නාසා ආයතනයට ආසාමාන්‍ය ජීවී විශේෂයක් හමු වෙයි
මෙම බැක්ටීරියා විශේෂය හමුවී ඇත්තේ පෘථිවියෙනි. අප දන්නා පරිදි සියළු ජීවීන්ගේ මූලික අවශ්‍යතාවයක් වන්නේ පොස්පරස් ය. නමුත් මෙම බැක්ටීරියා විශේෂයට විෂ සහිත පරිසරයක ජවත් විය හැකි අතර ඔවුන්ට ඊට අනුවර්තනය විය හැකි ය. මේ අනුව අප සිතා සිටියා මෙන් නොව අප සෞරග්‍රහ මණ්ඩලය තුල වුවද වෙනස් සාධක සහිත ස්ථාන වල වුවද ජීවය පැවතිය හැකි ය.
කැලිෆෝනියාවේ විලකින් ලබාගන්නා ලද බැක්ටීරියා විශේෂය පර්යේෂණාගාරයක් තුලදී ක්‍රමයෙන් විෂමය ලවණ වලට හුරු කරවන ලදී. අවසානයේදී බැක්ටීරියාවට පොස්ෆේට් සහයක් රහිතව සෘජුවම විෂ සහිත ලවණ තුල වර්ධනය වීමට හැකි විය.
අප සමාන්‍යයෙන් වෙනත් ග්‍රහලෝක තුල ජීවය පවතීදැයි සොයන විට කරන්නේ අප දන්නා ජීවීන්ට අවශ්‍ය සාධක පවතින ග්‍රහලෝක වලට මූලිකත්වය දීමයි (කාබන්, හයිඩ්රජන්, නයිට්රජන්, ඔක්සිජන්, පොස්පරස් සහ සල්ෆර්). නමුත් මේ නව සොයාගැනීමත් සමඟම කුමක් සඳහා මූලිකත්වයක් දිය යුතුදැයි ගැටළුවක් පැන නගියි.

රියා චන්ද්‍රයා සතුව ඔක්සිජන් වායුගෝලයක්
මීට වසර කීපයකට පෙර සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන රියා වටා වළලු පද්ධතියක් ඇතැයි විද්‍යාඥයෝ සැක කලහ. පසුව එසේ වළලු පද්ධතියක් නැති බව පසුව සොයාගත්තද කුමක් හෝ දෙයක් මෙම චන්ද්‍රයා වටා ඇති බවට ඔවුන් සැක කලෝ ය. රියා යනු සෙනසුරුගේ දෙවනුව විශාලතම චන්ද්‍රයා ය.
දැනට මාස කිහිපයකට පෙර රියා අසලින් ගමන් ගත් - මේ වන විට සෙනසුරු වටා කක්ෂගතව සිටින - කැසිනි යානය විසින් රියා සතුව ඔක්සිජන් වායුගෝලයක් ඇති බව සොයාගෙන ඇත. රියා චන්ද්‍රයාගේ හතරෙන් තුනක්ම ද්‍රව ජලය වන අතර ඉතිරිය පාෂාණ ය. බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් වන යුරෝපා සහ ගැනිමීඩ් චන්ද්රයන්ගේද මීට පෙර ඔක්සිජන් සොයාගෙන ඇත. මින් වැදගත්ම කරුණ වන්නේ මෙම චන්ද්‍රයා සතුව ජීවය පැවතීමට බොහෝ ඉඩකඩ පැවතීමයි. රියාගේ මතුපිටට යටින් ද්‍රව ජලය මුහුදක් ලෙස පැවතිය හැකි අතර මේ තුල සංකීර්ණ ජීවීන් ඇති වීමට ඉඩ ඇත.
විශ්වය ආරම්භයේදී ද්‍රවයක් ලෙස පැවතිනි
CERN ආයතනයේ ALICE උපකරණය භාවිතා කරන පර්යේෂක කණ්ඩායමක් පෙන්වා දෙන්නේ විශ්වයේ මුල් අවධියේදී එය ඝනත්වයෙන් සහ උෂ්ණත්වයෙන් ඉතා වැඩි ද්‍රවයක් ලෙස පැවතුන බවයි.
හැකි උපරිම ශක්තියෙන් ඊයම් න්‍යෂ්ටි ත්වරණයට ලක්කර එකිනෙක ගැටීමට සැලැස්වීමෙන් ALICE උපකරණය තුල දැඩි උෂ්නත්වයෙන් සහ ඝනත්වයෙන් යුත් උප-පරමාණුක අංශු සෑදීමට හැකි විය. මෙම අවස්ථාව විශ්වය බිහිවීමෙන් පසුව ප්‍රථම මයික්‍රෝ තප්පර කිහිපයට සමාන ය. මෙම පුංචි "මහා පිපිරුම" සිදුවීමේදී අංශක ට්‍රිලියන 10කට අධික උෂ්නත්වයක් ජනනය වූ බවද විද්‍යාඥයින් පවස යි.
මෙවන් උෂ්නත්වයකදී සමාන්‍ය පදාර්ථ නම් උණු වී "සූපයක්" (soup) නිර්මාණය වේ. මෙය ක්වාක් ග්ලූවෝන් ප්ලාස්මා (quark-gluon plasma) නම් වේ. මීට පෙර ඇමරිකාවේදී මීට අඩු ශක්ති යටතේ කල පර්යේෂණ වලදී පෙන්වා දුන්නේ මෙවන් අවස්ථාවලදී නිර්මාණය වන අංශු ද්‍රව ලෙස ක්‍රියා කරන බවයි. නමුත් බොහෝ දෙනා අපේක්ෂා කලේ ක්වාක් ග්ලූවෝන් ප්ලාස්මාව වායුවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි කියා ය.
මේ අනුව බලන කල මහා පිපිරුමෙන් පසුව විශ්වය ද්‍රවයක් ලෙස පැවතුන බව පැහැදිලි ය. මේ අතර විද්‍යාඥයින් නිරීක්ෂණය කල අනෙක් දේ නම් මීට පෙර භෞතිකවිද්‍යා ආකෘති වල පෙන්වා දුන්නාට වඩා වැඩි උපපමාණුක අංශු ප්‍රමාණයක් නිෂ්පාදනය වීම යි.
ප්‍රති - හයිඩ්රජන් ප්‍රථම වරට රඳවා ගනියි
මෙම සතියේ නේචර් සඟරාවේ පලවූ ලිපියකට අනුව CERN ආයතනය පවසන්නේ ලොව ප්‍රථම වරට ප්‍රති පදාර්ථ අල්ලා රඳවා ගැනීමට ඔවුන්ට හැකිවී ඇති බවයි. මෙය වසර ගණනක් පුරාවට විද්‍යාඥයින් සිහින මවමින් සිටි දෙයක් වන අතර විශ්වය බිහිවන අවස්ථාවේදී ඇතිවූ ප්‍රති පදාර්ථ වලට කුමක් වූයේද යන්න මේ මගින් සොයාගත හැකි ය.
ශක්තිය, ස්කන්ධය බවට පර්වර්ථනය වීමේදී එක හා සමාන පරිමාවලින් පදාර්ථ සහ ප්‍රථි පදාර්ථ නිපදවේ. මෙම ක්‍රියාදාමයම CERN ආයතනයේ ඇති අංශු ඝට්ටක (particle colliders) මගින් සිදුකල හැකි ය. ප්‍රති පදාර්ථ, පදාර්ථවලම කැඩපත් බඳු ය. නමුත් අප සිටිනා විශ්වය බිහිවී ඇත්තේ පදාර්ථ වලින් පමණි. එහෙත් ප්‍රති පදාර්ථ වලින්ද විශ්වයක් තැනිය හැකි ය.
ප්‍රතිපදාර්ථ පිළිබඳව පර්යේෂණය කිරීමට මුලින්ම ඒවා විද්‍යාගාරයක් තුල තැනිය යුතු ය. CERN ආයතනය තුල ප්‍රති හයිඩ්රජන් තැනෙමින් පවතින්නේ 2002 වසරේ සිට ය. මේ සඳහා ප්‍රති ප්‍රෝටෝනයක් සහ පොසිට්‍රෝනයක් යොදාගනිමින් උදාසීන ප්‍රති පරමාණුවක් නිර්මාණය කරයි. මින් අළුත් දෙය වන්නේ මෙම ප්‍රති පරමාණුව විනාශ වීමට තප්පරයකින් දහයෙන් එකකට ආසන්න කාලයක් දක්වා නොනැසී පවත්වාගැනීමට පර්යේෂකයිනට හැකි වීමයි.
අල්වා ගන්නා ලද ප්‍රති පරමාණුව අයන උගුලක් (ion trap) තුල රඳවා තබා ගැනෙයි. මෙය විද්‍යුත්චුම්බක රික්තකයක් තුල කෙල්වින් 9ක උෂ්නත්වයක් (සෙල්සියස් -264.15) යටතේ සිසිලනය කරන ලද බඳුනකි (container) .
පර්යේෂකයින්ගේ මීළඟ කාර්ය මෙසේ අල්වාගන්නා ලද ප්‍රති පදාර්ථ පරීක්ෂා කිරීම ය. මේ අතර ප්‍රති හයිඩ්රජන් වෙත ක්ෂුද්‍රතරංග ලබා දුන් විට ලැබෙන වර්ණාවලිය සහ හයිඩ්රජන් වර්ණාවලිය සන්සන්දනය කිරීම යනාදියද වේ.
ඡායාරූපය - අයන උගුලෙහි ඉලෙක්ට්‍රෝඩ (රන් පැහැයෙන්) භාවිතයෙන් පොසිට්‍රෝන සහ ප්‍රති ප්‍රෝටෝන එක් කිරීම සිදු කරයි.

Last edited: