ලෝකය මැව්වේ කවුද?

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ලෝකය මැව්වේ කවුද?

    "[FONT=&quot]දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේය"යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට[/FONT], [FONT=&quot]එය නොදැක වෙහෙසට පත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. සාදන වඩුවකු නැතුව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන්[/FONT], [FONT=&quot]මේ ලෝකයේ සත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇති විය නොහැකි යයි ඔවුහු සිතා ගත්හ.ඒ න්‍යායේ පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔව්හු දෘශ්‍යමාන නිර්මාපකයෙකු නො දැක[/FONT], [FONT=&quot]අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවා ගත්හ.[/FONT]
    [FONT=&quot]ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිලිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ.ඒ ගැනත් සිතුව නම් පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් [/FONT],[FONT=&quot]ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී මැවුම් වාදය බිඳී යයි.[/FONT]


    [FONT=&quot]යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නොවේ.පටන් ගැන්මක් ඇති වීමට නම් යමක් නොතිබූ කාලයක් ද තිබිය යුතුය.බීජයෙන් ගසත් ගසෙන් බීජයත් ඇති වීමෙන් ගස් පරම්පරාව නොසිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්ව ලෝක[/FONT],[FONT=&quot]සංස්කාර ලෝක[/FONT], [FONT=&quot]අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක.[/FONT]


    [FONT=&quot]මවන්නෙකු නැතිව සංසාරයේ නොසිඳී පැවත්ම තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේය.එක් භවයකදී ඇතිවෙන තණ්හාව නිස මරණින් භවය නොසිඳි ගොස් නැවතද උපදී.උපන් පසු නැවතද තණ්හාව ඇතිවේ. ඒ නිසා මරණින් මතු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නොසිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇති වීම් වශයෙන් නැවතද උපදී.. මෙසේ කර්මය නිසා විපාකද විපාක නිසා කර්මද ඇති වීමෙන් සංසාරය නොසිඳී පවතී. අවිද්‍යාදී හේතු ධර්මයන් නිසාද සංස්කාරාදී ඵල ඇති වීම නිසාද සංසාරය නොසිඳී පවතී.[/FONT]


    [FONT=&quot]ආගම් බොහෝය.දුකින් මිදෙන්නට මග යැයි එකක පැවසුන දෑ අනෙකක පැවසුනු දෙයට වෙනස්ය. ඇත්ත දක්නා කැමත්තන් විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැනීමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අන් ආගම් සේ දුක් විඳින්නාට වට පිට ඒ මේ අත ඇද ගෙන නොගොස් එක එල්ලේම ඒ සඳහා අවබෝධ කළ යුතු දෑ පැහදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාවයි![/FONT]


    [FONT=&quot]අති පූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සේ[/FONT][FONT=&quot] ගේ පොත පත ඇසුරිනි.[/FONT]



    [FONT=&quot]සාදු!සාදු!!සාදු!!![/FONT]
    [FONT=&quot]බුදු දහම ලොවෙහි බැබලේවා!!![/FONT]
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ලොකෝත්පත්ති වංශ කථාව

    ලොකෝත්පත්ති වංශ කථාව
    මෙම ලොකෝත්පත්ති වංශ කථාව බුදුපියානන්වහන්සේ දිඝ නිකායේ පාඨික සුත්‍රයේ වදාලා ඇත ‍(සංශෝධන සහිතව දක්වා ඇත)

    භාර්ගවය, මම ලෝකෝත්පත්තිය පිළිබඳ වංශයත් දනිමි. එයින් මතු සර්වඥතාඥානය දක්වා සියල්ලත් දනිමි. එහෙත් මම අසවල් අසවල් දේ දනිමියි තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ඒවා නොගනිමි.

    "භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ ඊශ්වරයා (දෙවියන්) විසින් ලොව මවන ලද්දේය, බ්‍රහ්මයා විසින් ලොව මවන ලද්දේයයි ඔවුන්ගේ ආචාර්ය පරපුරෙන් එන ලෝකෝත්පත්ති වංශ කථාව ප්‍රකාශ කරයි. මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. "ආයුෂ්මත්නි, මෙසේ ලොව මැවිම පිළිබඳව පිළිගැනිමට හේතු කවරේද? ඔවුන්ට උත්තර දෙන්ට නොහැකි වෙත්. උත්තර දෙන්ට නොහැකි ඔවුන් මාගෙන්ම අසත්.

    මැවිම පිළිබඳ ආචාර්‍ය වාදය ඇතිවු සැටි.


    "ඇවැත්නි මෙබදු කාලයක් වන්නේමය. බොහෝදීර්ඝ කාලයක් ඇවෑමෙන් පසු යම් කිසි කලෙක මේ ලෝකය විනාශ වන්නේය. ලෝකය විනාශ වන කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නාහුය. ඔව්හු සිතින් උපදින්නාවූ ප්‍රීතිය අනුභව කරමින් ස්වකීය ශරීරාලෝක ඇතිව අහසෙහි හැසිරෙන්නෝව මනා කොට සිටින්නාහුව ඉතා දීර්ඝ කාලයක් වාසය කරත්. දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ ලෝකය හැදෙන්නේය, ලෝකය හැදෙන කල්හි ශුන්‍යවූ බ්‍රහ්ම විමානයක් පහළ වන්නේය. එකල එක්තරා සත්වයෙක් ආයුෂ ක්ෂය වීමෙන් හෝ පින ක්ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍යවූ බඹ විමනෙහි ඔපපාතිකව උපදින්නේය. හෙතෙම එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙමින් සුවසේ සිටින්නේ බොහෝ දිගු කලක් එසේ සිටින්නේය. එහි හුදකලාව බොහෝ කලක් වසන ඔහුට නොඇල්මක් තැති ගැන්මක් උපදින්නේය. "ඒකාන්තයෙන් තවත් සත්වයෝද මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි" මෙබදු සිතක් වන්නේය. එසේ ඇති කල්හී තවත් සත්වයෝද ආයුෂ ක්‍ෂය වීමෙන් හෝ පින ක්‍ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍යවූ බ්‍රහ්ම විමානයෙහි ඒ සත්වයා හා සහභාවයට පැමිණ උපදින්නාහුය. ඔව්හුද එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙන ස්වභාව ඇතිව යහපත්සේ සිටින්නෝ බොහෝ කලක් වාසය කරත්. (සිතින් උපන් ප්‍රීතිය ආහාර කර ගැනිම යන්නට දල අදහසක් සඳහා මෙසේ ‍තේරැමි ගත හැක. විශාල සතුටක් ඇතිවු විට ආහාර පාන ගැනිමට හෝ අවශ්‍ය නොවන කුසගිනි නොදැනෙන අවස්ථා ඔබ අත්දැක ඇතිවා විය යුතුයි)

    එහි මුලින් උපන් සත්වයාට මෙබදු සිතෙක් උපදියි. මම බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩ පවත්වන්නාවූ මහාබ්‍රහ්මයා වෙමි. කිසිවෙකු විසින් නොමැඩිය හැකිවූ ඒකාන්තයෙන් තමන් වශයෙහි පවත්නාවූ ඊශ්වරවූ ලෝකය උපදවු ලොව මවන්නාවූ ශ්‍රේෂ්ඨවූ සත්වයන්ගේ පියා මම වෙමි. මා විසින් මෙ සත්වයෝ මවන ලදහ. ඊට හේතු කවරේද? මට පෙරදවස්හි මෙබදු සිතෙක්වීය, ඒකාන්තයෙන් තවත් සත්වයෝ මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි මා සිතිය. ඒ අනුව මෙසේ මාගේ සිත්වූ පරිදි මේ සත්ත්වයෝත් මේ ආත්මභාවය ලදහ. යනුවෙන් වැරදි දෘශ්ටියක් ගන්නේය.

    පසුව උපන් සත්ත්වයින් මෙසේ සිතන්නට වන්නේය. මේ පින්වත් බ්‍රහ්ම තෙමේ මහා බ්‍රහ්මයා වන්නේය. සියල්ල මැඩ පවත්වන්නේය. කිසිවෙකු විසින් මැඩිය නොහැක්කේය. ඒකාන්තයෙන් තම ලෝක කර්තෘ වන්නේය. නිර්මාතෘවූද ශ්‍රේෂ්ඨවූද තමන් විසින් ජයගත් සියලු සත්වයින්ගේ පියා වන්නේය. මේ පින්වත් බ්‍රහ්මයා විසින් අපිව මවන ලදි. ඊට හේතු කවරේද? මෙහි පළමුවෙන් උපන් මෙම බ්‍රහ්මයා අපි දුටුවෙමු. අපි උපන්නේ පසුවය.

    ඇවැත්නි, එහි යම් සත්වයෙක් පළමුව උපන්නේද ඒ සත්ව තෙමේ ඉතා දික් ආයුෂ ඇත්තෙක්ද වන්නේය. ඉතා වර්ණවත් වූවෙක්ද වන්නේය. ඉතා ආනුභාව ඇත්තේද වන්නේය. යම් සත්ව කෙනෙක් පසුව උපන්නාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප ආයුෂ ඇත්තෝ වන්නාහ. ඉතා දුර්වලවර්ණයෝද වන්නාහ. ඉතා අල්පානුභාව ඇත්තෝද වන්නාහ.



    මෙ‍සේ කාලයාගේ ඇවෑමෙන් ඹබ ලොවින් චුතවී මිනිස් ලොව උපදින සත්ත්වයින් අතර එක් සත්ත්වයෙක් ධ්‍යාන බාවනා කොට කලින් සිටි එක් ආත්ම භාවයක් පමණක් සිහි කිරිමේ නුවන ලබයි. එසේ කලින් සිටි ආත්ම බාවය දකිනා ඔහුට එහි සියළු යසෝමහිමයෙන් බැබලෙමින් එහි තවමත් සිටිනා මුලින් සිටි සත්ත්වයා හෙවත් මහා බ්‍රහ්මයා පෙනෙයි. එටිට
    "මොහු නිසැකවම ලොව නිර්මාතෘවරයාය. මහා බ්‍රහ්මයාය. මැවුමිකරැය, ඊශ්වරයාය යන දෘශ්ඨිය ගන්නා මෙම තැනැත්තා මෙම මතය මිනිසුන් අතර ප්‍රකාශයට පත්කරයි. ලොව මැවිම පිළිබඳ ආචාර්‍යවාදය ඇතිවුයේ මෙසේය.
     

    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0
    "[FONT=&quot]දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේය"යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට[/FONT], [FONT=&quot]එය නොදැක වෙහෙසට පත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. [/FONT]

    :yes::yes::yes:
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිලිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ.ඒ ගැනත් සිතුව නම් පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් ,ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී මැවුම් වාදය බිඳී යයි.
     

    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0
    වර්ණ, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ නම් වූ පංච රූප පදනම් කරගත් භෞතික ලෝකය හෙවත් දැනුම අප විසින් නිර්මාණය කර ගන්නා ලැබුවේ ගුරු දෙගුරුන් ආදී බාහිර පුද්ගලයන්ගෙනි. බාහිරයෙන් ලබාගත් දැනුම අපි ගවේෂණය කර විශ්ලේෂණය කර තවත්අලූත් දැනුමක් අප විසින් නිර්මාණය කර ගනු ලැබූවෙමු. මෙම අලූත් දැනුම ලෝකයට ඉදිරිපත් කර ආචාර්ය මහාචාර්ය ආදී උපාධි ද ලබා ගනිති. නමුත් සියලූම ආචාර්ය මහාචාර්යවරුන් දැනගත යුතු එක් කරුණක් නම්, ඔබ නිර්මාණය කර ගත් අලූත් දැනුමටද පදනම වූයේ, ළදරු කාලයේ සිට අනුන්ගෙන් අසා ඉගෙනගත් දැනුම ම බවයි.


    ඔබ විසින් ළදරු කාලයේදී ඇසින් දුටු රූප ගැනත්, කනෙන් ඇසු ශබ්ද ගැනත්, දිවෙන් ගත් රස ගැනත්, නාසයෙන් දැණුන ගන්ධය ගැනත් ශරීරයෙන් ලැබූ ස්පර්ශ ගැනත් ඔබට කුතුහලයක් උපදී. බහ තෝරන වියට පැමිණි විට මේ වස්තුව මොකක්ද? මේ ශබ්දය කුමක්ද? මේ රසය කුමක්ද? ආදී වශයෙන් ප‍්‍රශ්න නගන්නට පටන් ගන්නා ලද්දේ මෙම කුතුහලය නිසාවෙනි. වැඩිහිටියෝ ඒවාට මේ පුතේ පුටුව, ඒ කාක්කෙක් කෑ ගසන ශබ්දය ආදී වශයෙන් පිළිතුරු දුන්හ. මේ ආකාරයට අනුන්ගෙන් අසා දැනගත් දැනුමක් ඔබ තුළ ඇත. මෙම දැනුමට අනුව බාහිර වස්තු ඇත. එම වස්තුවල වර්ණ ඇත. ශබ්ද පැන නගී. ආහාරවල රසය ද ගන්ධය ද ඇත. ඔබේ මෙම දැනුම ‘දේවල් තිබෙනවාය’, ‘පුද්ගලයින් ඉන්නවාය’ යන පිළිගැනීම මතපදනම් වී ඇත්තේ ය.


    I got this from the article;
    1. භෞතික විද්‍යාවේ අසත්‍ය පදනම හෙවත් මනසින් සාදාගත් ලෝකය

    So මෙම ලෝකය නිර්මාණය කළේ කව් ද?
    අපි අපිම නෙවෙයි ද ? :confused:
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    "[FONT=&quot]දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේය"යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට[/FONT], [FONT=&quot]එය නොදැක වෙහෙසට පත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. [/FONT]:yes::yes::yes:
    :yes::yes:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Ane machan me loke moka mewwath ape moko.. Onna ohe welak balala.. walak behela... sathek gahala .. malak gahala aaaaaaathal eke innawaa:D:D:D
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    එ කියන්නෙ තන්හව භෞතික ලොකය තියෙන්න කලින් තිබුනා ද? තන්හව මැව්වේ කවෘන්ද? :lol:

    හිනා වෙන්න්න දෙයක් නම් නෙමෙයි ඕක . ඇත්තටම තෘෂ්ණාව කියන එක බව්තික ලෝකය තිබුනත් නැතත් තියන දෙයක් . එක කව්රුවත් මවන දෙයක් නෙමෙයි . තමන්ම තමන්ගේ හිතේ ඇති කරගන්න දෙයක් .