එදා මට වෙන මොනවත් කරන්න නෑ....සජිත්ගෙ යාළුවො කෝල් දෙද්දි කට් කරන්නයි, පැණි හලන්න එන කට්ටිය එළවන්නයි මදිවට, නෙතූගෙ අම්මට කියන්න මොකක් හරි මගුලක් මතක් කරගන්නත් එපැයි. සජිත් කරන මගුලකුත් නෑ. ඒත් 119 එකට වගේ කෝල් එන්නෙ! මළ වදේ.
ඒ අස්සෙ එක මෝඩයෙක් කෝල් කලා.
"හලෝ, සජිත් ඉන්නවද?"
"මේක එයාගෙ ෆෝන් එක නෙමෙයි."
"වෙන්න බෑ.....ඌ මට ගිය සුමානෙ නෙ මේ නම්බරි එක දුන්නෙ!"
"ඒත් දැන් මේක් එයාගෙ නෙමෙයි."
"ඔයා කව්ද?"
"මම එයාගෙ....එයාගෙ නංගි..."
"ආහ්.....නංගි, අය්යට කියන්න ගයාන් කතා කලයි කියලා....."
"හ්ම්"
"මේ නංගි, ඔයාව මම සජිත්ගෙ ගෙදරදි දැකලා නෑ නෙ.....මිනිහ අපිට කියලා නෑ ඌට නංගි කෙනෙක් ඉන්නවයි කියලා..."
"හ්ම්....මම.....මම එයාගෙ කසින්..."
"අහ්.....නංගිගෙ වයස කීයද?"
මට මළ පැන්න. මම දඩස් ගාල ෆෝන් එක තිබ්බ. මළ වදේ!!!
සෙනසුරාදා කිසිම අව්ලක් නැතුව දවස ගියා. නෙතූගෙ අම්මලා කතා කලෙත් නෑ... අර ගයාන්ගෙ වැඩේ මට කතා කරනව. මොළේ හොඳ නැද්ද මන්දා. මාව දැකලත් නෑ.
"ඔයාගෙ වොයිස් එක ලස්සනයි නංගි.....ඒකයි කතා කලේ....මට ඔයා ගැන අයිඩියා එකක් ආවා...."
පව් මේ මනුස්සය බීරිද කොහෙද. අයිඩියා එකක් ආවෙ හඳට යවන්නද මන්ද. කොහොමහරි ඒ වෙද්දි ගයාන් මට මළ වදයක් වෙලා තිබ්බෙ. ආයෙ කතා කලොත් බනිනවා කියලයි මම හිතාගෙන හිටියෙ.
ඔහොම ඉඳිද්දි දන්නෙම නැතුව හවස් වුනා. ඔන්න මට කෝල් එකක් එනවා.
ඒකත් ගයාන්ගෙ නොම්බරේ වගේ මම දැක්කෙ. ගත් කටටම,
"මේ ගයාන්, පිස්සු නටන්න එපා හරිද? දැන් කී පාරක් මට කෝල් කලා ද!!!! මට පාඩම් කරන්නත් බෑ හතර අතේ කෝල් දෙනවා, රින්ග්කට් ගහනවා!!!!! මීට පස්සෙ කතා කලොත් තාත්තට කියනවා!" මම ෆුල් වොලියුම් දාලා කෑගැහුවා.
එතනින්ම කෝල් එක කට් වුනා....ඔන්න ඒත් ට මේ ක්ලාස් ඉවර වුණා විතරයි......ඉවර වුන ගමන් ඔයාව මතක් වුනේ..."
"අහ්? දැන් ඔයා නෙමෙයිද කතා කලේ?"
"නෑ......මේ දැනුයි සර් ගියේ..."
මම ඩිම් වුනා.