ජයසූරියට

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    0.jpg

    ජයසූරියට චෙන්නායි නගරයේ ක්‍රීඩා කරන්න ඉඩදෙන්නේ නෑ -සීමාන්


    ඉන්දියාවේ වෙළඳ ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන සුහද ක්‍රිකට් තරගාවලියක් සඳහා හෙට(25) දිනයෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සහභාගි වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ඉන්දීය"නාන් තමිලන්"කණ්ඩායමේ නායක සෙබස්තියන් සීමාන් දැඩි විරෝධය පළ කර තිබේ.

    අදාළ තරගාවලියෙහි අවසන් තරගය හෙට චෙන්නායි නගරයේ මායාජාල් නම් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා සනත් ජයසූරිය හා අරවින්ද ද සිල්වා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

    නමුත් එම තරගයේදී සනත් ජයසූරිය ක්‍රීඩා කරනු ලැබුවහොත් ක්‍රීඩාංගණය හා අදාළ තරගාවලියට අනුග්‍රහය දක්වන ආයතන වටලා විරෝධතා ව්‍යාපාරයක නියැලෙන බවට සීමාන් අවධාරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ශ්‍රී ලංකාවේ අවතැන් කඳවුරු වල තවමත් ද්‍රවිඩ ජනතාව දුක් විඳින බවත්, එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා ජනාධිපති විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා එවීමෙන් දෙමළ ජනතාව පිළිබඳ වන නොසැලකිල්ල පෙන්නුම් කර ඇති බවට ද ඔහු චෝදනා කරයි.

    අදාළ ක්‍රිකට් තරගය පැවැත්වෙන චෙන්නායිහි මායාජාල් ක්‍රීඩාංගණය රජයේ ක්‍රීඩාංගණයක් බවත්, එම ක්‍රීඩංගණයෙහි ද්‍රවිඩ ජනතාවට අසාධාරණකම් සිදුකළ පුද්ගලයින්ට ක්‍රීඩා කිරීම සඳහා ඉඩලබා නොදෙන බව ද හෙතෙම අවධාරණය කරයි.

    සනත් ජයසූරිය තරගයෙන් ඉවත් කරන ලෙස තමිල්නාඩු රජයෙන් හා තරගය සංවිධානය කරනු ලබන ආයතන වෙතින් ඉල්ලා සිටින බවත්, එසේ නොවුනහොත් ක්‍රීඩාංගණය වටලා විරෝධතාවයක නිරතවන බව සීමාන් සඳහන් කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


    http://www.adaderana.lk/sinhala/news.php?nid=13711#
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ඔය තමිල්නාඩුවේ ඉන්න එක බල්ලෙකුට වත් ලoකාවේ පස් පාගන්න දෙන්න හොද නෑ මුන් ඕන එකටයි එපා එකටයි උඩු බුරලනවා :angry:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,116
    12,088
    113
    Ohio, USA
    hehe....mona huththekda ban muuuu....

    මූත් වයිකෝ වගේම එකෙක්. මූ ගෙදර නැහැ කියන්නේ හිරේ ගියා කියන එකයි.
    හැමදාම මූව පොලිසියෙන් අල්ලලා හිරේ දානවා මූ තමිල්නාඩු ආන්ඩුව විවේචනය කරලා.
    මූ කියන්නේ මුගේ නායකයා ප්‍රභාකරන් කියලයි. පිස්සෙක්.
     

    sachin sadara

    Active member
  • Mar 21, 2010
    609
    83
    28
    ochchara amaruwak lankawata awilla adarayak wath karanna baha jayasuriya aith nagala awa witharai aith kanna hadanawa:D