කෙල්ලොන්ගෙ ජොලි කතා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,940
    13,471
    113
    පෘථිවිය
    මට වෙච්චි අප්සැට් ම වැඩ ලිස්ට් එකක් තියෙනවා......ඒව නම් කලොත් මෙහෙමයි.
    1. ඇඟේ රතු පාට ජෙල් පෑන ලීක් වීම:no::no:
    2. නාට්‍යක කොල්ලෙක්ට ඉඳල ගෙදර යද්දි රැවුල මකන්න අමතක වීම:growl::growl:
    3. කොල්ලා වගේ හිටිය දවසේ මගේ පෙම්වතියට හිටපු මෝඩයාට කිචි නිසා පිස්සු නැටීම.:oo::baffled:
    4. ෆෑන් එකට කඳුළු එන්න පටන් අරගෙන හැමෝම මම අඬනවා යැයි සිතීම.:(:(
    5. එක්තරා පිරිමි පාසලක දැනුම මිනුම තරඟාවලියේදී "කේ. අයි. එස්. එස්" යනු කුමක්ද යන ප්‍රශ්නය ලැබීම.....:angry::angry::angry:


    May wakkiya malawa saha kata set eka dutu wita saha kiyawana wita, ma hata hengee yanne may liyana aya 'Stree Lingiyak' bawaya...
    ha ha ha:D:D:D
    Mona wunat wede hondaya...
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    එදා මට වෙන මොනවත් කරන්න නෑ....සජිත්ගෙ යාළුවො කෝල් දෙද්දි කට් කරන්නයි, පැණි හලන්න එන කට්ටිය එළවන්නයි මදිවට, නෙතූගෙ අම්මට කියන්න මොකක් හරි මගුලක් මතක් කරගන්නත් එපැයි. සජිත් කරන මගුලකුත් නෑ. ඒත් 119 එකට වගේ කෝල් එන්නෙ! මළ වදේ.
    ඒ අස්සෙ එක මෝඩයෙක් කෝල් කලා.
    "හලෝ, සජිත් ඉන්නවද?"
    "මේක එයාගෙ ෆෝන් එක නෙමෙයි."
    "වෙන්න බෑ.....ඌ මට ගිය සුමානෙ නෙ මේ නම්බරි එක දුන්නෙ!"
    "ඒත් දැන් මේක් එයාගෙ නෙමෙයි."
    "ඔයා කව්ද?"
    "මම එයාගෙ....එයාගෙ නංගි..."
    "ආහ්.....නංගි, අය්යට කියන්න ගයාන් කතා කලයි කියලා....."
    "හ්ම්"
    "මේ නංගි, ඔයාව මම සජිත්ගෙ ගෙදරදි දැකලා නෑ නෙ.....මිනිහ අපිට කියලා නෑ ඌට නංගි කෙනෙක් ඉන්නවයි කියලා..."
    "හ්ම්....මම.....මම එයාගෙ කසින්..."
    "අහ්.....නංගිගෙ වයස කීයද?"
    මට මළ පැන්න. මම දඩස් ගාල ෆෝන් එක තිබ්බ. මළ වදේ!!!

    සෙනසුරාදා කිසිම අව්ලක් නැතුව දවස ගියා. නෙතූගෙ අම්මලා කතා කලෙත් නෑ... අර ගයාන්ගෙ වැඩේ මට කතා කරනව. මොළේ හොඳ නැද්ද මන්දා. මාව දැකලත් නෑ.

    "ඔයාගෙ වොයිස් එක ලස්සනයි නංගි.....ඒකයි කතා කලේ....මට ඔයා ගැන අයිඩියා එකක් ආවා...."
    පව් මේ මනුස්සය බීරිද කොහෙද. අයිඩියා එකක් ආවෙ හඳට යවන්නද මන්ද. කොහොමහරි ඒ වෙද්දි ගයාන් මට මළ වදයක් වෙලා තිබ්බෙ. ආයෙ කතා කලොත් බනිනවා කියලයි මම හිතාගෙන හිටියෙ.
    ඔහොම ඉඳිද්දි දන්නෙම නැතුව හවස් වුනා. ඔන්න මට කෝල් එකක් එනවා.
    ඒකත් ගයාන්ගෙ නොම්බරේ වගේ මම දැක්කෙ. ගත් කටටම,

    "මේ ගයාන්, පිස්සු නටන්න එපා හරිද? දැන් කී පාරක් මට කෝල් කලා ද!!!! මට පාඩම් කරන්නත් බෑ හතර අතේ කෝල් දෙනවා, රින්ග්කට් ගහනවා!!!!! මීට පස්සෙ කතා කලොත් තාත්තට කියනවා!" මම ෆුල් වොලියුම් දාලා කෑගැහුවා.

    එතනින්ම කෝල් එක කට් වුනා....ඔන්න ඒත් ට මේ ක්ලාස් ඉවර වුණා විතරයි......ඉවර වුන ගමන් ඔයාව මතක් වුනේ..."
    "අහ්? දැන් ඔයා නෙමෙයිද කතා කලේ?"
    "නෑ......මේ දැනුයි සර් ගියේ..."
    මම ඩිම් වුනා.
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ඊට පස්සෙ දවසෙ නෙතූ එනවා. හිනාවක් එහෙම දාගෙන ආවෙ. මටත් ඉතින් සන්තෝසයි.
    "ආ නංගි, ඒකනෙ, තාත්ත කතා කලේ නෑ නෙ..."
    "නෑ අක්කෙ, එදා තාත්ත ඔයාට කතා කලා නෙ...."
    "අහ්?"
    "ඔව්, ඔයා කාටද ගයාන් කියල එක්කනෙක්ට බැන්නලු. පාඩම් කරන්නත් දෙන්නෙ නෑ කියල බැන්න හින්ද තාත්ත අව්ලක් නෑ....."
    මට තරු පෙනුනෙ ඒ වෙලාවෙ තමයි. හොඳ වෙලාවට මම අවුලක් නැති විදිහට ගයාන්ට බැන්නෙ.
    "අය්යෝ අක්කි ඒ වුනාට අම්මයි තාත්තයි ඇහුවා ඇයි ඒ අක්කත් එක්ක ඔච්චර කතා කරන්නෙ කියලා!"
    ඒකත නෙතූට උත්තරයක් දෙන්නැයි කියලා මම එන්න ආවා. මොනව වුනත් ඒ ජෝඩුව තාම යහතින් ඉන්නවා. ඕවට උදව් කලාට අපි නම් තාම තනිකඩං ජීවිතං තමයි. ඒත් ආදරේට වෛර කරලා වැඩක් නෑ.....මම රණ්ඩු කෙක්කක් වෙච්චි එකට අනංගයා පළි නෑ නෙ!
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    .මම රණ්ඩු කෙක්කක් වෙච්චි එකට අනංගයා පළි නෑ නෙ

    ha ha oyata hariyanne boxing gahana kangaroowekama thama :P
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    නංගී, උඹව බඳන කොල්ලට නවග්‍රහ ශාන්තිකර්මයක් කරල හොඳ සුරයක් දාගන්න කියන්න ‍ඕනේ....
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මම රණ්ඩු කෙක්කක් වෙච්චි එකට අනංගයා පළි නෑ නෙ!


    වැඩියෙන් රන්ඩු කරන අයගේ හි‍ත්වල ආදරේ ‍මහා ගොඩාක් පිරිල තියෙනව
    :love: :love:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    පාසල් සීපද

    උස්සාගෙන මල්ල අතකින් කින්ද නගෝ
    වසා මොබයිල් එක අතකින් කින්ද නගෝ
    ඉක්මන් ගමන කොරිඩෝවේ කින්ද නගෝ
    කැන්ටින් එකේ නැවතී අපි යමුද නගෝ

    උස්සාගෙන මල්ල සී ඩී තැටි හින්දා
    වසා මොබයිල් එක මං අහුවෙන හින්දා
    ප්‍රිෆෙක්ට් අක්කලා පස්සෙන් එන හින්දා
    යන්නම් අක්කි නැත්තන් කෙළ වෙන හින්දා

    :P:P:P:P:P:P:P:P:P
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    නංගී, උඹව බඳන කොල්ලට නවග්‍රහ ශාන්තිකර්මයක් කරල හොඳ සුරයක් දාගන්න කියන්න ‍ඕනේ....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    isselama hoda kannadi kuttamak aran denna one , eelagata kana hodata sudda karala denna one
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    meyata tharaha yana wedi hinda wenna ethi avatar ekata mini kana but sweet morekge photo ekak dagena inne :P