Repair Tips Data for TV & Hi-Fi Systems!!

electroniclab

Member
Sep 12, 2010
264
70
0
සරලවම කියතොත් මෙය වර්ථමානයේ බොහෝ සෙයින් ප්‍රචලිතව ඇති Knowledge Base information sharing සංකල්පයට සමාන වන අතර මෙහිදී දක්නට ලැබෙන්නේ තාක්ෂණ වේදීන් සහ ක්ෂෙත්‍රයට අදාල අනිකුත් සේවා දායිකයින් සහ තත්ව පරීක්ෂණ මගින් එක් එක් සමාගම් වලින් එක් රැස් කරගන්නා ලද දත්ත සමූහයකි. ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්‍රයට අදාල මෙවැනි දත්ත ගබඩාවල් Repair Tips Data හෝ Faults Tips Data ලෙසින් හදුන්වනු ලබයි. තාක්ෂණ වේදීන්ට මෙන්ම තාක්ෂණික දැනුමක් නොමැති අයට වුවත් මෙවැනි දත්ත මගින් අදාල යන්ත්‍රයේ පවතින දෝෂය නිරාකරණය කරගැනීමේදී යම් අනුමානයක් ලබා ගැනීමට පහසු වීම මෙවැනි දත්ත සමූහයක ඇති සුවිශේෂි ලක්ෂණයකි.

ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයට ලැදියාවක් ඇත්තවුන් වෙනුවෙන් මෑතකදී ආරම්භ කරන ලද ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමය ඔස්සේ මෙවැනි තාක්ෂනික දත්ත නොමිළයේ ලබාගත හැකි ක්‍රමවේදයක් දියත් කර ඇති අතර ප්‍රසිද්ධ වෙළද නාම යටතේ වෙළද පලේ දක්නට ලැබෙන රූපවාහිනී යන්ත්‍ර මෙන්ම, ඩීවීඩී යන්ත්‍ර, ගුවන්විදුලි සහ කැසට් යන්ත්‍රයන්ට අදාලව දෝෂ නිවාරණ දත්ත 20,000 කට ආසන්න ප්‍රමාණයක් පහත සබැදිය මගින් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතී.


Electronic Faults & Repair Tips Database


මේ සදහා අවශ්‍ය වනුයේ දෝෂය සහගත උපාංගයේ වෙළද නාමය (Make) සහ මාදිලිය (Model) ලබා දීම පමණක් වන අතර ඔබ විසින් ලබාදෙන මාදිලියට අදාලව හදුනාගත් දෝෂ සහ ඒවාට විසදුම් අදාල අවස්ථාවේම ලබා ගත හැකි වනු ඇත. ඔබ බලාපොරොත්තු වන මාදිලිය මෙම වැඩ සටහනෙහි අන්තර්ගත නොවේ නම් [email protected] යන ඊමේල් ලිපිනයට දැනුම් දීමෙන් හෝ ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමයේහි අළුත්වැඩියා කොටසට විස්තර ලබාදීමෙන් ඔබට යම් තොරතුරක් ලබා ගැනීමේ හැකියාවද පවතී. තාක්ෂණ දැනුමක් නොමැත්තවුන්ට වුවද දෝෂ සහගත උපාංගය තාක්ෂණවේදීයාට යොමු කිරීමට ප්‍රථම අදාල දෝෂ සම්බන්ධව යම් අනුමානයක් ලබා ගැනීමට මෙය ඉවහල් වේ යැයි විශ්වාෂ කරන අතර ඔබ සතුව මෙවැනි දත්ත පවතී නම් [email protected] වෙත යොමුකිරීමට කටයුතු යොදන මෙන්ද කාරුනිකව ඉල්ලා සිටින්නෙමි.

source :
http://blog.electronicinside.com/2011/03/blog-post_24.html
 
Last edited: