ඇත්තමයි
උඔලට වගේම අපිටත් ඒ වෙලාවෙ
මුළු ලොකෙම නැතිවුනා වගේ දැනුන
මිලියන විස්සක හැලුන කදුළු
උඔලගෙ ඇස් වලින් පනිනව හංගගන්න බැරිවුනා
උඔල වගේම අපිත් තාම
ඒ දුක හිරකරගෙන
අන්තිම මොහෙතෙදි නිදහස් කල සුසුමෙන් වත්
ඒ දුක නිවුනෙ නෑ
විශ්වාසයි
ඊලග පාර මොන ලෝකෙ තිබ්බත්
මොන විදියෙන් හරි උඔල ඒක අපිට ගේනව
එදාට අපි
හැලුන කදුළු වලට හරියන්න
ලෝකෙටම ඇහෙන්න හිනාවෙමු