හොල්මන්_එඩේරා

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
හොල්මන් කතා වලට කට්ටියගෙන් මාර ඉල්ලුමක්නේ තියෙන්නේ.. හුගක් අය PM එවනවා තව කතා දාන්න කියල.. බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා රෑ 10.15 ට දාන්න හිටපු ත්‍රෙඩ් 1 දැන් මං දානවා.. එත් මට පොඩි හිත රිදෙන කාරණයක් තියනවා, හැමෝගෙම රසවින්දනයට මේ කතා දැම්මට මං රෙප් වලට වඩා ඔයාලගේ අදහස්, යෝජනා බලාපොරොත්තු වෙනවා.. එත් මට ඒවා හිතපු තරම් ලැබෙන නෑ. එත් ඌරු දිෂ්ටිය හා තිස්සමහාරාම හොල්මන වත්සලා කියන කතා 2 ට අදහස් ටිකක් ලැබුනා. වත්සලාගේ කතාවේදී තවත් අපේ සහෝදරයෝ එයාලගේ අත්දැකීමුත් අපි එක්ක බෙදා ගත්ත, අපි කොවුර් ගැන කතා කළා. අන්න ඒ දේවල් තමයි මං බලාපොරොත්තු වෙන්නේ.. මගේ යාලුවෙක් මට මේවා දෙන්නේ, ඌට කොහෙන්ද මන්දා හම්බෙලා. එත් මං අපි හැමෝටම බලන්න තමයි එළකිරි එකේ ඒවා දාන්නේ. ඔයාලගෙන් ලැබෙන රෙප් එක, අදහස නිසා ලැබෙන දිරියෙන් තමයි මං මේවා තව තවත් දාන්නේ.. එත් ඒවා අඩු වෙනකොට නම් මේ ත්‍රෙඩ් දැමිල්ල කාලය කා දැමීමක් කියල තමයි හිතෙන්නේ.. ඒ නිසා ඔයාලගේ අදහස්, අත්දැකීම්, කතා අපි හැමෝම එක්ක බෙදා ගන්න. මං දාන කතාව විතරක් බලලා යන්න එපා.. අදහසකුත් දීලම යන්න.. හිත හැදෙන්නවත්.. :(:(

හරි.. මෙන්න කතාව..




බදුල්ලට නුදුරු හාලිඇල නම් ප්‍රදේශයේ බෝගහමඬිත්ත ගමේ සිට බලන විට ගලපිටගල නම් කදු මුදුන ස්වභාව සෞන්දර්යය අතින් මනරම්ය... නමුත් එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට ගමන් බිමන් යෑම ඉතා අපහසුය ඒ විශාල කන්දක් තරණය කිරීමට ඇති බැවිණි.එම ප්‍රදේශයට නුදුරු ජයන්තිපුර ගම්මානයේ ඉෂාරට ගලපිටගල ප්‍රදේශයේ ඇති තමාට හිම ඉඩමෙහි ඇති ගොවිපළ වෙත යෑම සුපුරුදු පහසු කට යුත්තක් වූ නමුත් නුපුරුදු පුද්ගලයෙකුට නම් එය ඉතා අසීරු කටයුත්තකි එම කන්දේ එකසැරයක් ගියොත් හොඳපන ගිහින්.! මෙම කන්ද තරණය කරන මාර්ගය ඉතාම පාළුය පෙදෙසකි..පේන තෙක්මානයක ගෙයක් දොරක් නැත සිවලන්ගේ හූ හඬ පමණක් ඇසෙයි එමෙන් සමහර සිවලුන් මිනිසුන් ගේ පසුපස ලුහු බඳින අවස්ථාද ඇති බව ඉෂාර පවසයි.


තම ගොවිපලෙහි කිරි හරකුන් 4 දෙනෙකු සහ කුකුලන් 25-30ක කොටුවක් ද ඇත එම සතුන් බලාකියා ගැනීමට ඔහුට සිදුවූයේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක රැකියාව කරන අතරතුරය.නිවාඩු දිනයන්හී රැය ගොවිපලේ ඇති කුඩා නිවසේ ගත කිරීම ඔහුගේ සිරිතයි. එසේ එම ගොවිපලෙහි රාත්‍රිය ගතකරන දිනයක වුණ සිදුවීමකි මේ....

ගවයින්ට තණකොළ ද කපා ගෙනත් දැමූ ඔහු තිබූ මහන්සිය නිසා වේලාසනින් කෑම ටිකක් කා නින්දට යන්නට සිතුවේය ඔහු ඉක්මනින් බතක් පිසෙන්නට හැර පරිප්පු හොද්දක් සඳහා සියල්ල සූදානම් කරමින් සිටියේය එකවරම බල්ලන් බුරන හඬක් ඇසෙන්නට විය ඔහු විදුලි පන්දම ගවයින් සහ කුකුලන් සිටින දෙසට යොමු කරමින් විපරම් කරන්නට විය කිසිම සතකු හෝ පුද්ගලයෙකු එහි නොසිටින බව තේරුම් ගත් ඔහු නැවත තම කාර්යයයෙහි නිරත වුයේය.පරිප්පුයි බතුයි කෑ ඔහු සිගරුට්ටුවක් දල්වා එළි මහනේ ඇති කුඩා පුටුව මත වාඩි වූයේය එවිට නැවතත් බල්ලන් තමන් ඉදිරිපිටට විත් ගව ගාල දෙසට හැරී බුරන්නට විය එවිට කුකුලන්ද කෑ කෝ ගසන්නට විය එය එන්න එන්නම වැඩි වන්නට විය ඔහු තම කැප් තුවක්කුව ද අතට ගෙන පරුෂ වචන කියමින් කවුද යකෝ ඔතන ඉන්නෙ ...කවුරු උනත්ත කමක් නෑ වෙඩි තියනව! කියමින් විදුලි පන්දම ඒ දෙසට යොමු කරමින් ඉදිරියට යන්නට විය නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ නැතිවී ගියේය..හැම අස්සක් මුල්ලක්ම විපරම් කල අතර ඒ අවට පේන තෙක් මානයෙහි විදුලි පන්දම යොදා සොයා බැලිය නමුත් කිසිම හෝඩුවාවක් හෝ දැක ගැනීමට නොහැකි විය නමුත් යම් නුහුරු බවක් දැනුනු හෙයින් ඔහු කවුරුන් හෝ එතැයි සිතා අසල පිහිටි ගස මුදුනට නැග රැක සිටීමට සිතුවේය යාන්තමින් හඳ එළියද වැටී තිබුණි .

ටික‍ වෙලාවක් ගතවූ තැන නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ ඇසෙන්නට විය ඔහු ගහ මුදුනේ සිට ගව මඩුව දිහා ඇස් යොමා සිටියේය පුදුමයකි! එකවර ඒ දෙසින් සිහින් ටින් හඬක් නිකුත් විය කුඩා ටින් එකකට ගසනවාක් මෙන්. ඒ සමඟම බල්ලන් ඒ දෙසට පැන පැන බුරන්නට විය ගස උඩ සිටින ඔහුට යාන්තමින් ඡායාවක් පෙනෙන්නට විය කුඩා බෙරයක් බැඳගත් දිගු වැරහැලි කබායක් හැදගත් හිසරෙදි කැබැල්ලකින් වසා ගත් තරමක කුඩා මිනිසකු ගේ ඡායාවකි. මෙය දුටු වහාම ඉෂාර සිතුවෙ කුකුලන් සොරකන් කිරීමට ආ පුද්ගලයෙක් ය යන්නයි පරුෂ වචන කියමින් ගසෙන් බැස ඔහෙ හිටු හොර තක්කඩියා! කියමින් එම මිනිසා සිටින තැනට යන්නට විය මදක් ඒ දෙසට කිට්ටුවන විට ඉෂාරට දෙලොව රත්විය, එයට හේතුව මෙම මිනිසාගේ ශරීරයෙන් විනිවිද පෙනෙන්නට විමයි ඔහු භය භිරන්ත වී ඒ අසලට නොයා කැගසන්නට විය නමුත් එම පුද්ගලයා එය ගනනකට වත් නොගෙන කුඩා රිදීපාට භාජනයකට හරකුන්ගේ කිරි දොවන්නට විය පසුව ටික වේලාවකින් නොපෙනී යන්නට විය ඔහු කිසි විටකත් තමාට මුහුණු දුන්නේ නැත මුහුණ කෙබඳුදැයි කීමට පුළුවන්කමක් නැති බව ඉෂාර පවසයි ඇඳසිටියේ වැරහැලි ලෝගුවකි.

ඇතැමුන් පවසන්නේ කිරි ගවයින් සිටින ස්ථාන වලට එන එ‍‍‍‍ඩේරකුගේ අවතාරයක් බවයි කෙසේ වුවත් එතෙක් කාලයක් හොල්මන් අවතාර නැතැයි තරයේ පැවසූ ඉෂාර දැන් පවසන්නේ එහි යම් සත්‍යයක් ඇති බවත් තමා සියැසින් ඒ බව දුටු නිසා එම මත දැන් විස්වාස කිරීමට සිදුවී ඇති බවත්ය එහෙත් එදා දුටු ඒ එඩේර අවතාරය නැවතත් කිසිම දිනක දැක ගැනීමට නොහැකි වූ බවද ඔහු අප සමඟ පැවසීය.

(මං නම් හිතන්නේ මේ ගොපලු යකා වෙන්න ඇති..)


මේකත් මගේ යාලුවෙක් Word doc1 විදියට දුන්න කතාවක්.. එයා අන්තර්ජාලයෙන් හොයා ගත්ත එකක් කිවා.
සියලු පැසසුම්, තොරතුරු සොයා බලා මෙය ලියු පුද්ගලයට හිමි විය යුතුයි..


මෙහෙම එකක් හොයල ඔයාලට කියවන්න දැම්ම එක වටිනවානම් මට රෙප් දෙන්න..


මං දාපු තවත් හොල්මන් ත්‍රෙඩ්


ඌරු දිෂ්ටිය

http://www.elakiri.com/forum/showthread.php?t=1038717


හුලුඅත්ත අතුරුදහන්

http://www.elakiri.com/forum/showthread.php?t=1039284


හොල්මන් කතාව

http://www.elakiri.com/forum/showthread.php?t=1038542

තිස්සමහාරාම_හොල්මන්_වත්සලා

http://www.elakiri.com/forum/showthread.php?t=1039583


හොල්මන් සෙරෙප්පුව

http://www.elakiri.com/forum/showthread.php?t=1040608
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මට දැන් මගේ පරණ පොත් ගොඩක තිබිල හම්බුනා මං මීට අවුරුදු 10 කට කලින් ගත්ත මරණයෙන් පිබිදුනු මිනිස්සු කියල පොතක්. එකේ තියනවා නියම හොල්මන් කථා ටිකක්.. හෙමිට ඒවා ටයිප් කරලා දාන්නම්කො කට්ටියගේ ප්‍රතිචාර අනුව..
 

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,079
    754
    113
    Paris
    මට දැන් මගේ පරණ පොත් ගොඩක තිබිල හම්බුනා මං මීට අවුරුදු 10 කට කලින් ගත්ත මරණයෙන් පිබිදුනු මිනිස්සු කියල පොතක්. එකේ තියනවා නියම හොල්මන් කථා ටිකක්.. හෙමිට ඒවා ටයිප් කරලා දාන්නම්කො කට්ටියගේ ප්‍රතිචාර අනුව..

    machn oke katha tikak meanath tiyanawa :D
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machn oke katha tikak meanath tiyanawa :D

    අපෝ සසර කලකිරෙනවා... මං ලග තිබ්බෙත් හොල්මන් කථා පොත් 2 යි 1 ක්මගේ යාලුවෙක් ගල කලා එකේ නම තුන කුළුඳුල් පිල්ලුව, මේක විතරයි තිබ්බේ පොතකට එකේ කථා ටිකත් තියනවා... :growl::growl::growl::growl:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එත් වැඩක නෑ මචන්ලා.. මේ ඔක්කොම කථා එක බ්ලොග් එකක තියනවලු.. එකෙන් වෙන්න ඇති මේ කථා මට දුන්න කෙනාට කැරකිලා එන්නේ.. එහෙනම් දැන් මේකත් නවත්තන්න වෙනවා.. වෙන තැනක තියනකොට ඒවා මං දාන එක හරි නෑනේ..
     

    TSthush

    Junior member
  • Sep 26, 2006
    263
    20
    18
    Piliyandala
    apita thawa one..........
    anywy ape opinion eka ahuwa ne......
    mekai oya godak aya avathara dakka kiyana aya ewa dakinne kawru hari ae gana kiwwata passe....mokada ape gewal paththe kaalayak thibba raa 11n passe gahaka kellek saariyakin belle wala daan ennawa kiyala....oka gana kiwwata passe thamai godak aya oka dakala thiyenawa kiyala katha une...oka gana ahala nathi raa 12ta giyapu kattiyath hitiya...habai ehema mukuth dakala naaa...sama hara aya udeta oya saariya gahe thiyenawa udeta dakalath thiyenawa..math dakka...habai mata hithune eka nam kawru hari karapu wadak kiyala...passe oka karapu kena ahu una...ethin mama nam kiyanne oya holman dakka kiyana godak aya ekko ewa godaak vshwasa karana aya...nathnam kawru hari kiwwata passe dakka aya kiyala....