අද තමා මගේ 500 වෙනි පොස්ට් එක දැම්මේ. ඉතින් මම හිතුවා අද වෙනස්ම ත්‍රෙඩ් එකක් දාන්න. මෙච්චර කල් මම දැම්මේ මොකක් හරි වාහනයකට සම්බන්ද දෙයක්මනේ. ඔන්න ඉතින් මම අද කතා කරන්නේ ටිකක් වෙනස් දෙයක්.
එලකිරි එකේ යාලුවෝ බලලා තියෙනවද " Enemy at the Gates " කියන චිත්‍රපටිය .
http://www.imdb.com/title/tt0215750/
මේක 2001 වසරේ ආපු එකක්.හැබැයි මම කතා කරන්නේ ඒ චිත්‍රපටිය ගැනම නෙවෙයි.මේ චිත්‍රපටියේ කතාව ඇත්ත කතාවක් . මේ කතාවේ කතා නායකයාගේ නම "Vasily Grigorevich Zaytsev" .මම අද කතා කරන්නේ අන්න එයා ගැන.
අපේ කතනායකයා ඉපදිලා තියෙන්නේ 1915 මාර්තු 23"Yeleninskoye" වල .හැදිලා වැඩිලා තියෙන්නේ යුරල් කදු පන්තිය ලග ගමක.මෙයා වෙඩි තියන්න ඉගෙන ගන්නේ සීයාගෙන්. ඒ කිව්වේ මුවන්ට, එතකොට වෘකයන්ට ඉලක්කේ අරන්.
ස්ටාලින්ග්‍රාඩ් වල පටන් ගත්ත දරුනු සටන් ගැන , වැසිලී දැන ගන්නේ සොවියට් නාවික හමුදාවේ ලිපිකරුවෙක් විදියට වැඩ කරන අතරෙයි.ඊට පස්සේ වැසිලී සටන් බිමට එන්නේ ස්වෙච්චා සේවකයේක් විදියට.මේ අතරතුර වැසිලීව ජෙනරල් "Nikolai Batyuk" යටතේ තිබ්බ් 284 වන රයිෆල් බාන්ඩයේ 1047 වන රෙජිමේන්තුවට බදවගන්නවා.ඒක වෙන්නෙත් අහම්බයකින්.
මෙච්චර කාලෙකට සොවීයට් රුසියාවේ බිහි වෙච්ච හොදම ඉලක්ක වෙඩික්කරුවන්ගේන් කෙනෙක් තමා වැසිලී.ඒ රටේ ජාතික වීරයෙක් විදිහට අදටත් ගරු කරනවා. ඒ ස්ටාලිග්රාඩ් අන්තිම සටන දිනන්න ලැබිච්ච දායකත්වය නිසා.
ඒ සටනෙදි වැසිලි ඉලක්ක සැහෙන ගනනක් ලබා ගන්නවා.
අන්තිම සටනට පෙර, වැසිලී පාවිච්චි කලේ " Mosin–Nagant" කියන ස්නිය්පර් තුවක්කුව.
1942- 1943 දක්වා වැසිලි ලබා ගත්ත නිල ඉලක්ක ගනන විතරක් 243ක්.
අන්තිම සටනෙදි වැසිලී සතුරු සොල්දාදුවන් 225 ක් ඉලක්ක කර ගන්නව.ඒ අතරට සතුරු ඉලක්ක වෙඩික්කරුවන් 11කුත් අයත් වෙනවා.මේ අතරෙදි වැසිලිවත් ඉලක්ක විමේ අවදානමකින් , ගැලවෙනවා.
වැසිලිගේ සේවා කාලය 1935-1945 දක්වා කියලා සටහන් වෙන්නේ.
මේ තියෙන්නේ වැසිලිට ලැබිච්ච සම්මාන .
Hero of the Soviet Union
Order of Lenin
Order of the Red Banner, 2 times
Order of the Patriotic War, 1st Class
Medal for the Defence of Stalingrad
Medal For the Victory Over Germany
වැසිලි කියන මේ යුද වීරයා 1991 දෙසැම්බර් 15 ලෝකය හැර යනවා.වැසිලිගේ ඉලක්ක තුවක්කුව තාමත් වොල්ගා නදිය අසල තියෙන කෞතුකාගාරේ තැන්පත් කරල තියෙනවා. කෙසේ වෙතත් වැසිලි තවත් ඉලක්ක වෙඩිකරුවන් සැහෙන ගනනක් රුසියාවට දායාද කරල තියෙන්වා.
වැසිලි තමන්ගේ අත්දැකිමක් විස්තර කරන විඩියොව මෙතනින්.
වැඩේ හොද නම් රෙප් හරි කමන්ටුවක් හරි දාන්න...