ඩිල්ෂාන්

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සැලසුම් හා මැදපෙළ ගැන ඩිල්ෂාන් කතා කරයි
    2314AD.jpg

    මැතිව්ස්ට දිගටම එන්නත් දෙනවා

    ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු ටී.එම්.ඩිල්ෂාන් විසින් අවසාන මහා තරගයේ සැලසුම් හා මැදපෙළ පිතිකරුවන් මෙන්ම ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය පිළිබඳව බී.බී.සී. සිංහල සේවයට නවතම හෙළිදරව්වක් කර තිබේ.

    බී.බී.සී. සිංහල සේවයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින් ඩිල්ෂාන් පවසා තිබෙන්නේ මැතිව්ස්ගේ ආබාධය සුවවීම සඳහා එන්නත් කිහිපයක්ම ලබාදී ප්‍රතිකාර කරමින් සිටින නිසා ලබන සෙනසුරාදා වැන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසාන මහා තරගයට ඔහු ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු තබා තිබෙන බවයි.

    ඉතාමත් මන්දගාමී තන තීරුවක දැක්වූ නවසීලන්තය සමග අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව කණ්ඩායම සතුටු වන බව මෙහිදී ඩිල්ෂාන් පවසා තිබේ.

    තමාගේ දක්ෂතා පිළිබඳව සතුටු වුවත් එදා තරගයේදී ලකුණු 73 කින් සීමාවීමට සිදුවීම පිළිබඳව තෘප්තිමත් නොවන බව පවසා තිබෙන මෙම සුපිරි පිතිකරුවා අවධාරණය කර තිබෙන්නේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ එදා පැවති තනතීරුව පිතිකරුවන්ට හිතකර නොවූ එකක් බවයි.

    මේ නිසා, එදා තමාට සුපුරුදු ලෙස පිතිකරණයේ යෙදීමට නොහැකි වූ බව ඩිල්ෂාන් පවසා තිබේ.

    මීට පෙර, තමා බී.බී.සී. සිංහල සේවයට පැවසූ ලෙස එදා නවසීලන්ත තරගයට සහභාගී වූයේ ලෝක කුසලාන අවසාන මහා තරගයට සහභාගී වීමට හැකියාව තිබෙන බවට දැඩි ආත්ම විශ්වාසයකින් නිසා ඉක්මනින් කඩුළු 03 ක් දැවී ගියද කණ්ඩායම බිඳ නොවැටුණු බව හෙතෙම කියා ඇත.

    ඩිල්ෂාන් වැඩිදුරටත් පවසා තිබෙන්නේ වෙනත් තරග වලදී මෙන් නොව මැද පෙළ පිතිකරුවන්ට සිය දක්ෂතා ඔප්පු කිරීමට නවසීලන්ත තරගයේදී අවස්ථාවක් හිමිවූ බවත් චාමර සිල්වා, තිලාන් සමරවීර හා ඇන්ජෙලෝ මැතිව්ස් පීඩනය පාලනය කරගත හැකි පිතිකරුවන් බව එදා ඔප්පු කළ බවයි.

    සුපිරි ක්‍රීඩකයෙකු, උසස් මිතුරෙකු මෙන්ම විශේෂ මිනිසෙකු වන මුත්තයියා මුරලිදරන් ලංකාව වෙනුවෙන් තරග කරන අවසන් තරගය වන ලෝක කුසලාන අවසන් මහා තරගය ජය ගැනීම මුරලි වෙනුවෙන් පුදදිය හැකි උසස්ම තිළිණය බවත් ඒ වෙනුවෙන් කණ්ඩායම සැදී පැහැදී සිටින් බවත් ඩිල්ෂාන් මෙහිදී පවසා තිබෙන්නේ ගෞරවයෙන් යුතුවයි.
     
    • Like
    Reactions: amilapriyankara.dsc

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    සුපිරි ක්‍රීඩකයෙකු, උසස් මිතුරෙකු මෙන්ම විශේෂ මිනිසෙකු වන මුත්තයියා මුරලිදරන් ලංකාව වෙනුවෙන් තරග කරන අවසන් තරගය වන ලෝක කුසලාන අවසන් මහා තරගය ජය ගැනීම මුරලි වෙනුවෙන් පුදදිය හැකි උසස්ම තිළිණය බවත් ඒ වෙනුවෙන් කණ්ඩායම සැදී පැහැදී සිටින් බවත් ඩිල්ෂාන් මෙහිදී පවසා තිබෙන්නේ ගෞරවයෙන් යුතුවයි.

    අනිව...
    2007 ග්ලේන් මෑග්‍රත් කප් එ
    ක දිනවල ගෙදර ගියා වගේ මේ පාර අපේ මුරලිව යවන්න ඕන...
    11.gif
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Ela toka Machan "2007 ග්ලේන් මෑග්‍රත් කප් එක දිනවල ගෙදර ගියා වගේ මේ පාර අපේ මුරලිව යවන්න ඕන".
     
    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com

    සුපිරි ක්‍රීඩකයෙකු, උසස් මිතුරෙකු මෙන්ම විශේෂ මිනිසෙකු වන මුත්තයියා මුරලිදරන් ලංකාව වෙනුවෙන් තරග කරන අවසන් තරගය වන ලෝක කුසලාන අවසන් මහා තරගය ජය ගැනීම මුරලි වෙනුවෙන් පුදදිය හැකි උසස්ම තිළිණය බවත් ඒ වෙනුවෙන් කණ්ඩායම සැදී පැහැදී සිටින් බවත් ඩිල්ෂාන් මෙහිදී පවසා තිබෙන්නේ ගෞරවයෙන් යුතුවයි.
    [/QUOTE]

    :yes:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හරි යකොව් දිලාට කියන්න පුලුවන්ද සිල්වා නම් පඩ ඌ නම් මෙලො රහක් නැ කියලා :lol::lol:

    Habi dila kiyaddi kiwwe ara eda 4 gahuwata passe muuna amuthu kre,e wageda danne na,ehenam awlak na,eath muu peedanayk gana kiyalane
     
    Last edited: