ජීවිතය.

LIVE BOY

Member
Apr 21, 2011
195
5
0
සෙනෙහසට අරුත් බොහෝමයි. සෙනෙහස විදින, පුදන විධි ද බොහෝමයි. ජීවිතයේ අදියරෙන් අදියර ගලා යන ගමනේ මා ගේ සෙනෙහස පිදූ විධි ද එමටයි! අද දින මාගේ සෙනෙස් ගගුල ට තවත් අතු ගංගාවක් එක් වුණි. ඒ ගඟේ නම තාම මම නොදණිමි.

මධූ සහ මාගේ සොදුරු පාරාදීසයේ අලුත් රිදී තාරකාවක් අද පෑයීය. ඒ නව මසක් තිස්සේ පේවී රකිමින් ඇගේ කුස තුළ දැරූ අපේ කිරිකැටි පුත් කුමරාය. මවකගේ සියලු ලක්ෂණ දැරූ ඈ, නිරෝගී, සොදුරු සිඟිත්තෙක් අද මෙලොව ට බිහි කලාය. ලඳකගේ සුකුමාල බවත්, මවකගේ ස්නේහයත් ඈ තුල සමබරව පැවතිණි. ඈ ගත කල නව මාසය භාවනාවක් මෙන් විය. ඒ භාවනාවේ ඵලය අද ඈ විදින්ණීය.

ශල්‍යාගාරය ට මා ද ඇතුලු විණි. ඇගේ අතින් අල්ලා ගත් මා වෙදැදුන් සිය කාර්යය ඉටුකරනා තෙක් ඈ අසලම රැදී සිටියෙමි. දරුවකු මෙලොව බිහි වන වේදනාව, දිරියෙන් යුතුව දරාගෙන සිටි ඇය දෙස බලා සිටි මා හට මගේ අම්මාත්, ඇගේ අම්මාත්, ලොව විසිර සිටින අම්මාවරුන් වත් ඉතා සෙනෙහසින් සිහි වුණි. දරුවා මෙලොව එලිය දකින විට මා හට මෙලොව සිටින සතුටු ම මිනිසා මා යැයි ද, දිරිය කාන්තාව මධූ යැයි ද දැනෙන්න ට විණ. මෙය බොහෝ සැමියන් ට දැනෙණ දෙයක් යැයි මට සිතේ.

ළඳක් උපන් දින පටන් බොහෝ දුක් ගැහට විදී. කෙදිනක හෝ මවු පදවිය ලබන ඈ මෙලොව රජුන් බිහ කරන දිරිය මවක් වන්නීය. අප සමාජයේ ඈ ට නිසි ගෞරවය ලැබිය යුතුය. එමෙන්ම එම ගෞරවය ලබා ගැණීම ට සුදුසු සේ කාන්තාවන් ජීවත් විම ද අවැසි කරුණකි.

මෙම සටහන මා ඉතා කලබලයෙන් තබන්නකි. ඒ මන් ද යත්, තව සුලු මොහොතකින් මා නැවත මධූ සහ පුතා බැලීම ට රෝහල ට යායුතු නිසාවෙනි. කලබලයෙන් වුව ද මගේ පැතුම මෙහි සටහන් තබා මම නවතිමි.

"පුතේ,... අද ඔබේ ජීවිතේ පළවෙනි දවසයි. මගේ සහ අම්මාගේ නව දිවියේ ද පළමු දවසයි. ආගම දහම ට ලැදි, කිසිවෙකුට කරදරයක් නැති, උගත්, බුද්ධිමත්, නිරෝගී, කඩවසම් මිනිසෙකු වන්න. රට යන ආරෙට නොව නිතැතිව හරි මග යන්න. එවිට ඔබ තරු අතර දිදුලමින් ලොව එලිය කරන පුන් සඳක් වනු නොඅනුමාණය."

පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ ණැන බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙස ට නොම වේ ය දුරු...

උපුටා ගැනීම-http://anuradha-life.blogspot.com/

රිපොස්ට් නම් සොරි.
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය