සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    මම අලුත් thread 1ක් පටන් ගන්න හිතුවා සිංහල ගී පදැවැල් හැමෝම එන්න ඕන වැඩේට මේක මගෙ පොඩි කාලෙ ඉදන්ම තිබ්බ විනෝදාංශයක් මම එකතු කරපු පදවැල් සැහෙන ගානක් තියනවා එක එක දාන්නම් කට්ටියගේ කොමෙන්ට් rep බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමන්ගේ හිතේ ඇදුන ගීත මෙතන ලියන්න

    z_fea350.jpg

     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදෙකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක................
    .............//

    සයුර මා විය අහස ඔබ විය
    දෙදෙන ලංවු ක්ශිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි

    දිනෙක............

    සයුර මා විය අහස ඔබ විය
    දෙනෙත රැවටූ ක්ශිතිජයක් විය
    කී කතාවේ අරුත වැටහින
    අහස සමුදුර එකතු වී යැයි................

    දිනෙක............

    ගායනය-වික්ටර් රත්නායක


     
    • Like
    Reactions: roshancs05

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    වැඩේනම් එල යාලු.හැඩට තියෙයි.
    චොර සංකල්පනා නැතුව එළ සංකල්පනා එකතු උනොත් එළම කිරි:yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල මචං..නියම වැඩක්..පුලුවන්නම් පදවැල් එක්කම සින්දුව download කරගන්න link එකක් හරි.. youtube එකක් හරි දාන්න :D
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වැඩේනම් එල යාලු.හැඩට තියෙයි.
    චොර සංකල්පනා නැතුව එළ සංකල්පනා එකතු උනොත් එළම කිරි:yes:
    ඔව් ඔව් හොද අරුතක් තියන ගීත විතරයි මම දාන්නේ දැන් තියන ගොන් පාට් සින්දු නම් දාන්නෙ නැ:yes::yes::yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    ....................................

    නිල් තන පලසෙ ගැටුනු දෙපාවයි
    කෝල හැගුම් කෙලි කවට සිනාවයි.......//
    මල් නැටුමයි කලගෙඩි නැටුමයි
    මගේ දෑස තුල යලිත් ඇදේවිද
    මගේ දෑස තුල යලිත් ඇදේවිද
    .............................

    නෙත කදුලින් හස කැනින් මුවාකල
    සොදුරු පැතුම් පුරවා මනමත් කල........//
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසල් මවුනි දයාබර
    මා හැදු පාසල් මවුනි දයාබර
    ..............................

    ගායනය-සෝමතිලක ජයමහ සමග නීලා වික්‍රමසිංහ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එල මචං..නියම වැඩක්..පුලුවන්නම් පදවැල් එක්කම සින්දුව download කරගන්න link එකක් හරි.. youtube එකක් හරි දාන්න :D
    අන්න පට්ට අදහසක් අපි ඒ වැඩේ බාර දෙමු කාටහරි කවුද කැමති ඒ වගෙ ලින්ක් දාන්න කැමති කෙනෙක් join වෙන්න මොකද මට නම් මම ul කරපු සින්දු නැ එහෙම තියන කෙනෙක් join උනොත් වටිනවා
     
    • Like
    Reactions: kellsupun

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැගව ගියේ
    ඉවත ගලා ගිය කදුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ
    .........................

    ඔහුට පුදන්නට පුජාසනයේ
    නොකිලිටි මල් පිපුනිද ලදුනේ
    පෙති ගිලිහි ගිය පරසතු කුසුමක
    සුවද කොහේ කොතැනද රැදුනේ

    ආ මග වැරදී ඔබද ඔහුද මා
    දයිවයේ තුන් මංසල හමුවේ
    බලා සිටිනු මිස හඩා වැටෙන්නට
    කදුලක් නැ දෙනයන පිපුනේ

    ගායනය- කරුණාරත්න දිවුල්ගනේ

    මෙන්න youtube
     
    Last edited:
    • Like
    Reactions: wisal

    Pisachaya

    Member
    Dec 10, 2010
    50
    3
    0
    මාත් ආවා....

    කුරුටු ගෑ ගී පොතේ
    කුරුටු ගී කෑ ගසා
    ගිලන් හද පාරවා
    ගෙනේ වධ වේදනා
    කුරුටු ගෑ..........

    ඔබෙන් පෙරදා
    උගෙන කවිකම්
    ලියු කවි ගීතිකා
    ඔබේ නාමෙන්
    හැඩු කදුලෙන්
    ගයමි මම කිවිදුනේ...

    කුරුටු ගෑ..........

    මියුරු කවි වැල්
    කුරිරු ස්වරෙයෙන්
    ඇසෙ රෑ යාමයේ.....
    නොලැබ කිවිදුන්
    කුමට කවිකම්
    කිවිද මට කවි ලොවේ......

    කුරුටු ගෑ ගී පොතෙ...


    ගායනය-නන්දා මාලනී
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැ‍ඟෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන...

    වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින...

    නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන...

    ~ගුනදාස කපුගේ~

     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    පූජාසනයේ වැඩ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    ඉසුරින් කිත් යසසින් බබලන දා
    ඔබගේ බැනුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
    සිනාසුනත් එය වරදක් වේ

    කිරියෙන් පැණියෙන් උතුරා යන කල
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අතමිට හිඟ වී බෙල සුන් වන කල
    ලොව ඔබ හිස මත කඩා වැටේ

    ~නන්දා මාලිනී~


     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පි- මගෙ ආදර පවසට ඔබ
    නියං කලට අඩන අහස
    ගැ-මගෙ ආදර වරුසාවට
    යටිකුරු කල කලසකි ඔබ
    ...................................
    පි-මගෙ ආදර සිලිලාරට
    නලුම් පතකි ලදුනේ ඔබ....//
    ගැ-ආදර උල්පත වියලන
    ගිම්හානයේ සැඩ හිරු ඔබ

    මගෙ ආදර................

    පි-ගිම්හානය වෙනුවට මම
    වස්සානය වී එන්නද...//
    ගැ-ඒ වැස්සෙන් පෙම්වත් වූ
    මිහිලිය වී මම එන්නද

    මගෙ ආදර...................

    ගායනය-මාලනි බුලත්සිංහල සහ ක්‍රිශාන්ත එරන්දක
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඈත ක්ෂිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබ නම්
    මේඝවලා සලු පට අතරින් මම් ඔබ වෙත එන්නම්
    මෑත තුශාරා බිදු අතරේ පිපුනු කුසුම ඔබ නම්
    සද මඩලේ සද කුමරිය වී මම් ඔබ සුරකින්නම්
    ......................................................

    ඉරට මුවාවෙන් සදට මුවාවෙන්
    අපි ඉමු පිලිසදරේ........
    රන් දෝලාවෙන් කැදවා යන්නම්
    කුමරිය ඔබ මාගේ
    ............................

    ඈත ක්ෂිතිජයේ..................

    සදලු තලාවේ මුනින් තලාවී
    කදුලැලි පිරුනු නෙතින්
    සමුගන්නම් මම් කුමරිය ඔබගෙන්
    ආයෙත් දකිනු රිසින්
    .........................

    ගායනය-ෂර්ලි වයිජන්ත