මගෙ හිත තවමත්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එතකොට මම හිටියෙ A/L පන්ති වල.ඒ දවස්වල කොහේ ගියත් විශේෂයෙන් නෑ ගෙවල වල යන්නෙ මායි අපේ චුටි අක්කයි.චූටි අක්කා කියන්නෙ අපේ පොඩි නැන්දගෙ දූ.අපේ ගෙවල් දෙක එකලඟ තිබුණු හින්ද අපි දෙන්න පුන්චි කාලෙ ඉඳන්ම හිටියෙ එකට.එයා චූටි අක්ක උනාට මට වැඩිය මාස දෙකයි වැඩිමල්.චූටි අක්ක මට වැඩිය චුට්ටක් විතර සුදු වුනාට අපිදෙන්නගෙ පෙනුම එක වගේ.නොදන්න අයට පුන්චි කාලෙ ඉඳන්ම අපි කියන්නෙ අපි දෙන්න නිඹුල්ලු කියලා.ඒක බොරුවක් කියල අපි ගැන නොදන්න කවුරුවත් හිතුවෙ නෑ.පුන්චි කාලෙ පටන් ගත්තු ඒ බොරුව අපි දෙන්න ලොකු වෙනකම්ම කිව්වා.

    අපේ රතු නැන්දලගෙ ගෙදර දානයක් තිබුන.ඒකට යන්න වුනේ අපි දෙන්නට.රතු නැන්දලගෙ ගෙවල් අපේ ගෙවල් වලට වැඩිය ටිකක් දුර.බස් එකේ යනවනම් පැය දෙකක් විතර.දානෙට කලින් දවසෙ බණ තිබුණු හින්ද අපි දෙන්න කලින් දවසෙ හවසම එහෙ ගියා.අපේ තාත්ත පවුලෙ බාලය හින්ද අපේ නැන්දලගෙ ලොකු තාත්තලගෙ ළමයි ඔක්කොම මට අයියල අක්කල.ඒ ගෙදරක ගියාම මම වැඩිපුර ඉන්නෙ අක්කලත් එක්කමයි.එදත් මායි චූටි අක්කයි වැඩිපුර හිටියෙ අක්කලත් එක්ක.ඒ ගොල්ලන්ට වැඩිපුර වැඩ තිබුනෙ කුස්සිය පැත්තෙ හින්ද අපි දෙන්නත් දොඩව දොඩව එතනට වෙලා හිටියා.

    අපේ සුපුරුදු දෙඩවිල්ලට එදා අලුත් මුහුනකුත් එකතු වෙලා තිබුණා.ඒ ගොල්ලන්ව අපේ රතු නැන්දල අඳුන ගෙන තිබුනෙ ලඟදි.ඒ හින්ද මම එයාව ඊට කලින් දැකල තිබුණෙ නෑ.එයා මුලින් මුලින් මාත් එක්ක කතා නොකෙරුවත් පස්සෙ මාත් එක්ක හොඳට කතා කරා.ඊට කලින් අපේ චූටි අක්කා එයාට අපේ සුපුරුදු බොරුව කියලා.

    එයාගෙ ගෙවල් අනුරාධපුරෙ මහවැව පැත්තෙ ඒත් එතකොට හිටියෙ කන්තලේ අක්කලගෙ ගෙදර.එයා මට වැඩිය අවුරුද්දක් බාලයි.ඒ වෙනකොට එයාලටත් A/L පටන් අරන් තිබුනෙ.එයා මුලින්ම සයන්ස් කරන්න පටන් අරගෙන.සයන්ස් වලට ක්ලාස් තියෙන්නෙ කුරුණෑගලලු.එයා කන්තලේ ඉඳන් මාස දෙකක් විතර කුරුණෑගල ක්ලාස් ඇවිත්. අෆ්ෆා ඒ ටික කියනකොට නම් මට එයා ගැන පුදුම හිතුණා.මට ඒ දවස්වල බස් එකේ පැය භාගයක් ගිහින් වුනත් ක්ලාස් එකට යන්න හිතෙන්නෙ නෑ.ටවුන් එකේ නවතින්නමයි හිතෙන්නෙ.එහෙම එකේ එයා කන්තලේ ඉඳන් කුරුණෑගල ක්ලාස් ආවැයි කියනකොට.
    ඒක කරන්න බැරි හින්දා එයා ආර්ට් වලට මාරු වෙලා.එයාගෙ කතාව අහල මට ෆවු කියලත් හිතුණා. සයන්ස් කරල අමාරුවෙ නොවැටි ආර්ට් කරපු එක හොඳයි කියලත් හිතුණා.දානෙ ඉවර වෙන්න කලින් ඔය විස්තර වලට අමතරව එයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියලත් මම අහ ගත්තා.එයා මගෙන් නම් එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ නෑ.මමත් නිකමට එයාගෙන් ඒක ඇහුව මිසක් වෙන හැඟීමක් තිබුනෙ නෑ.අපේ අක්කල නම් අපි දෙන්න කතා කර කර ඉන්න කොට ඇස් ගගහ බල බල ගියාට මට එයා ගැන වෙන කිසිම දෙයක් හිතුනෙ නෑ.එයාගෙ ලොකු ලස්සනක් වත් වෙන විශේෂත්වයක් වත් මට පෙනුණෙ නෑ.

    ඒක එතනින් ඉවර වුනා.අපි ගෙදර ආවා.මට එතනින් පස්සෙ එයා ගැන මතක් වුනේ වත් නෑ.ස්කෝලෙ පිස්සු නට නට හිටපු ඒකාලෙ මට එයා ගැන මතක් කරන්න වෙලාවක් තිබුනෙත් නෑ.

    ඊට ටික දවසකට පස්සෙ මම දවසක් ස්කෝලෙ ඇරිල ගෙදර එනකොට මගෙ පොත් මේසෙ කවුරු හරි ලස්සනට අස් කරල.ඉස්සර නම් චූටි අක්ක මට බැන බැන පොත් මේසෙ අස් කරාට එයාටම ඇතිවෙල එයා ඒක නැවැත්තුවා.පිලිවෙලට අස් කරපු මේසෙ මැද්දෙ මගෙ chemistry පොත තිබුනා.ඒකෙ අන්තිම පිටුවෙ ලස්සන නිසදැසක් ලියල තිබුනා.මුකුත් හිතා ගන්න බැරුව ගෙට ගියාමයි අම්ම කිව්වෙ තෞ නැන්ද ආව කියල.මම එකපාරටම ඇහුවෙ තනියෙන්ද කියල.අම්ම කිව්ව තව කවුද ගෑණු ළමයෙකුත් එක්ක කියල.ඔන්න එතකොට තමයි මට ආයෙත් එයාව මතක් වුනේ.මම එනකොට ඒ ගොල්ලො චූටි අක්කලගෙ ගෙදර හිටියෙ
    එතකොටම චූටි අක්ක කතා කරල කිව්ව කන්දෙ පන්සල් යමු කියල.මම එහෙට ගියෙ පන්සල් යන්න ලැහැස්ති වෙල.වෙනද නම් කන්දෙ පන්සල් යන එක මම කොහොම හරි මඟ අරිනවා.එදා මම කලින්ම ලැහැස්ති වෙල ගියාම චූටි අක්කලගෙ අක්ක මට නෝන්ඩිය දාන්නත් ගත්තා.

    අද මොකද කලින් ගෙදර ආවෙ කියල පොඩි නැන්ද අහන කොටයි මට මතක් වුනෙ කලින් ආවෙ ආපහු යන්න නේද කියල.අපි එදා බණ ගෙදරක නයිට ගහන්න සෙට්වෙලා හිට්යෙ.නැත්නම් මම ස්කෝලෙ ඉවරවෙල ගෙදර එන්නෙ කලුවර වැටිලත් පොඩ්ඩක් වෙල ගියාම.මම ටක් ගාල මට එන්නෙ වෙන්නෙ නෑ කියල අපේ එකෙකුට මැසේජ් කරල ෆෝන් එක ඕෆ් කරේ නැත්නම් මිතුරු කැලගෙන් පරුෂ වචන අහන්න වෙන බව දන්න හින්ද.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මට කලින් ගෙදර එන හින්ද අපේ මාට්ටු වුණු බොරුවට චූටි අක්ක එයාගෙන් තනියෙන්ම බැණුම් අහල. ඒක මට චූටි අක්ක පස්සෙ කිව්වෙ එයා නම් මට ඒ ගැන මුකුත්ම කිව්වෙ නෑ.

    ඊට පස්සෙ අපි කන්දෙ පන්සල් යන්න පිටත් වුනා.ඒ ගමන කොච්චර සුන්දරද කියල මට හිතුනෙ ටික දුරක් යනකොට.කූඩැල්ලන්ට එච්චරම බයවුණු කෙනෙක් මම ඊට කලින් දැකල තිබුණෙ නෑ.කූ ඩැල්ලො දැක්කම එයා මරහඬ දීල කෑ ගහනව.කූඩැල්ලො කියන්නෙ අපේ ප්‍රදේශවලට ස්වභාවයධර්මයෙන් ලැබුණු තිළිණයක් හින්ද අපේ පැත්තෙ හිටිය හැමෝම කූඩැල්ලන්ට පොඩ්ඩක් හරි බය වෙන්නෙ පුන්චි කාලෙදි විතරයි.ගෑණු ළමයි කවුරු හරි ඉන්නකොට බොරුවට බය පෙන්නුවට ඇත්තට එච්චර බයක් තිබුනෙ නෑ.
    ඒත් එයා නම් බයවුනෙ ඇත්තටම.මට මුලින් හොඳටම හිණා.ඒත් ඒගොල්ලන්ගෙ පැත්තෙ කූඩැල්ලො නෑනෙ.එහෙම වුණූ එකත් මොන තරම් දෙයක් ද. මට එයාගෙ කූඩැල්ලන් ගැලවීමේ ක්‍රියාකරු හැටියට වැඩ කරන්න අවස්තාවක් හම්බ වුනා.කන්ද පන්සලේ කූඩැල්ලට හිතින් පිංදෙමින් මම එයාගෙ කකුලෙ කෑඩැල්ලො අයින් කරා.ටික දුරක් උඩහට යනකොට ඉන්නෙ කූඩැල්ලොම විතරයි.මට හරි ජොලි.ඒත් මගෙ තියෙන ශිෂ්ඨ සම්පන්න බව හින්ද මම එක කූඩැල්ලෙකුට වත් එයාගෙ දණ හිසින් උඩට යන්න දෙන්නෙ නැතුව රැක ගත්තා.ඒකෙන් වුනෙ මගෙ කකුලෙ එල්ලුනු කූඩැල්ලන්ව ගලවන්න බැරිවුණු එක.පස්සෙ සමහර උන්ව මම ගලව ගත්තෙ කවුරුවත් නැති තැනකට ගිහින්.

    එදා අපි ආපහු එනකොට ටිකක් කලුවර වෙල සමහර තැන් වල මට එයාව අල්ලන් එන්නත් වුනා.ඒ කලුවර අස්සෙන් එයාගෙ මූන දකින කොට මට ඒ මූණෙ අමුතු ලස්සනක් පෙනුනා.

    පහුවදා එයා නැන්දත් එක්ක යන්න ගියා.මට අනිත් වෙලාවට එයාව මතක් වුනෙ නැති වුනත් ගෙදර ඉන්න කොට මට එයාව සැරින් සැරේ මතක් වුනා.එයා ලියපු නිසදැස මම දෙතුන් පාරක් නෙමෙයි ඊට වැඩි පාරක් බැලුවා.

    ඊටත් ටික දවසකට පස්සෙ චූටි අක්කා මට ලියුමක් ගෙනත් දුන්නා.ඒක එවල තිබුනෙ එයා.එයා චූටි අක්කගෙන් ඇඩ්‍රස් එක ඉල්ලන් ගිහින්.
    ඒක කියවල මට පිස්සු හැදුනා.ඒකෙ තිබුනෙ මහා බර දේවල්.හැමතැනකම ලියල තිබුනෙ මට දොස්තර කෙනෙක් වෙල ඒගොල්ලන්ගෙ වගේ දුෂ්කර පැති වල මිනිස්සුන්ට සේවය කරන්න කියල. එයා හිතන්න ඇත්තෙ සයන්ස් කරන හැමෝටම දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කියල.

    මට ලියුම් ලියන එක මහා කම්මැලි වැඩක් වුනත් මම එකක් ලියල චූටි අක්කට දුන්නා.මට ලියන්න දෙයක් තිබුනෙ නෑ.මම ස්කෝලෙ කරන පිස්සු වැඩ තම්යි ලිව්වෙ.ඊට පස්සෙ එයා කාලයක් ලියුව් එව්වා.අපි එකක් දානකොට එයා දෙක තුනක්ම.චූටි අක්ක බල කරාම මම එකක් ලියල දෙනවා. එයාගෙ ගොඩක් ලියුම් වල තිබුණෙ බණ.මට හිතුනෙම එයා නම් පිස්සු කෙල්ලෙක් කියලා.ගොඩක් තැන් වල මට බැනල තියෙන්නෙ ඉගෙනෙ ගන්න කියල.
    ඔය අතරෙ එක ලියුමක මම නිකමට ලිව්වා මට ඔයාව හම්බ වෙන්න ආසයි කියලා.ඊළඟ ලියුමෙ එයා එවල තිබුනා සෙනසුරාද 1ට කන්තලේට එන්න කියලා.මට පුලුවන් වුනොත් මම එන්නම කියල මම නිකමට ලියල යැව්වෙ යන්න හිතාගෙනම නෙමෙයි.
    ඒ ලියුම යවලත් මාසෙකට විතර පස්සෙ මට හිතුන කන්තලේ යන්න.අම්මට නිර්මාණාත්මක බොරුවක් කියල සල්ලිත් ඉල්ලගෙන උදේ පාන්දරම ගෙදරින් ගිහින් උදේ 7ට කොටුවෙන් ගිය ත්‍රිකුණාමල බස් එකකට නැග ගන්න මට පුලුවන් වුනා.ඒ කාලෙ ඉඳන්ම දුර ගමන් යන්න ආසාවට කන්තලේ යන්න හිතුව මිසක් එයාව හම්බ වෙයි කියල මගෙ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.
    දවල් 12-12.30 වගේ වෙනකොට බස් එක කන්තලේට ආවා.මම හිටියෙ පට්ට බඩගින්නෙ බැහැපු ගමන් මම කරේ තෝසෙ කඩයක් හොයා ගෙන බඩපිරෙන්න තෝසෙපාරක් දාපු එක.
    මම කාල ඇවිත් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා.1 පහුවෙලා පොඩි වෙලාවයි ගියෙ එයා ආව.මට පුදුමයිත් එක්ක.මම ඈතදිම එයාව දැක්කා.එයා යාළුවො දෙන්නෙක් එක්ක ඇවිත් ඒ දෙන්නව යවල මගෙ ලඟට ආව.
    කන්තලේ ටවුන් එක ටිකක් වෙනස්.කොළඹ ත්‍රිකුණාමළ පාරෙ යන කෙනෙකුට කන්තලේ නගරයට එන්නෙ නැතුව යන්න පුලුවන්.ටවුන් එකට එන්න නම් වෙනම හැරි එන්න ඕනෙ.

    අපි දෙන්න පයින්ම කන්තලේ වැව ගාවට ගියා.වැව් බැම්මෙ ගලක් උඩ වාඩි වුනා.එයා මාත් එක්ක මුලින්ම කිව්වෙ ඉස්සර කන්තලේ වැව් බැම්ම පිපිරිල මිනිස්සු ගොඩක් මැරුණු කතාවක්. ඊට පස්සෙ මම එයාට එක්ක කන්තලේ වැවේ ඉතිහාසය කියල දුන්නා.දෙවෙනි අග්බෝ රජතුමාගෙ කාලෙ ඉදන් මහා පරාක්‍රමභාහු රජතුමා වෙනකම්.මං වගේ පිස්සු කොල්ලෙක්ගෙ ඉතිහාස දැනුම ගැන නම් එයා අහන් හිටියෙ පුදුමයෙන්.

    ඊට පස්සෙ අපි කතා නැතුව ඈත තියෙන ඔරුවක් දිහා ඔහේ බලගෙන හිටියා.මම දන්නෙම නැතුව මගෙ අත එයාගෙ අත උඩට ගියා.එයා මගෙ උරහිසට හෙත්තුවුනා.අපේ ඒ දැහැන බිඳුනෙ පාරෙ ගිය වාහනයක නලා සද්දෙන්.
    එතකොට හතරත් පහු අපි ආපහු ටවුන් එකට ආව ඒ එනකොට එයා ගොඩක් දේවල් කිව්වා.එයාට ඉක්මනටම ස්කෝලෙ ගමන නවත්තන වෙයි කිව්වා ඉක්මනට රස්සාවකට යන්න ඕනෙ කිව්වා.අක්කලට තව කරදර කරන්න බෑ කිව්වා.මට ඒ දේවල් අහගෙන ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.
    ටවුන් එකට ඇවිත් මට බස් එකක් එනකම් එයා ඉන්න හැදුවත් මම එයාව ගෙදර යැව්වා.ඊට පස්සෙ එතන හිටපු අයිය කෙනෙක් එක්ක චැට් එකක් දාගෙන ඉන්න කොට තමයි දැන ගත්තෙ 7ට තංගල්ල බස් එකක් තියෙන බව.ගාළුපාරෙ ත්‍රිකුණාමළය තංගල්ල බස් දකිද්දි මම හිතුවෙ නෑ එයින් එකක් මට මේ විදිහට ප්‍රයෝජන වෙයි කියල.කළුතරටම එක බස් එකෙ එන්න පුළුවන් හින්ද මම 7 වෙනකම් ඉඳල තංගල්ල බස් එකේම ආව.කළුතරට ටිකට් ගත්තම කොන්දොස්තර අයිය දඹුල්ලෙ බහින කෙනෙක් ලඟට මාව සෙට් කරා.දඹුල්ලට එනක්ම්ම මම හිටගෙන කල්පනා කරේ එයා ගැන.මට ඕනෙ වුනේ එයාට උදව් කරන්න.පුලුවන් හැටියට මම එයාට උදව් කරනව කියල මම හිතා ගත්තා.

    බස් එක ආවෙ මාර වේගෙන් හබරණ පහුකරල දඹුල්ලට එන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.එතන ඉඳන් මම දිගටම නිදි.කළුතර බහින කොට පාන්දර 2ට විතර ඇති.එතනින් ගෙදර යන්න බස් එකක් එනකම් 5විතර වෙනකම් කට්ට කන්න වුනා.

    ඒ ගමන ඉවරයි.ඊට පස්සෙ එයා කවදාවත් අපිට ලියුම් එව්වෙ නෑ.අපි යවපු ඒවට උත්තරත් නෑ.පස්සෙ මම නැන්දලගෙන් දැන ගත්තා එයා කොළඹ රස්සාවකට ආව කියල.මගෙ හිත හැම තැනම එයාව හෙව්වා.අපි හම්බවුනෙ තුන් පාරයි වුනාට එයා ගැන මගෙ හිතෙ ලොකු බැඳීමක් ඇති වෙලා තිබුනා.
    මම එයා කියල කිහිප වතාවක්ම රැවටුණා.නුගේගොඩ තැනකදි එයා වගේ කෙනෙක් දැකල ඒ එයා නෙමෙයි මයි කියල දැන ගන්න තුන් පාරක් එතනට ගියා.
    ගල්කිස්සෙදි එයා වගේ කෙනෙක් පාරෙ ඉන්නව දැකලා යන බස් එකෙන් මම පැනල බැණුනුත් ඇහුවා.
    එයා කියල රැවටිලා ගෑණූ ළමයි පිටිපස්සෙ දෙතුන් පාරක්ම ගිහින් බැලුවා.දවසක් එතකොට මම ආදරය කරපු එක්කෙනත් එක්ක ගෝල් පේස් එකේදි එහෙම ගෑණූ ළමයෙක් පස්සෙ ගිහින් ඒකට ගොඩක් කල්ම බැණුම් ඇහුවා.
    ඒත් තාමත් මට එයාව හම්බ වුනෙ නෑ.මට ඕනෙ එයාට උදව් කරන්න.මගෙ හිතේ එයා ගැන ඇතිවුනු බැඳීම මොන වගේ එකක්ද කියල මම දන්නෙ නෑ.තාමත් මම එයාව හොයනවා.

    සමහරවිට කවදහරි එයාව මට හම්බ වේවි.එදාට මට පුළුවන් වුනොත් මම එයාට උදව් කරනවා.ඒත් එයාගෙ අතින් අල්ලන් ඔහේ ඈත බලන් ඉන්න නම් ආයෙ කවදාවත්ම මට බැරි වේවි.

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ හැමදාම ලියනවා වගගේ සංවේදී කතාවක්... :)
    මට හිතාගන්න බැරි මේව උඹ හදන ඒවද නැත්නම් අත්දැකීමද කියලා...?
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උඹ හැමදාම ලියනවා වගගේ සංවේදී කතාවක්... :)
    මට හිතාගන්න බැරි මේව උඹ හදන ඒවද නැත්නම් අත්දැකීමද කියලා...?

    බොහොම ස්තුතියි මචන්..:):):)
    අනිත් කතා වගේ නෙවෙයි මේකෙ නම් 70%ක්ම මගෙ අත්දැකීම්....
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    උඹේ අත්දැකීමක් කියල කිව්වහම පුදුමත් හිතෙනව බන්
    දුකයි
    උඹට එයාව ඉක්මනටම හම්බවෙයි බන්
    අන්තිම පේලියෙන් කියල තියෙන්නෙ මොකක්ද කියල මට තේරුනෙනැහැ
    උඹට එයා ගැන ආදරයක් ඇති උනාද
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් මාරම ලස්සනයි බන්
    මාර දුකහිතෙනවා :(
    උබට එයාව කවදාහරි හම්බවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
    රෙප් දෙන්න බැලූ බන්
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ගොඩක් දුක හිතෙනවා:(

    එයාව ඉක්මනටම හම්බවෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා:)