Paypal එකේ ලංකාව Sent only Country එකක් හැටියට වර්ගීකරණය කරලා
තියෙන්නෙ Paypal එකෙන් නෙමෙයි. ඒකට හේතුව ශ්රී ලංකාවෙ රජයෙ විදේශ මුදල්
ප්රතිපත්ති. ඇත්ත. Paypal වෙතින් අපිට මුදල් ලබාගන්න හැකියාව ලැබුනොත්
එයින් වෙන්නෙ රටේ විදේශ විනිමය වැඩි වෙන එක තමයි. ඒත් මොනයම් හෝ කාරණාවන්
නිසා අතීතයෙදි පණවපු සීමාවන් තමයි තාමත් ක්රියාත්මක වෙන්නෙ. ඒ නිසා මේ
ගැන පැමිණිලි කරන්න ඕනෙ Paypal එකට නෙමෙයි ශ්රී ලංකා රජයට.
ඉන්දියාවෙත් මීට අවුරුදු ගාණකට පෙර මෙවන් සීමාවන් තිබිලා ඉන්දීය රජයෙන් ඒ
සීමාවන් අයින් කරගත්තායින් පසුව තමයි Indian Paypal ගිණුම් වලටත් මුදල්
ලබාගැනීමේ හැකියාව ලැබුණෙ. අපේ රටෙත් මෙම සීමාවන් ළඟදිම ඉවත් විය යුතුයි.
වග කිව යුත්තන්ගෙ නොදැනුවත්කම තමයි බොහෝ දුරට තවමත් මෙම සීමා පැණවීම්
ක්රියාත්මක වීමට හේතුව.
ධනික | Dhanika
http://groups.google.com/group/ebaytrix?hl=en
Join with us !