ඉතිහාසයෙන් අතුගා දැමෙන බෞද්ද උරුමයන් ගැන

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඉතිහාසයෙන් අතුගා දැමෙන බෞද්ද උරුමයන් ගැන

    සර්ව ආගමික සහ බහුවාර්ගික ශ්‍රී ලන්කන් උන්ට නම් මේවා අහන්නත් අමාරු ඇති......මෙවා දිරව ගන්න පුලුවන් එවුන් විතරක් මෙහෙම දෙවලුත් සිද්දවෙනවා කියලා දැනගන්න කියවපල්ලා.......

    01.මුහුදු මහා විහාරය




    අභාග්‍යයකි. මහා අභාග්‍යයකි. දෙසීය තුන්සීයක් තරම් වූ ගවයින් ඉපැරණි ගඩොල් අත්තිවාරමක් මතින් රිසි සේ දිව යති. කැණීම් නොකරන ලද ඉපැරණි පොකුණ ජාරාවාසව ගොසිනි. විහාර ගොඩනැගිල්ලට පිවිසෙන පියගැට පෙළ අසල වැල්ලව යටව ගිය සඳකඩ පහනකි.

    කාලයා විසින් නොව ජාතියක් ජන්මයක් නැති පාපතරයින් කඩා බිඳ විනාශබර දමන ලද වෙහෙරක නටබූන් වෙරෙළේ විසිරිව පවතී.

    අම්පාරට නූදුරු නැගෙනහිර, වෙරළ තීරයේ අතිශය සූන්දර වටපිටාවකට මැදිව ඇති මෙම නටබූන් සමූහය මූහූදු මහා විහාරය සතු වූවකි. නැගෙනහිර දෙසින් මහා සමූද්‍රයත් දකුණින් ආරුගම්බේ කලපූවත්, දකුණින් වර්තමාන පොතුවිල් නගරයත් වටව පවතින මූහූදු මහා විහාරය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් හිමි තැනකි. එහි කථා පූවත මෙරට එක්සේසත් කළ මහා නරපතියකු වූ දුටූ ගැමූණූ තුමාගේ මව වන විහාර මහා දේවිය හා බැඳී පවතී.

    පස්වන සියවසේදී කැලණිතිස්ස නම් රජතුමෙක් මෙරට රජ කරන සමයක මූහූද ගොඩගැලූ පූවතක් ඉතිහාසයේ සඳහන් වේ. එම විපතින් රටත් ජනතාවත් බේරා ගැනීමට රජ පවූලේ සාමාජිකයකු මූහූදට බිලිවිය යූතුව තිබිණි. සෙස්සන් බියෙන් සැඟවෙද්දී රට වෙනූවෙන් තම දිවි පරදුවට තබා ඊට ඉදිරිපත්ව ඇත්තේ කැලණිතිස්ස රජතුමාගේ දූ කුමරියයි. මේ අනූව කුමරිය වෙනූවෙන්ම නෞකාවක් ඉදිකර කුමරිය ඊට නංවා නැව මූහූදට දමා ඇතැයි ඉතිහාසය කියයි. එහෙත් කුමරිය නිරුපද්‍රිතව රුහූණූ රාජධානියේ වෙරළකට සේන්දුව විහාරමහා දේවි නමින් කාවන්තිස්ස රජතුමාගේ අගමෙහෙසිය වූ බව ඉතිහාසයේ වැඩිදුරටත් සඳහන් වේ. නමූත් කුමරිය මෙසේ ගොඩබට වෙරළ කොතැනද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිලි සාකෂියක් හමූ නොවේ. ඇතැම් වියතුන්ගේ මතය එම ස්ථානය කිරින්ද ප්‍රදේශයේ වෙරළ තීරය විය යූතු බවයි. තවත් පිරිසක් පවසන්නේ නිශ්චිතවම කුමරිය රැගත් නැව සේන්දු වී ඇත්තේ මූහූදු මහා විහාරයට ඔබ්බෙන් ඇති වෙරළ තීරයට බවයි. විහාරමහා දේවිය හා කාවන්තිස්ස රජතුමන්ගේ හමූවීම සිහිවීම සඳහා මූහූදු මහා විහාරය ඉදිවන්නට ඇති බවද ඔවූහූ මත පළ කරති. වර්තමාන මෙම විහාරවාසී හිමියන් දරන අදහස වන්නේද එම මතයයි.

    වර්තමානයේ මෙම විහාර භූමියට පා තබන කාහට වූව මූලින්ම දිස්වන්නේ ප්‍රතිමා ත්‍රිත්වයකි. එයින් ප්‍රතිමා දෙකක් අනිවාර්යෙන් කාවන්තිස්ස රජතුමන් හා විහාර මහා දේවිය සංකේත වන බව ඒ හිමියෝ පවසති. අනෙක් ප්‍රතිමාව බූද්ධ ප්‍රතිමාවක් හෝ රහතන් වහන්සේ නමකගේ පිළිරුවක් ලෙස පැහැදිලිව හඳුනාගත හැකි නිසා ඒ පිළිබඳ කිසිදු පරස්පර විරෝධි මත පළ නොවේ. එහෙත් ආභරණ පැළඳ සිටින පිළිරූ අවලෝකීතේෂ්වර ප්‍රතිමා විය යූතු බව ඇතැමූන්ගේ මතය වී තිබේ. ඒ කෙසේ වෙතත් මෙම පිළිරූද තබා ඇත්තේ විශේෂ වූ ස්ථානයකය. එය තෙමහල් ප්‍රාසාදයක්ව තිබී විනාශව ගිය එකක් විය යූතු බව විහාර වාසී සීලරතන හිමියන්ගේ අදහසයි. එහෙත් එම ගොඩනැගිල්ලේ වර්තමානයේ දැකිය හැක්කේ අඩි පහක් පමණ උස අත්තිවාරම සහ ගල් කණූ සමූහයයි. පෙර කී ප්‍රතිමා ත්‍රිත්වය තබා ඇත්තේ එම ගල් කණූ අතරට මැදි වන ලෙසය. මෙම ගොඩනැගිල්ලට මඳක් ගිනිකොන දෙසට වන්නට ආවාස ගෙයක් ලෙස සිතිය හැකි ගොඩනැගිල්ලක නටබූන් තවමත් දැකිය හැකි වේ. ඊට මඳ දුරක් බස්නාහිර දෙසට වන්නට විනාශව ගිය තවත් ගොඩනැගිල්ලක අත්තිවාරම පමණක් ඉතිරිව පවතී, එය සීමා මාලකයක් යැයි අදහස් කෙරේ. එතැනින් උතුරු දෙසට වන්නට කැණීම් නොකරන ලද පොකුණක් හමූවේ. පොකුණට බැසීමට පියගැට පෙළක් තිබූණද එය මූහූදු වැල්ලට යටව ගොසිනි. ඒ නිසා මෙහි ඇති වටිනාකම බැලූ බැල්මට කිසිවෙකුට වටහා ගත හැකි නොහේ.

    පොකුණේ පඩිපෙළ පමණක් නොව මූහූදු මහා විහාරයේ නටබූන් බොහෝමයක් තවමත් මූහූදු වැල්ලට යටව ඇතැයි අනූමාන කෙරේ. ඊට හේතුවී ඇත්තේ විහාර භූමිය වෙරළ ආශ්‍රිතව ඉදිවීමත් තවමත් ඉන් වැඩි ප්‍රදේශයක් මහා වැලිකඳු වලින් සහිත වීමත්ය. වර්තමානයේ අප දකින නටබූන් සමූහය වූව කාලයක් වැල්ලෙන් සැඟව තිබූ ඒවායි. පූරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1960 දී පමණ කරන ලද කැණීම්වල ප්‍රතිඵලයක් ලෙස යළිත් එය වර්තමාන පරපූරට දැකගැනීමට හැකිව තිබේ. එහෙත් එම කාර්යය එතැනින් නතරවීම ජාතියේ අවාසනාවකි. වර්තමානය වන විට මූහූදු මහා විහාරයට ඇත්තේ සොච්චම් බිම් කඩකි. එහෙත් එයද අනාරකෂිතය. නමූත් මෙහි ඇති පූරාවිද්‍යාත්මක වටිනාකම අනූව 1965 අංක 773 ජී. ජී. 1450 දරන පිඹූරු පත මගින් මූහූදු මහා විහාරය අවට අක්කර 33 ක භූමි ප්‍රදේශයක් පූරාවිද්‍යා රකෂිතයක් ලෙස නම් කර ඇත. එහෙත් වර්තමානය වන විට මූහූදු මහා විහාරයට ඉතිරිව ඇත්තේ අක්කර පහකටත් වන අඩූ භූමි ප්‍රදේශයකි. සෙසූ සියලු ඉඩකඩම් ප්‍රදේශයේ වෙසෙන අන්‍යාගමිකයන් විසින් තමන් සන්තකයට ගෙනය.

    ඔවූන් එම ඉඩම්වල ස්ථිර නිවාස තනාගෙන පදිංචිව සිටිති. විහාරය අසල ඇති එක් නිවසක රෙදි සේදීමට යොදාගෙන තිබූණේ කැටයම් කළ ගල්ලෑල්ලක් බව අප සියැසින්ම දුටූවෙමූ. මේ සියල්ල අප ඡායාරූප ගත කිරීමට උත්සාහ කිරීමේදී අප අතර පැමිණි එක් තරුණයකු අපට බාධා කළේය.

    ඔහූ මූහූදු මහා විහාරයේ පූරාවස්තු ආරකෂා කිරීමට පූරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පත්කළ ඇති මූරකරුය. ඔහූ මූස්ලිම් ජාතිකයෙක්ය. අවට පදිංචිව ඇත්තේද මූස්ලිම් ජාතිකයන්ය. ඔහූට අනූව කිසිවෙකු හෝ මූහූදු මහා විහාරයට අයත් භූමියේ පදිංචිව නැත. එසේම මෙය ඉපැරණි බෞද්ධ විහාරයක්ව තිබූ තැනක්ද නොවන්නේය. සිදුවෙමින් පවතින ක්‍රියාවලියේ සංවිධානාත්මක අරමූණ කොතෙක් දුරට ඔඩූ දුවා ඇත්දැයි දැන් සිතාගත හැක.

    වර්තමානය වන විට මූහූදු මහා විහාරයේ වැඩවාසය කරන්නේ එක් හිමි නමක් පමණකි. ඒ පෙර කී කතරගම සීලරතන හිමියෝය. එහෙත් උන්වහන්සේගේ ජීවිතයද මේ වන විට අනතුරේය. අවට වාසීන්ගේ තර්ජන ගර්ජන මැද ඇතැම්විට දානෙ වේලද නොවලඳා ඒ හිමියෝ මේ උරුමය සූරැකීමට වෙහෙසෙති. ඒ නිසාම වරක් සීලරතන හිමියෝ පොතුවිල නගරයට නූදුරෙන් ඇති ලාහූගල ප්‍රදේශයට ගොස් වැඩම කරන විට ආවාස ගෙහි ඇති සියලු දෑ කොල්ල කා තිබිණ. අවට සිටිනවූන්ට ලොකුම හිසරදය ඇත්තේ සීලරතන හිමියන් මෙහි වැඩවාසය කිරීමය. විහාරස්ථානයේ පිරිත් හඬ පටයක් විකාශනය කිරීමට විරුද්ධව අප ඉදිරියේම එක් අන්‍යාගමිකයෙක් කතා කළ අයූරින් ඒ බව අවබෝධ කර ගත හැක. අප සීලරතන හිමියන්ගේ ජීවිතය අනතුරේය කියා කියන්නේ මේ නිසාය.
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෙතරම් ගැටළු වූවද සීලරතන හිමියෝ නැගෙනහිර බෞද්ධ උරුමය සූරැකීමට වෙහෙසක් වර්තමානයේ ආරුගම්බොක්ක එකල ආරාමග්‍රාම ලෙසත් නින්දවූර් "නින්දගම" ලෙසත් හැඳින් වූ ප්‍රදේශයන්ය. එසේම අද අක්කරේපත්තුව පූරාණයේ අක්කරගම ලෙස සැලකේ. මේ සියලු ගම් පූරාණයේ සිංහල නම් වලින් හැඳින්වූණේ වර්තමානයේ දෙමළ ඌරුවට භාවිතයෙන් සියල්ල වෙනස්ව තිබේ. මූහූදු මහා විහාරය අවට පමණක් නොව නැගෙනහිර බොහෝ තැන්වලත් උතුරේත් අද සිදුවෙමින් පවතින්නේ මේ සංසිද්ධියමය. දකුණේ හන්දියක් හන්දියක් පාසා බූදු පිළිම තනන විට උතුරේත් නැගෙනහිරත් බෞද්ධ උරුමය අපෙන් ගිලිහෙමින් තිබේ.

    එය නැවැත්වීමට හෝ සූරකෂිත කිරීමට කිසිදු වග කිවයූත්තෙක් නැත. අඩූම තරමින් මෙම උරුමයන් වෙනූවෙන් පෙනී සිටින සීලරතන හිමියන් වැනි උත්තුංග පූරුෂයන් වෙනූවෙන් කතා කිරීමට කෙනෙක් නැත.

    එහෙත් පූරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් ඇත. සංස්කෘතික අමාත්‍යංශයක් ඇත. එයට ඇමැතිවරයෙක් ඇත. බැලූ බැලූ තැන බෞද්ධ සංවිධාන ඇත. නමූත් මේ හැම එකක්ම අද නිහඬය. එහෙත් අපට ඔවූන්ට කියන්ට යමක් ඇත.

    මූහූදු මහා විහාරය යනූ පොතුවිල් හා ඒ අවට ප්‍රදේශයන්හි සිංහල බෞද්ධ පවූල් විසූ බවට ඉතිහාසය විසින් අපට උරුමකර ඇති ප්‍රබල සාකෂියක්ය. එහි විහාරස්ථානයක්ද පැවැති බව එහි දැනට ඉතිරිව ඇති නටබූන් සමූහය සාකෂි දරන්නේය. එසේනම් එහි මහා සංඝරත්නය වැඩ විසූ බවද නොඅනූමානය. ඉදින් කාට හෝ මූහූදු මහා විහාරය අරඹයා ඇති එම කරුණූ සැඟවීමට අවශ්‍යව ඇත්නම් එය කුමන අරමූණක් අරඹයාදැයි දැන්වත් තේරුම් ගත යූතුය. නියපොත්තෙන් කැඩිය යූතු දෙය පොරොවෙන් කපන්නට ඉඩ නොතැබීම, වගකිවයූත්තන්ගේ යූතුකමය. මේ සිදුවෙමින් පවතින්නේ හූදෙක් මූහූදු මහා විහාරයේ ඉතිහාසය සැඟවීමට උත්සාහ කිරීම පමණක් නොවේය. එය ඉදිරියේදී සිදුවිය හැකි අතිශය සංකීර්ණ අර්බූදයක වටපිටාව සකස් වීමක් බව ලියා තැබිය යූතුය.

    මෑත දී පන්සලට දාගැබක් තැනීම උදෙසා අත්තිවාරම් කපමින් සිටිය දී මතුපිට පොලොවෙන් අඩි තුනක් පමණ යටට වන්නට මතුවූ ගල් කණු 6 ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් නටඹුන් විය හැකි බවයි විහාර වාසී හිමියන් පවසන්නේ.

    උන්වහන්සේ ඒ සමගම විහාරමහා දේවිය කාවන්තිස්ස රජු හමුවීම පිළිබඳව ජනප්‍රවාදයක් ද හෙළි කලා.
    සුරූපී කුමාරිකාවක් ඔරුවක් සමග වෙරළට සේන්දු වී ඇති බව තම රටවැසියන් ගෙන් දැනගත් කාවන්තිස්ස රජු ඒ ගැන දැඩි අවධානයෙන් පසුවී තිබෙනවා,, ඔත්තු බැලීම උදෙසා තම සහචරයින් යෙදවූ රජු ඒ සඳහා ඔවුන්ට අට්ටාල පවා සාදවා දී ඇති බවයි පැවසෙන්නේ. රජු මෙසේ තොරතුරු රැස් කරගත් පසු තමන් විසින්ම කුමරිය සිටින්නේ යැයි කියන ප්‍රදේශයට ගොස් එහි ජනතාවගෙන් ඇය සිටින් ස්ථානය විපරම් කොට කුමාරිකාව සොයා ගෙන ඈ කැටුව පැමිණ පසුව තම අග මෙහෙසිය ලෙස සරණ පාවා ගෙන තිබෙනවා.

    කුමරිය පිළිබඳව ඔත්තු බැලීමට රජු විසින් අට්ටාල සාදවා දුන් ප්‍රදේශය "අට්ටාලචේන" ලෙස ද, "කුමරිය කොයි" යැයි රජු විසින් රටවැසියාගෙන් විමසුම් කල පෙදෙස "කෝමාරිය" ලෙසද, "අර ගමට ගියා" යනුවෙන් වැසියන් විසින් පෙන්නුම් කල ප්‍රදේශය පද සහ බස බිඳී "ආරුගම් බේ" ලෙස ද වර්තමානයේ හැඳින්වෙන බව විහාරවාසී හිමියන් විස්තර කලා. එසේම තමන් වෙනුවෙන් කුමරිය පිළිබඳව ඔත්තු බැලූ සියල්ලන්ටම රජු විසින් පඬුරු ලෙස එක් පුද්ගලයෙකුට අක්කර10 බැගින් වනසේ ගම්වර ලබාදුන් පෙදෙස අද හැඳින්වෙන්නේ "අක්කරේපත්තුව" ලෙස යි.

    රජු විසින් කුමරිය කැටුව පැමිණ ඇත්තේ වත්මන් මුහුදු මහ විහාරය පවතින භූමියටයි. එහිදි කුමරිය පැලඳ සිටි සියළු ආභරණ අසල ස්ථානයක නිදන් කර, කිරි කල හතකින් ඇයව නහවා සියළු වස්ත්‍රාභරණයෙන් සරසවා රජු විසින් තම අග මෙහෙසිය ලෙස සරණ පාවා ගෙන තිබෙනවා. අභිෂේක මංගල්‍යය ලාහුගල පුරාණ මගුල් මහ විහාරයේ දීයි පවත්වා ඇත්තේ.
    අභිෂේක මංගල්‍යය පැවැත්වූ වේදිකාව සහ තවත් ගොඩනැගිලි වල නටඹුන් මගුල් මහ විහාර භූමියේ දැනට දැකිය හැකියි.
     
    • Like
    Reactions: inranasingha

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    විහාර භූමියෙන් මතුවූ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් යැයි සැලකෙන ගල් කණු

    ruins.jpg


    විහාර භූමියේ පවතින කාවන්තිස්ස රජුගේ සහ විහාර මහ දේවියගේ (පිලිවෙලින් ) ප්‍රතිමාවල නටඹුන්
    King-Kavanthissa.jpg
    Vihara-Maha-Devi.jpg



    ඓතිහාසික මුහුදු මහ විහාරයේ පුරාවෘත්තය කියවූ ඔබගේ අවධානය යොමුවිය යුතු තවත් කරුණු කිහිපයක් තිබෙනවා.

    මේ මුහුදු මහ විහාරය පිහිටා තිබෙන්නේ ප්‍රධාන මාර්ගයෙන් තරමක් ඇතුලට වන්නට.
    නමුත් නොදන්නා කෙනෙකුට එය සොයා ගැනීම තරමක් අපහසු වන්නේ පන්සලට මං සලකුණු කිසිවක් දැකිය නොහැකිවීම නිසාවෙන්.

    සීලරතන හිමි

    muhudumahawiharaya2.jpg



    විහාර වාසි හිමියන් පවසන අන්දමට, උන් වහන්සේ ආරක්ෂක හමුදා සොයුරන් සමග දෙවරක් ම පන්සලට එන මාර්ගය දැක්වීම උදෙසා බෞද්ධ කොඩි දැමුවත්, පන්සල අවට සිටින අන්‍යාගමික පිරිස් විසින් ඒ සියල්ල ඉරා දමා විනාශ කර තිබෙනවා.

    එසේම, පෙර රජවරුන් විසින් පන්සල් භූමිය සඳහා අක්කර සිය ගණනක් සඟ සතුකොට පූජා කර තිබුනත්, දැන් ඒවා පවතින්නේ ශිලා ලිපි ලේඛන වල පමණමයි. අනවසර නිවාස ඉදිකිරීම් සහ බලහත්කාරයෙන් අත්පත් කරගැනීම් නිසා පන්සල් භූමියට දැන් ඉතිරිවී තිබෙන්නේ අක්කර 5කටත් අඩු භූමි ප්‍රමාණයක්.
    ඒ තරමට හෝ පන්සල් භූමිය ආරක්ෂා වී තිබෙන්නේ පන්සලේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරී මහතුන් නිසා බව විහාරවාසී හිමියන් කෘතඥපූර්වකව පවසා සිටියා.

    දැන් උන්වහන්සේලා ඒ උත්සාහයත් අත් හැර උපේක්ෂාවෙන් බලා සිටින්නේ මේ සඳහා බලධාරීන්ගේ මැදිහත්වීමක් ලැබෙන තෙක්.

    කුමක් නමුත් ඉක්මනින් සිදුවිය යුතුයි. නැත්නම් අපේ වටිනා ඉතිහාසය ගැන සාක්ෂි දරන නටඹුන් විනාශ වී පොලවටම වැලලී ගිය පසු කිඹුල් කඳුළු හෙලීමෙන් පලක් නොවිය හැක!
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වර්තමාන විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ "දිවයින ඉරිදා සංග්‍රහය" සමග අදහස්‌ දක්‌වමින්,

    "පසුගිය 8 වැනිදා වූ මෙම සිදුවීම මෙම ප්‍රදේශයේ ජීවත්වන අන්තවාදී මුස්‌ලිම් කණ්‌ඩායමක්‌ විසින් සිදුකරන ලද ක්‍රියාවක්‌. අපි මේ ඓතිහාසික ස්‌ථානය රැකගෙන ඉන්නේ බොහෝ දුෂ්කරතා මැද. අන්තවාදී මුස්‌ලිම්වරුන්ගේ නොයෙකුත් අඩන්තේට්‌ටම් මැද. දානවේල් පවා නොලැබ ආරක්‌ෂක අංශයේ මහත්වරු දෙන දේ කාලා බීලා තමයි මේ ස්‌ථානයේ ඉන්නේ. විහාර භූමියට එන්න හරි හැටි පාරක්‌ නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව නිසි වැඩපිළිවෙළක්‌ නෑ. මුස්‌ලිම් ජනතාව පුරාවිද්‍යා රක්‌ෂිතයේ බලෙන් පදිංචිවෙලා. ඒවට ඔප්පුත් හදාගෙන. මෙම පුරාවිද්‍යා රක්‌ෂිතය තුළ දැනට අනවසර ඉදිකිරීම් 44 ක්‌ තිබෙනවා. ඒවා අතර රජයේ ඉදිකිරීම් පවා තිබෙනවා. මුස්‌ලිම් ජනතාව සමග අපගේ කිසිදු තරහක්‌ නෑ. ඒත් අපි ඉල්ලා සිටින්නේ ඓතිහාසික මෙම පූජා භූමියේ සිංහල බෞද්ධයාගේ උරුමය ආරක්‌ෂා කරදෙන්න කියලා. මොනව වුණත් අපි මේවා දාලා යන්නේ නැහැ. දිවි පරදුවට තියලා හරි මෙම පූජා භූමිය රැක ගන්නවා" යෑයි පැවැසූහ.

    muhudu1.jpg
    muhudu2.jpg



    සැබැවින්ම තත්ත්වය ඉතා ෙ€දජනකය. බෞද්ධ රටක බෞද්ධ උරුමය රැක ගැනීමේ දුෂ්කරතාවේ ශෝචනීය ඉරණමට අප මුහුණදෙමින් සිටිමු. ඉන්ද්‍රසිරි හිමි පැවැසූ කතාවෙන් අපට පැහැදිලි වනුයේ එයයි. මීට පෙර මුහුදු මහ විහාරයේ වැඩ වාසය කළ කතරගම සිරිරතන හිමියෝද මෙම විහාරස්‌ථානය රක්‌ෂා කර ගැනීමට කළ මෙහෙවර උදාරය. උන්වහන්සේ වරක්‌ අප සමග පැවැසුයේ රාත්‍රී කාලයට අන්තවාදී මුස්‌ලිම්වරුන් විහාරස්‌ථානයට ගල්වලින් පහරදෙන බවය. ඇතැම් අවස්‌ථාවල මුස්‌ලිම්වරුන්ගේ දරුවන් විහාර භූමියේ අවට තම ශරීර කෘත්‍යයන් පවා සිදුකරන බව උන්වහන්සේ පැවැසූහ. 2008 වසරේද මෙලෙස බලහත්කාරයෙන් විහාර භූමියේ ඉඩම් කොල්ලකෑමට සූදානම් වූ මුස්‌ලිම්වරුන්ට විරුද්ධ වූ නිසා ඔවුන්ගේ පහරකෑමට ලක්‌වූ සිරිරතන හිමියන්ට මොණරාගල, සිරිගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය. මේ සියලු පීඩාවන්, වේදනාවන් මැද අපවත්වූ සීලරතන හිමියන්ට පින්සිදුවන්නට අද අපට මෙලෙස හෝ මුහුදු මහා විහාරයක්‌ ගැන කතා කිරීමේ අවස්‌ථාව ලැබී ඇත. එසේ නොවුණා නම් මුහුදු මහා විහාරයත් මුස්‌ලිම් මූලධර්මවාදයේ ඩෝසර් පහරින් පස්‌වී හමාරය.
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මුස්‌ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ පස්‌ වතාවක්‌ විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්‌ෂිතව ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක්‌ ලෙස තහනම් කර ඇත. බෞද්ධ පූජාභූමියක ධර්ම ශාලාවක්‌ ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම් කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද? අන්තවාදීන් විහාරස්‌ථානයට යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස්‌ රථයකින් කෙළින්ම විහරස්‌ථානයට පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක්‌ තිබිණි.) එම නිසා විහාරස්‌ථානයට වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක්‌ පයින් ගමන් කිරීමට සිදුවේ. මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම පුවරුව මුස්‌ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්‌ථානයට පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්‌ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක අවසානයේ පුරාවිද්‍යා ස්‌ථානය යනුවෙන් පමණක්‌ සටහන් කර ඇත. එහි මුහුදු මහා විහාරය යනුවෙන් කිසිදු සටහනක්‌ නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත.

    විහාර භූමියේ ඇති බුද්ධ ප්‍රතිමාවන් සොයාගත් මුල් වකවානුවේ සුරක්‌ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්‌ලිම් ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්‌ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය. මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්‌තවාදී ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ ආරක්‌ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්‌ලිම්වරු විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්‌ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්‌ෂිතයක අන්තනෝමතික ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින් සිටිති.

    මුහුදු මහා විහාරයට ඇතිවු ඇති මෙම තත්ත්වය පිළිබඳ සංස්‌කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් අප විමසුවෙමු. එහිදී අදහස්‌ දැක්‌වූ ඇය "මම මේ සිදුවීම සැලවූ වහාම ඒ පිළිබඳ වාර්තාවක්‌ ලබාදෙන ලෙස පුරාවිද්‍යා කොමසාරිස්‌ට දැන්වුවා. ඔහු ලබාදුන් වාර්තාවේ සඳහන් වන්නේ ඩෝසර් කිරීමට ලක්‌වූ බිම් ප්‍රදේශය පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක්‌ නොවන බවයි. එය විහාරස්‌ථානයට අයත් පෞද්ගලික භූමියක්‌ බවයි. එනිසා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පුරාවිද්‍යා කොමසාරිස්‌තුමාගෙන් දැනගත හැකි" බවද ඇය පැවැසුවාය.

    පසුව අප පුරාවිද්‍යා කොමසාරිස්‌ සෙනරත් දිසානායක මහතාගෙන් ඒ පිළිබඳව විමසුවෙමු. එහිදී ඔහු අදහස්‌ දක්‌වමින් "ඩෝසර් කිරීමට ලක්‌වූවා යෑයි පවසන බිම් ප්‍රදේශය කිසිසේත් පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක්‌ නොවෙයි. ඒක පෞද්ගලික ඉඩමක්‌. ඒක මුහුදු මහා විහාරයට අයත් නැහැ. විහාරස්‌ථානයට යන එන මාර්ගය පිහිටා තිබෙන්නෙත් පුරාවිද්‍යා රක්‌ෂිතයේ නොවෙයි. එනිසා අපට එම මාර්ගය පුළුල් කිරීමේ හැකියාවක්‌ නැහැ" යෑයි පැවැසීය.

    දැන් අප මේ අවනඩුව කාට නම් කියමුද? චාල්ස්‌ ගොඩකුඹුර මහතා නම් කළ අක්‌කර 30 ක පුරාවිද්‍යා භූමිය කොල්ලකෑමට ඉඩදී වගකිවයුත්තන්ට මෙලෙස නිහඬව සිටිය හැකිද? පසුගිය කාලය පුරාම නැගෙනහිර බෞද්ධ උරුමය අනතුරට වැටීමේ රතු එළි දැල්වෙමින් තිබිණි.

    යුද්ධය අවසන්වීම නිසා නැගෙනහිර වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තයට තෝතැන්නක්‌වී ඇත. එය සුබවාදී තත්aත්වයකි. එහෙත් එම සංචාරක ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වනුයේ මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්‌ථාන නම් එය කිසිසේත් සුබවාදී නොවේ. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලින් එය පැහැදිලි විය. එවැනි අමන කටයුතුවලින් ලබන සංවර්ධනයක්‌ නම් මෙරටට අවශ්‍ය නැත. යුද්ධය අවසන්ව සාමයේ අරුණළු මේ දෙරණ පුරා විහිදෙද්දී මුස්‌ලිම් මූලධර්මවාදයේ භයංකාර සෙවනැලි නැගෙනහිර වෙළා ගනිමින් තිබේ. එම සෙවණැලිවල මුවාවෙන් මේ ඩෝසර් වනුයේ මෙරට ආධ්‍යාත්මයේ අක්‌මුල්ය. සිංහල ජාතියේ සැබෑ උරුමයයි. මේ අනතුර පිළිබඳ පසුගිය දිනවල බෞද්ධ සංවිධානවල යම් අවදිවීමක්‌ තිබුණු බව අප දුටුවෙමු. බෞද්ධාරක්‌ෂක පදනම, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර පළාතේ සිදුවෙමින් පවතින බෞද්ධ උරුමය විනාශ කිරීමට එරෙහිව විරෝධතා දැක්‌වූහ. එහෙත් බලධාරීන් සිටිනුයේ මර නින්දකය. උදේ හවා ශ්‍රී මහ බෝධිය, දන්ත ධාතූන් වහන්සේ දොහොත් මුදුන් තබා වන්දනා කරන ජනාධිපතිවරයකු සිටින රටක්‌, බුදුදහම ව්‍යවස්‌ථාවෙන් සුරැකීමට කැපවී ඇති රජයක්‌ බෞද්ධ උරුමය සුරකින අයුරුයි නම් අපූරුය.
     
    • Like
    Reactions: kellsupun

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වසර තිහක්‌ පමණ කාලයක්‌ ලංකාවේ ජනී ජනයා භීතියට පත් කළ කොටි කැරැල්ල ත්‍රස්‌තවාදයක්‌ ලෙස හැඳින්වීම අදට කොතෙක්‌ දුරට උචිත දැයි සිතා බැලිය යුතු කාලය එළඹ තිබේ. මේ සටන මගින් රට දෙකඩ කිරීමටත් බටහිරට හිතැති ක්‍රිස්‌තියානි සේවාදායක රාජ්‍යක්‌ බිහි කිරීමටත් ඇමරිකාව එංගලන්තය ප්‍රමුඛ රටවලට තිබූ වුවමනාව මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව මේ යුද්ධය ඉතිහාසයේ සිදු වූ සතුරු ආක්‍රමණ සේම ලංකාවේ ස්‌වාධීනත්වය නැති කරලීමට දියත් කරවූවක්‌ බව පැහැදිලිවම තේරුම් ගත යුතුය. අනුරාධපුර යුගයේ දුටුගැමුණු එළාර යුද්ධය මෙන්ම මෙම සතුරු ආක්‍රමණ ද බිහිසුණු විය. මානවම්ම පළමුවැනි විජයබාහු යුග වලදී පළමුවැනි පරාක්‍රමබාහු දෙවැනි පරාක්‍රමබාහු යුගවලදී ද මෙලෙසම රට එක සේසත් වූ ආකාරය තේරුම් ගත හැකිය.

    දුටුගැමුණු රජුගේ එකම පරමාර්ථය වූයේ විදෙස්‌ සතුරු නසා ශාසනය බැබලවීමයි. පොලොන්නරු දඹදෙණි යුගවලදී කළ ශාසනික කතිකාවක්‌ වලින් පැහැදිලිව පෙනෙන්නේ බුද්ධ ශාසනය නැංවීම රජුගේ ප්‍රමුඛ කාර්යය වී තිබූ බවයි. පළමුවැනි විමලධර්මසූරිය රජු පවා තමන්ගේ කෙටි රාජ්‍ය කාලය තුළදී උපසම්පදාව නැවත ඇති කරන්නට ගත් උත්සාහය වෙසෙසින් ම කැපී පෙනේ.

    අනුරාධපුරයේ රජ කළ විශිෂ්ට ගණයේ නරපතියකු වූ පස්‌වැනි කසුප් රජුගේ පුවරු ලිපියට අනුව ඔහු කෙත් කම් සුලභ කොට සසුන් කොඩිය එසවූයේ එය තම ප්‍රමුඛ කාර්යය ලෙසට සැලකීමෙනි. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා යන සිවු වැදැරුම් පිරිස ඇතුළත් මේ බුද්ධ ශාසනය නැංවීමට පුරාණ රජ දරුවන් නොකළ දෙයක්‌ නැත. රට එක සේසත් කළ සයවැනි පරාක්‍රමබාහු රජු උතුර ජයග්‍රහණයෙන් පසු එම ජයග්‍රහණය සිහිවීමට විජයාරාමය නම් අගනා විහාර මන්දිරයක්‌ ද ස්‌ථූපයක්‌ ද කර වූයේ සතුරු ආක්‍රමණිකයන්ගේ මුඛ්‍යතම අරමුණ වූයේ බුදු සසුන විනාශ කිරීම යෑයි සැලකූ බැවිනි.


    මේ කුරිරු යුද්ධය අවසන් වී දැන් වසරකට වඩා කාලයක්‌ ගෙවී ගොස්‌ ඇත. පෙර රජ දරුවන් ගත් මඟ යමින් මේ රජය ද සසුන් කොඩි ඔසවා කෙත් කම් සුලභ කරන්නේ යෑයි බලාපොරොත්තුවක්‌ මෙරට ජාතික බලවේග කෙරෙහි විය. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ යුරෝපීය පර සතුරන්ට යටත්ව සිට ලැබූ පීඩනයෙන් නිදහස්‌ වීමේ වුවමනාවක්‌ ද බොහෝ පිරිසකගේ යටි සිතේ තිබෙන්නට ඇති බව නිසැකය.

    යුද්ධ ජයගහ්‍රණය සමරා පළාත් නවයේ සිහිවටන ස්‌ථූප නවයක්‌ ඉදිකිරීම රජයේ පළමු පියවර ලෙස ට ඉදිරියට පැමිණීම සිංහල බෞද්ධ ජනතාවගේ සැනසිල්ලට හේතු විය. ඒ පියවර ඉතිහාසයෙන් ගත් ආදර්ශයක්‌ විය. නමුත් මේ වන විට මෙකී වෑයම සහ වුවමනාව යටපත් වී තිබේ. ඇතැම් ස්‌ථානයන් හි මේ සඳහා මුල් ගල් තැබුවද ඒවායේ වැඩ නිම කරන සෙයක්‌ පෙනෙන්නට නැත. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අරමුණු කර ගත් විශාල වැඩ කොටසක්‌ ද මේ අතර තිබෙන බව පිළිවෙතින් පෙළගැසෙමු යෑයි මුද්‍රණය කළ පොත් පිංෙච් සඳහන්ව තිබේ. ආගමික කටයුතු අමාත්‍යාංශයේ නම පවා වෙනස්‌ කොට බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍යාංශය යන නාමය නැවත යොදන ලද්දේ ඒ අරමුණින් විය යුතුය.

    නමුත් මේ සියලු යහපත් වැඩ අතරමඟ නැවතී තිබේ. පෙර රජ දරුවන් ගත් මඟ වත්මන් රජයට ක්‍රමයෙන් අමතකව යමින් ඇත. ඒ වෙනුවට ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය බවට පත්ව තිබෙන්නේ සර්ව ආගමික සහජීවනයයි. ඒ යටතේ 2010 වර්ෂයේ පමණක්‌ හින්දු කෝවිල් සංවර්ධනයට ලක්‍ෂ 181 ක්‌ ද, ක්‍රිස්‌තියානි දේවස්‌ථාන සංවර්ධනයට ලක්‍ෂ 21 ක්‌ද, ඉස්‌ලාම් දේවස්‌ථාන සංවර්ධනයට ලක්‍ෂ 40 ක්‌ ද, බෞද්ධ සිද්ධස්‌ථාන සඳහා ලක්‍ෂ 85 ක්‌ ද ලබා දී ඇත. ඒ අතරම සියලුම ආගම් එක සමාන කොට සැලකිය යුතු යෑයි යන යටත්විජිත මතය නැවතත් රජයේ ආගමික ප්‍රතිපත්තිය බවට පත්ව තිබේ. එහෙත් අන්‍යාගමිකයන් සඳහා වැඩි වරප්‍රසාදයක්‌ විවෘතවම ලබා දෙන ආකාරය ඉහත කී මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේ ක්‍රමය තුළම තිබෙන බව පැහැදිලි වේ.

     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බ්‍රිතාන්‍ය පාලන කාලයේදී ශාසන සම්ප්‍රදාය ගැන නොදන් නිලධාරීන් රෝම ලන්දේසි නීතියට ඇනුකූල වන පරිදි නීති කෙටුම්පත් සකස්‌ කළහ. පෞද්ගලික දේපළ ක්‍රමයක්‌ නොතිබූ ලංකාවේ විහාරාරාම පාලනය කිරීම සඳහා දේපළ නීතියක්‌ විහාරගම් දේවාලගම් පනත යනුවෙන් හඳුන්වා දුන්හ. මෙහි දීර්ඝ කාලීන ප්‍රතිඵලය දැනටමත් අත්විඳ තිබේ. විහාර ඉඩකඩම්වල ආරවුල් බේරා ගැනීමට භික්‍ෂුන් වහන්සේට උසාවි ගානේ රස්‌තියාදු වීමට සිදුව තිබෙන බව රජය නොදන්නවා නොවේ. එසේ තිබියදීත් විහාර ගම් දේවාලගම් සංශෝධන පනත යනුවෙන් නව කෙටුම්පතක්‌ සකස්‌ කර ඇත්තේ කුමන අභිප්‍රායකින් දැයි විමසා බැලිය යුතුය.

    ලංකාවේ දේශපාලනය තුළ පවතින අන්‍යාගමික බලපෑම නිදහස ලැබු වකවානුවේ සිටම දක්‌නට ලැබුණකි. එල්. එච්. මෙත්තානන්ද මහතාගේ "කතෝලික ආක්‍රමණය" නම් ග්‍රන්තයේ මේ පිළිබඳ අගනා විවරණයක්‌ ඇත. පසුගිය කාලයේ කොටි ආක්‍රමණයට ද පදනම සපයා දී ඇත්තේ මේ අන්‍යාගමික බලවේග විසිනි. සංඝ සමාජය නීති වලින් බැඳ තබා උන්වහන්සේගේ ජාතික වගකීම අවසන් කළ යුතු යෑයි මේ බලවේග වර්තමානයේ සිතනවා නිසැකය.

    ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ සර්ව ආගමික සහජීවන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම දැනටමත් අරඹා තිබෙන අතර, ඒ සඳහා සම්බුද්ධත්ව ජයන්ති ප්‍රතිපත්ති ප්‍රකාශය ද වෙනස්‌ කර තිබේ. පෙර රජය විසින් අනුමත කළ විසි වැදැරුම් වැඩපිළිවෙළ අඩංගු කොට මෙලෙස සර්ව ආගමික ක්‍රියාවලියකට සපැමිණ තිබෙන්නේ බෞද්ධ බලය අඩපණ කිරීමට බව තේරුම් ගත යුතුය. බෞද්ධ ආගමික සංවිධාන මැදිහත් වී සකස්‌ කළ මෙහි ඇතැම් කෙටුම්පත් ඉහළ නීති දෙපාර්තමේන්තුවලදී වෙනස්‌ කොට ඇති ආකාරය ද තුළින් තේරුම් ගත යුත්තේ සසුන් කොඩි නැංවීමට වඩා බිම දැමීමට යම්කිසි කොටසක්‌ උත්සාහ කරන බවයි.

    බුද්ධ ශාසනය පිළිබඳ ප්‍රශ්න විසඳීමට රජය අවංකව මැදිහත් විය යුතු වන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් එම වගකීම රජයට පවරා ඇති බැවිනි. නමුත් පවත්නා නීති මේ සඳහා යොදා ගැනීමේදී සම්ප්‍රදායන්ට එකඟව එය ඉටුකරලීමට පරිස්‌සම් විය යුතුය. එසේම යම්කිසි ශාසන පරිහානියක්‌ රටේ තිබෙන බවද සැබැවින්ම තේරුම් ගැනීම ඉතා වැදගත්ය. ඒ තත්ත්වය තුළ ශාසන ශෝධනයක අවශ්‍යතාව ද මතු වී තිබේ. යම්කිසි ආකාරයකින් උසාවියට බලය නොදී අදාළ නිකායත්‍රයට එම බලය ලබා දෙන්නේ නම් ඉතා කල්පනාකාරීව ඒ සඳහා මැදිහත් විය යුතු යෑයි සිතමි. එහෙත් සර්ව ආගමික මතවාදයකින් රජය පටලවා ඇති අවස්‌ථාවකදී එවැනි සිහිබුද්ධියක්‌ මතු වේ දැයි සැක සහිතය. කෙසේ වෙතත් බුද්ධ ශාසන පනතේ 3 වැනි කොටස ලෙසින් සැලකෙන ලියාපදිංචිය බල ගැන්විය යුත්තේ අදාළ නිකායේ මූලස්‌ථාන මගිනි. ඒ සඳහා ව්‍යවස්‌ථාවේ නවවැනි වගන්තිය බලාත්මක කිරීමට මහා සංඝරත්නයෙන් උපදෙස්‌ පැතිය යුතුය.

    වෙසෙසින්ම ලංකාව පුරා තිබෙන විහාරස්‌ථාන නැවත යාවත්කාලීන කිරීමට පහසුකම් සැලසීම රජයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුය. පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමියන් ප්‍රකාශ කරන පරිදි උතුරු පළාතේ දැනට හඳුනාගෙන ඇති වැව් 1100 ආසන්නයේ පවතින විහාරස්‌ථාන නටබුන් රාශියක අන්‍යාගමික දේවස්‌ථාන ඉදිවී ඇත. මේවා ඉවත් කොට නැවත විහාරස්‌ථාන ඉදිකරලීම හෝ පුරාවිද්‍යා ස්‌ථාන බවට පත් කිරීම රජයේ වගකීමක්‌ ලෙසින් සැලකිය යුතුය.

    සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය උදාකර දී තිබෙන්නේ මේ විපත් තේරුම් ගෙන ධර්ම මාර්ගයේ ගමන් කරලීම සඳහාය. මිථ්‍යා දෘෂ්ඨීන් වැළඳ ගැනීම සහ අනුග්‍රහය දැක්‌වීම මගින් සෑම ආශිර්වාදයක්‌ම ශූන්‍ය විය හැකි වන බව ද ඉතා ඉක්‌මනින් තේරුම් ගත යුතුය.
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    okotama kalin unta gahala inna oni ban:angry:
    nethnam oya paaharayo karana weda nawatwana eka amaru nah :(

    ඔව් ඔව් ගැහුවම ඔක්කොම හරි යය්. :lol:මෙන්න ඉන්නව ප්‍රශ්න විසඳන්න නියම මොලකාරයො. මෙන්න මේ වගේ මොලකාරයො නිසා තමය් ඉස්සර කාලෙ ජාති කලබල ඇති වෙලා අහින්සක මිනිස්සු දහස් ගානක් මැරුනෙ
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔව් ඔව් ගැහුවම ඔක්කොම හරි යය්. :lol:මෙන්න ඉන්නව ප්‍රශ්න විසඳන්න නියම මොලකාරයො. මෙන්න මේ වගේ මොලකාරයො නිසා තමය් ඉස්සර කාලෙ ජාති කලබල ඇති වෙලා අහින්සක මිනිස්සු දහස් ගානක් මැරුනෙ

    ඔව් ගහන එක මුල්ම විසදුම නෙමෙයි තමා....... හරි දැන් Destiny Found කොහොමද මේ සිද්දිය සාදාරණිකරනය කරන්නේ.....? මොකද්ද විසදුම...?

    එකෙක් මගෙන් අහලා එවල තියෙනවා මෙන්න මෙහෙම
    "Lemme guess you have never had Muslim, Hindu, Christian friends right? "

    I've got all of them....... & arguing with them, but still they all are friends because of the truth they know......


    යාලුවෝ ඉන්නවා, එත් ඇත්ත පෙන්නල දෙන්න ඕනෙ නෙද...? ඕව ඟැන කතා කරන වෙලේ සීලරතන හාමුදුරුවෝ අපවත් කරේ කොහොමද කියල හොයල බලපල්ලකො......
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    නැඟෙනහිර පළාතේ නටබුන් කෙරෙන් හෙළිවන බෞද්ධ උරුමය

    පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමි


    දකුණෙන් කුඹුක්කන්ඔය සීමා කොට ඇති, උතුරෙන් කෝකිලායි කලපුවට ගලා බස්නා වැලිඔය සීමා කොට ඇති, බටහිරින් අනුරාධපුර දිස්ති‍්‍රක්කයත්, ඒ වගේ ම පොළොන්නරුව දිස්ති‍්‍රක්කයත්, ඒ වගේ ම ඌව බදුල්ල දිස්ති‍්‍රක්කයත්, අනෙක් අතින් මොණරාගල දිස්ති‍්‍රක්කයත් යන දිස්ති‍්‍රක්කවලින් සීමා වූ, නැඟෙනහිරින් මහා සමුද්‍රයෙන් සීමා වූ ඉතා දිගම දිස්ති‍්‍රක්කය, පළාත වශයෙන් සැලැකෙන නැෙඟනහිර පළාතට සීමා වූ මේ භූමි භාගය අපි වර්තමානයේ ඉංග‍්‍රීසින්ගේ කාලයේ සිට බෙදා ඇති නැඟෙනහිර පළාත වශයෙන් සලකනවා.

    මේ පළාත අතීතයේ හරි අඩකට වැඩි ප‍්‍රමාණයක් රෝහණ රාජ්‍යයට අයත් වුණා. උතුරින් මහවැලි ගඟ දක්වා තීරුව පැරැණි රෝහණ රාජ්‍යයට අයත්.

    එතැනින් උතුරට තිබෙන කොටස රජරට ප‍්‍රාචීන පස්ස නමින් හැඳින්වුණු අනුරාධපුරයෙන් නැඟෙනහිර පැත්තට අයත් භූමියේ කොටසක්. අතීතයේ අනුරාධපුරයෙන් හතර පැත්ත පස්ස නමින් හඳුන්වා තිබුණා.

    උත්තර පස්ස - උතුරු පැත්ත, ප‍්‍රාචීන පස්ස - නැඟෙනහිර පැත්ත, පශ්චිම පස්ස - බටහිර පැත්ත, දක්ඛිණ පස්ස - දකුණු පැත්ත යනුවෙන්. අනුරාධපුර රාජ්‍ය කාලයේ මේ භූමිය ප‍්‍රාචීන පස්ස නමින් හඳුන්වන කොටසට අද නැඟෙනහිර පළාත නමින් හඳුන්වන කොටසින් භාගයක පමණ ප‍්‍රමාණයක් අයත්.

    අනෙක් කොටස රෝහණ රාජ්‍යයට අයත්. අද නැඟෙනහිර පළාත නමින් හඳුන්වා තිබෙන්නේ පැරැණි රෝහණ රාජ්‍යයත්, අනුරාධපුර යුගයේ සලකන ලද රජරට රාජ්‍යයේ ප‍්‍රාචීන පස්ස නමින් හැඳීන්වුණු කොටසත් එකට එක් කොට ගනිමින්.

    අද ඒ නැඟෙනහිර පළාතේ වෙරළබඩ ප‍්‍රදේශය ඒ යුගයේ හඳුන්වා තිබුණේ පජිනිකර යනුවෙන්.

    නැඟෙනහිර පළාත බැලූ විට ලංකාවේ දීර්ඝම මුහුදු වෙරළක් අයිති ප‍්‍රදේශයක්.

    ඒ වගේම ඉතාම සුන්දර මුහුදු වෙරළක්, කළපු, බොකු, වරායවල් ආදී මේවායින් ඉතා දර්ශනීය මුහුදු වෙරළක් නැඟෙනහිර පළාතට අයත්.

    ඒ වගේ ම අපි භූගෝල විද්‍යාව හදාරන විට ලංකාව වටා තිබෙන මුහුදු තීරය මහාද්වීපික සමුද්‍ර තටකය නමින් හඳුන්වනවා. ඒ මහාද්වීපික සමුද්‍ර තටකය ඉතා ම දර්ශනීය මුහුදු තීරය තිබෙන්නේ නැඟෙනහිර පළාතේ යි.

    ක‍්‍රමයෙන් ගැඹුරට යන නොගැඹුරු මුහුදු තීරයක් තිබෙන්නේ නැඟෙනහිර පළාතේ යි.

    ඒ වගේම අපේ රටේ ආර්ථිකය රඳ්‍ර පැවතුණේ මුල් කාලයේ කෘෂිකර්මය සහ වාණිජ්‍යය යන කරුණු දෙක මතයි. එයින් අංක 01 කෘෂිකර්මයයි.

    නැඟෙනහිර පළාතේ තිබෙන කුඹුක්කන් ඔයෙන් පටන් ගත් විට මාඔය නමින් හැඳින්වෙන වැලිඔය දක්වා මේ භූමි තීරය තුළ දකින්නට ලැබෙන අක්කර දස දහස් ගණනින් පැතිරුණු දැනට වනගතව තිබෙන, ඒ වගේම වැව් අමුණු සිය ගණනින් සංවර්ධනය වූ වෙල්එළි, අක්කර දස දහස් ගණනින් පැතිරුණු වෙල්එළි, පානම හැලවෙළිය වෙල්එළිය, දිගාමඩුල්ලේ වෙල්එළිය, පදවිය වෙල්එළි, ඒ වගේම ති‍්‍රකෝණමඩු සේරුවිල ප‍්‍රදේශයේ වෙල්එළි වැනි පැතිරුණු මහා ධාන්‍යාගාර බවට පත් වුණු වෙල්එළිවලින් පිරි ප‍්‍රදේශයක්, මේ නැඟෙනහිර පෙදෙස. ආර්ථික සංවර්ධනයේ මහා හාස්කම් දැක්වූ ප‍්‍රදේශයක්.

    දුටුගැමුණු රජතුමාගේ යුද්ධය සම්පූර්ණයෙන්ම නඩත්තු කරන ලද්දේ දිගාමඩුල්ලේ වෙල්එළිවලින් ලැබුණු ධාන්‍ය සම්පතෙන්. ඒ වගේම මුළු ලංකාව වටේම ගලා ගෙන ගොස් මුහුදට වැටෙන ගංගා 103 ක් තිබෙනවා.

    නැඟෙනහිර පළාත හා උතුරු පළාත දෙකම එක් කොට ගත් විට ඒ ගංගා 103 න් 64 ක් ගලාගෙන යන්නේ උතුරු හා නැඟෙනහිර පළාත හරහායි. මේ ගලාගෙන යන ගංගා සෑම එකක්ම මුහුදට වැටෙන තැන් පැරැණි වරායන් වශයෙන් හැඳින්වෙනවා.

    කුඹුක්කන් ඔය මුහුදට වැටෙන කුමන, හැඩ ඔය මුහුදට වැටෙන ශාස්ත‍්‍රවෙල, කරඳඔය මුහුදට වැටෙන, අරුගම්වේ, ගල්ඔය මුහුදට වැටෙන ගල්වරාය (කල් වරාය) කල්මුණේ, මහවැලි ගඟ මුහුදට වැටෙන තිරිකුණාමලේ, යාන් ඔය මුහුදට වැටෙන ගල් වරාය, ඒ වගේ මේ දිගට පිහිටා තිබුණු ප‍්‍රධාන වරායන් සහ තව අතිරේක වරායන් සමූහයක් මේ වෙරළ ආශ‍්‍රිතව ඔයත් මුහුදට වැටෙන තැන් ආශ‍්‍රය කරගෙන තිබෙනවා.

    මේ නිසා මේ ගංගාවලින් පෝෂණය වූ මෙම නැඟෙනහිර පළාත අතිශය දියලු තැනිවලින් යුතු සශ‍්‍රීක භූමියක්. වර්තමාන තත්ත්වය ගැන කල්පනා කර බලනවිට අපේ සංස්කෘතියේ හද බිමක් වශයෙන් සැලැකීමට හැකි තත්ත්වයක් ඇති භූමියක් ගැන මම කෙටියෙන් වචන කීපයකින් සඳහන් කළේ.

     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඒ වගේම දර්ශනීය මුහුදු වෙරළ මෙන්ම වෙරළබඩ තැන්න නමින් හඳුන්වන වෙරළේ සිට මීටර් 30 ක් පමණ රට ඇතුළට වෙන්නට තිබෙන වෙරළබඩ තැන්න ලංකාවේ තිබෙන දර්ශනීයම වෙරළක්.

    ඊළඟට අඩතැනිවලට එන විට තැන් තැන්වල ශේෂ කඳු නමින් හඳුන්වන කඳුගැටවලින් දර්ශනීයම වූ භූමි භාගයක් මධ්‍ය කඳුකරය දක්වා දක්නට ලැබෙන මේ ශේෂ කඳු පද්ධතිය. මේ ආකාරයට සශ‍්‍රීක වූ මේ භූමි භාගය අතීතයේ ජනාවාස වූයේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩමවීමට පෙරයි.

    බුදුරජාණන් වහන්සේ බුදු වූ කි‍්‍රස්තු පූර්ව 06 වන සියවස වනවිට ලංකාවේ මේ ප‍්‍රදේශ සෑහෙන දුරට ජනාවාස වී තිබුණා.

    ඒ නිසා බුදුරජාණන් වහන්සේ සේරුවිල, ඒ වගේම දීඝවාපිය, ඒ වගේම පැරැණි නැඟෙනහිරට අයත් මහියංගනය, රුහුණේ තිස්සමහාරාමය මේ කියන භූමිභාගවලට වැඩම කොට ඒ ස්ථාන උන්වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පවිත‍්‍ර කළ භූමි භාගයන්, නිකම්ම මුඩු බිමකට බුදුරජාණන් වහන්සේ වැඩියේ නැහැ.

    එදා යම් මනුෂ්‍ය කොට්ඨාස මේ ප‍්‍රදේශයේ වාසය කළා.

    බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙන් පසු විජය කුමාරයාගේ පැමිණීමෙන් පසුව ඉතිහාසය ගැන කතා කරන විට විජය කුමාරයාට පෙර ඉතිහාසයක් අපේ රටේ තිබුණු බවට ද මගේ කතාවෙන් පැහැදිලි වෙනවා. (සින්හල ජාතියේ පටන්ගැන්ම පිලිබදව පසුවට කතාකරමු විජය කථාන්තරය සි0හල ඉතිහාසය පටලැවීමක්- DX- )

    එහෙත් ඒ ගැන පසුවට තබමු. පඬුවස්දෙව් රජතුමාට බිසවක් අවශ්‍ය වූ අවස්ථාවේ බිසවක් ලබාගත්තේ ශාක්‍ය ජනපදයෙන්. ඒ බිසව භද්දකච්චානා කුමරියයි.

    භද්දකච්චානා කුමරිය ලංකාවට ගොඩ බැසීමෙන් පසුව ඇයගේ සහෝදරයන් 06 දෙනකු ලංකාවට පැමිණ පඬුවස්දෙව් රජතුමා බැහැ දැක ලංකාවේ තැන් තැන්වල ජනපද පිහිටුවා ගත්තා. එයින් ජනපද කිහිපයක් මේ නැඟෙනහිර පළාතට අයත් වෙනවා.

    ගෝණ (රාමගෝණ) නමින් පිහිටුවා ඇති ජනපදය, අද අපි තිරිකුණාමල ප‍්‍රදේශය නමින් හඳුන්වනු ලබනවා. ගෝණ නදිය නමින් මහවැලි ගඟ එදා හැඳින්වුණා. ගෝකණ්ණතිත්ථ නමින් මහවැලි ගඟේ තිරිකුණාමලේ වරාය හැඳින්වුණා.

    ඒක දිගටම අපේ ඉතිහාසයේ එසේ හඳුන්වා තිබෙනවා. ඒ වගේම රෝහණ නමැති සහෝදරයා නැඟෙනහිර පළාතේ රෝහණ නමින් ජනපදයක් බිහි කළා.

    ඒ වගේම දීඝ නමැති කුමාරයා දීඝවාපී නමින් ජනපදයක් බිහි කළා. මේ ආකාරයට මේ නැඟෙනහිර පළාතේ බුදුරජාණන් වහන්සේගේ ඤාති, ශාක්‍ය පණ්ඩු ශාක්‍යයන්ගෙන් පැවතෙන පරම්පරාවේ කුමාරවරුන් විසින් බුදුරජාණන් වහන්සේ ගේ අභාවයෙන් පසු නැවත වරක් අර තිබුණු ජනපදවලට අමතරව වැදගත් ජනපද ගණනාවක් බිහි කළා.

    රෝහණ කුමාරයා බිහි කළ ජනපදය අද මුළු රෝහණයම හඳුන්වන පොදු නමක් බවට පරිවර්තනය වී තිබෙනවා.

    නමුත් දිගාමඩුලු, දීඝ ජනපදය එලෙසම තිබෙනවා. ඒ වගේ ම රාමගෝණ ජනපදය තිරුකෝණමලේ නමින් දෙමළ භාෂාවෙන් තිරු යොදා ගෝණ, කෝණ නමින් හදා ගෙන අද අපි පාවිච්චි කරනවා.

    මේ සිද්ධි දෙස බලනවිට මහින්දාගමනය සිදුවීමට පෙරාතුව මේ ප‍්‍රදේශයේ ශාක්‍ය ආර්යයන් විසින් පිහිටුවා ගත් බෞද්ධ ජනපද ගණනාවක් තිබුණු බව අපට පෙනෙනවා.

    එලෙස බෞද්ධ ජනපද ගණනාවක් තිබීමෙන් අපට පැහැදිලිවම පෙනී යන්නේ මේ ජනපදවල ජීවත් වූ ජනතාව බෞද්ධයන් වූ බවයි.

    එහෙම නම් අපට මෙයින් පැහැදිලිව තීරණය කළ හැකි වන්නේ නැඟෙනහිර පළාත බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ සිට බෞද්ධ ජනපද පැවැති, එයින් පසුව වඩාත් බෞද්ධ ජනපද පැතිරී ගිය ප‍්‍රදේශයක් වශයෙන්. මේවා ඔප්පු කරන්නට තිබෙන සාධක මොනවාද?