සිනා කතා 2011_02_20

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    sina-katha.jpg


    ඒවා නං නෑ


    නිවෙසට අවශ්‍ය මස්, මාළු, එළවළු ආදිය මිලදී ගැනීමට හන්දියේ කඩවීදිය වෙත ගිය චÁද්‍රසිරි, හරක් මස් රස බැලීමේ අදහසින් නසාර් නානා ගේ හරක් මස් කඩය වෙත ගොස් මස් කිලෝවක් ඉල්ලීය.

    තමා වෙත ලැබුණු මස් පාර්සලය දිග හැර බැලූ හෙතෙම එහි මස්වලට වඩා ඇත්තේ කටු බැව් දැක නසාර් නානා වෙත මස් ටික දිගු කොට කෝපයෙන් මෙසේ කීය.
    ’බලනවා මුදලාලි, මේකෙ මස්වලට වඩා තියෙන්නෙ කටුනෙ. සල්ලිත් අරගෙන තමුසෙලා විකුණන්නෙ ඕවද අයිසෙ?’ තමුසෙලා ළඟ මිනිස් කං ඇත්තෙම නැද්ද ඕයි.’
    ’තරහා ගන්ඩ එපා මාතිය, මාත්තියාට කියන්ඩ යපිලා ළඟ මිනිස් කන් නං නෑ. හරක් කන් තමා තියෙනවා.’ නානා කීවේය.

    :shocked::yes:

    සදහටම හිරේ


    ’ෂ! දැන් උඹේ මූණත් එක්ක එළිය වැටිලා. මොකෝ මේ.’ චමිල ටික කලකට පසු හමුවූ රොෂාන්ගෙන් ඇසුවේය.

    ’මං ගිය මාසෙ කසාද බැන්ඳ නෙ.’ රොෂාන් පිළිතුරු දුන්නේ සතුටිනි.
    ’කසාඳ බැඳිල්ලත් හරියට හිරේ වැටෙනවා වගෙ වැඩක් නේද රොෂාන්.’ කසාදය පිළිබඳ අදහස දිනෙන් දින කල් දමමින් සිටින චමිල තම මිතුරාගෙන් විමසීය.
    ’ඒක මහා බොරු කතාවක් චමිල.’ රොෂාන් කීවේ සිනාසෙමිනි.
    ’ඒ මොකද උඹ එහෙම කියන්නෙ?’ කුතුහලයෙන් යුතුව චමිල විමසීය.
    ’හිරේ ගියොත් කවදා හරි නිදහස් වෙනවනෙ බං.’ රොෂාන් කීවේය.

    :eek::baffled:

    මූණේ සංඥාව


    ’තමුසෙ රැවුල කපන විදිහ ගැන මගෙ නං ඒ හැටි පැහැදීමක් නැහැ. දැන් ගිය මහත්තයගෙ රැවුල කපද්දි මූණෙ දෙපැත්තම කැපිලා ලේ එනවා මම දැක්කා. ’ චමිල බාබර් හට කීවේ අවඥාවෙනි.

    ’ආ ඒකද? ඒ මහත්තයගෙ නෝනා එක්ක මගෙ සම්බන්‍ධයක් තියෙනව නෙ, ඒකයි.’ බාබර් ගණනකට නොගෙන සැහැල්ලුවෙන් කීවේය.
    ’මොනවා...? ඒ සම්බන්ධෙයි මූණ කැපිල්ලෙයි තියෙන සම්බන්‍ධය මොකක්ද?’ චමිල ඇසුවේ බලවත් විමතියෙනි.
    ’මහත්තයාගෙ මූණ බැලුවාම නෝනා දැනගන්නවා මම අද රෑට ගෙදර එනවයි කියල.’ බාබර් කීය.

    :shocked::rofl:

    අල්ලස්


    අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනෙකු මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ අංශය වෙත පැමිණියේ තම අනන්‍යතාව කිසිවකු හට දැන නොගන්නට වගබලා ගනිමිනි.

    ඉන් එක් නිලධාරියකු එම අංශයේ කාර්යාල කාර්ය සහායකයකු වූ සුගත් වෙත කිට්ටු කළේ ය.
    ’අයිසෙ තමුසෙ මට මේ ඔෆීස් එකේ අල්ලස් ගන්න අයගේ නම් ලැයිස්තුවක් ලියලා හොරෙන්ම මට ගෙනත් දෙන්ඩ ඕනෙ.’ ඔහු සුගත්ගේ කනට කෙඳිරි ගෑවේ ඉතා රහසිගතවය.
    ’ඕක සුළු දෙයක් නෙ සර්. මං මෙහේ ඉන්න සේරම ජරාබායිලගෙ නම් ලැයිස්තුවක් හදලා සර්ට දෙන්නං. හොඳයි සර් මට කීයක් දෙනවද?’ සුගත් ඇසීය.

    :shocked::lol:

    ~~සිළුමිණ~~
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land



    මූණේ සංඥාව


    ’තමුසෙ රැවුල කපන විදිහ ගැන මගෙ නං ඒ හැටි පැහැදීමක් නැහැ. දැන් ගිය මහත්තයගෙ රැවුල කපද්දි මූණෙ දෙපැත්තම කැපිලා ලේ එනවා මම දැක්කා. ’ චමිල බාබර් හට කීවේ අවඥාවෙනි.

    ’ආ ඒකද? ඒ මහත්තයගෙ නෝනා එක්ක මගෙ සම්බන්‍ධයක් තියෙනව නෙ, ඒකයි.’ බාබර් ගණනකට නොගෙන සැහැල්ලුවෙන් කීවේය.
    ’මොනවා...? ඒ සම්බන්ධෙයි මූණ කැපිල්ලෙයි තියෙන සම්බන්‍ධය මොකක්ද?’ චමිල ඇසුවේ බලවත් විමතියෙනි.
    ’මහත්තයාගෙ මූණ බැලුවාම නෝනා දැනගන්නවා මම අද රෑට ගෙදර එනවයි කියල.’ බාබර් කීය.

    :shocked::rofl:



    නව සන්නිවේදනය....:P:P:P