“ගිනි” දිය ඇල්ල ("fire" waterfall of El Capitan).
යොසෙමිට් ජාතික උද්‍යානය_කැලිෆෝනියාව_ඇමරිකා එක්සත් ජනපදය
1890 වසරේ මෙම උද්යානනය ජාතික උද්යායනයක් ලෙසට ගැසට් නිවේදනයකින් නම්කරන ලදි. රළු භූමි ප්‍රදේශයන්, දිය ඇලි සහ සියවස් ගනන් පැරණි පයින් ගස් වැනි දෑ හේතුවෙන් මෙය ලෝකප්‍රකට වානෝද්‍යානයක් විය. ව.කි.මි. 1200 පුරා පැතිර ඇති මෙම උද්‍යානයේ වඩාත්ම සිත්ගන්නා සුළු ආකර්ශණීය දර්ශනය වනුයේ “ගිනි” දිය ඇල්ලයි ("fire" waterfall of El Capitan).
මෙම සිත්ගන්නා සුළු දර්ශනය නිර්මාණය වී ඇත්තේ හිරු එළිය නියත කොණයකින් කඩා හැලෙනා දිය ඇල්ලේ වතුර මත පතිත වීම නිසාය. මෙම දුරුලභ දර්ශනය දැක ගත හැකි වනුයේ සෑම අවුරුද්දකම පෙබරවාරියේ අග, සති දෙකක කාළයක් ඇතුලතය. මෙම දුර්ලභ දර්ශනය ඡායාරූපයට නැගීමට ඡායාරූප ශිල්පීන් හට ඉතා ඉවසීමෙන් බලා ඉඳීමට සිදුවේ. මන් යත් මෙම දර්ශනය උදෙසා ස්වාභාවික අශ්චර්යයන් කිහිපයක් එකම වෙලාවක සිදුවීම අවශ්‍ය වීම සහ වාසනාව තිබීම අත්‍යාවශ්‍ය වීමත්ය.
1. දිය ඇල්ලෙ ආරම්භය : -
දිය ඇල්ල සෑදෙනුයේ කඳුමුදුනේ ඇති හිම සහ අයිස් දියවීමෙන්ය. දෙසම්බර් සහ ජනවාරිය අතර තුර මේවා දියවීම සිදුවන අතර පෙබරවාරිය අවසන් වීමට ලඟාවත්ම තව දුරටත් දිය වීමට අයිස් සහ හිම ඉතිරි නොවෙයි. එහෙයින් මේවා කඳුමුදුනේ සිට පහලට කඩා හැලෙන්නේ දියඇල්ලක් ලෙසය.
2. හිරු එලිය අවශ්‍ය කොණයකට කඩා හැලෙන දිය ඇල්ලේ වතුර මත පතිත වීම : -
හිරුගේ පිහිටීම අහසේ විශේෂ ස්ථානයක විය යුතු අතර, මෙම පිහිටීම පෙබරවාරියේ අග සැන්දෑ කාලයක ඉතා කෙටි කාලයකට සීමා වේ. යම් හෙයකින් මෙම සූර්යාගේ පිහිටීම වන අවස්ථාවේ අඳුරු වලාකුලකින් හිරු එළිය ගිලගතහොත් මෙම දර්ශනය නොපෙනී යනු ඇත.
මේ අනුව මෙම උද්‍යානයේ කාළගුණයේ එකවිට සුදුවන මේ ස්වාභාවික සිදුවීම් බොහෝ වර්ෂ වල ඉතා ඉක්මනින් වෙනස්වන සුළු අතර කලින් කිව නොහැකිවේ. එහෙයින් ඡායාරූපයට ගැනීමද ඉතා අසීරු වේ.
විද්‍යුත් ලිපියක පරිවර්ථනයකි.
නොදනින මුල් හිමිකරුට ස්තූතිය.

මේ පහතින් දැක්වෙනුයේ එලෙස ඉතා දුශ්කර ලෙස ලබා ගත් ස්වභාව ධර්මයේ ඉතා දුර්ලභ දර්ශනයක ඡායාරූපයන්ය.
විද්‍යුත් ලිපියක පරිවර්ථනයකි.
නොදනින මුල් හිමිකරුට ස්තූතිය.
Last edited: