True religion is yet to be found.

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මමනම් කියන්නෙ සත්‍ය ආගම නැත්නමි ධර්මය තමයි "ස්වභාව ධර්මය".
    සෑම ආගමකින්ම යමි යමි මට්ටමි වලින් ස්වභාව ධර්මය නීතීන් තේරැමි ගන්න තමයි උත්සහ අරන් තියෙන්නෙ.

    ලෝක‍ය බිහිවීම, මිනිසාගේ උපත, මරනෙන් මතු ජීවිතය, මිනිස් සිතේ ගුප්ත ස්වභාවයන්, වගේ අතීතයේ ඉදල අපිට තියෙන ප්‍රශ්ණ වලට සෑම ආගම ධර්මය කින්ම උත්තර හොයන්න උත්සහ කරල තියෙනව. ස්වභාවික සිද්ධින් සදහා ‍උත්තර පැහැදිලි නැති අවස්තාවල දේව සංකල්ප හරහා ඒ සදහා උත්තර හොයන්න කට්ටිය උත්සහ අරලගෙන තියනව.

    කවදහරි අපි‍ට මේ ස්වභාවධර්මයේ රහස් අනාවරනය කරගැනීමට හැකිවෙන දවසක සත්‍ය දහම බිහිවේවි.

    ආගමක් සහ දහමක් කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක් මිත්‍රයා. දර්ශනයක (philosophy) හැම කාරණයක්ම ඉදිරිපත් වෙන්නෙ යම්කිසි පදනමක පිහිටලා නිගමනයන් වෙත එළඹීමක් වගේම න්‍යායිකව (logically) ඉදිරියට යා නොහැකි අවස්ථාවක යම් කරුණු ගෙන දක්වලා එතැනින් යම් ආකාරයකට සහේතුකව ඉදිරියට ගිහින් කරුණු දැක්වීමක්. ඇරිස්ටෝටලීය න්‍යාය ගැන පොඩ්ඩක් හිතල බැලුවොත් අපි අද තර්ක විතර්ක කරන්න භාවිතා කරන්නෙ බටහිර ඇරිස්ටෝටලීය දර්ශනයෙන් බිහි වුණ මේ තාර්කණ ක්‍රමයෙන් (logic). එතැනින්ම පැහැදිලියි දර්ශනයක් කියන්නෙ න්‍යායන්ට වඩා මූලික මට්ටමක දෙයක්. ආගමක් කියන්නෙ ඇදහිල්ලක්. සම්පූර්ණ වෙනස් කතන්දරයක්. ආගමක් සහ දර්ශනයක් සංසන්දනය කරන්න බැහැ ඔය විදියට.

    ඔබ ඔය කතා කරන මට්ටමෙන් සොබා දහම තේරුම් ගැනීම කරන්නෙ ආගමකින් හෝ දර්ශනයකින් නෙමෙයි විද්‍යාවෙන්. දර්ශනයක් සහ විද්‍යාවක් කියන්නෙ එකිනෙකින් සම්පූර්ණයෙන්ම වෙනස් අන්ත දෙකක් එක්තරා විදියකට. විද්‍යාව, නැත්නම් විද්‍යාත්මක ක්‍රමයෙදි ඇරිස්ටෝටලීය න්‍යාය මගින් අපෝහනය කළ නොහැකි කිසිම දෙයක් සත්‍ය ලෙස පිලි ගන්නෙ නැහැ. එහෙනම් එතැනදිත් පැහැදිලියි දර්ශනය කියන්නෙ විද්‍යාවකට වඩා මූලික කාරණයක්. හේතුව විද්‍යාත්මක ක්‍රමය, විද්‍යාව කියන දේත් බිහි වෙන්නෙ දර්ශනවාදයේ අතුරු ඵලයක් විදියට.

    ආගමක් මිනිසාට අවශ්‍ය වෙන්නෙ ලෝකය ගැන හොයන්න කියන කාරණය මම බැහැර කරනවා. හේතුව ආගමක් කියන්නෙ ඇදහිල්ලක්, විද්‍යාත්මක නැහැ. සමහර විට මුස්ලිම් මිත්‍රයෙක් ඉදිරිපත් වෙයි විද්‍යාව මගින් ඉස්ලාම් ආගම උගන්නන්න. නැත්නම් බෞද්ධ මිත්‍රයෙක් බුද්ධ ආගම උගන්නන්න. ඒක හරියටම කියනව නම් විද්‍යාවෙන් අවිද්‍යාව උගන්නන්න කරන උත්සාහයක්. එහෙම කලොත් ඔහු කරන්නෙ පොදුවේ පවතින අනවබෝධය ප්‍රයෝජනයට අරන් තමංගෙ විශ්වාසයන් ඇදහිලි අනිත් අයටත් බෝ කරන්න කරන උත්සාහයක්ම පමණයි.

    මම කිව්ව ලෝකයේ බිහි වීම වගේ කාරණා ගැන කතා කරන්නෙ විද්‍යාවෙන් කියල. විද්‍යාව කියන්නෙ හරිම පටු කවුලුවක් මිත්‍රයා. ඒක එක්තරා දර්ශනයක් මගින් පමණක් පෝශනය වෙලා අද හැම අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තියන්නෙ ඒක මගින් ඔය වගේ කාරණා ගැන තේරුම් ගැනීමට උත්සාහ කරන අය ලබල තියන 'සාර්ථකත්වය' නිසා. ඒත් මේ සාර්ථකත්වය කියන දේ රාමු වෙලා තියනව 'යතාර්ථය' (reality) කියල දේකට. මේක සංකල්පයක්. අපේ මනස්ගාතයක්. දර්ශනයකින් කෙරෙන දේ ඔබ සිතා සිටින විදියට ඔය මනස්ගාතය ප්‍රචලිත කිරීම නෙමෙයි මිත්‍රයා.

    ආගම් ගැන කතා කරනව නම්, මම දකින්නෙ ආගම් කියන දේ සමාජ අවශ්‍යතාවක්. ආගම් නැතුව බැහැ සමාජයකට. හැම මට්ටමකම මනුස්සයෙකුටම තමංගෙ සමාජ වටපිටාවෙ අනෙක් අයටත් පොදු ඇදහිල්ලක් හෝ තියෙන්න ඕනෙ. හැමෝටම දාර්ශනිකයෙක් වෙන්න බැහැ. හැමෝටම දර්ශනවාදය් හෝ දර්ශනය කියන්නෙ මොකක් දැයි ග්‍රහණය කරගන්න බැහැ. ඒ තියා අඩුම තරමෙ විද්‍යාව වත් ග්‍රහණය කරගන්න හැමෝටම බැරි නම්, සරල විසඳුමක් අත්‍යවශ්‍යයි. ඒ විසඳුම තමයි ආගම කියල කියන්නෙ.
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    MASHA Spaghetti!

    fsm-sighting1-150x150.jpg
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    ඔබ ඔය කතා කරන මට්ටමෙන් සොබා දහම තේරුම් ගැනීම කරන්නෙ ආගමකින් හෝ දර්ශනයකින් නෙමෙයි විද්‍යාවෙන්.

    ආගමෙන් කරන්නේත් ස්වභාදහමේ ඇති ඉතා සුවිශේෂ ක්‍රියාවලියක් පැහැදිලි කිරීමට උත්සාහ කිරීම තමා.

    ආගමක් මිනිසාට අවශ්‍ය වෙන්නෙ ලෝකය ගැන හොයන්න කියන කාරණය මම බැහැර කරනවා.
    ඔබ කැමති දෙයක් බැහැර කිරීම ඔබේ කටයුත්තක්. නමුත් ලෝකය ගැන සෙවීම කියන්නේ මොකද්ද කියන පුදගාලානුබද්ධ අර්ථකතනයට අනුව මෙය වෙනස් වෙනවා.

    දර්ශනයකින් කෙරෙන දේ ඔබ සිතා සිටින විදියට ඔය මනස්ගාතය ප්‍රචලිත කිරීම නෙමෙයි මිත්‍රයා.
    අන් අයෙකුගේ අදහසක් මනස්ගාතයක් ලෙස බැහැර කිරීමට ඔබ ඉක්මන් වූ හැටි හොඳ නැත.

    ආගම් ගැන කතා කරනව නම්, මම දකින්නෙ ආගම් කියන දේ සමාජ අවශ්‍යතාවක්. ආගම් නැතුව බැහැ සමාජයකට. හැම මට්ටමකම මනුස්සයෙකුටම තමංගෙ සමාජ වටපිටාවෙ අනෙක් අයටත් පොදු ඇදහිල්ලක් හෝ තියෙන්න ඕනෙ. හැමෝටම දාර්ශනිකයෙක් වෙන්න බැහැ. හැමෝටම දර්ශනවාදය් හෝ දර්ශනය කියන්නෙ මොකක් දැයි ග්‍රහණය කරගන්න බැහැ. ඒ තියා අඩුම තරමෙ විද්‍යාව වත් ග්‍රහණය කරගන්න හැමෝටම බැරි නම්, සරල විසඳුමක් අත්‍යවශ්‍යයි. ඒ විසඳුම තමයි ආගම කියල කියන්නෙ.
    කිසිම ඇදහිල්ලක් කරන්නේ නැති මිනිස්සු ඕන තරම් සමාජයේ ඉන්නවා. ඔවුන් සමාජයට කිසිම බරක් නැතිව හොඳින් ජීවත් වෙනවා. මේ පිරිස ලෝකයේ එන්ඩ එනඩම වැඩි වෙන බවයි පෙනෙන්නේ. ආගම් කියන්නේ සමාජ අවශ්‍යතාවයක් කියන එක කිසිම පදනමක් නැති කතාවක්.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ආගමෙන් කරන්නේත් ස්වභාදහමේ ඇති ඉතා සුවිශේෂ ක්‍රියාවලියක් පැහැදිලි කිරීමට උත්සාහ කිරීම තමා.

    ආගමකින් දහමක් විස්තර කිරීම ඒ තරම් නුවණැති දෙයක් වෙන්නෙ නැහැ. ඔවුන්ට ඒක කරගන්න බැරි වුනාම කියනවා 'අල්ලා ලෝකය මැව්වා' හරි 'සර්වබලධාරි දෙවියන් වහන්සේ ලෝකය මැව්වා' වගේ දෙයක්. එහෙම කියල ෂේප් වෙන එකයි ආගමකින් කරන්නෙ. මම නම් කිසිම ආගමක දැකල නැහැ ඔය කියන විදියට සොබාදහම ගැන සෙවීමක්.

    ඔබ කැමති දෙයක් බැහැර කිරීම ඔබේ කටයුත්තක්. නමුත් ලෝකය ගැන සෙවීම කියන්නේ මොකද්ද කියන පුදගාලානුබද්ධ අර්ථකතනයට අනුව මෙය වෙනස් වෙනවා.

    මිත්‍රයා මම බැහැර කළ දෙයක් වෙයි නම් මම හේතු දක්වලා ඇති. අනෙක් අතට මම කැමති දෙයක් බැහැර කිරීම මගේ කටයුත්තක් බව අවධාරණය කළ යුතු නැහැ. ඒක බුද්ධිමත් ඕනෙම කෙනෙකුට තේරෙනවා. ලෝකය ගැන සේවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා නම් පොදුවේ ලෝකය ගැන සොයන්න උඹ කියන විදියට ආගම් ඕනෙ වෙන්නෙ නැහැ නෙ. උඹම කියන දේවල් තුලින් විසංවාදයක් ඇති වෙලා. එකිනෙකට පටහැනි අදහස් දෙකක් නෙ මිත්‍රයා මේ කියන්නෙ.

    අන් අයෙකුගේ අදහසක් මනස්ගාතයක් ලෙස බැහැර කිරීමට ඔබ ඉක්මන් වූ හැටි හොඳ නැත.

    අන් අයගේ අදහස් ගැන නෙමෙයි මිත්‍රයා මම 'මනස්ගාත' කියලා කියනෙ. හැමෝම (මාත් ඇතුළුව) ගොඩනගාගත් 'යතාර්ථය' ගැනයි මම එහෙම කිව්වෙ. තව වතාවක් කියවලා බලන්න. මේ විදියට මගේ පිළිතුරෙන් පොඩි පොඩි කොටස් විතරක් වෙන් කරගෙන ඒවට වෙනස් අර්ථකතන දීල විනෝද වෙන එක නම් මම බොහොම පිළිකුල් කරන වැඩක්.

    කිසිම ඇදහිල්ලක් කරන්නේ නැති මිනිස්සු ඕන තරම් සමාජයේ ඉන්නවා. ඔවුන් සමාජයට කිසිම බරක් නැතිව හොඳින් ජීවත් වෙනවා. මේ පිරිස ලෝකයේ එන්ඩ එනඩම වැඩි වෙන බවයි පෙනෙන්නේ. ආගම් කියන්නේ සමාජ අවශ්‍යතාවයක් කියන එක කිසිම පදනමක් නැති කතාවක්.

    කිසියම් ඇදහිල්ලක් කරන්නෙ නැති මිනිස්සු කිසියම් ආගමක් අදහන්නෙත් නැහැ. අපි කතා කළේ ආගම් ගැන මිසක් ආගම් ඇදහිලි නැති අය ගැන නෙමෙයි නෙ මිත්‍රයා. ආගම් කියන්නෙ සමාජ අවශ්‍යතාවයක් කියල මම අදහස් කළේ පදනමක් නැතිව නෙමෙයි. මිත්‍රයා මේ කොටස දකින්න නැතුව ඇති... දැක්ක නම් නොතේරෙන්න හේතුවක් නැහැ

    හැමෝටම දාර්ශනිකයෙක් වෙන්න බැහැ. හැමෝටම දර්ශනවාදය් හෝ දර්ශනය කියන්නෙ මොකක් දැයි ග්‍රහණය කරගන්න බැහැ. ඒ තියා අඩුම තරමෙ විද්‍යාව වත් ග්‍රහණය කරගන්න හැමෝටම බැරි නම්, සරල විසඳුමක් අත්‍යවශ්‍යයි. ඒ විසඳුම තමයි ආගම කියල කියන්නෙ.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ආගමකින් දහමක් විස්තර කිරීම ඒ තරම් නුවණැති දෙයක් වෙන්නෙ නැහැ. ඔවුන්ට ඒක කරගන්න බැරි වුනාම කියනවා 'අල්ලා ලෝකය මැව්වා' හරි 'සර්වබලධාරි දෙවියන් වහන්සේ ලෝකය මැව්වා' වගේ දෙයක්. එහෙම කියල ෂේප් වෙන එකයි ආගමකින් කරන්නෙ. මම නම් කිසිම ආගමක දැකල නැහැ ඔය කියන විදියට සොබාදහම ගැන සෙවීමක්.
    ආගම් වල ඉතිහාසය හොයලා බැලුවොත් ඔබට තෙරේවි සියලුම ආගම් ආරම්භ වුනේ සොබාදහමේ තියෙන සුවිශේෂී ක්‍රියාවක් වන 'මරණය' කියන සංසිද්ධිය තේරුම් ගැනීමට උත්සාහ කිරිම මත බව.

    මිත්‍රයා මම බැහැර කළ දෙයක් වෙයි නම් මම හේතු දක්වලා ඇති.

    ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට ආගම ඇති බවයි මගේ අදහස. ආගම විද්‍යානුකූල නැහැ කියා බැහැර කිරීම සුදුසු නැති බවයි මට හිතෙන්නේ. මොකද ආගම සහ විද්‍යාව අනෞන්‍ය වශයෙන් බහිෂ්කාර නැහැ. පොදු කොටස් තියෙනවා. ආගමක් කියන්නේ නිකම්ම ඇදහිල්ලක් නොවේ. එයත් පුද්ගලානුබද්ධ දෙයක්. සමහරක් අයට ආගමක් කියන්නේ ඇදහිල්ලක් පමණයි. හැමෝටම නොවේ.

    අනෙක් අතට මම කැමති දෙයක් බැහැර කිරීම මගේ කටයුත්තක් බව අවධාරණය කළ යුතු නැහැ. ඒක බුද්ධිමත් ඕනෙම කෙනෙකුට තේරෙනවා.
    ඔබ කැමති දෙය ඔබට බැහැර කල හැකි බව නොවේ මා අවධාරණය කලේ. මා කියන්න උත්සාහ කලේ ඔබට ඔබේ මතය දැක්විය හැකි වුවත් සමහර විට ඔබේ මතය වැරදි විය හැකි බවයි.

    ලෝකය ගැන සේවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා නම් පොදුවේ ලෝකය ගැන සොයන්න උඹ කියන විදියට ආගම් ඕනෙ වෙන්නෙ නැහැ නෙ. උඹම කියන දේවල් තුලින් විසංවාදයක් ඇති වෙලා. එකිනෙකට පටහැනි අදහස් දෙකක් නෙ මිත්‍රයා මේ කියන්නෙ.
    ලෝකය ගැන සෙවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙන බවක් මා කිවුවේ නැහැ. මා කිවුවේ ලෝකය ගැන සෙවීම යන්නට එක් එක් පුද්ගලයා දෙන අර්ථකතනය මත, ඒ ක්‍රියාවලියට ආගම සම්බන්ධ වෙනවාද නැතිද කියන එක තීරණය වෙන බවයි.

    ඊලඟට ලෝකය ගැන සෙවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා තමා, ඔබ කියන්නේ සියලුම පුද්ගලයන් ලෝකය ගැන සොයන්නේ එකම විදිහට බවද????

    ලෝකය ගැන සෙවීමට ආගම ඕන වෙන බවක් මා කොතැනකවත් කිවුවේ නැහැ. මා කිවුවේ ඇතැම් මිනිසුන්ට(පුද්ගලානුබද්ධයි ) ආගම අවශ්‍ය වන්නේ ලෝකය ගැන සෙවීමට බවයි.

    විසංවාදය කුමක්ද කියා මට තෙරෙන්නේ නැහැ. ඔබ තව දුරටත් පැහැදිලි කරයි කියලා හිතන්වා.

    අන් අයගේ අදහස් ගැන නෙමෙයි මිත්‍රයා මම 'මනස්ගාත' කියලා කියනෙ. හැමෝම (මාත් ඇතුළුව) ගොඩනගාගත් 'යතාර්ථය' ගැනයි මම එහෙම කිව්වෙ.

    දර්ශනයකින් යමක් කෙරෙන බවක් ඔහු පැහැදිලි කරනවා නම්, ඒ දෙය මනස්ගාතයක් බව තමා ඔබ කිවුවේ. ඒ අනුව මා ඔබ කියපු දෙය වැරදියට තේරුම් ගෙන තිබෙනවා. සමාවෙන්න.

    තව වතාවක් කියවලා බලන්න. මේ විදියට මගේ පිළිතුරෙන් පොඩි පොඩි කොටස් විතරක් වෙන් කරගෙන ඒවට වෙනස් අර්ථකතන දීල විනෝද වෙන එක නම් මම බොහොම පිළිකුල් කරන වැඩක්.
    මා ඔබේ පිලිතුර කියවා බලා තමා කතා කලේ. සමහර දෙයට මා එකඟයි. සමහර දේ ගැන කතා කල හැකියි. ගැටලු තිබෙන තැන් පමණයි highligh කලේ. එය ඔබට පිලිකුල් සහගත වීම කණගාටුවට කරුණක්. වෙනස් අර්ථ දීමේ අදහසක් මට නැත. සමහර තැන් වල මට වැරදී ඇති.

    කිසියම් ඇදහිල්ලක් කරන්නෙ නැති මිනිස්සු කිසියම් ආගමක් අදහන්නෙත් නැහැ. අපි කතා කළේ ආගම් ගැන මිසක් ආගම් ඇදහිලි නැති අය ගැන නෙමෙයි නෙ මිත්‍රයා. ආගම් කියන්නෙ සමාජ අවශ්‍යතාවයක් කියල මම අදහස් කළේ පදනමක් නැතිව නෙමෙයි. මිත්‍රයා මේ කොටස දකින්න නැතුව ඇති... දැක්ක නම් නොතේරෙන්න හේතුවක් නැහැ
    [/QUOTE]

    මා කතා කලේ මේ ගැන.

    මම දකින්නෙ ආගම් කියන දේ සමාජ අවශ්‍යතාවක්. ආගම් නැතුව බැහැ සමාජයකට.

    මේ කතාවේ කිසිම පදනමක් නැහැ. ආගම් නැති මිනිස්සු ඕන තරම් සමාජයේ ඉන්නවා. ඔවුන්ගෙන් සමාජයට ආගම පදනම් වූ කිසිම බලපෑමක් නැහැ. ඒ අනුව ආගම කියන්නේ සමාජයට අත්‍යවශ්‍ය දෙයක් නොවේ. ඔබ ඉදිරිපත් කරපු අනික් කොටස මෙයට අදාල කෙසෙදැයි මට පෙන්න්නේ නැහැ.
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ආගම් වල ඉතිහාසය හොයලා බැලුවොත් ඔබට තෙරේවි සියලුම ආගම් ආරම්භ වුනේ සොබාදහමේ තියෙන සුවිශේෂී ක්‍රියාවක් වන 'මරණය' කියන සංසිද්ධිය තේරුම් ගැනීමට උත්සාහ කිරිම මත බව.

    ඒක මම පිළි ගන්නවා. ඒත් ආගම් වලින් ඒ වැඩේ කෙරිල තියනව කියලයි මම පිලි ගන්නෙ නැත්තෙ. උත්සාහයක් දරල බැරි වුනාම මැවුම් කරුවෙක්, ස්වර්ගයක් වගේ සරළ විසඳුමක් ගේන එකයි ආගම් වලින් කරල තියන්නෙ.

    ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට ආගම ඇති බවයි මගේ අදහස. ආගම විද්‍යානුකූල නැහැ කියා බැහැර කිරීම සුදුසු නැති බවයි මට හිතෙන්නේ. මොකද ආගම සහ විද්‍යාව අනෞන්‍ය වශයෙන් බහිෂ්කාර නැහැ. පොදු කොටස් තියෙනවා. ආගමක් කියන්නේ නිකම්ම ඇදහිල්ලක් නොවේ. එයත් පුද්ගලානුබද්ධ දෙයක්. සමහරක් අයට ආගමක් කියන්නේ ඇදහිල්ලක් පමණයි. හැමෝටම නොවේ.

    ආගමක් කියන්නෙ ඇදහීමක් කියන පදනමේ ඉන්දගෙනයි මම මෙහෙම කියන්නෙ. ආගමක් ඇදහීමක් නොවන හැටි පෙන්වා දීමයි මිත්‍රයා එහෙනම් කළ යුත්තෙ. ඇදහීම නැත්නම් ඇදහිල්ල කියන්නෙ විද්‍යාත්මක ක්‍රමයේ පරිපූරකය. එහෙම හිතුවොත් එකම අරමුණ තිබිය හැකි වුණත් ආගම සහ විද්‍යාව අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර බව තමයි මගේ හැඟීම.

    මිත්‍රයා ලෝකයේ 'යථා' ස්වභාවය ගැන කතා කරන්නෙ යතාර්ථය පරම සත්‍යයි කියන මතයේ සිට බවයි මට පේන්නෙ. මම නම් දකින්නෙ යතාර්ථය කියන්නෙම අපේ සංස්කරණයක් විදියටයි. මම කියන්නෙ ලෝකයේ ආරම්භය, කාලය, අවකාශය, මේ සියල්ලම ඇත්තෙ තමාගෙන් පරිබාහිරව නොවන බවයි. කාල අක්ෂයේ කොතැනක හෝ ලෝකය ඇරඹුන බව නොකියවෙන ආගමක් ඇත්දැයි මම දන්නේ නැහැ. විද්‍යාවෙන් මෙයට පිළිතුරු දිය නොහැකි නිසා අඩුම තරමෙ පිලිතුරු දීමට උත්සාහයක නිරත වෙනවා. ආගම් වල වගේ සියල්ල මැවුම් කරුවෙකුගෙ පිට පටවලා නිදහස් වෙන්නෙ නැහැ. ඒ අතින් ආගම් වලට වඩා විද්‍යාව ඉදිරියෙන් ඉන්න බව තමයි මම දකින්නෙ. ගැටළුව මගහැරීම නොකර ගැටළුවට විසඳුම පෙන්නා දීපු ආගමක් මිත්‍රයාට පෙන්නා දෙන්න පුළුවන් නම් වටිනවා.

    ඔබ කැමති දෙය ඔබට බැහැර කල හැකි බව නොවේ මා අවධාරණය කලේ. මා කියන්න උත්සාහ කලේ ඔබට ඔබේ මතය දැක්විය හැකි වුවත් සමහර විට ඔබේ මතය වැරදි විය හැකි බවයි.

    දැන් පැහැදිලියි :yes: මගේ මතය පරම සත්‍යයි කියල මම කොහොමටවත් කියන්නෙ නැහැ මිත්‍රයා. පෙන්නා දිය හැකි නම් වැරද්දක් පිලිගන්න බොහොම විවෘතව මම සූදානම්.

    ලෝකය ගැන සෙවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙන බවක් මා කිවුවේ නැහැ. මා කිවුවේ ලෝකය ගැන සෙවීම යන්නට එක් එක් පුද්ගලයා දෙන අර්ථකතනය මත, ඒ ක්‍රියාවලියට ආගම සම්බන්ධ වෙනවාද නැතිද කියන එක තීරණය වෙන බවයි.

    ඊලඟට ලෝකය ගැන සෙවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා තමා, ඔබ කියන්නේ සියලුම පුද්ගලයන් ලෝකය ගැන සොයන්නේ එකම විදිහට බවද????

    ලෝකය ගැන සෙවීමට ආගම ඕන වෙන බවක් මා කොතැනකවත් කිවුවේ නැහැ. මා කිවුවේ ඇතැම් මිනිසුන්ට(පුද්ගලානුබද්ධයි ) ආගම අවශ්‍ය වන්නේ ලෝකය ගැන සෙවීමට බවයි.

    විසංවාදය කුමක්ද කියා මට තෙරෙන්නේ නැහැ. ඔබ තව දුරටත් පැහැදිලි කරයි කියලා හිතන්වා.

    මෙතැන වැරදී ඇත්තෙ මට. ලෝකය ගැන සෙවීම නෙමෙයි, ඒ ක්‍රියාවට දෙන අර්තකථනය ගැනනෙ මිත්‍රයා කියල තියන්නෙ. ඒ ගැන සමා වෙන්න. එහෙම ගත්තම එතැන විසංවාදයක් ඇත්තෙ නැහැ.

    කොහොම වුණත්, ලෝකය ගැන සෙවීම පුද්ගලානුබද්ධව වෙනස් නොවන බවක් මම එතැන කියල නැහැ. මම කළේ "ලෝකය ගැන සේවීම පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා නම්..." කියල තර්කයක් ගොඩනැගීමක් විතරයි මිත්‍රයා.

    දර්ශනයකින් යමක් කෙරෙන බවක් ඔහු පැහැදිලි කරනවා නම්, ඒ දෙය මනස්ගාතයක් බව තමා ඔබ කිවුවේ. ඒ අනුව මා ඔබ කියපු දෙය වැරදියට තේරුම් ගෙන තිබෙනවා. සමාවෙන්න.

    :yes:

    මා ඔබේ පිලිතුර කියවා බලා තමා කතා කලේ. සමහර දෙයට මා එකඟයි. සමහර දේ ගැන කතා කල හැකියි. ගැටලු තිබෙන තැන් පමණයි highligh කලේ. එය ඔබට පිලිකුල් සහගත වීම කණගාටුවට කරුණක්. වෙනස් අර්ථ දීමේ අදහසක් මට නැත. සමහර තැන් වල මට වැරදී ඇති.

    ඒ ගැන හිතන්න එපා මිත්‍රයා.. මම පිළිකුල් කරන බව කිව්වෙ මගේ අදහස් වලින් කොටසක් විතරක් highlight කරන එක නෙමෙයි, එහෙම කරල ඒකට වෙනස් අර්තකතනයක් දීමයි. උඹ වැරැද්ද නිවැරදි කරල තියනව නෙ.. ඒ ගැන සතුටුයි.

    Originally Posted by djHiran
    මම දකින්නෙ ආගම් කියන දේ සමාජ අවශ්‍යතාවක්. ආගම් නැතුව බැහැ සමාජයකට.

    මා කතා කලේ මේ ගැන.

    මේ කතාවේ කිසිම පදනමක් නැහැ. ආගම් නැති මිනිස්සු ඕන තරම් සමාජයේ ඉන්නවා. ඔවුන්ගෙන් සමාජයට ආගම පදනම් වූ කිසිම බලපෑමක් නැහැ. ඒ අනුව ආගම කියන්නේ සමාජයට අත්‍යවශ්‍ය දෙයක් නොවේ. ඔබ ඉදිරිපත් කරපු අනික් කොටස මෙයට අදාල කෙසෙදැයි මට පෙන්න්නේ නැහැ.

    මේ ගැන මගෙ අදහස ටිකක් අපැහැදිලි වෙන්න ඇති කියල හිතෙනවා. මිත්‍රයා එක් තැනක කිව්ව 'කිසියම් ඇදහිල්ලක් කරන්නෙ නැති මිනිස්සු සමාජයේ එන්ඩ එන්ඩම වැඩි වෙන' බවක්. මිත්‍රයාම පිළි ගන්නව නෙ ආගමක 'අවශ්‍යතාවය' එන්න එන්නම අඩු වන බව. ඉතින් මගෙ මතයෙ ඊට වඩා වෙනසක් ඇත්තෙ නැහැ. මම නොකිව්වෙ ඒ අවශ්‍යතාවය එන්න එන්නම අඩු වන බව විතරයි.

    අනෙක් අතට ආගමක් අවශ්‍යතාවයක් වෙන්නෙ විද්‍යාවක් අවශ්‍යතාවක් වන හේතුවෙන්මයි. මිනිසාගේ කුතුහලය සංසිඳවීම තමයි ඒ හේතුව. මිත්‍රය කිව්වත් වගේ ආගම් වල 'අරමුණ' සොබාදහම පැහැදිලි කිරීම බව මම පිලි ගන්නවා. ආගම් මගින් ඒ දේ වෙලා තියනවද ඒ වෙනුවට මැවුම්කාර පැලැස්තර ගහල තියනවද කියන එක එනම කාරණයක්.
    විද්‍යාවෙන් ආගම වෙනස් වන්නෙ සමාජයක් මත පොදු සම්මුතියක් බලෙන් පැටවීම නිසයි. විද්‍යාවෙන් පොදු සම්මුතිය කියන කාරණේ ලඟා කරගන්නෙ ඒ වෙනුවෙන් යුද්ධ කරල හෝ සමාජයේ අනෙක් කොටස් මර්ධනය කරල හෝ චින්තන සෝදාපාලුවක් කරල නෙමෙයි, එක්තරා පදනමක් (ඇරිස්ටෝටලීය න්‍යාය - මේක පරම සත්‍යයි කියල නෙමෙයි මම මේ කියන්නෙ ) මත ඉඳල සහේතුකව කරුණු දැක්වීම මගිනුයි.

    කොයි පාරෙන් ආවත් අවසානෙදි අවශ්‍ය වෙන්නෙ සමාජයක් ගොඩනැගීම. තනි තනි පුද්ගලයා වශයෙන් ගත්තම ඔවුන් එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී නම් ඒ වගේ පිරිසක් එකතු කරල එක හැලියකට දැම්මත් සමාජයක් වෙන්නෙ නැහැ, මූලික කරුණු සම්බන්ධව යම් සම්මුතියක් අවශ්‍යයි. ඒ දේ කරන්න දර්ශනයකට, විද්‍යාවකට, හෝ ආගමකට පුළුවන් කියන දේ තමයි මගේ කතාවෙ මූලික පදනම. මම කියන්නෙ ඔය කිව් තුනෙන් ඒ අරමුණ ඉටු වන සරලම විසඳුම තමයි ආගමක් කියන්නෙ. කිසිම සමාජයක මුලු සෙනගම ඔය අරමුණ ඉටු කරගන්න ප්‍රමාණවත් මට්ටමින් විද්‍යාව හෝ දර්ශනය තේරුම් ගන්න වියුක්ත මනස් සහිත වෙයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ. එතැනදි සරල විසඳුමක් නම් අත්‍යවශ්‍යයි. ඒ කාරණයයි මම කියන්නෙ. මම ඔය විද්‍යාව, දර්ශනය සහ ආගම කියන එකිනෙකට වෙනස් කොන් තුන ගැන පොදුවෙ කතා කළ කාරණය මිත්‍රයා කියන දේට අදාල වෙන්නෙ මෙන්න මේ හේතුව නිසයි.

    මම කියන්න උත්සාහ කළ දේ පැහැදිලි ඇති කියල හිතනවා.
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඉතින් ඇයි ඔය දර්මය කියන දේ ආගමකට ගලපන්න හදන්නේ. දහමක් කියන්නේ දර්මතාවයක් . ඒ කියන්නේ යම් කිසි දෙයක පැවැත්ම ගැන විස්තර කිරීමක් වගේ . එක අදහන්න කියල නියමයක් නැහැ .

    ඒ කිව්වෙ නිව්ටන්ගෙ නියමයන් වගේ ඒවද...
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    ආගම් කියන්නේ අලුත් නිර්මාණ , සංකල්පම නෙවෙයි. සමාජයේ තිබුන පැරණි සංකල්ප වල වර්ධනයක් විතරයි. සවර්ගය, අපාය, දෙවියන්, යක්ෂයන්, දේව දූත යන සංකල්ප ආදී කාලින වසර 10,000කටත් එහා පැවති සමාජීය සංකල්ප.එහෙම නැත්නම් විශ්වාසයන්. මැවුම් වාදය හින්දු ආගම දේශනා කරේ වසර 5000කටත් කලින්. එම ආගමික විශ්වාසයන්ට නව අංග එකතු කිරීමක් තමයි, මුහමද්, ජේසුස් වැනි අය කරේ. හින්දු ආගමට ශාස්තෘ කෙනෙක් නැත.එය පුද්ගලයන් රාශියක් එකතු වෙලා බිහි කරපු ආගමක්. භාවනා, පුනර්භවය, කර්ම යන සංකල්ප බුදුන් වහන්සේ පහල වීමට ප්‍රථමව තිබුන සංකල්ප.නිර්වාණය කියන එක බුදුන් වහන්සේගේ සංකල්පයක්.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    All religions became joke. except philosophy part of Buddhism

    බුද්දාගම කියන්නේ ගිහින විසින් නොපෙනන සැපක් හොයා අතාරින ධනය පංසලක ගොඩ ගසා පංසල් වල ඉන්න හමුදුරුවරු සැප විදින ප්‍රාඩෝ වල යන ආගමක්.ඔය කියන බුදු දහම ලංකාවේ කොහෙද තියෙන්නේ.මොන පන්සලේද? බෑන්ක් එකවුන්ට් බලන්නකො පංසල් වල.කෝඉටි දහස් ගනන්.යන් පංසල්.මම එන්නම්