මහා විනාශය .... (A/L) My Life
කලින් දාපු තෙඩ් Click Links
මෙන්න අපේ A/L කවි තෙඩ් එක.... මේකෙ ඔක්කොම කවි තියෙනවා
මෙන්න මම A/L ගැන ලියපු බැරැරුම් කවිය මේක නම් ගොඩක් අයට තෙරුන් නෑ
මේ මම ලියලා තියෙන්නේ මගේ උසස් පෙළ ජීවිතය විනාශ උන හැටි ගැන... මේ කවි එතරම් සාර්ථකයි කියන්න බෑ.... ඒත් මගේ උසස් පෙළ කතාව නිකන්ම කිව්වොත් කාටවත්ම කියවන්න හිතෙන්නෙ නෑ නේ ඒ හින්දයි කවි විදිහට ලිව්වේ....
රෙප් ලබාගන්න කිසි බලාපොරොත්තුවක් නෑ... හැබැයි කියවන හැම කෙනාම උදව්වක් වශයෙන් comment එකක් දාලා යන්න... please
උසස් පෙළට පා තැබුවේ තනිව මම
පන්ති වලින් පැන නොයන්ට හිත දරා මම
පෙර කිසි දිනෙක පැන නොගියෙමී මම
වසරක් පුරාවට එලෙසම සිටියා මම
පාසල් කාලෙ ඒ වන විට පටන් ගෙන
ගනිතය කියල ධරාවක් තෝරගෙන
සරලයි කියලා දැනුනා මට විශය ගැන
ආතල් එකෙ සිටියා අපි සියලු දෙන
දෙවන වසරේ මැද බාගෙට පහල විය
සියලු දෙනා රැස්වීමට එකතු විය
විද්‍යා සංගමය අලුතින් තොරන්න විය
මමත් එල්ලුනෙ අත්තක කැමත්තෙන්ය සිය
ඒ වන විටත් ඉගෙනුම් වැඩ තිතටම කරලා
ලොක්ක වගේ හිටියා මම අත දිග හැරලා
සංගමයේ සිටින සංස්කාරකවරයා වෙලා
සියලුම වැඩ ටික ඔක්කොම ප්ලෑන් කලා
කල් ගත වෙද්දි සමහර උන් මග හරුනා
කැපවෙන්නගෙන් මම දෙවෙනියා වුනා
සයක පමන පිරිසක් වඩ වලට සෙට් උනා
අනෙක් සැවොම හෙමිහිට ශීත ගත උනා
සංගම් ගණන හෙමිහිට වැඩි වන්නට වුවා
පාසලේ පන්තියෙන් නිතරම එලියට ගොඩ වුවා
වැඩ දන්නා නිසා ගුරාගෙ කනෙනුත් රිංගුවා
අමතර පන්තිද දින දෙක මග හැරෙන්නට වුවා
දිනය දිනය ගත වන විට සතිය විය
සතිය සතිය ගත වන විට මාසෙ විය
මාසෙ මාසෙ ගත වී වාරයකට එලඹ විය
වාරයකම ඉගෙනුම මග හැරෙන්ට විය
අනුකලන අයෝටා ශේණිත් මග හැරුනාය මට
ආලොකයෙ සිටන් තාපයටම කෙලවුනාය මට
චාලකයටත් සමතුලිතයටත් එලෙසමය මට
මෙපමන දෙයක් මග හැරුනෙ නොදනුවත්ව මට
දෙවන වසරේ අවසානයට ලං වුවා
සංගම් වල වැඩ ඔක්කොම අවසන් වුවා
සත් මාසයක් විභාහගෙට තියෙන බව කීවා
මග හැරුණුවා කරන්ට කල් තියෙනවා කීවා
පන්ති මග හැරීම හිමිහිට ආතල් වී ගියා
කම්මැලි කමට සමහර පන්තිත් මග හැරියා
යන පන්ති වලත් විවේකෙදි මම පැනලා ගියා
මට නොකියාම සතර මසක කාලය පැනලා ගියා
තව තුන් මසයි මට ඉතිරිව තියෙන්නේ
දුක වැඩි නිසයි මම මේ කවි ලියන්නේ
මාස තුනෙන් වත් ගොඩ යන්නට හදන්නේ
තාමත් සිත සමතුලිත නෑ මොකදැයි කරන්නේ
උසස් පෙළට එන කොල්ලනෙ අහපල්ලා
උසස් පෙළට එන කෙල්ලොනෙ අහපල්ලා
බාහිර වැඩ වලට ලොල් නොවී හිට පල්ලා
එක පාරින්ම එගොඩට පල යල්ලා
මේ හින්දා තමයි මම පන්ති මග හරිනන පුරුදු උසස් පෙළ ජීවිතේ නාස්ති වෙන්න තව ගොඩක් හේතු තිබුණා... ඒවා මම කියන්නම් මම උසස් පෙළ සාර්ථක උන දවසක.
ස්තූතියි.....!
den godak kal 


