පිළිවෙලකට භාවනාව හුරුවෙමු...
පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ
Listen......
http://www.dinamina.lk/kalanamithuro/
භාවනාව හුරුකරගැනීම ගැන කාරණා කීපයක් මම කියන්නම්. භාවනා පුරුදුවෙන්ට කල්පනා කරන අය විදිහට, භාවනාව හොඳින් පුරුදුවෙන්ට බලන්න. භාවනා කිරීමෙන් තමයි ධර්මය ජීවිතයට පමුණුවගන්ට අවස්ථාවක් තියෙන්නෙ.
හැබැයි දහම් දැනුම හොඳින් හදා නොගෙන භාවනා කිරීමෙන් වැඩක් නෑ. භාවනා නොකර දහම් දැණුම පමනක් හදාගෙන වැඩකුත් නෑ. දෙකම සමබර කරමින් කරන්ට ඕනැ. මතක තියා ගන්ට අපි කරන බණ භාවනාව ඉතාමත්ම පිළිවෙලකට, ක්‍රමානුකූලව කරන්ට අපි පුරුදුවෙන්ට ඕනැ.
ඒකට කියනව සකසලා පුරුදුකරනවා කියල. ඒ කියන්නෙ පිළිවෙලකට කරනවා කියල. එහෙම සකසලා පුරුදු කළේ නැත්නම්, පිළිවෙලකට කළේ නැත්නම් හිත බලවත් දෙයක් බවට පත්කරගන්ට අපිට පිළිසිඳ ගත්තට පස්සෙ, ඒ අම්ම තමන්ගෙ චර්යාවන් ඔක්කොම වෙනස් කරනව නේද? ඇයි ඒ? වටිනා දෙයක් දැන් මුණගැහිල. ඒක පිළිවෙලකට රැකගන්ට ඕනැ.
සමාන්‍යය චර්යාව වෙනස් කරල ඉතාම ප්රවේශම්කාරීව හැසිරීම ඇතිකරගන්නව. අන්න ඒ වගේ. අපි ඉතාම සිහිනුවණින් කටයුතු කරන්ට ඕනැ. ඊලඟට සිඟිති ළමයෙක් ලැබුනහම, ඒ ළමය රැකගන්ට කොච්චර උනන්දුවෙනවද. පරිස්සමින් ඒ ළමය රකින්නෙ. අර මස් වැදැල්ලක් වගේ ඉන්න ළමය අතින් අල්ලන්නත් බෑ. මොනව වෙයිද දන්නෙ නෑ. බලන්න කොයි තරම් පරිස්සම් වෙනවද? කියල.
අන්න ඒ වගේ පරිස්සමින් ආරක්ෂාකරල, පෝෂණය කරනව. ඊට වඩා අමාරු දෙයක් තමයි සිත නිවන දක්වා ගෙනයාම පිණිස පුරුදුකිරීම. අමාරුයි, දුෂ්කරයි. බැරුවයනව. හරියට මවු කුසක දරුවෙක් ඒ සිඟිත්ත බලවත් කරගන්ට නම් කටයුතු දෙකක් කරනට ඕනැ නේද? පෝෂනය කරන්ට ඕනැ, ආරක්ෂා කරන්ට ඕනැ. ඒ දෙකම කළ යුත්තේ පිළිවෙලකට, ක්‍රමානුකූලව, නිසිකලට, නිසිවිදිහටයි. එකයි ක්‍රමානුකූලව කියල කියන්නෙ.
අන්න ඒ විදිහමයි, අරම්භයේදීම ක්‍රමානුකූලව කටයුතු නොකළොත් අපිට අවසානයේදී කරගන්ට බැරිව යනව. එනිසා ආරම්භයේ ඉඳන් පිළිවෙලකට කටයුතුකරන්ට බලන්න. ඒකට හොඳම දේ තමයි තමන් තේරුම්ගන්න මම පුරුදුවෙනව කියල. කවදද ඒ පුරුදුවීම ඉවරවෙන්නෙ? ආශ්‍රව ක්ෂය කිරීමෙන් තමයි පුරුදුකිරීම ඉවරවෙන්නෙ. ඊට පස්සෙ පුහුණුයි එයා. එනිසා හොඳට මතකතියා ගන්ට අපි පුරුදුවෙන්ට ඕනැ, පුරුදුවෙන අය, කියල තේරුම්ගන්න.
එහෙම නොවුනොත් අපි චුට්ටක් කරල ඒ කරපුදෙයින් ආඩම්බර වෙනව. චුට්ටක් කරනව ඒකෙන් ආඩම්බරවෙනව "අපිට දැන් පුළුවන්" කියල. එයා ප්‍රමාදයට යනවා. ආඩම්බර වුනගමන් එයා තුළ ඇහුම්කන් දෙන ගතිය නැතිවෙලා යනව. තමා ඉස්මතුකරල කල්පනාකරන ගතියක් එනව. එනිසා හොඳට මතකතියාගන්ට ඉතාම වැදගත් දේ තමයි තමන් පුරුදුවෙනවා කියන අදහස හොදින් හිතේ තියාගෙන කටයුතුකරන්න.
එතකොට පුරුදුවෙන කෙනාගෙ ස්වභාවය මොකක්ද? හැම එකක් ම ඉස්සරල ඇසුරු කරනව, ටික ටික කර කර පුරුදුවෙනව. ඊට පස්සෙ ඒක තව ටිකක් හොඳට පුරුදුකරනව. ඊට පස්සෙ හොඳට පුරුදුවුනාට පස්සෙ බහුල වශයෙන් පුරුදුකරනව. අන්න ඒක මතකතියාගන්න. "ආසේවති, භාවේති, බහුලී කරෝති" කියල කියා දෙනව.
ඇසුරුකරන්ට ඕනැ, භාවිතා කරන්ට ඕනැ, බහුල වශයෙන් පුරුදුකරන්ට ඕනැ. අපි යම් ධර්මයක් ඇසුරුකරනව. හොඳට හුරුකරනව ටික ටික. කර කර පුරුදුවෙනව. ඊට පස්සෙ ඒක තව ටිකක් හොඳට පුරුදුකරගන්නව. භාවිතා කරනව. ඊට පස්සෙ අපි බහුල වශයෙන් පුරුදුකරනව. අපි යමක් ඇසුරුකළොත් තමයි ඒ ගැන ඉගෙනගන්ට පුළුවන් වෙන්නෙ. ඒකෙ වටපිටාව දැනගන්ට පුළුවන්වෙන්නෙ. ඊටපසසෙ වටපිටාව දැනගත්තම තමයි භාවිතා කරන්ට පුළුවන්. හොඳට භාවිතා කරන කෙනාට බහුල වශයෙන් පාවිච්චි කරන්ට පුළුවන් වෙනව.
අන්න ඒ වගේ තමයි බණ භාවනා වුනත්. අපි ටික ටික කර කර පුරුදුකරනව. ඊට පස්සෙ හොඳට පාවිච්චි කරන්ට පුළුවන් කලක් එනව. ඊට පස්සෙ පුළුවන් බහුල වශයෙන් ඒක පුරුදුකරන්න. අපි පුරුදුකරගන්නෙ නැතුව, හුරුකරගන්නෙ නැතුව බහුල වශයෙන් කරන්ට ගියාම අපි ඒ ගැන සිද්ධවෙන්නෙ මොකක්ද? කරන්නෙ මොකක්ද? දන්නෙ නෑනෙ. ඊට පස්සෙ ගැටළු ඇතිවෙනව. ඒ ගැටළුවලට විසඳූම් දෙන්ට අමාරුයි. මොකද මේක හිතක හටගන්න දෙයක් නිසා. බාහිර ශරීරයෙ එකක් නෙවෙයි. ඒ නිසා බණ භාවනාව පුරුදුකිරීම හොඳට කල්පනාවෙන් ටික ටික පුරුදුවෙන්න.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!