ලෝක ප්‍රසිද්ධ Nike සමාගම වැඩිපුරම ලොව ප්‍රචලිතව ඇත්තේ එහි Nike වෙළඳ නාමය යටතේ එන සපත්තු නිසයි. Nike සමාගම විසින් GPS පහසුකම සහිත iPhone යෙදුම් ගැන මේ දිනවල උනන්දුවක් දක්වමින් සිටිනවා. එනම් iPhone Application භාවිතා කරමින් iPhone සහ iPod හරහා අලුත්ම නිෂ්පාදනයක් එළි දැක්වීමටයි. ඇත්තටම මෙම Application එක ප්‍රධාන වශයෙන්ම පදනම් වන්නේ GPS තාක්ෂණය හරහා දෘශ්‍ය වන ආකාරයට සිතියමක් ධාවකයාට පෙන්වීමයි. ඊට අමතරව ඔබ දුවන අතරතුර ඔබගේ දිවීමේ කාල කළමණාකරණය, දිවීමේ වේගය, ඔබගේ සිරුරෙන් දහනය වන කැලරි ප්‍රමාණය වැනි තොරතුරු ලබා දෙයි.
ඔබ ඇවිදිමින් හෝ දුවමින් සිටින්නේ එක තැන ඇවිදින යන්ත්‍රයක් මත නම් හෝ ඔබ GPS පරාසයෙන් එපිට සිටීනම් එහි ඇති accelerometer එක ආධාරයෙන් ඔබ කැමතිම ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා ඔබව දිරිමත් කරන ආකාරයේ දිරි ගැන්වීම් ඔබට ශ්‍රව්‍ය පතිචාර ලෙස ලබා දෙයි. සමහරවිට ඔබව දිරිමත් කරන්නේ “පෝලා රැඩ්ක්ලිෆ්“ හෝ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් විය හැකියි.
Nike+වෙබ් අඩවිය සහිත platform එක හරහා ධාවකයන්ට තමන්ගේ අසල්වැසි ධාවකයන් සමග ඉතා පහසුවෙන් සම්බන්ධ විය හැකි වන අතර එහෙමත් නැත්නම් ලෝකයේ වෙනත් ඕනෑම කෙනෙකු සමග සම්බන්ධ විය හැකියි. ( වර්තමානයේ Nike සමාගමේ වෙබ් අඩවිය පරිශීලනය කරන්නන් සංඛ්‍යාව මිලියන 3ක් පමණ වේ. )
තවත් සුවිශේෂි ගුණාංගයක් වන්නේ මෙම Application එකෙහි ඇති “Challenge Me” feature එකයි. එය හරියටම පරිගණක ක්‍රීඩාවක් හා සමානයි. ධාවකයන්ට තවත් ධාවකයෙකු හා අභියෝග කොට තමාගේ දිවීමේ වේගය වැඩි කර ගනිමින් තමා ඒ දක්වා ධාවනයේ යෙදුනු දුර ප්‍රමාණය අනෙකා සමග සංසන්ධනය කරමින් තමාවම දිරිමත් කර ගත හැකියි. ඔබ විසින් ධාවනයේ යෙදුනු දුර ප්‍රමාණය, වේගය වැනි තොරතුරු සියල්ල වෙබ් අඩවියේ ගබඩා වේ. ඔබට www.nikeplus.com වෙබ් අඩවිය හා සම්බන්ධ වෙමින් තමාගේ ධාවන තොරතුරු අනෙක් මිතුරන් සමග Twitter හෝ Facebook හරහා හුවමාරු කර ගත හැකියි.
කෙසේ වෙතත් මෙම online support program එක මගින් ඉතා පහසුවෙන් තමාගේ දියුණුව, අරමුණු ඇති කරගැනීම, පුහුණුකරුවන්ගේ වැඩසටහන් ඩවුන්ලෝඩ් කර ගැනීම හෝ දිවීම් අභියෝග වලට සම්බන්ධ වීම වැනි කරුණු පිළබඳව අවබෝධය ඇති කර ගැනීම. ඊට අමතරව වැදගත්ම දේ තමයි ඔබ දුවන අතරතුර පාර වැරදුනොත් ඉක්මණට screen එකට තට්ටු කරලා ඉන්න තැන දැනගන්න පුළුවන් වීමයි.
මෙම Nike+ GPS Application එක ඔබට ඇමරිකානු ඩොලර් 1.99කට Ape Application Store එකකින් මිලදී ගත හැකියි[/CENTER]
_________________________________________________________________
ADSL+2 one port router for sale (with Box) - Rs2500
Sorry For Re Post
© 2011 Load King @ Elakiri.Com
_________________________________________________________________
Last edited:



