මෝටර් රථයට ගොඩවූ වහාම එහි වායුසමීකරණය පණ &#350

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මෝටර් රථයට ගොඩවූ වහාම එහි වායුසමීකරණය පණ &

බෙන්සීන් (Benzene)

19541415.jpg


මෙහි නිරවද්‍යය තාවය ගැන සියයට සියයක් කිව නොහැකි නමුත්, ඔබ ඔබේ මෝටර් රථයේ ගමනාරම්භයේදී,
අවම වශයෙන් එක් වීදුරුවක් වත්, විනාඩි කිහිපයක් විවෘත්ත කරගෙනයාමෙන් අනතුරුව වායුසමීකරණය පණ ගැන්වීම සිදුකිරීම, ඔබේ ශරීර සෞඛ්‍යයට හිතකරවේ.
ඒ කෙසේ වෙතත් ඔබ අවට පරිසරය ආරක්ෂාකාරී නොවන අවස්ථාවන්හී ඒ ගැන දෙවරක් සිතාබැලීම ඔබේ වගකීමක් බවද සලකන්න.

55747564.jpg


අප නෑදෑ හිත මිතුරන් වර්ථමානයේ පෙරටත් වඩා පිළිකාවලින් මියයාම මෑත කාලයේදී අප අත්දකින මහත් කේදවාචකයකි.
ඇතමෙක්ට මෙය පුදුම සහ‍ගත වේ. නමුත් පුදුම වීමට අවශ්‍ය නැත. බොහෝ විට අප විසින්ම සිදුකරන ක්‍රියාකාරකම්
මෙම පිළිකා කාරක සිදුවීම් සිදුවීමට හේතුවේ.
බොහෝ දෙනෙකුගේ උදෑසන දවස ආරම්භ වන්නෙ තම මොටර් රථයෙන් වන අතර එය අවසන් වන්නේද මෝටර් රථයෙන් නැවත නිවසට පැමිණීමෙන් අනතුරුවය.
ශරීරයට අහිතකර බෙන්සන් නැමැති පිළිකා කාරකය ඔබේ මෝටර් රථය තුලත් ඇති බව නවතම සමීක්ෂණ ‍වාර්ථා මගින් හෙලිවී තිබේ.

85231568.jpg


68335171.jpg


කරුණාකර ඔබ ඔබේ මෝටර් රථයට ගොඩවූ වහාම එහි වායුසමීකරණය පනගැන්වීමෙන් වලකින්න.
ඔබ රථයට ගොඩවී එහි වීදුරු විවරකර මද දුරක් ගමන් කිරීමෙන් අනතුරුව වායුසමීකරණය පනගැන්වීමට පුරුදුවන්න.
මන්ද යත්, නවතම සමීක්ෂණ වාර්ථාවකට අනුව මෝටර් රථ වල ඇති, උපකරණ පුවරුවෙන් (dashboard), අසුන් වලින් (sofa), සුවඳ කාරක වලින් (air freshener), බෙන්සීන් (Benzene) නැමැති පිළිකා කාරක ද්‍රව්‍යය විමෝචනය කිරීමක් සිදුවනවන බව හෙලිවී තිබේ.

83484174.png


අවර්ණ ද්‍රව්‍යයක් වන මෙය ඇරෝමැටික හයිඩ්‍රොකාබනවල සරලතම ද්‍රව්‍යයකි.
මෙය ඔබේ මෝටර්රථයේ ඇති ප්ලාස්ටික් අංගයන් රත්වුනු පසු අග්‍රහනය වන සුවඳින් දැනෙනු ඇත.

13074334.png


98085636.png


71193972.png


49392274.png


89657765.png


මෙය පිළිකා කාරකයක් ලෙස ක්‍රියාකරන්නේ, බෙන්සීන් ඔබේ ඇටමිදුළු වලට විශ කාරකයක් වී‍මෙන්ය.
මෙමගින් ශරීරයේ ඇති සුදු රුධිරානු අඩුකරන අතර රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇති කිරීමට හේතු වෙයි.
අවසානයේ ලියුකේමියා රෝගයට ගොනදුරු වීමේ ඉඩකඩ ඇති අතර, පිළිකා ඇතිවීමේ අවධානමද වැඩි කරනු ලබයි.
ඇතැම් විට ගබ්සාවීම්ද සිදුවීමේ අවධානමක් ඇතිවිය හැකිය.

පිලිගත් ‍ගෘහස්ථ බෙන්සීන් මට්ටම වනුයේ වර්ග අඩියකට මිලිග්‍රෑම් 50 කි (50 mg per sq.ft.). ඇතුලත නවතා ඇති මෝටර් රථයක එම මට්ටම මිලිග්‍රෑම් 400 – 800 (400-800 mg per sq.ft.). විය හැකිය.

ෆැරන්හයිට් අංශක 60ක් පමණ වන, හිරු එළියට නිරාවරණව, පිටත නවතා ඇති මෝටර් රථයක බෙන්සීන් මට්ටම මිලිග්‍රෑම් 2000 – 4000 (2000-4000 mg per sq.ft.) ක් වැනි ඉහල අගයකට පත්විය හැකි. එය පිලිගත් මට්ටම මෙන් 40 ගුණයකින් වැඩිය.

වීදුරු වසා ඇති රථයට ගොඩවන ඔබ , ආශ්වාස කරන විට විෂභීජ අධික ප්‍රමාණයක් ඉතා ඉක්මනින් ඔබේ සිරුරට ඇතුළුවීම නොවැලැක්විය හැකිය.

බෙන්සීන් ඔබේ වකුගඩු වලට හා ආමාෂයටද හානි සිදුකල හැකි විෂභී‍ජයකි. වඩාත් දුෂ්කර වනුයේ, මෙම විෂභීජ ඔබේ සිරුරට ඇතුළු වූ විට, එම ද්‍රව්‍යයන් නැවත ශරීරයෙන් පිට කිරීම ඉතාම අපහසු කාර්යයක් වීමය.

ඉතින් මිතුර, ඔබ ඔබේ මෝටර් රථයට ගොඩවීමට පෙර එහි වීදුරු සහ දොර විවර කර මෙම බෙන්සීන් නැමැති මාරාන්තික විෂ ද්‍රව්‍යයන් පලවා හැරීමට වගබලා ගන්න.


කරුණාකර මෙම පණිවිඩය ඔබට හැකි අයුරින් අන් අයට ලබා දෙන්න.
වෙනසක් ඇති කිරීමට ඔබ තවමත් පමා නොවන බව සලකන්න.
කවුරුන් හෝ වටිනාකමක් ඇති යමක් ඔබත් සමගින් බෙදා ගතහොත්,
ඔබ එයින් ප්‍රයෝජණයක් ලබා ගතහොත්, එය අන් අයත් සමග බෙදාගැනීම සදාචාර සම්පන්න බව සලකන්න.
එලෙසින් සිතීම රටේ වගකීමක් ඇති පුරවැසියෙක් ලෙස, ඔබ විසින්, ඔබ ගැන, සිතන බවට, අන් අයට හැඟවෙන මහත්මා ගුණයකි.

40924628.jpg
 
Last edited:

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    බෙන්සන් නෙමෙයි, මේ ඇරෝමැටික වලයට සිංහලෙන් කියන්නෙ බෙන්සීන් කියලා. බෙන්සීන් විතරක් නෙමෙයි. ඕනෑම ඇරෝමැටික කාබනික රසායනිකයක් පිළිකාකාරකයක් ලෙස ක්‍රියා කරන්න පුලුවන්.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බෙන්සීන් kiyala tamayi me chemical ekata kiyane.
    Great work.

    බෙන්සන් නෙමෙයි, මේ ඇරෝමැටික වලයට සිංහලෙන් කියන්නෙ බෙන්සීන් කියලා. බෙන්සීන් විතරක් නෙමෙයි. ඕනෑම ඇරෝමැටික කාබනික රසායනිකයක් පිළිකාකාරකයක් ලෙස ක්‍රියා කරන්න පුලුවන්.

    ස්තූතියි යහළුවනේ........ මම දැනගෙන හිටියෙ නැහැ නම ගැන හරියටම.
    පරිවර්ථනයේ දොෂය ගැන කණගාටුව...... මම වැරැද්ද හැදුව.....
    ස්තූතියි මාව නිවැරදි කලාට.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    its hard to believe that the dashboard and seats would produce Benzene as Bezene is highly flammable. Car makers would hardly use products that can cause the car to catch fire on purpose.

    Still, keeping the windows open for a few minutes is a good idea regardless of this situation.