Wordpress මුල සිට සරලව

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    wordpresslogo.png



    මොකක්ද මේ Wordpress කියන්නේ?
    Wordpress කියන්නේ PHP, MySQL භාවිතා කරල නිර්මාණය කරපු Content Management System (CMS) එකක්. මූලිකවම මෙහි අරමුණ වුනේ අන්තර්ජාලයේ බ්ලොග් ලියන්නන්ට තමන්ගේ වැඩකටයුතු පහසුවෙන් සිදුකරගැනීමට හැකි platform එකක නිර්මාණය කරලා දීමයි. ඒත් පස්සේ කාලෙදී Wordpress වල තිබුණු ගතිගුණ නිසා බ්ලොග් ලිවීමේ කටයුත්තට අමතරව වෙනත් විවිධ වෙබ් අඩවි සම්බන්ධ කටයුතු රාශියක් සඳහා යොදා ගැනීමට පරිශීලකයන් පෙළඹුනා.

    Blogging වලට අමතරව Wordpress වෙන මොනවා සඳහාද යොදාගන්නේ?


    • පෞද්ගලික වෙබ් අඩවි නිර්මාණය කිරීමට
    • Portfolio නිර්මාණය කිරීමට(විශේෂයෙන්ම ඡායාරූප ශිල්පීන්, වෙබ් සංවර්ධකයින්, ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් තමන්ගේ නිර්මාණ ලෝකයට ඉදිරිපත් කිරීම සඳහා)
    • Ecommerce වෙබ් අඩවි නිර්මාණය කිරීමට
    • සමාජ-ජාල වෙබ් අඩවි නිර්මාණය කිරීමට (Social Networking Sites)
    • සහ තවත් වැඩකටයුතු රාශියකට...
    Wordpress භාවිතයේ ඇති වාසි මොනවාද?

    • මෙහි කේතය PHP සහ MySQL මත පදනම්ව ලියවුණු විවෘත හා නිදහස් එකක්. ඒ නිසා ඕනෑම කෙනෙකුට නොමිලේ ලබාගෙන භාවිතා කළ හැකියි.
    • Wordpress හි කේතය ඉතාමත් හොඳින් documentation කර ඇති බැවින් පහසුවෙන් එය සම්බන්ධ අවබෝධයක් ලබාගත හැකියි.
    • Joomla හෝ Drupal වැනි අනෙක් CMS වලට වැඩිය Wordpress ඉතා වේගවත්.
    • Wordpress හි customizations ඉතාම පහසුවෙන් සිදු කරන්න පුලුවන්.
    • Wordpress සඳහා දහස් ගණනක් නොමිලේ සහ මුදල් අය කර ලබා දෙන plugins ඇති අතර එම සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.
    • Wordpress සඳහා දහස් ගණනක් නොමිලේ සහ මුදල් අය කර ලබා දෙන themes ඇති අතර එම සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.
    • PHP සහ MySQL මත පදනම්ව ඇති බැවින්, basic hosting package එකක වුවත් host කරන්න පුලුවන්.
    • Wordpress හි උදවි සඳහා (help) ඇති Forums, Communities, Web sites ගණන ඉතා විශාලයි.
    Wordpress භාවිතා කරන්නේ කවුද?

    • බ්ලොග් ලියන්නන්
    • පෞද්ගලික වෙබ් අඩවි සංවර්ධකයින්
    • ඡායාරූප ශිල්පීන්, කලාකරුවන් සහ තවත් බොහෝ පිරිසක්...
    • මේ වන විට Wordpress භාවිතා කරන අන්තර්ජාතික ආයතන අතර eBay, CNN, Adobe Blogs ආදිය දක්වන්න පුලුවන්.
    Wordpress මගින් නිර්මාණය කරන ලද අඩවි වලට උදාහරණ මොනවාද?

    Wordpress ගැන සරල අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඊළඟ post එකෙන් බලමු කොහොමද Wordpress server එකක් තුළ ස්ථාපනය කරගන්නේ කියලා.
    මේ සඳහා...

    • සාමාන්‍ය PHP,MySQL දැනුමක්,
    • Apache server එක පිළිබඳ දැනුමක් (IIS වුනත් කමක් නැහැ),
    • Client - Server architecture එක ගැන දැනුමක්,
    • Photoshop පිළිබඳ පොඩි හෝ දැනුමක්
    • තියෙනවා නම් පහසු වේවි...
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    හරි... දැන් අපි කරන්‍න යන්නේ Wordpress test කරලා බලන්න අවශ්‍ය වෙන web server (මම මෙතනදී භාවිතා කරන්නේ Apache web server එක.) එක සහ database server (MySQL) එක PHP සමග අපේ local PC එකේ setup කරගන්න. මොකද හැමෝටම Internet එකෙන් සල්ලි දීලා ගත්ත hosts සහ domain names තියේවි කියලා අපට හිතන්න බෑනේ. එහෙම තිබුණත්, මේ වගේ testing වැඩකට එකපාර සල්ලි දීලා ගත්ත server එකක් use කරන එකනම් එච්චර අනුමත කරන්න බැහැ. හැබැයි ඔයාලා එහෙම දේකට කැමතිනම් මේ පියවර පන්නලා ඊළඟ post එකේ ඉඳලා කියවන්න පටන් ගන්න. මොකද මම මේ කරන්න යන දේ Internet එකේ තියෙන Web server එකක by default setup වෙලා තියෙන්නේ.

    මේ servers ටික setup කරගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා.

    1. අදාළ මෘදුකාංග තුන වෙන වෙනම install කරලා configure කරගන්න එක
    2. All-in-one bundle එකක් (WAMP වගේ) එකපාරම install කරගන්න එක
    මම මේකෙන් භාවිතා කරන්න යන්නේ දෙවෙනියට කියපු ක්‍රමය. මොකද මේක සෑහෙන්න ලේසි වැඩක්. පළවෙනි ක්‍රමයට වැඩේ කරන්න ගියොත් ටිකක් වැඩිපුර මහන්සි වෙන්න සිද්ධ වෙනවා.

    සටහන :- WAMP යනු Windows, Apache, MySQL, PHP යන වචන වල මුල් අකුරු වලින් සෑදුන වචනයක්. මතක තියාගන්න... WAMP භාවිතා කරන්න පුලුවන් Windows Install කරලා තියෙන පරිගණකයක විතරයි. ඔයාලා Linux හෝ Mac OS එක භාවිතා කරනවනම් මේ සඳහා විකල්පයක් ලෙස XAMP යොදා‍ගන්න පුලුවන්. (මම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මත XAMP ස්ථාපනය පිළිබඳ ලියපු blog සටහනක් මෙතනින් කියවන්න පුලුවන්. Mac සමග නම් මම වැඩකරලා නැති නිසා එය මත XAMP හෝ අදාළ මෘදුකාංග install කරන විදිහ ගැන නම් මට අත්දැකීමක් නැහැ.)

    WAMP පරිගණකයේ install කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

    • http://www.wampserver.com/en/download.php ඔස්සේ තමන්ගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන (එනම් 64bit හෝ 32bit වශයෙන්) version එක download කරගන්න.
    • ලැබෙන .exe ගොනුව double click කරලා සාමාන්‍ය මෘදුකාංගයක් install කරන විදිහට install කරන්න (Settings හදන්න තියෙන තැන්වල default settings ඒ විදිහටම තියෙන්න දෙන්න. මම මෙතනදී හිතනවා ඔයාලා WAMP හි default installation path එක වෙනස් කරන්නේ නැතුව install කළා කියලා. ඒ කියන්නේ දැන් wamp install වෙලා තියෙන්නේ C:\WAMP කියන ස්ථානයේ.).
    • ඊට පස්සේ Desktop එක මත‍ට එන "Start WAMP Server" කියන icon එක double click කරලා server එක (ඒ කියන්නේ Apache සහ MySQL server එක start කරගන්න පුලුවන්. මේ servers දෙකම windows වල services විදිහට තමයි run වෙන්නේ.)
    • වැඩ කටයුතු ටික සාර්ථකව සිද්ධ වුනානම් taskbar එකේ notification area එකට එන WAMP icon එක සුදු පාටින් පේන්න ඕනේ. හදිස්සියේවත් එම icon එක රතුපාටින් හෝ කහපා‍ටින් පෙන්වනවානම් කිසියම් server එකක් නිවැරදි ලෙස start වී නැහැ කියලයි warn කරන්නේ.

    servicess.png



    එහෙම warnings මුකුත් නැත්නම් තමන්ගේ default web browser එක open කරලා http:\\localhost කියන address එක type කරලා enter කරන්න. බලන්න පහත රූපයේ පරිදි වෙබ් පිටුවක් පෙන්වනවාද කියලා? එහෙමනම් මෙච්චර වෙලා කරපු වැඩටික සාර්ථකයි. දැන් තියෙන්නේ මේ Server එක මත Wordpress පිහිටුවීමයි. අපි ඊළඟ post එකෙන් බලමු මේක කරන්නේ කොහොමද කියලා.

    wamphome.png

     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    icon eka kola patin watenne ai?
    ම්.... icon එක කොළපා‍ටට වැටෙනවා නම් මම දැකලා නැහැ... මේ තියෙන්නේ WAMP ගැන ලියවුන complete guide එකක්. පොඩ්ඩක් ඒක refer කරලා බලන්න...
    http://www.tagbytag.org/tutorials/getting-started/web-design-software/wamp-guide

    ඔයාගේ localhost ගියහම WAMP default page එක පෙන්නනවද?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,947
    24,365
    113
    tracing Geo-location.. ... ...
    ම්.... icon එක කොළපා‍ටට වැටෙනවා නම් මම දැකලා නැහැ... මේ තියෙන්නේ WAMP ගැන ලියවුන complete guide එකක්. පොඩ්ඩක් ඒක refer කරලා බලන්න...
    http://www.tagbytag.org/tutorials/getting-started/web-design-software/wamp-guide

    ඔයාගේ localhost ගියහම WAMP default page එක පෙන්නනවද?


    ow.eka nam pennanawa.mama use karanne 32bit..thanks
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Wordpress download කරගන්න www.wordpress.org වෙබ් අඩවියට පිවිසෙන්න. මෙහිදී මෘදුකාංගය zip හෝ tar.gz ගොනුවක් ලෙස download කිරීමට ලබාදෙනවා. මෙය ලියන වෙලාවේ Wordpress හි 3.0.5 වන සංස්කරණයයි නිකුත්ව පවතින්නේ. විශාලත්වය ~3 MB විතර වෙනවා.

    Download කරගෙන ඉවර වුනාට පස්සේ තම තමන් Wordpress install කරපු directory එක‍ට යන්න (මගේ නම් C:\wamp). එහි තියෙනවා www නමින් folder එකක්. Download කරගත් zip ගොනු ඇතුලේ තියෙන "wordpress" කියන folder එක මෙතෙනට extract කරගන්න.

    wampc.jpg




    දැන් මේ Wordpress කියන folder එක තමන් කැමති නමකට (උදා:- mysite) rename කරගන්න.

    ඊටපස්සේ web browser එක open කරගෙන http://localhost/<folder එකට ලබාදුන් නම> (උදා:-http://localhost/mysite) ගහලා බලන්න Wordpress වලින් error එකක් ලබා දෙනවාද කියලා. එහෙම error එකක් Wordpress වලින් ලබාදෙනවා නම් මෙතෙක් සිදුකළ වැඩටික සාර්ථකයි. දැන් අපි මේ සඳහා අවශ්‍ය database එක හදාගනිමු.

    Browser එකේ අලුත් tab එකක් open කරගෙන http://localhost/phpmyadmin වෙත යන්න. මේ MySQL server එකේ administration tasks සිදු කිරීම සඳහා ලබාදී තිබෙන web based control panel එකක් කිවුවොත් නිවැරදි. මෙහි සෑහෙන සැකසුම් ප්‍රමාණයක් අඩංගු UI එකක් තිබුණත් අපි database එකක් නිර්මාණය කිරීමේ පියවර විතරක් මෙතනදී සළකා බලමු.

    phpmyadmin.jpg



    මෙහි අංක 1 යනුවෙන් සඳහන් තැනට තමන් හදන්න යන database එකේ නම ලබා දෙන්න. මෙය මතක තබාගත හැකි unique නමක් විය යුතුයි (උදා :- mysitedb).
    ඊට පස්සේ එතනම එහා පැත්තේ තියෙන Create කියන button එක click කරලා database එක හදන්න පුලුවන්.
    නිවැරදිව database එක නිර්මාණය වුනානම් අංක 2 කියන ස්ථානයේ අලුතින් හදපු database එක list වෙලා තියේවි.

    Database එක නිවරදිව හැදුවට පස්සේ ආපහු යන්න අපේ site එක තියෙන URL එකට. ඒකේ තියෙන Wordpress error message එකේ තියෙන Create Configuration File කියන button එක click කරන්න. එතනින් එන screen එකේදී Wordpress install කරන්න ඔබ විසින් සැපයිය යුතු දේවල් පිළිබඳ ලැයිස්තුවක් ලබා දෙනවා. ඒකෙත් Let's Go කියන button එක ඔබලා ඉස්සරහට යන්න.


    dbconfig.jpg



    1. මෙතැනට තමන් නිර්මාණය කළ database එකේ නම ලබාදෙන්න.
    2. මෙතැනට ඇතුළත් කළ යුත්තේ MySQL හි user කෙනෙකු ගේ නමයි. අපි මෙතැනදී MySQL හි පවතින default user කෙනෙක් වෙන root නම් user භාවිතා කරමු.
    3. සාමාන්‍යයෙන් WAMP install වීමේදී root වෙනුවෙන් password එකක් assign කරන්නේ නැහැ. ඒ නිසා අපි එතැන හිස් තැනක් තියමු.
    4. Database host එකත් වෙනස් කරන්න එපා.
    5. Table prefix එක කැමතිනම් පමණක් වෙනස් කරන්න.
    6. අවසාන වශයෙන් ඉස්සෙල්ලා enter කරපු data ටික submit කරන්න.

    ඔයාලා නිවැරදි තොරතුරු ලබාදීලා තිබුණොත් ඊළඟ screen එකේදී database connection එක සාර්ථක බවත්, Wordpress install කිරීමට සූදානම් බවත් කියලා message එකක් පෙන්වාවි.

    wpinstall.jpg



    දැන් තියෙන්නේ Run the Install button එක click කරලා Wordpress installation එකට අවශ්‍ය admin details ලබා දෙන්නයි. ඒ කියන්නේ Site එකේ නම, admin password එක, admin email ආදී වශයෙන්. මේ details හොඳට මතක තියාගෙන submit කරන්න.

    wpinstall2.jpg


    ස්වල්ප වේලාවකින් Wordpress installation එක සාර්ථක වුන බවත්, admin panel එකට log විය හැකි බවත් කියමින් message එකක් දිස්වේවි.

    wpinstallsuccess.jpg


    දැන් ගිහිල්ලා බලන්න අපේ site එකට කොහොමද පෙනුම කියලා (උදා:- http://localhost/mysite)... Wordpress install කිරීමේ කටයුතු මෙතනින් අවසන් වෙනවා... මීට පස්සේ තියෙන්නේ තමන්ට අවශ්‍ය පරිදි configurations ටික කරගන්නයි.

     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ටික කාලයක් මේ thread එක update කරන්න බැරි වුන එක ගැන සමාවෙන්න ඕනේ. විභාග කටයුතු සහ රැකියා ස්ථානයේ තරමක් කාර්යබහුල වීම නිසයි ප්‍රමාද වීම සිද්ධ වුනේ.

    අපි අන්තිමට නැවැත්තුවේ wordpress තමන් locally setup කරගනිපු WAMP server එකට install කිරීමෙන්නේ... අද එතැන ඉඳලා ඉස්සරහට කරන දේවල් ගැන දැන් බලමු.

    මේ වෙනකොට wordpress තමන් විසින්ම site එක‍ට theme එකක් apply කරලා sample post එකක් සහ comment එකක් add කරලා තියෙනවා. ඒක බලන්න පුලුවන් http://localhost/mysite කියන ලිපිනයට‍ ගියොත්. (මතක තියාගන්න, මේක වැඩකරන්න ඔයාලා තමන්ගේ PC එකේ WAMP server එක start කරලා තියෙන්න ඕනේ.). මේ ලිපිනයෙන් යන්නේ තමන් හදන web site එකේ front-end එකට. ඒ කියන්නේ visitor කෙනෙක් තමන්ගේ site එකට ආවහම පේන්නේ මේ කියන front-end එකයි.

    ඊ ළඟට web site එකේ සියලුම editing සිදු කරන්නේ back-end එකෙයි. මේකට සාමාන්‍ය visitor කෙනෙක්ට access කරන්න බෑ. Username සහ password එකක් දාලා access restrict කරලයි තියෙන්නේ. වෙබ් අඩවියට content එකතු කිරීම, theme මාරු කිරීම සහ edit කිරීම, plugins install සහ activate කිරීම, site එකේ configurations කිරීම කියන සියලුම දේවල් මෙතන ඉඳලා සිදුකරන්න පුලුවන්.

    Back-end එක access කරන්න http://localhost/mysite/wp-admin කියන ලිපිනයට යන්න. මෙතනදී log වෙන්න username සහ password ඉල්ලනවා. මේ සඳහා අපි wordpress install කිරීමේදී ලබාදුන් username සහ password එක ලබාදීලා log වෙන්න පුලුවන්.