පූසා !
"අම්මේ බ යන්න ළ යන්න ලා යන්න මොකක්‌ද?"
පුංචි පුතා මුළුතැන්ගෙයි සිටි සිය මවගෙන් ඇසුවේය.
"ඔය පොතේ රූපෙ උඩින් ඇඳල ඇති පුතේ"
අම්මා පිළිතුරු දුන්නාය.
පොතේ රූපය දෙස බලාගෙන පුතා මෙසේ කියාගෙන ගියේය.
"බ යන්න ළ යන්න ලා යන්න පූසා...."

ගෙවල් හිඟය!
එකම ගෙය දෙවරක් බිඳීමේ චෝදනාව යටතේ අධිකරණය වෙත පමුණුවන ලද චුදිතයෙකි.
විනිසුරු - යුෂ්මතා එකම ගෙය දෙවරක් බින්දාය කියන්නෙ ඇත්තද?
චූදිතයා - ඔව් ස්‌වාමිනි මේ නගරයේ දැඩි නිවාස හිඟයක් තිබෙන බැව් ඔබතුමාට පේන්නෙ නැද්ද?

ජාතියක උපත!
මිතුරෝ දෙදෙනෙක් දරු උපත් ගැන කතා බස් කරමින් සිටියහ.
පළමුවැන්නා- "ත්‍රී මස්‌කටියර්ස්" කියන පොත කියෙව්වට පස්‌සෙ මාලිනිට තුන් නිවුන් දරු උපතක් සිදුවූණාලු
දෙවැන්නා - දෙයියනේ මගෙ බිරිඳ ඊයේ රාත්‍රි කියවමින් සිටියේ "බර්ත් ඔෆ් අ නේෂන්" කියන පොත"

මොන ලෙඩේද ?
රෝගියා - මට අතිශයින්ම දුර්වල මතකයක් තියෙන්නේ. මම යමක් කියූ විගසම මට ඒක මුළුමනින්ම අමතක වෙනවා
වෛද්‍යවරයා - මේ ලෙඩේ තියෙන්නෙ කොච්චර කාලයක ඉඳලද?
රෝගියා - මොන ලෙඩේද?

ඔහු ජනාධිපති වුණා!
ගණිතයට අඩුම ලකුණු ගත් ශිෂ්‍යයා අමතමින් ගුරුවරයා මෙසේ පැවැසීය.
"ජෝර්ඡ් වොෂිංටන් ඔබේ වයසේ ඉන්න කොට ඔහු මිනින්දෝරු රැකියාව කළා."
"ඒක මම දන්නව සර්.... ඔබේ වයසෙ ඉන්න කොට ඔහු ඇමෙරිකාවේ ජනාධිපති බවට පත්වුණා ඔබ දන්නවද?"
ශිෂ්‍යයා උස් හඬින් එසේ ඇසුවේය.