හනුමා.........

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඔන්න තවත් කථාවක් මතක් උනා......

    ...මේක හනුමට වෙච්ච වැඩක්....

    ඔන්න එක දවසක් උදේ පාන්දරම හරමානිස් දඩි බිඩියෙ යනවා නිමිත්තක් බලන්න යකදුරෙක් ලගට......
    ( නිමිත්තක් කියන්නේ... මොකක් හරි දෙයක් ගැන හෝඩුවාවක් දෙනවා.. හැබැයි මේ හෝඩුවාව දෙන්නේ... යකෙක්ව හරි ප්‍රේතයෙක්ව හරි...... යවලා යි..)

    ඔන්න යකදුරා හා හරමානිස් අතර ඇතිඋන දෙබස.....

    යකදුරා :- " ආහ්... හරමානිස්..... මොකද මේ පැත්තෙ....? "
    හරමානිස් :- " මම මේ නිමිත්තක් බලන්න කියලා ගුරුන්නාන්සෙ ..... "

    යකදුරා :- " එහෙමද.... එහෙනං..... දේවාලෙ ඇතුලට ආවනං...... "
    ..................................................................................


    ඔන්න යකදුරා වැඩේ පටං ගන්නවා.....

    යකදුරා :- " ඕං....... වරවර හනුමන්තා........ අහස ගුගුරුවාගෙන... පොළව පලාගෙන වරවර...?!^$%&()((*&%$^$!$$%&... කළුවර අදුනට වරවර...... ෆුහ්... "

    යකදුරා :- " මොකක් හරි නැතිවෙච්ච දෙයක් ගැන දැනගන්නයි මේ ඇවිත් තියෙන්නේ..  "
    හරමානිස් :- " එහෙයි "

    යකදුරා :- " පන තියන දෙයක් තමයි පෙන්නුම් කරන්නේ.. "
    හරමානිස් :- " එහෙයි "

    යකදුරා :- " කකුල් හතරක් තියන දෙයක් "
    හරමානිස් :- " එහෙයි "

    යකදුරා :- " ඊයෙ රෑ තමයි මේදේ වෙලාතියෙන්නේ "
    හරමානිස් :- " එහෙයි "

    යකදුරා :- " හරකෙක් කියලායි පෙන්නුම් කරන්නේ "
    හරමානිස් :- " එහෙයි "

    යකදුරා :- " හනුමන්තා.......ඕං............ මොනවද දැනගන්න ඕනේ.... ඕං... "
    හරමානිස් :- " හොරු කව්ද කියලා තමයි.. "

    යකදුරා :- " ඕං........ හනුමනුතා......... "

    යකදුරා :- " දෙවට දිගේ තමයි හොරු ඇවිත් තියෙන්නේ... "
    හරමානිස් :- " හ්ම් "

    යකදුරා :- " පාළු ඉඩමක් පෙන්නුම් කරනවා...."
    හරමානිස් :- " හ්ම් "

    යකදුරා :- " කළුයි සුදුයි හරකෙක් පෙන්නුම් කරනවා..."
    හරමානිස් :- " හ්ම් "

    යකදුරා :- " කට්ටියක් පෙන්නුම් කරනවා..."
    හරමානිස් :- " හ්ම් "

    යකදුරා :- " උන්ගෙ අත්වල කඩු එහෙමත් තියනවා..."
    හරමානිස් :- " හ්ම් "

    යකදුරා :- " මල කෙලියයි..... වර වර වර හනුමන්තා.. වර වර... දුවලා වර වර... හයියෙන්... ඔන්න කොටයි... වර වර ......."
    හරමානිස් :- " මොකද.. ගුරුන්නාන්සෙ.....? "

    යකදුරා :- " මොකද තමයි.... යකෝ...... ඒ ගමන හරක් හොරු හනුමන්තට කොටන්න පන්නනවා.... වර වර හයියෙන් දුවලා වර... හනුමන්තා....."
    ................................................................................................
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    patta....lol..වර වර වර හනුමන්තා.. වර වර... දුවලා වර වර... හයියෙන්... ඔන්න කොටයි... වර වර .......