සිනා කතා 2011_03_27

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කරුමේ ඵල දෙයි

    ’දෙ පැත්තෙම වැඩිහිටියන් විරුද්ධ හින්දා අපි දෙන්නට එකතු වෙන්ඩ ලැබෙයිද කරූ?’ අමිතා ඇසුවේ තම පෙම්වතා සමීපයට වී තොදොල් වෙමින් සිටියදීය.

    ’බය වෙන්ඩ එපා ළමයො. ඔය කවුරු විරුද්ධ වුණත් කරුමෙ ඵල දෙනවා.’ කරූ තම පෙම්වතියගේ නිකටෙන් අල්ලා සොලවමින් කීවේය.

    :shocked::lol:

    මං දන්නෙ කොහොමද?

    ’මේ ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්ඩ එන තරුණ කෙල්ලන්ගෙ ඇඟපත බොහොම ලස්සනයි.’

    පොදු විවේක කාමරයේ වාඩිවී උණු තේ කෝප්පයක් තොල ගාමින් සිටි දොස්තර වීරසේකර කීවේ තම මිතුරු වෛද්‍ය සේනාධි වෙත හැරෙමිනි.
    ’ඒක නං මං හරියටම කියන්න දන්නෙ නැහැ. මම දත් දොස්තර කෙනෙක් නෙ.’ සේනාධි තම මිතුරා දෙස බලා හිනැහෙමින් කීවේය.

    :rolleyes::eek:

    වෙන වැඩකට

    රූපවාහිනියේ ඉවුම් පිහුම් වැඩ සටහනක් බලා ඒ අනුව තමන් සෑදු කේක් තැටියෙන් ලොකු කේක් කැබැල්ලක් තම සැමියාට පිරිනැමූ ශාන්ති මෙසේ කීවාය.

    ’බලන්ඩකො හොඳද කියල.’
    කේක් කැබැල්ල අනුභව කොට අවසන් වූ සැනෙන් චÁද්‍රසිරි කුස්සිය දෙසට හිස පොවා මෙසේ ඇසීය.
    ’ශාන්ති, තව කේක් කෑල්ලක් ගන්ඩ තියෙනවද?’
    ’ඇයි කේක් රහ වැටුණද?’ ශාන්ති කුස්සියේ සිටම සතුටින් ඇසුවාය.
    ’නෑ එහෙම දේකට නෙමෙයි. හෙට උදේම දත් මදින්ඩ ගන්ඩ.’ සැමියා කීවේ කරවූ කේක් කෑල්ල දෙස බලමිනි.

    :lol::lol:

    ඉවසීමට පුහුණුව

    ’මේ ළඟදි ඉඳලා චමිල නිතර නිතර සිංහල චිත්‍රපටි බලන්න යනවා නේද?’ සති අන්තයක දී හමුවූ අවස්ථාවෙක රොෂාන් චමිල ගෙන් විමසීය.

    ’මං මේ අවුරුද්දෙ කසාද බඳින්නනෙ ඉන්නෙ, ඒකයි.’
    ’ඉතින් කෙලවරක් නැතුව සිංහල චිත්‍රපටි බලන්නෙ මොනවටද?’ රොෂාන් විමසුවේ විමතියෙනි.
    ’ඉතින් හලෝ බැන්දයින් පස්සෙ ඕනම ජරාවක් ඉවසන්න දැන් ඉඳලම පුරුදු වෙන්න එපායැ.’ චමිල කීවේය.

    :eek::D

    වැඩක් නැහැ

    ’මේරි අද උදේ මම බලාගෙන කිරිකාරයා උඹට හාද්දක් දෙනවා. මීට පස්සෙ උදේට කිරි බෝතලේ ගන්ඩ උඹ යන්නෙ නෑ, තේරුණා ද? හෙට ඉඳල මමයි යන්නෙ.’

    අනෝමා තම තරුණ මෙහෙකාරිය වෙත රෞද්‍ර බැල්මක් හෙළමින් තරවටුවක ස්වරූපයෙන් කීවාය.
    ’වැඩක් වෙන්නෙ නෑ නෝනා.’ මේරි සාවඥ ලෙස සිනාසී යටසින් තම ස්වාමිදුව දෙස බලා මෙසේ කීවාය.
    ’කිරිකාරයා කිව්වා එයා මට මිසක් වෙන කාටවත් හාදු දෙන්නේ නෑ කියල.’

    :lol:

    !~සිළුමිණ~!
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    ඉවසීමට පුහුණුව

    ’මේ ළඟදි ඉඳලා චමිල නිතර නිතර සිංහල චිත්‍රපටි බලන්න යනවා නේද?’ සති අන්තයක දී හමුවූ අවස්ථාවෙක රොෂාන් චමිල ගෙන් විමසීය.

    ’මං මේ අවුරුද්දෙ කසාද බඳින්නනෙ ඉන්නෙ, ඒකයි.’
    ’ඉතින් කෙලවරක් නැතුව සිංහල චිත්‍රපටි බලන්නෙ මොනවටද?’ රොෂාන් විමසුවේ විමතියෙනි.
    ’ඉතින් හලෝ බැන්දයින් පස්සෙ ඕනම ජරාවක් ඉවසන්න දැන් ඉඳලම පුරුදු වෙන්න එපායැ.’ චමිල කීවේය.

    lol ammapa attha,one shot arenna wena ekak wath lankawe honda films na
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    ඉවසීමට පුහුණුව

    ’මේ ළඟදි ඉඳලා චමිල නිතර නිතර සිංහල චිත්‍රපටි බලන්න යනවා නේද?’ සති අන්තයක දී හමුවූ අවස්ථාවෙක රොෂාන් චමිල ගෙන් විමසීය.

    ’මං මේ අවුරුද්දෙ කසාද බඳින්නනෙ ඉන්නෙ, ඒකයි.’
    ’ඉතින් කෙලවරක් නැතුව සිංහල චිත්‍රපටි බලන්නෙ මොනවටද?’ රොෂාන් විමසුවේ විමතියෙනි.
    ’ඉතින් හලෝ බැන්දයින් පස්සෙ ඕනම ජරාවක් ඉවසන්න දැන් ඉඳලම පුරුදු වෙන්න එපායැ.’ චමිල කීවේය.

    lol ammapa attha,one shot arenna wena ekak wath lankawe honda films na

    vikarada ban
    one shot kiyanne rajni ge badsha movie eka gedi pitin copy karala hadapu chora movie ekak

    eeta vada hondayi bandu teni ge movie:lol:

    eke ranjan navaththala thiyena bike ekaka idan vedi thiyenava:lol: