බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මටම හිතුන මේ කියපු දේට තව පොඩි පැහැදිලි කිරීමකුත් කරන්න...

    බුදුරජාණන්වහන්සේ දේශනා කළා මිථ්‍යාදෘෂ්ඨික පිරිසට මරණින් මතු තියන්නේ උපත් දෙකයි, ඒ නිරය හා තිරිසන් ලෝකය කියල!!
    මේ කියපු site එකේ තියෙන්නෙත් තිරිසන් ලෝකයට අයිති කොටසක් නේ... ඉතින් මෙතන වැඩිපුරම ඉන්න ඕනේ කර්ම හා කර්මඵල විශ්වාස නොකරපු මිථ්‍යාදෘෂ්ඨික පිරිසක් තමයි!!

    ඒකට වැඩියෙන්ම අහුවෙන්නේ දැනට ලෝකයේ බහුතරයක්ම අදහන මිථ්‍යාදෘෂ්ඨික ආගමේ උදවිය!!

    ඊළඟට අම්ම තාත්ත බෞද්ධ වෙච්ච කරුමෙට නමට බෞද්ධ උනාට මිථ්‍යාදෘෂ්ඨික අදහස් තියන, මිථ්‍යාදෘෂ්ඨික ඇදහිලිවල නියුතු උදවිය!!
    බෞද්ධ කියන එවුන් බහුතරයක්ම ආකාරවතී ශ්‍රද්ධාව කියන එක මොකද්ද කියලවත් දන්නේ නැහැ! 'ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී' කියන එකේ තේරුම වත් දන්නේ නැහැ!
    තමන් ධර්මයට පැමිණිලා... තමන් ධර්මානුකුල වෙලාම, සතර සතිපට්ඨානය / සතර සම්‍යක්ප්‍රධාන වීර්ය / සතර ඉර්දිපාද / පංචෙන්ද්‍රිය / පංචබල / සප්ත බෝජ්ජන්ඝ ධර්ම / ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ කිරීමෙන්ම ලබන්න තියන ආරක්ෂාව ලබාගන්න හදන්නේ කේන්දර බල බල... බෝධිපූජා තිය තිය, තව ලක්ෂ්මි / ඝනදෙවී වගේ පෘතග්ජන දෙවිවරු අදහ අදහ, ඒ මදිවට laughing buddha වගේ පිස්සු මරගාතත් කරගහගෙන!!
    හරියන්නේ නැහැ!!!
    ඒ මදිවට බුදුරජාණන්වහන්සේව පෘතග්ජන දෙවියන්, මිනිසුන් හා සම තත්වයෙහිලා සලකල බුදුන්ට කරන නිග්‍රහයෙන් මහ විසාල පව් තොග ගණනකුත් රැස් කරගන්නවා... මිථ්‍යාදෘෂ්ඨික අදහස් වලින් යුතු කොඩිවැල් ආදිය බෝධින්නාන්සේ ගේ එල්ලලා නිග්‍රහ කරනවා... ඕව කරලා අන්තිමට යන්න වෙන්නෙත් මෙන්න මේවගේ තැන්වලටම තමයි!!


    හැබැයි බුදුරජාණන්වහන්සේ, ශ්‍රී සද්ධර්මය සහ ආර්ය සංඝරත්නය ගුණ වශයෙන් ඉතා හොඳින් දැන අඳුනගෙන, ධර්ම මාර්ගයට පැමිණුන, ශ්‍රද්ධානුසාරී... ධම්මානුසාරී... සොතාපත්ති මාර්ගයට පැමිණුන උදවිය පමණක් කවදාවත් නිරය, පෙරේත, තිරිසන් ලෝකවල උපතක් කරා යැවෙන්නේ නැහැ!! ඒ හන්ද එවැනි උතුම් උදවිය මේවගේ තැන්වල නැහැ!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේක කියවන්න දවස් ගානක් යයි වගේ
    try කරලා බලමු
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දැන් සේරම verified හනදයි මම බය නැතුව වැඩේට බැස්සේ.


    මට හිතට හරිනැහැ මෙහෙම කියන්න.


    verified රහතන් වහන්සේකෙනෙක් ,
    ඒ උනාට හිත upset යන කෙනෙක්
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    පිටු දෙකක් කියෙව්වා ,
    පාරේ ඉන්න බල්ලෙක් දුක්විදිනකොට අපිට ප්‍රස්නයක් නැත්තේ
    1.බල්ලා විදින දුක් අපට දැනෙන්නේ නැති නිසා
    2. බල්ලා විඳපු දුක් පිලිබඳ අපට මතකයක් නැති නිසා
    ඒ කියන්නේ බල්ලා විඳපු දුක් අපට අදාළ නැහැ.
    ඒ අනුව බලනකොට පෙර ආත්ම වල දුක් අපට අදාළ වෙන්නේ කොහොමද
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මාත් දැක්ක... පටන් ගත්තු ගමන් පඬි talks නොදා අර 'මොලේ' කියන එක පාවිච්චි කලොත් නේද හොඳ???


    දැක්ක නෙවෙයි , ඔබ තමා ලියල තියෙන්නේ .
    ප්‍රසන අහන එක මල පනින්න දෙයක් නෙවෙයි නේද
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    me athme ewa adaala wenne kohomada? anna e widiyatama thamayi!! eelanga ekata giyama meka parana athmayak wenawa... aluth eke me vindina widiyatama windawanna wenawa!!

    me, oyata godak dura yanna thiyanawa... thread ekak handa tapalaganne nathuwa balagena balagena yanna. kakka godawal godak madde, than thanwala athi! ewa paga ganne, gaa ganne nathuwa yanna. Dharma karunu thiyana ewa pothak aran notes daganna. gatha kotas padam karaganna. mewa hondata hithe dharanaya wenna one. practical steps godak passe thiyanawa. ewa anuwa katayuthu karanna.

    prashna ahanna deyak ithuruwena ekak naha!! onema unoth witharak ahanna. eth wadagath nam witharayi mama pilithuru liyanne. mokada gon prashna ahanne hariyata wade nokarana aya! eyalata kochchara uththara dunnath palak prayojanekuth naha.
     
    I want to learn meditation...how can I do anapanasathi...



    menna...
    meke thiyanawa aanaapaana sathi bhaawanaawa gana saha,
    aanaapaana sathi bhaawanaa KARANA HATI sampoorna wistharaya...

    dharmaya gana meloo deyak danne nathi sinhala kenekuta wunath puluwanwei meka therum ganna.....

    sanasille kiyawanna...

    (file size only 222KB)

    http://bavana.org/images/bookcovers/10book.pdf

    budusaranai......
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං හරි ආසයි මේ set වෙන එක ගැනත් ටිකක් කතා කරන්න. මොකද මේ මාතෘකාව හුඟාක් උදවිය නොසෑහෙන්න කුලප්පු වෙන මාතෘකාවක්!! හැබැයි ඉතින් මේ කියන්නේ නොබොන අයට බීපල්ලා කියන්නවත්, බුදුහාමුදුරුවෝ එපා කිව්වට කමක් නැහැ... උඹල බීපල්ලා... මම නේ කියන්නේ... වගේ එකකුත් නෙවෙයි!! කොච්චර උනත් මේකේ මම කියන ඒවා අහන එවුන් එච්චරම නැහැ!! නැත්නම් මම කියපු ගමන් සේරමලා අනික් වැඩ නවත්තල ණිවන් අවබෝධ කරන්න පටන් ගන්න එපාය!! එහෙම උනේ නැහැ නේ... ඒත් හැබැයි දැන් දැන් ධර්ම කතා බොහොමයි නේද?? මට ඕනේ උනෙත් ඒකමයි!!! ධර්මය කතා කරන්න කතා කරන්නමයි බබළන්නේ. එතකොට තමයි තව තව පිරිසත් ධර්මයට යොමුවෙන්නේ. එහෙම යොමුවෙන පිරිසේ ධර්මය අවබෝධකරන එක පින්වතෙක් හිටියත් කොච්චර යහපතක්ද වෙන්නේ... අන්න ඒකම තමයි මටනම් ඕනේ...

    දැන් මේ set වෙන කතාවේ පදනම උනේ මේකයි! අපිට නම් ධර්මය ලැබෙන්න කලිනුයි 'වැනෙන මාර්ගය' විවුර්ත වෙලා තිබුනේ. ඒත් අපි අන්ත වලට ගියපු උදවිය නෙවෙයි. එහෙම උනා නම් අද මෙහෙම ඉන්න වෙන්නේ නැහැ!! ඒත් මනුස්සය කියන්නේ හිතට වහල්වෙච්ච එකෙක් හන්ද චුට්ටක් හරි දාගත්තොත් විනාසය පටන් ගන්නවා. ඒ ගත්තු චුට්ට තව චුට්ටක් ඉල්ලනවා. ඊළඟට ඒ චුට්ටල තව ඉල්ලනවා... ඔහොම ගිහිල්ල ගිහිල්ල ඊට පස්සේ මිනිහ කාණුවේ!! බල්ලෝ මුණ හෝදනවා!!! ඕක ඇබ්බැහිවෙන case එකක් හන්ද ඊටපස්සේ දිනචරියාව බවට පත්වෙන්නේ ඕක. ඒත් සල්ලි නැතුව බොන්න හම්බවෙන්නේ නැති නිසා හොරකම් කරන, සත්තු මරණ, බොරු කියන වැරදි සේරටම අහුවෙනවා. අන්න එතකොට පව් රැස්වෙන්න ආරම්භ වෙනවා. බීල බීල සිහි විකල් උනාම සමහරුන්ට ගෑනු ඕනේ වෙනවා අන්තිමේ case ගොඩායි. මොක නැතත් මනුස්සය 'ප්‍රමාදී පුද්ගලයෙක්' වෙනවා. ඉතින් ඔය කිසිම ලෙඩක් වැටෙන්නේ නැහැ නේ, නොබී හිටියා නම්!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ එක හෙලාම බොන්න එපා කිව්වේ.

    දැන් ඔය අය අතරේ පංචසීලය 100% ම රැකගෙන ඉන්න අය ඉන්නවද? බොරු කියන්න එපා! කියපු ගමන් සීලේ sorry වෙනවා... අද අපේ හාමුදුරුවොන්ගේ පරණ දේශනාවක video එකක් හම්බවෙලා බැලුව. එකේ කියවුනා නියම කතාවක්!! තිසරණය නැතිව පන්සිල් ගැන කතා කරන එක මිනිහෙකුගේ ඔලුව අමතක කරලා අත පය ගැන විතරක් කතා කරනවා වගේ වැඩක් කියල හාමුදුරුවෝ කිව්ව. අත පය හරියට වැඩ කරන්නත් ඔලුවක් ඕනේ! නැත්නම් වැඩක් නැහැනේ. දැන් මේ තිසරණය නැති, පන්සිල් ගැන ලොකුවට කතා කරන උදවිය ඔලුවක් නැති උදවිය ගනනයි... තෙරුණයි? සුරාමේරය සිල් පදයේත් කියවෙන්නේ 'දැකීම ප්‍රමාද කරවන' මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වලකිමි කියල මිසක්, නිකම් සිල්වතෙක් කියල පෙන්නන්න නොබී ඉන්නවා කියල එහෙම එකක් නෙවෙයි!! මිනිහට බුදුරජාණන්වහන්සේ කිව්වේ අප්‍රමාදීව ජීවිතය දකින්න, චතුරාර්ය සත්‍ය දකින්න, අවබෝධ කරන්න කියන එකයි!!!

    අන්න ඒ කියපු විදියට ජීවිතය අවබෝධකරලා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැත්නම්, අවබෝධ කරන්න හිතලවත් නැති, ඔය බොන එක ගැන විතරක් මහා ලොකුවට කුලප්පුවෙන සිල්වත් පුද්ගලයෝ හැම කෙනෙක්ම නිකම්ම නිකම් පුස්සෝ!! ඔලුව නැති එවුන්!! අන්න ඒක තමයි මට කියන්න තියෙන්නේ. චුට්ට චුට්ට දාන එකෙක් උනත් කමක් නැහැ... මෙච්චර කාලෙකට ධර්මය ගැන උනන්දු උනේ නැත්නම් වහාම ඒ වැඩේට යොමුවෙන්න!!! බොන කතාව නෙවෙයි අන්න ඒකයි වැදගත්. ධර්මය තේරෙන්න ගන්නකොට බීම නෙවෙයි, අනික් සියලු ලෙඩරෝග, මනස්ගාත සේරම සනීප වෙනවා!! ජීවිතේ උපරිම ඵල නෙලාගන්නත් ලැබෙනවා.

    අපිට නම් දැන් අමුතුවෙන් කරන්න කියල දෙයක් ඇත්තෙම නැහැ!! අලුතෙන් මොකවත් පටන්ගන්නෙත් නැහැ... වෙනස් කරන්නෙත් නැහැ... ඉවරයක් දකින කම් යනව එච්චරයි!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ප්‍රස්නේ මේකයි . ඇයි ඔබතුමාට බොන්න හිතෙන්නේ,
    1. ප්‍රසන වැඩිකමටද?
    2. ආතල් එකටද?
    3. කරන්න දෙයක් නැති නිසාද?
    අර කිබුල යි මහසොනයි එක්ක පටලුනෙත් සමහර වෙලාවට මල පනින්නේත් ඔබතුමාගේ වරද නෙමෙයි Alcohol වල වරද නිසා වෙන්න ඇති (මම මේ ත්රෙඅඩ් එකේ ඒ ටික කියෙව්වා , )
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    electronic අත ඇරලා සිංහලෙන් සරලව පැහැදිලි කලා නම් මට මීට වඩා තේරෙනවා
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    electronic අත ඇරලා සිංහලෙන් සරලව පැහැදිලි කලා නම් මට මීට වඩා තේරෙනවා

    සොරි වෙන්ඩ ඕනේ මැදට පන්නනම් .
    යාළුවා ,
    ඕව කියල වැඩක් වෙන්නේ නැහැ . අන්තිමට වෙන්නේ ඔයත් මාරයාගේ නියෝජිතයෙක් වෙන එක . හොදම දේ අවශ්‍ය කරන දේ අරගෙන ඉතුරු ටික බැහැර කරන්න. මම දැන් මේ ත්‍රෙඩ් එක කියවට ඉස්සර වගේ කමෙන්ට් දෙන්නේ නැහැ . දමිතට වෙලා තියන්නේ මොකක්ද කියල කොයිතරම්නම් මම පැහැදිලි කරද ? නමුත් ඉතින් මොන කරන්නද හැමෝම එක වගේ නැනේ ?
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    අන්තිම පේජ් එක කියෙව්වා. අනේ මන්දා මොනවා කියන්නද කියලා. මට මතක් වුනා අර කූඤ්ඥය ගලවපු වඳුරගේ කථාව. හ්ම් ...... අඩුම තරමේ සෝම හාමුදුරුවො තව ටික කාලයක්වත් වැඩ හිටියනම් කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට. මට මතකයි ආනන්ද හාමුදුරුවෝ තමන්ගේ පරිනිර්වාණය වෙන්න ඕනා විදිය අධිෂ්ඨානය කල ආකාරය. සෝම හාමුදුරුවෝ රහත් වෙලා ඉඳියා නම් අනිවාර්යෙන්ම ඒ විදිය පරිනිර්වාණයක් අධිෂ්ඨාන කරාවි අන්ධ බෞද්ධයෝ වෙනුවෙන්. එක එක බොරු කාරයන්ගේ කථා අහලා තමන්ගේ ඔළුව විකාර කර ගෙන හිතන්න බැරි අය ධර්ම දෙසන්න ගියාම මේ විදිය තමයි. මේ වගේ අයට දෙන්න දඬුවම් පෘථග්ජන අපි ලඟ නෑ. ඒවා ස්වභාව ධර්මයෙන්ම ලැබෙයි. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කේසපුත්තිකයන්ට හිතන්න කියපු විදියට හිතලා බලන්න. එහෙම නැත්නම් රහත් වෙන්න තියා ධර්මය වත් මතු සංසාරෙදි කිසිම දවසක අහන්න ලැබෙන එකක් නෑ. සම්පූරණයෙන්ම මිථ්‍යා දෘෂ්ටියයි මේ වපුරන්නේ,වැපිරෙන්නේ. අවබෝධික බෞද්ධයා මේවා අත ඇරලා දැම්මට අහිංසක උප්පත්ති බෞද්ධ‍යන්ගේ ජීවිත පරිහාණියට ඇදන් යාමක්. තමන් තමයි ධර්මය දන්නේ කියලා හිතාගෙන ඉන්න ගුරුවරුන්ගේ පරිස්සම් වෙන්න.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අන්තිම පේජ් එක කියෙව්වා. අනේ මන්දා මොනවා කියන්නද කියලා. මට මතක් වුනා අර කූඤ්ඥය ගලවපු වඳුරගේ කථාව. හ්ම් ...... අඩුම තරමේ සෝම හාමුදුරුවො තව ටික කාලයක්වත් වැඩ හිටියනම් කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට. මට මතකයි ආනන්ද හාමුදුරුවෝ තමන්ගේ පරිනිර්වාණය වෙන්න ඕනා විදිය අධිෂ්ඨානය කල ආකාරය. සෝම හාමුදුරුවෝ රහත් වෙලා ඉඳියා නම් අනිවාර්යෙන්ම ඒ විදිය පරිනිර්වාණයක් අධිෂ්ඨාන කරාවි අන්ධ බෞද්ධයෝ වෙනුවෙන්. එක එක බොරු කාරයන්ගේ කථා අහලා තමන්ගේ ඔළුව විකාර කර ගෙන හිතන්න බැරි අය ධර්ම දෙසන්න ගියාම මේ විදිය තමයි. මේ වගේ අයට දෙන්න දඬුවම් පෘථග්ජන අපි ලඟ නෑ. ඒවා ස්වභාව ධර්මයෙන්ම ලැබෙයි. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කේසපුත්තිකයන්ට හිතන්න කියපු විදියට හිතලා බලන්න. එහෙම නැත්නම් රහත් වෙන්න තියා ධර්මය වත් මතු සංසාරෙදි කිසිම දවසක අහන්න ලැබෙන එකක් නෑ. සම්පූරණයෙන්ම මිථ්‍යා දෘෂ්ටියයි මේ වපුරන්නේ,වැපිරෙන්නේ. අවබෝධික බෞද්ධයා මේවා අත ඇරලා දැම්මට අහිංසක උප්පත්ති බෞද්ධ‍යන්ගේ ජීවිත පරිහාණියට ඇදන් යාමක්. තමන් තමයි ධර්මය දන්නේ කියලා හිතාගෙන ඉන්න ගුරුවරුන්ගේ පරිස්සම් වෙන්න.

    රහතින් වහන්සේලා නම් මොනාද ? ඩෙක් ශුෂ් දාන මයිත්‍රී බුදුනුත් දැන් ගාල්ලේ බන කියනවා