මතකද මීට වසර 6කට කලින් අපේ රටට වගේම ලෝකෙ තවත් රටවල් කිහිපයකටම මුහුද ගොඩ ගලල වෙච්ච විනාසය.එ සිද්දියත් එක්ක අපිට ගොඩක් දේවල් නැති වෙනකොට තවත් දේවල් අපේ සමාජයට එකතු උනා,බලන්න සුනාමිය කියන වචනය.සුනාමිය ඇති වෙන්නෙ භූමි කම්පාවක් නිසාලු.එවැනි සුනාමි තත්වයක් ඇති වෙන්න රික්ට මාපකයේ ඒකක 7 ට වඩා වැඩි වෙන්නෙ ඕනේ
ජීවිත දශ ලක්ෂ ගණනක් ලොවට අහිමි කරපු 2004 සුනාමිය ඇති උනේ අපේ ලංකාවට ඈතින් තියෙන ඉන්දුනීසියාවෙ ජාවා හා සුමත්‍රා දූපත් වලට කිට්ටුව මුහුදෙ පතුලෙ ඇති වෙච්ච භූමි කම්පවක් නිසා.ඒ භූමිකම්පාව රික්ටර් මාපකයේ සටහන් උනේ ඒකක 9ක් ලෙසලු ඒ නිසා තමයි මුහුද රලු වෙලා අපේ වගේ රට වල් වල ගොඩක් බිම රුදුරු වේශයෙන් ආක්‍රමණය කලේ අන්න ඒ සිද්දියට තමයි අෆි සුනාමිය කියන්නෙ.ඉතින් මේ සුනාමියට හේතු වෙච්ච සාදකේ ගැන අෆි පොඩි විපරමක් කොරල බලමුද
රික්ටර් මාපකය අහල තිබුනට මොන මගුලක්ද මේ රික්ටර් මාපකය මේකෙන් වෙන්න මොකද්ද කියල ඔගොල්ලො කාගෙන් වත් අහල බැලුවද
එහෙනම් මෙන්න
භූමිකම්පාව කොපමණ විශාලත්වයෙන් යුතුද කියල සහ භූමි කම්පාවේ ක්‍රියාකාරිත්වය මැන ගැනීමට තමයි මේ රික්ටර් කියන මාපකය යොදා ගන්නෙ.පොළව අභ්‍යන්තරයේ සිදුවන සියුම් වූ වෙනස් වීමක් චලනයක් පෘශ්ථිතල ඝඨ්ටනයන් මේ තුලින් දශම ගාණට නිවැරදිව මැනගැනීමේ හැකියාව තියෙනවා
ලොව පුරා භූමි කම්පා සිදුවිය හැකි ප්‍රදේශ පහත රූපයේ කහ වර්ණයන්ගෙන් දක්වා තිබේ.බොහෝ විට යම් තාක් දුරට විශාල භූමිකම්පා ඇගට පතට දැනෙන භූමිකම්පා සිදුවන්නේ ඒ ප්‍රදේශ ආශ්‍රිතව තමයි
භූමිකම්පාවක් සිදුවන විට එය යම් යම් අගයන් අනුව කාණ්ඩ කෙරෙනවා.දැනෙන භූමිකම්පාවක් වෙන්න නම් ඒක රික්ටර් පරිමාණ 3නට වඩා වැඩි විය යුතුයි.ඊට වඩා අඩු අගයන් ගාන්නා චලනයන් පැහැදිලි භූමිකම්පාවක් ලෙස ගනන් ගත නොහැකි යැයි විද්‍යාත්මක මතයයි
- රික්ට පරිමාණ 3ක භූමිකම්පාවක් දැනෙන නොදැනෙන ගානට සිදු විය හැකිය එයින් පැහැදිලි බලපෑමක් සිදු නොවන අතර එවන් ගනයේ භූමි කම්පා නිතර නිතර සිදුවිමේ හැකියාව තිබේ
- ඒකක 4 සහ 5 ලෙස සිදුවන කම්පා යම් දෙදරීමක් සිදු වන අතර එමගින් යනෙල් වීදුරු වැනි දේ සෙලවීමට ලක් වේ.එයින් විශාල බලපෑමක් නොවෙන බවයි පැවසෙන්නේ
- 6 සහ 7 ගත් කල ටිකක් බයානකයි මෙවන් භුමිකම්පාවක් සිදුවූ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 100 ඉදල දහස දක්වා වූ ප්‍රදේශයේ තිබෙන ගොඩනැගිලි වලට දැඩි අලාබාහිනී වෙන්න පුලුවන්.එමෙන්ම මෙවා වසර කීපයකට වරක් සිද්ද වෙන්න පුලුවන් කියලයි කියන්නෙ
- මාපක අංක 9 ඉදල 10 දක්වා අගයන් ගන්නා භූමිකම්පා අවුරුදු 20ට එකක් වගේ තමයි සිද්ද වෙන්නෙ.එහෙත් මෙවැනි භූමිකම්පාවකින් වන බලපෑමේ කම්පනය නම් අති ප්‍රබලයි ගොඩබිම් ප්‍රදේශයක මෙවන් දෙයක් සිදු උනොත් ඇතිවන බලපෑම තක්සේරු කර නොහැකී.මුහුදක වගේ නම් අනිවාර්ය සුනාමි අවදානමක් ශුවර් කියලයි සදහන් වෙන්නෙ
අපහැදිලි වගේ නම් තේරුම් ගන්න පහල තියෙන දර්ශකයෙන් ඔගොල්ලන්ට තේරුම් ගන්න පුලුවන් වෙයි
ඉස්සර නම් මේ රික්ට මාපකය කියන උපකරණය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ කඩදාසියක් මත රේඛා ඇදීමෙනි එම රේඛා ඇදෙන පරිමාණය අනුව තමයි පරිමාණාංකය ගනණය වෙන්නෙ දැන් නම් පරිඝණක ගත ජාලයක් ලොව පුරා භුමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථාන එක්වී ගොඩනගාගෙන තිබෙනවා එම නිසා වර්ථමානයේ ලොවෙ වෙනත් තැනක සිදුවන භූමිකම්පාවක ස්භාවය සිදුවන අකාරය මෙන්ම ඒ තුලින් සිදුවන විනාශය වෙනත් ප්‍රදේශයක තිබෙන මධ්‍යස්ථානයකට නිගමනය කිරීමේ හැකියාව තිබෙනවා.2004 සිද්දියත් සමග ලංකාවේද මෙනවන් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන අතර එය පැය විසි හතර පුරා ක්‍රියාත්මක වෙමින් පවතී
This Is Richter Magnitude Scale Counting Machine
This Is The Magnitude Scale Counting System
දැන් දන්නව නේද රික්ටර් මාපකය හෙවත් භුමිකම්පා ගණනය කිරිමේ දර්ශකය කියන්නෙ මොකද්ද එයින් වන කාර්ය හි හි දර්ශකය අනුව භූමිකම්පා ගණනයට දායක වන ගණිතමය විදිය හෙවත් සූත්‍රය තමයි මේ පහලින් තියෙන්නෙ
මේක භාවිතාකරල තමයි නියම ගණිතමය තක්සේරුවක් ගන්නෙ අපේ ගණන් කාරයින්ට නම් මේ සූත්‍ර එච්චර ගේමක් නැතුව ඇති නෙ.කොහොම උනත් මේ වලින් වෙන දේ අද හරියට දැනගන්න ඇති නේද.යම් යම් අපහැදිලි දෙයක් තිබුනනම් අකා මකා ගිහින් ඇති දැන්.මීට පස්සෙ භූමිකම්පාවක් උනහම ඒක කොයි වගේ අගයක් අරගෙන තියෙනවද කියලා කන වැකුණු ගමන් ඒකෙ බලපෑම අෆේ අයට නිකන්ම හිතාගන පුලුවන් වෙයි.ඔගොල්ලන්ගේ අදහසුත් එක්ක කරන්න කෝ වැරැද්දක් එහෙම තියෙනව නම් හරිගස්සන්න කෝ
_________________________________________________
Based On U.S. Geological Survey Documents
මේකෙත් යහමින් සදහන් කරල තියෙනවා හ්ම්

Last edited: