මොකක්ද මේ Wordpress කියන්නේ?
Wordpress කියන්නේ PHP, MySQL භාවිතා කරල නිර්මාණය කරපු Content Management System (CMS) එකක්. මූලිකවම මෙහි අරමුණ වුනේ අන්තර්ජාලයේ බ්ලොග් ලියන්නන්ට තමන්ගේ වැඩකටයුතු පහසුවෙන් සිදුකරගැනීමට හැකි platform එකක නිර්මාණය කරලා දීමයි. ඒත් පස්සේ කාලෙදී Wordpress වල තිබුණු ගතිගුණ නිසා බ්ලොග් ලිවීමේ කටයුත්තට අමතරව වෙනත් විවිධ වෙබ් අඩවි සම්බන්ධ කටයුතු රාශියක් සඳහා යොදා ගැනීමට පරිශීලකයන් පෙළඹුනා.
Blogging වලට අමතරව Wordpress වෙන මොනවා සඳහාද යොදාගන්නේ?
- පෞද්ගලික වෙබ් අඩවි නිර්මාණය කිරීමට
- Portfolio නිර්මාණය කිරීමට(විශේෂයෙන්ම ඡායාරූප ශිල්පීන්, වෙබ් සංවර්ධකයින්, ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් තමන්ගේ නිර්මාණ ලෝකයට ඉදිරිපත් කිරීම සඳහා)
- Ecommerce වෙබ් අඩවි නිර්මාණය කිරීමට
- සමාජ-ජාල වෙබ් අඩවි නිර්මාණය කිරීමට (Social Networking Sites)
- සහ තවත් වැඩකටයුතු රාශියකට...
- මෙහි කේතය PHP සහ MySQL මත පදනම්ව ලියවුණු විවෘත හා නිදහස් එකක්. ඒ නිසා ඕනෑම කෙනෙකුට නොමිලේ ලබාගෙන භාවිතා කළ හැකියි.
- Wordpress හි කේතය ඉතාමත් හොඳින් documentation කර ඇති බැවින් පහසුවෙන් එය සම්බන්ධ අවබෝධයක් ලබාගත හැකියි.
- Joomla හෝ Drupal වැනි අනෙක් CMS වලට වැඩිය Wordpress ඉතා වේගවත්.
- Wordpress හි customizations ඉතාම පහසුවෙන් සිදු කරන්න පුලුවන්.
- Wordpress සඳහා දහස් ගණනක් නොමිලේ සහ මුදල් අය කර ලබා දෙන plugins ඇති අතර එම සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.
- Wordpress සඳහා දහස් ගණනක් නොමිලේ සහ මුදල් අය කර ලබා දෙන themes ඇති අතර එම සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.
- PHP සහ MySQL මත පදනම්ව ඇති බැවින්, basic hosting package එකක වුවත් host කරන්න පුලුවන්.
- Wordpress හි උදවි සඳහා (help) ඇති Forums, Communities, Web sites ගණන ඉතා විශාලයි.
- බ්ලොග් ලියන්නන්
- පෞද්ගලික වෙබ් අඩවි සංවර්ධකයින්
- ඡායාරූප ශිල්පීන්, කලාකරුවන් සහ තවත් බොහෝ පිරිසක්...
- මේ වන විට Wordpress භාවිතා කරන අන්තර්ජාතික ආයතන අතර eBay, CNN, Adobe Blogs ආදිය දක්වන්න පුලුවන්.
- http://www.kimonhotelathens.com/
- http://www.wevio.com/
- http://www.visualquimia.com.ar/
- http://www.altimea.com/
- මේ කිහිපයක් පමණයි....
මේ සඳහා...
- සාමාන්‍ය PHP,MySQL දැනුමක්,
- Apache server එක පිළිබඳ දැනුමක් (IIS වුනත් කමක් නැහැ),
- Client - Server architecture එක ගැන දැනුමක්,
- Photoshop පිළිබඳ පොඩි හෝ දැනුමක්
- තියෙනවා නම් පහසු වේවි...
Last edited:

