අපි හැමෝම බලාපොරොත්තු වුනු විදිහට ලංකාව හා එංගලන්තය අතර තරගය නිමාවුනෙ ලන්කාවට ජය අත්කර දෙමින්. එංගලන්තය තරගාවලියෙන් ඉවත් වුනා. එත් එදා එංගලන්තය ක්‍රීඩා කල අකාරයට අපේ හැමෝගේම ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුයි. ඔවුන් මහත්වරුන් ලෙස ක්‍රීඩා කලා, අවසන් පන්දුව දක්වාම. ඕස්ට්‍රේලියව හෝ පකිස්තානය වගෙනම් තත්වය වෙනස්. ඔවුන් එදා තරගාවලියෙන් ඉවත් උනත් ක්‍රිකට් මහත්මාවරුන්ගේ ක්‍රීඩව බව ඔප්පු කලා. එංගලන්තයට මගේ ප්‍රනාමය හිමිවන අතර ලංකාව හා නවසීලන්තය අතර තරගයෙන් ලංකවට ජය අත්වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරනවා.




