"Kandapola" The highest Railway Station in Sri lanka????

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන්.:D
    කොහොම හරි පින්තූරයක් හොයාගෙන නේ:P:P
    අපරාදෙ බන් මේ කෝච්චි පාර තිබුන නම් මරු
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]අප්පට හුඩු දැන්නේ දන්නේ.....[/FONT]:baffled:
    [FONT=&quot]අර පට්ටිපොල ට්‍රිප් එකේ එහේ මෙහේ දුව දුව හෙව්වේ මේකද???[/FONT]:P:P:P

    [FONT=&quot]අම්මපා යමු ඊලග පාර ඔය ලාංජනයයි...රේල් පාරේ ඉතිරිවෙච්ච ටිකයි...ඔය පාලම බලන්නයි...මම නම් එකෙන්ම මොකද කියන්නේ???:D:D[/FONT]​
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නියම පොස්ට් එකක්...:)
    මාත් හිතුවේ උසම දුම්‍රිය ස්තානය පට්ටිපොල කියලයි...:yes:
    බලනකොට ඊට වඩා උසින් දැනට පාවිච්චියේ නැති තැනක් තියෙනවනේ...
    :D
     

    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    ලංකාවේ උසම දුම්රිය ස්ථානය මොකද්ද කියලා ඇහුවොත් ලොකු කුඩා හැමෝම දෙන උත්තරේ පට්ටිපොලයි. ඒක සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්. අද වෙනකොට ලංකාවේ උසම දුම්රිය ස්ථානය පට්ටිපොල උනත් ඇත්තටම ලංකාවේ ඉහලින්ම පිහිටලා තිබුන දුම්රිය ස්ථානය මොකද්ද කියලා ඔයලා දන්නවාද? ලංකාවේ ඉහලින්ම පිහිටලා තිබුනේ කඳපොල දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6386 ක් ඉහලින් තමයි කඳපොල දුම්රිය ස්ථානය පිහිටලා තිබුනේ. පට්ටිපොල දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6204 ක් ඉහලින් තමයි පිහිටලා තියෙන්නේ. පට්ටිපොලට කිලෝ මීටර තුන් කාලක් විතර එහායින් තියෙන Summit Level (දුම්රිය මාර්ග පද්ධතියේ අද වෙනකොට තියෙන උසම ස්ථානය. අඩි 6226ක් උසයි.) එකටත් වඩා ඉහලින් තමයි කඳපොල දුම්රිය ස්ථානය පිහිටලා තිබිලා තියෙන්නේ. අද වෙනකොට මේ දුම්රිය ස්ථානය අපිට අහිමි වෙලා තියෙනවා.

    හිතේ දුකෙන් උනත් කියන්න පටන් ගත්තේ ලංකාවේ තිබුන ලස්සනම දුම්රිය මාර්ගය ගැන. බදුල්ල දක්වා දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගය තමයි අද වෙනකොට ලංකාවේ විතරක් නෙමෛ ලෝකෙම ලස්සනම දුම්රිය මාර්ග වලින් එකක් බවටපත් වෙලා තියෙන්නේ. ඒත් මම මේ කියන්න යන දුම්රිය මාර්ගය ගැන විදේශීය විචාරකයන් පොත් පවා ලියලා තියෙනවා. ඒ 1950 වසරේ සම්පූර්ණයෙන් වසා දැමුනු නානුඔය සිට රාගල දක්වා දිවුනු උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය. (Udupussellawa Rail Track - UPR)
    ලංකාවේ තිබුනු ලස්සනම දුම්රිය මාර්ගය මේ මාර්ග කියලා තිමයි විචාරකයන් පවසන්නේ. නමුත් අද වෙනකොට ඒ ලස්සන විඳගන්න අපිට වාසනාව අහිමි වෙලා තියෙනවා.
    මේ දුම්රිය මාර්ගය පටු දුම්රිය මාර්ගයක්. ඒ කියන්නේ පුංචි කෝච්චි පාරක්. Narrow Guage Rail Track එකක් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ.

    අද වෙනකොට මේ මාර්ගයේ එකම සටහනක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. තියෙන එකම සලකුණ පිහිටලා තියෙන්නේ නානුඔය දුම්රිය ස්ථානයේ. නානුඔය දුම්රිය ස්ථානයේ පොළවේ තමයි මේ සලකුන කොටලා තියෙන්නේ. ඒ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ දිශාව දැක්වෙන සලකුණ.

    2hs5j6w.jpg


    මේ දුම්රිය මාර්ගය විවෘත කලේ 1904 වසරේ. නානුඔය, නුවරඑළිය, කඳපොල, බෲක්සයිඩ්, රාගල දක්වා තමයි දුම්රිය මාර්ගය වැටී තිබුනේ. ඉතාමත් අලංකාර සංචාරයක් උනත් මාර්ගයේ වංගු ගතිය නිසාත්, ඉහල වැඩි බව නිසාත් මගීන්ට ටිකක් අමාරු සංචාරයක් වෙලා තියෙනවා. වසර 36ක් මගීන් වෙනුවෙන් විවෘතවෙලා තිබුන මේ මාර්ගය මගී ප්‍රවාහනය වෙනුවෙන් 1940 වසරේ වසා දමනවා. ඉන් වසර 10කට පස්සේ ඒ කියන්නේ 1950 වසරේ මේ අලංකාර දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමනවා.
    :( :( :(

    අද වෙනකොට නුවරඑළිය, බෘක්සයිඩ්, රාගල දුම්රිය ස්ථාන වෙළඳසැල් බවට පත්වෙලා. නුවරඑළිය රේස්කෝස් පිටිය අසල යකඩ පාලම නම් තවමත් එලෙසම පවතිනවා.

    Image from Flickr
    Thanks Harsha Herath

    Mama danna deyak kiyanam..
    api kattiyak trip 1 giya ohiya...
    night mail 1
    pattipola station 1 ewelawe(3.30 am) nuwaraeliyata wada sithlai...
    amuthu hulagak enawa...eka mara amarui....husma ganath amaru wenawa....
    anika ohiya pathata ira payanakota mara lasanai....
    mama dakka elakiri 1 kauru hari pic wagayak dala thibba..
    :D:D:D:D:D:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    [FONT=&quot]අප්පට හුඩු දැන්නේ දන්නේ.....[/FONT]:baffled:
    [FONT=&quot]අර පට්ටිපොල ට්‍රිප් එකේ එහේ මෙහේ දුව දුව හෙව්වේ මේකද???[/FONT]:P:P:P

    [FONT=&quot]අම්මපා යමු ඊලග පාර ඔය ලාංජනයයි...රේල් පාරේ ඉතිරිවෙච්ච ටිකයි...ඔය පාලම බලන්නයි...මම නම් එකෙන්ම මොකද කියන්නේ???:D:D[/FONT]​

    :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thnx for the info... rep+++

    Thanks

    නියමයි මචන්.:D
    කොහොම හරි පින්තූරයක් හොයාගෙන නේ:P:P
    අපරාදෙ බන් මේ කෝච්චි පාර තිබුන නම් මරු

    සිරාවටම ඔව්. යන්න ඕනා කලින් කිව්වා වගේ අපේ සැට් එකත් එක්ක.
    උඹ කවදා වගේද එන්නේ?

    [FONT=&quot]අප්පට හුඩු දැන්නේ දන්නේ.....[/FONT]:baffled:
    [FONT=&quot]අර පට්ටිපොල ට්‍රිප් එකේ එහේ මෙහේ දුව දුව හෙව්වේ මේකද???[/FONT]:P:P:P

    [FONT=&quot]අම්මපා යමු ඊලග පාර ඔය ලාංජනයයි...රේල් පාරේ ඉතිරිවෙච්ච ටිකයි...ඔය පාලම බලන්නයි...මම නම් එකෙන්ම මොකද කියන්නේ???:D:D[/FONT]​

    එකෙංම. යමං. උඹ ඕන අස්සක මාත් එක්ක රිංගන්න එනවානේ.

    නියම පොස්ට් එකක්...:)
    මාත් හිතුවේ උසම දුම්‍රිය ස්තානය පට්ටිපොල කියලයි...:yes:
    බලනකොට ඊට වඩා උසින් දැනට පාවිච්චියේ නැති තැනක් තියෙනවනේ...
    :D

    ඔව්. අපේ අවාසනාවට මේවා නැති උනේ.

    mata mathakai dawasak daa ekek ekka oya sign eka hoyanna maha paandara naanu oya station eke watema karakuna

    :shocked:
    මල්ලී :love:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    k. perera back in action :D ela math oka gena nam denam hitiye ne .. hebei punchi kochiya genanam dannwa .. eke staion den okkoma kadawal wela .... e para thibbanam ada modify karala ganna thibba ehanam Dargilin kochchi paara wage thiyewi ....

    thnx matchan :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    k. perera back in action :D ela math oka gena nam denam hitiye ne .. hebei punchi kochiya genanam dannwa .. eke staion den okkoma kadawal wela .... e para thibbanam ada modify karala ganna thibba ehanam Dargilin kochchi paara wage thiyewi ....

    thnx matchan :D

    Darjeeling රේල් ට්‍රැක් එක වගේම තමයි මේකත් තිබිලා තියෙන්නේ. අවිස්සාවේල්ල පාරත් ඕපනායකරම ඉස්සර දුවලා තියෙනවා. ඒක හැමෝම දන්නවා ඇති. මට නම් හරිම දුකයි මේ ට්‍රැක් එක ගැන.

    කෝ. පෙරේරා බැක් ටු වර්ක්. ;)