ඉන්ටර්නැෂනල් කොල්ලා
මචංලා මේක සිරා සීන් 1ක්.අපේ ගෙවල් ගාව ඉන්නවා පොඩි එකෙක්.මිනිහා යන්නේ ඉන්ටර්නැෂනල් එකකට.ඒක හිංදම සිංහල උගන්නන්න වෙනම සිංහල පංතියකට යවනවා.එතන උගන්නන්නේ විශ්‍රාම ගිය සිංහල මිස් කෙනෙක් .පංතියට පොඩි එවුන් 15 ක් විතර එනවා.
ගිය සුමානේ පංතිය වෙලාවේ සාමාන්‍ය දැනුම ගැන ප්‍රශ්න අහනවා.ඔන්න ඉතින් මිස් කිව්වා "වක්කඩ"දන්න අය අතඋස්සන්න කියලා.කට්ටියම අත ඉස්සුවා.අර ඉන්ටර් නැෂනල් පොර උස්සපු අත හිමිහිට පහලට ගත්තා.හැබැයි මිස් මේක දැක්කේ නැහැ.
මෑන් ලඟම හිටපු පොඩි එකෙක් අරූට වැලමිටෙන් ඇනල හිමිහිට කියනවා "අර වතුර එන්න හදල තියෙන එක බන්" කියලා.පොරත් ෆුල් හැපි එකේ අත ඉස්සුවා.හැබැයි පරක්කු වෙලා අත උස්සපු එක මිස් දැක්කා.මිස් කොල්ලගෙන් ඇහැව්වා වක්කඩ කියන්නේ මොකක්ද කියල.
කොල්ලා කියනව බන් "ටැප් එක " කියලා.ඌ වතුර එනව කිව්වහම දන්නේ ටැප් එක විතරයි වෙන්න ඇති. අපිටනම් හොදටම හිනා.හැබැයි මට පස්සේනම් දුක හිතුනා බන් යන්නේ ඉන්ටර්නැෂනල් උනාට එදිනෙදා දකින අහන දෙයක්වත් මේ අය දන්නැති එකට.
අපි සිද්දිය පස්සේ මිස්ට කිව්වා.මිස්ටත් හොඳටම හිනා.ඒ උනත් එයත් දුක් උනා මේ පොඩි දරුවන්ගේ සාමාන්‍ය දැනීම මේ තරම් දුරට ගිලිහිලා ගිහිල්ලා නේද කියල.
අවුලා කොතනද කියල
මටනම් තේරෙන්නේ නැහැ බන්.

? Anith eka hamoma hama deyak ma danne na...oka ithin ochchara issue ekak karaganna oneth na... e lamayata thama 15 y ne .. thawa wayasata yanakota igana gani..