ලංකාවේ ඇති දුරකතන සහ විදුලි සංදේශන සමාගම් මොනවා කිව්වත් මොන ස්පීඩ් දුන්නත් මොන තරම් අඩුවට දුන්නත් ලංකාවේ භාවිතයට සුදුසු කිසිදු අන්තර්ජාල පහසු කමක් තවම නැත. කිසිදු අන්ලිමිටඩ් සේවාවක් ද තවම නැත. 8ජීබී අවසන් වූ පසු ගූගල් එකට වත් යාමට නොහැකි ඩයලොග් ද අන්ලිමිටඩ් ගැන අසා වත් නැති මොබිටෙල් ද පාරිභෝගිකයන්ව මල පන්නනා එස්.එල්.ටී ද මේ ගැන සිතිය යුතු කාලය දැන් එළඹී තිබේ . එයාටෙල් ගැන එතරම් චෝදනා නැති නමුත් එහිද ගැටළු නොතිබෙන්නට නොහැක.
ලංකාවේ අන්තර්ජාල පාරිභෝජනය දැන් ඊමෙල් හෝ ගූගල් වලට සීමා වී නැති බව මෙම ආයතන වටහා ගත යුතුය. කල යුත්තේ ලයින් ස්ලෝ කිරීම හෝ ලිමිට් දැමීම නොව දිනෙන් දින ඉහල යන ඉල්ලුමට සැපයුමක් ලබාදීමට කටයුතු කිරීමය.

ලංකාවේ අන්තර්ජාල පාරිභෝජනය දැන් ඊමෙල් හෝ ගූගල් වලට සීමා වී නැති බව මෙම ආයතන වටහා ගත යුතුය. කල යුත්තේ ලයින් ස්ලෝ කිරීම හෝ ලිමිට් දැමීම නොව දිනෙන් දින ඉහල යන ඉල්ලුමට සැපයුමක් ලබාදීමට කටයුතු කිරීමය.