වැරදි කර අතීතයේ
යලි යලි මැරි මැරී
නැවත උපදින
චුදිතයෙකුට
කාල යන්ත්‍රයක්
උවමනා කර තිබේ!
"අනවශ්‍ය දෙයක්
සිදුවුනේ
සමාව දෙන්න එපා
දෙයියනේ,,,
ඇත්තු ලවා අද්දල හරි
සදොස් නිදොසට
ආපහු අතීතය
ගෙන්වීම වස්,
විද්‍යාඥයෙක්
දාර්ශනිකයෙක්
මායාකාරියෙක්
අනේ කව්රුහරි
හදා දෙන්න
කාල යන්ත්‍රයක්"




