මිනිමරැ අවියක් නොවන ඒකේ 47
ප්‍රකට ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය ප්‍රථම වරට සොයා ගනු ලැබුවේ ස්වීඩන් ජාතික ඇල්ප්‍රඩ් නොබෙල්ය. පසුකාලයකදී ඉන් සිදු වූ අහිතකර ප්‍රතිඵල ගැන කම්පාවට පත් ඔහු ඉන් උපයාගත් මහා ධනස්කන්දය ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් වැය කළේය. විවිධ ක්ෂේත්රයන්හී කීර්තියට පත් ප්‍රකට පුද්ගලයන් සඳහා අදත් නොබෙල් ත්‍යාගය වශයෙන් අවුරුදු පතා විශාල මුදලක් ප්රදානය කෙරේ.හිට්ලර්ගේ නාසි තර්ජනයට එරෙහිව අමෙරිකාව අතින් පරමාණු බෝම්බය නිර්මාණය විණි. ඒ සඳහා ඇල්බට් අයින්ස්ටයින් විශාල වශයෙන් දායක විය. දෙවැනි ලෝක මහා යුද්ධයේදී අමෙරිකානුවන් හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළීමෙන් සිදුකරන ලද මහා මිනිස් සංහාරය දුටු ඔහු බෙහෙවින් කම්පාවට පත්විය."ඒකේ 47" ප්‍රහාරක ගිනි අවිය නිර්මාණය කළ රුසියානු ජාතික මිහායිල් කලෂ්නිකොෆ් ඉන්සිදුවු මිනිස් ඝාතන ගැන දැඩි කලකිරීමට පත්ව සිටීයි.
දැනට 84 වියේ පසුවන ඔහු පොදු ජනතාවට බෙහෙවින් ප්‍රයෝජනවත් වන එමෙන් ම හිංසාවට කිසිදු හෝ අයුරින් රුකුල් නොදෙන තණකොල කපන යන්ත්‍රයක් වැනි දෙයක් නිෂ්පාදනය කිරීමට හැකි වී නම් එය වඩාත් මිනිස් වර්ගයාට ප්‍රයෝජන වනු ඇතැයි විශ්වාස කරයි. එහෙත් ඇතැම් රටවල ශීතකරණ හා ජංගම දුරකථන තරමටම ඒකේ 47 ගිනි අවියද සුලභ භාණ්ඩයක් වී තිබේ.විවිධ රටවල නිත්‍ය ආරක්ෂක හමුදාවල ප්‍රයෝජනයට ගෙන තිබූ ඒකේ 47 ගිනි අවිය, මෙයට දශක කීපයකට පෙර ලෝ පුරා ත්‍රස්තවාදය පැතිරීමත් සමඟ ත්‍රස්තවාදි සංවිධානවල ප්‍රධාන ප්‍රහාරක අවිය බවට පත්විය. මේ වන විට මෙම ප්‍රහාරක ගිනි අවියෙන් විනාශයට පත් වටිනා මිනිස් ජීවිත සංඛ්‍යාව අති මහත්ය.
මිනිස් ඝාතනය සහ යුධය වළක්වා ගැටලු සාමකාමී අයුරින් නිරාකරණය කරලීම සඳහා දේශපාලනඥයන් යොමුවීම දැකීම කලෂ්නිකෝෆ්ගේ අභිලාෂය වී ඇත.ලෝපුරා විශේෂයෙන් යුදමය කළාපවල මිනීමරු ආයුධයක් ලෙස ඒකේ 47 ගිනි අවිය පැතිරී ඇතත් එය ප්‍රහාරක අවියක්ම නොව සාමකාමී, සහජීවනයේ සංකෙතයක් විය යුතු බව ඔහු අවධාරණය කරයි. සෝවියට් යුධ හමුදාවේ පදක්කම්ලාභී ජනරාල් වරයකු වශයෙන් ප්‍රසිද්ධියට පත් කලෂ්නිකෝෆ් වරෙක තම " ස්වයංකී‍්‍රය කලෂ්නිකෝෆ් 45" (ඩටෝමැටික් කලෂ්නිකොෆ් 1947) ගිනි අවිය ගැන මහ උජාරුවෙන් කතා කරයි.
" පසුගිය මහ ලෝක යුධයේ දී හිට්ලර්ගේ නාසි හමුදා අතින් සෝවියට් භටයන් ඇතුළු සෝවියට් වැසියන් කෝටි දෙකහමාරක් මැරුම් කෑව. මාත් බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගතව සිටියා. එසේ සිටිය දීයි මට ඒකේ 47 වැනි පහසුවෙන් හැසිර විය හැකි සරල, එහෙත් ප්‍රබල ප්‍රහාරක අවියක් පිළිබඳ අදහස පහලවුයේ"කලින් යුදටැංකිභාර අණදෙණ නිලධාරියකුව සිටි ඔහු පසුගියදා ඕලන්දයේ පැවැති ගිනි අවි ප්‍රදර්ශනයකදී ස්වකීය ගිනි අවිය ලෝ පුරා යුද ගැටුම්වලට වගකිවයුතුව ඇතැයි යන මතය එකහෙළා ප්රතික්ෂෙප කළේය." හුදෙක් එක් ගිනි අවියකින් පමණක් යුධයක් ආරම්භ කළ නොහැකියි. යුද්ධායුධවලින් කෙරෙන සටන්වලදී විවිධ මාදිලියේ ආයුධ ප්‍රයෝජනයට ගැනෙනවා. මගේ ඒකේ 47 ගිනි අවියත් යුධයත් අතර සම්බන්ධකමක් ඇතැයි කිසිවකුටවත් කිවනොහැකියි" ඔහු අවධාරණය කර සිටියි.
ඒකේ 47 ගිනි අවිය මුල්වරට නිර්මාණය කළ අයුරින් ම අදත් වෙනසකින් තාරව පරිහරණය කෙරේ. මේ වන විට කෝටි පහකට අධික ඒකේ 47 ගිනි අවි ප්‍රමාණයක් අලෙවි වී තිබේ. හුදෙක් ගිනි අවියකට පමණක් මෙතෙක් සීමා වූ - ඒකේ 47" වෙළඳනාමය යටතේ ඔරලෝසු, රේසර් සහ කුඩ යනාදිය නිෂ්පාදනය කිරීම සඳහා ජර්මනියේ එක්තරා වෙළෙඳ සමාගමක් කලෂ්නිකෝෆ් සමග නොබෝදා ගිවිසුමකට එළඹී ඇති බව වාර්තාවේ.
ඒකේ 47 ගිනි අවියේ අනර්ථ ප්‍රතිඵල ගැන විවිධ චෝදනා එල්ල වී ඇතත්, විමුක්ති සටන්කාමීන්ගේ අතපත් වු එම ආයුධය බොහෝ රටවල් යටත් විජිත පාලනයෙන් මුදාගැනීමේ ජාතික සටන්වලදී මහෝපකාරී වී තිබේ. ශත වර්ෂ පහකට අධික කාලයක් පුරා යල්පැනගිය පෘතුගිසී යටත් විජිත පාලනයට නතු වු මොසැම්බික් රාජ්‍යය එයට කදිම නිදර්ශනයකි. මොසම්බික් දේශයේ ජාතික ධජය සංකේතවත් වී ඇත්තේද ඒකේ 47 ගිනි අවියෙනි. යුරෝ ඩොලර් 500ක මාසික විශ්‍රාම වැටුපක් ලබන ජනරාල් කලෂ්නිකෝෆ් අද සොවියට් රජය විසින් ප්රදානය කරන ලද නිවසක විශ්‍රාම සුවය ගත කරමින් සිටියී.
සමස්ත ලෝකයට ම වැදගත් වු ගිනි අවියක් නිර්මාණය කළ කලෂ්නිකෝෆ්ට එය අගය කිරීමක් වශයෙන් තඹ දොයිතුවකුදු හෝ සෝවියට් වැනියකුට පේටන්ට් බලපත්‍ර හිමිකමක් නොමැතිවීම එයට හේතුවයි.නිවාඩුවට ආපසු සිය ගම්බිම් කරා පැමිණෙන රුසියානු සොල්දාදුවන් ස්වකීය දරුදැරියන් අමතනුයේ,"කලාෂ්" යන ආදරනාමයෙනි."සෑම ගමකම අඩුම ගණනේ දරුවන් දසදෙනෙක්වත් කලාෂ් නමින් ඛ්ැඳින්වීම හිතට මහත් සැනසීමක් යැයි උතුරායන පී්තියෙන් කලෂ්නිකෝෆ් පවසයි.
>>>>>





as pottada?