධනයට පත් කළ ඇමැතිතුමා ලොරි රථවලින් රටපුරා සිල්ලර වෙළඳාමේ නිරත වෙයි. එහෙත් සිදු විය යුතුව ඇත්තේ එයද? තාවකාලික පැලැස්තර වලින් සෙතක් අපේක්ෂා කළ හැකිද? පසුගිය වසර කීපය පුරාවට අපේ රටේ පොල් නිෂ්පාදිතය පහළ බැස ඇති වග රජයේ සංඛ්‍යාලේඛණ විසින්ම සනාථ කරයි. එසේ නම් ඊට හේතුභූත වූ කාරණා සොයා ගත යුතුව ඇත. රුපියල් 50ට පොල් විකිනෙද්දී පොල් වගාකරුවන් යම්කිසි ආදායමක් උපයද්දී, රුපියල් 30ට පොල් විකුණා ඔවුන්ද පොල් වගාවෙන් දුරස් කරන ජනප්‍රියවාදී හැඳිමිටේ දිග ප්‍රතිපත්තිවලින් සිදුවන හොඳක් නැත. කළ යුතුව ඇත්තේ පොල් වලට පාලන මිලක් දමා ගොවීන්ට පාඩු නොවන පරිදි පොල් මිල පාලනයත් හිඟය මගහැරවීමට රටින් පොල් ගෙන ඒමය, ඒවාට බද්දක් ගසා පාලන මිලට විකිණීමෙන් ලැබෙන ආදායම පහසුවෙන්ම පොල් කර්මාන්තය නගා සිටුවීමට යොදා ගත හැකි යැයි මට හැඟේ. වත්මන අහස උසට නැග ඇති මිල පහළ බැස්සවිම අවශ්‍යතාවක් බව සැබෑ වුවත් එය කළ යුත්තේ කෘත්‍රිම මිල වෙනසක් ඇති නොවන පරිද්දෙනි, දීර්ඝකාලීනව රටේ මේ තත්ත්වය ඇති නොවී අවශ්‍ය තරමට පොල් නිපදවෙන අයුරේ ප්‍රතිපත්ති ගෙන ඒම දැන්වත් කළ යුතුය, නැතිනම් ලබන වසරේදීද මෙම මැසිවිල්ල මෙලෙසම ඉලිප්පෙනු කාට නම් වැළැක්විය හැකිද? පොල් වලට පමණක් නොව ඕනෑම බෝගයකට තත්ත්වය එයයි. කිසිඳු ප්‍රතිපත්තියකින්, කළමණාකරණයකින්, දර්ශනයකින් තොරව රටක ආර්ථිකයකට නායකත්වය දිය නොහැකිය. රටේ ජනතාවගේ පපුවට දැනෙන්නට රෝම කූප කෙලින් වෙන්නට කතා කරන එක එකකි, නමුත් නිවැරදි ආර්ථික කළමණාකරණයක් හරහා ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකීම තවෙකකි. කෘෂි ආර්ථිකය, දේශීය ආර්ථිකය, “අපි වවමු – රට නගමු” යනාදිය හුදු අරුත් සුන් වදන් හා බෝඩ් ලෑලිවලට පමණක් සීමාව තිබීම කණගාටුවට කරුණකි.

    වත්මන් රජය කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට නිදහස් කරගැනීමට ප්‍රමුඛ වූ බව ඇත්තය, නමුත් එසේ වත්දී රජයේ ඇමැතිවරුන්ගෙන් අතිමහත් බහුතරය තම අමාත්‍යංශවල නිදිකිරුවේය, එසේ නොවූවානම් මෙවැන්නක් සිදුවන්නේද? අවාසනාවට දැන් පෙනෙන්නට තිබෙන තත්ත්වයේද වෙනසක් නැත. එහෙත් කැබිනෙට්ටුව 35කට සීමා කරන බවට ප්‍රතිඥා දුන් අතිගරු ජනාධිපතිතුමා වත්මන කැබිනෙට්ටුව 60කට නංවා ජ්‍යේෂ්ඨ ඇමැතිවරු 10ක්ද පත්කර තිබේ, ඔවුන්වත් මේ ප්‍රශ්න විසඳන්නේ නම් යහපතකි. වරක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම යුද ජයග්‍රහණයෙන් ඉක්බිතිව “දැන් ඉතින් රට හදමු” කියා පවැසූ බව අප නැවැත මතක් කර දිය යුතුව තිබෙන්නේ යුද ජයෙන් අනතුරුව රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ, ක්‍රය ශක්තියේ ධනාත්මක වෙනසක් වී ඇතිද යන ප්‍රශ්නාර්ථය රාව ප්‍රතිරාව දෙන නිසාය. එකක් පැහැදිලිය, යටිතල පහසුකම් සංවර්ධනයෙන් පමණක් රටක් තියුණු වන්නේ නැත, දකුණු ඇමරිකාවේ බොහෝ රටවල් එසේ යටිතල පහසුකම් අතින් ඉහල මට්ටමක හුන්නද එකී රටවල මිනිසුන් අසීරු ජීවන තත්ත්වයකට උරුමකම් කියති. එසේ නම් අපේ රටේ තිරසාර සංවර්ධනයකට රටේ නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයාත් සුරක්ෂිත වන අන්දමින් තීන්දු තීරණ ගත යුතුව ඇත. අවසාන වශයෙන් එකක් මතක් කර දෙමි, යුද ජයග්‍රහණය විකුණමින් සන්ධාන ආණ්ඩුවට මියෙන තෙක් රජ කරන්නට නොහැකිය, එනිසා දැන්වත් වැඩ කරන්නේ නම් රටටත්, ඇමැතිවරුන්ටත්, පොදුජනතාවටත් යහපතකි.
    - හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 උඳුවප් -

    උපුටා ගැනීම : http://sadaharita.wordpress.com/2010/12/27/coconuts/
     
    Last edited:

    patta... aththa kathawa. owata ape goda uranta katha na.. :P
     
    gudhaya

    Banned
    Dec 21, 2010
    284
    13
    0
    27page4c.jpg

    දැන් ඉතින් අපි වවමු රට හදමු චින්තනේ කැලේ. ඔක්කොම පිටරටින්. අපනයනික බෝගයක් උන පොල් දැන් ආනයනික බෝගයක් වෙලා.. අහෝ අස්චර්යක් මෙහෙමත්..

    :P:P:P:P

    sanda:P:P
     
    Last edited:

    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    ratin genvima = jonny,
    jonny = sandanaya,
    sandanaya = chinthanaya
    there for chinthanaya = Ratin genwima