>>දැන්වීමයි<<

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell


    daliclock.jpg



    වැරදි කර අතීතයේ
    යලි යලි මැරි මැරී
    නැවත උපදින
    චුදිතයෙකුට
    කාල යන්ත්‍රයක්
    උවමනා කර තිබේ!

    "අනවශ්‍ය දෙයක්
    සිදුවුනේ
    සමාව දෙන්න එපා
    දෙයියනේ,,,

    ඇත්තු ලවා අද්දල හරි
    සදොස් නිදොසට
    ආපහු අතීතය
    ගෙන්වීම වස්,

    විද්‍යාඥයෙක්
    දාර්ශනිකයෙක්
    මායාකාරියෙක්
    අනේ කව්රුහරි
    හදා දෙන්න
    කාල යන්ත්‍රයක්"